Friday, July 29, 2022

🌿අතුපන්දලම යෙදීමේ චාරිත්‍රය

🦚රුහුණු මහා කතරගම දේවාලයේ  

🦚2022 ඇසළ මංගල්‍යය 

===============================

📌රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ  අලි ඇතුන් ලවා කරන තවත් සුවිශේෂී චාරිත්‍රයක් වන්නේ..අතුපන්දලම යෙදීමේ චාරිත්‍රයයි..🐘🌿 

👉දේවාලයේ ඉදිරියේ ඇති පරණ අතු පන්දලම ඉවත් කර අළුත් අතුපන්දලමක් දැමීම මෙදින සිදු කරයි. 

🌿“අතුපන්දලම” ලෙස හඳුන්වනු ලබන්නේ මහා දේවාලය ඉදිරිපස ඇති කොළ අතු යොදා සකස් කරන ලද ආවරණයයි. මෙම අතු පන්දලමට යොදන අතු වර්ෂය පුරා පවතී. අතු පන්දලමට අළුත් අතු යොදා ගන්නේ වසරකට වරක් පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේ සයවන දිනය තුලය.🌿

👉මේ සඳහා “දඹ” නැමැති විශේෂ අතු වර්ගය භාවිත කරනු ලබයි. කැළයෙන් කපා ගන්නා ලද මෙම අතු දේවාලයේ ප්‍රධාන මගුලැතු ( #කතරගම_වාසනා )පෙරටු කොට ගත් අලි ඇතුන් මාර්ගයෙන් දේවාල මලුව වෙත ගෙන එනු ලබයි. 

👉ඉන් පසු වහලය මතට එම අතු රැගෙන දෙන්නේද අලි ඇතුන්මය. මෙය දැක බලා ගැනීම සඳහා සාමාන්‍ය වර්ෂ  වලදී විශාල ජනතාවක්  දේවාල භූමියට පැමිණේ..


✍️මෙම අතුපන්දලම තුලින් මූර්තිමත් කරනු ලබන පුරාවෘත්තය මෙසේය. (ජනප්‍රවාද කතාවකි) කතරගම දෙවියන් මැණික් ගං ඉවුරේ මිනිසුන්ගේ සිත් දැන ගනු වස් තවුස් වේසයක් මවාගෙන වාසය කරන කල්හි ගැල් කිහිපයක් පැමිණ මැණික් ගඟෙන් එගොඩ වීමට නොහැකිව මෙම තාපස තුමා වෙත එම ගැල්කරුවන් ඒ බව දන්වා ඇත. එවෙලේදී ඔහු එම ගැල් කරුවන් සඳහා උදව් කර ඇත. එගොඩ වූ ගැල් කණ්ඩායම ආහාර පිළියෙල කර තාපස තුමාටත් පිළිගන්වා ඇත. පසුව තාපස තුමාගෙන් වෙන කුමන හෝ උපකාරයක් අවශ්‍යද දැයි විමසා ඇත. එවිට තමාට වාසය කිරීමට තැනක් නොමැති බව පවසා ඇත. ඒ අනුව මෙම ගැල්කරුවන් කණු හතරක් සිටුවා කොළ අතු සෙවිළි කර නිවසක් තනා දී ඇත. එම සිද්ධාන්තය සිහිපත් කිරීම සඳහා අදත් මෙම අතුපන්දලම යොදා ගන්නා බව ඉතිහාසයේ සඳහන් වේ. 


🐘ඒ වගේම අතුපන්දලම චාරිත්‍රයෙන් අනතුරුව කඩොල් ඇතුගේ දළ යුවල ප්‍රදර්ශනය මෙදිනම සිදු කරනු ලබයි.


👉එහිදී  කඩොල් ඇතාගේ දළ යුගලය රන්කොත් මාළිගයෙන් පිටතට ගෙන ප්‍රදර්ශනය කිරීමක් සිදුවේ.


👉කඩොල් ඇතා යනු දුටු ගැමුණු රජතුමාට යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා සහය දුන් හස්ති රාජයා ‍වේ. මෙම දළ යුගලය බුත්තල පාරේ ගෝනගං ආර ප්‍රදේශයේ “ඇත් දළ තැබූ ගල” යන ස්ථානයේ සඟවා තිබී ඇති අතර කඩොල් ඇතා විසින් ඇත් දළ යුගලය ගලක ඇණ සඟවා තබා ඇති බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ. එවකට දේවාලයේ තේවාව බාර ප්‍රධාන කපු මහතාට මෙම දළ යුගලය රැගෙනවිත් දේවාලයේ තැන්පත් කරන ලෙස සිහිනෙන් දන්වා ඇති බව ඉතිහාසය ශාක්ෂි දරයි.🐘


👉වසර තුනකට පසු මහජනතාව වෙනුවෙන් මෙවර කඳසුරිඳු පූජා මංගල්‍ය විවරව ඇති අතර 2022 කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ සයවන දිනයේදී මෙම අසිරිමත් අතුපන්දලම චාරිත්‍රය සවස් භාගයේ කතරගම වාසනා මගුලැතු ප්‍රමුක අලි ඇතුන්  සිදුකිරීමට නියමිතව ඇත..🐘🌿


===============================

🦚රුහුණු මහා කතරගම දේවාලය 🦚

🦚ඇසළ මහා මංගල්‍යය 2022🦚

-----------------------------------------------------------

👉ජූලි 29 - පළමුවෙනි මඟුල් මහා පෙරහැර 

👉ජූලි 30 - දෙවෙනිමඟුල් මහා පෙරහැර 

👉ජූලි 31 - තෙවෙනි මඟුල් මහා පෙරහැර

👉අගෝස්තු 01 - සිව්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 02 - පස්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 03 - සයවෙනි මඟුල් මහා පෙරහැර

(අතුපන්දලම යෙදීමේ චාරිත්‍රය)

👉අගෝස්තු 04 - සත්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 05 - අටවෙනි  මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 06 - නවවෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 07 - දසවෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 08 - එකොළොස්වෙනි මඟුල් මහා පෙරහැර සහ ගිනි පැගීමේ මංගල්‍යය 

👉අගෝස්තු 09 -  දොළොස්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 10 - දහතුන්වෙනි මඟුල් මහා පෙරහැර

👉අගෝස්තු 11 - දහතරවෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු  12 -  දිය කැපීමේ මංගල්‍යය


ඔබ සැමට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි !!!

🦚සුරිදුනි කතරගම 2022🦚

💙සත් සිත් නිවනු මැන💙

======================================

✍️🇱🇰🐘🦚☸️🕉️📸📰©️🅿️

 #ගවේෂණ #විශ්ලේෂණ #Newslk #SriLanka #මීරිගම_ඊෂණ #කතරගම_වාසනා #රුහුණු_කතරගම_දේවාලය