Tuesday, June 5, 2012

‎..................පදක්කම ......................


අප්පච්චි 

ඔයාට ලැබුන 

පදක්කම 

සාලේ එල්ලලා තියනවා.

“වීර විභූෂණ ”කියලා

ලොකුවට ලියලා

................

අම්මා

දවසට දෙතුන් පාරක්

අඩනවා

ඔයා දිහා 
බලාගෙන

.....................
කරේ තියන් ලුණු ගෙනියන්න

ඉපනැල්ල උලාකන

හරක් පැටව් බලන්න

මාව එක්කගෙන යන්න

ඔයා නැතුව

මට මොකටද

සීයක් තිබුනත්

ඒ වගේ පදක්කම්

.................