Sunday, October 16, 2011

සොදුරු සිහිනය

ඒ සවුම්‍ය රාත්‍රියේ අදුරු සෙවනැලි මකාලූ
සදරැස් දහරින් මුලුලොවම එකළු කල සද කුමරියසේ
ඔබගේ සොදුරු බවවින් මගේ දිවිය එකළු කල
ඒ සදාදරනීය වසර කිහිපය අමරනීයය...
එනමුදු ඔබ එකළුකල ඒ දිවිය
ඔබම වනගත කලේ ප්‍රේමය හුදෙක් වචනයකට සීමා කරමින
ඒ වනයතුළ එදා මා තනිවිය...
ඔබ මා තනිකර ගියද
මා දෛවය මා සමගය
අද නැවතවරක් ඔහු මට
සරදම් කිරීමට සැරසෙයි
ඒ තවත් සිහින කුමරියකට
අත වැනීමට මා හද සූදානම් කරමිනි..
එනමුදු ‍මෙවර මම
ඔබගේ වැනි සද රැස් නොසොයන්නෙමි..
ආදරයට ආදරයත්
විෂ්වාසයට විෂ්වාසයත්
සුන්දරත්වයට සුන්දරත්වයත්
ඇති දෙවුදුවක් සොයමි..
එය එසේ කරන්නේ
සියළු සුන්දර කතුන් චපල නොවන බව
ඔබට හැගවීමටය....
මෙය තවත් එක් සොදුරු සිහිනයක්...................

3 comments:

  1. මේකනම් අත්දැකීමක් බවයි මගේ හැඟීම. කෙසේ නමුත් මට නම් තාමත් සියළුම කෙල්ලන් චපලයි.... අනේ මංද අනාගතේදිවත් මේ තත්වය වෙනස් වේවිද කියල :P ;)

    ReplyDelete
  2. ඇයි බන් වස්ගමු ගිහිල්ල රෑ සුර් වෙලා කියෙවුවෙ....

    ReplyDelete
  3. හිහ්.. කිව්ව නේන්නං :P එව්වත් මතකයි හෙනං ;)

    ReplyDelete