Wednesday, August 8, 2012

ආදරය සහ අමරණීයත්වය..........




                   ප්‍රේමයේ මිණුම් දණ්ඩ ලෙස සැලකෙන්නේ අනෙකාගේ හදවතට සමීප විය හැකි ප්‍රමාණයයි.එය මෙතුවක් කල් තමන්  පිළිබදව නොදත් යම් රහසක් තවකෙකු විසින් අනාවරණය කරගැනීමක් බදුය.පිරිමියෙක් නම් ස්ත්‍රී නිමිත්තකගේද  ස්ත්‍රියක් නම් පුරුෂ නිමිත්තකගේද වැඩි අවධානයකට ලක්වන විට තමා තුළද දැඩි ආත්ම විශ්වාසයක් හටගනී.එපමණක් නොව එම ආත්ම විශ්වාසය කරණකොටගෙන එකී පුද්ගලයාට තව තවත් ප්‍රිය වන්නට රූපයෙන්ද හැසිරීමෙන්ද  උනන්දුවේ.අනෙකාද එසේමය .ඔහු/ඇය කැමති දේ, මා කිරිමත්, මා කැමති දේ ඔහු/ඇය කිරීමත් තුළ ඇතිවන මානසික එකගතාව එක්තරා මොහොතක දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් නිර්මාණය වීමට තුඩු දේ.

                         
                  ලාංකීය සමාජය තුළ මෙසේ පෙම් සබදතාව ඇරඹිදා පටන් ‍පෙම්වතිය පෙම්වතාගෙන් විමසන්නේ විවාහ වන්නේ කවදාද යන්නයි.ආදරය ලබාගෙන අත්පත් කරගැනීමට පමණක් නොව, ඒ කී තැනැත්තා තමාටම හිමි කරගැනීමට වෙර දරන්නේ ආදරය ආත්මාර්තකාමී නිසාද?.
ආදරය ගැන තරම් කවි කතාන්දර ලියැවුණු වෙනත් තේමාවක් නැති තරම්ය.ඒ තරම්ම ආදරය විවිධාකාර බැවිනි.බොහො යෞවන යෞවනියන් තම ප්‍රේමය නීත්‍යානුකූල වශයෙන් හිමිකර ගැණීමට වෙරදරන්නේ ඔහු/ඇය තමා හැරදා යතැයි යන බිය නිසාවෙනි.එහෙත් ඔබත් මෙසේ සිතන පෙම්වතෙක් නම් ඔබ අනිවාර්යෙන්ම ඇය ගැන සෝදිසිවයන් සිටිනු නිසැකය.සෑම විටම සැකයෙන්ම ඇය ගැන සෝදිසි‍යෙන් සිටිණු නිසැකය.සෑම විටම සැකයෙන් ඇය දෙස බලනු නොඅනුමානය.දවස අවසානයේ ඇගෙන් දෛනික කටයුතුවල ලැයිස්තුවක්ගෙන ඒවා ඇයට හොරෙන් විමසා බලන්නේය යන සත්‍ය ඔබට  අදාළය.එපමණකින් නොනැවතී ඔබ ඇයට යම් යම් දේ කරන්න එපා,යම් යම් පුද්ගලයන් ඇසුරු කරන්නට එපා යැයි තහංචි පනවන්නෙකු විය හැකිය .එය ඔබගේ පැත්තෙන් සාදාරන වුවත් ඇගේ පාර්ශවයෙන් අසාදාරණය. ඒ ඔබ ආත්මාර්තකාමී ලෙස ඇයව ඔබට නතුකර ගැනීමට උත්සහ දරන්නෙක් මිස ඇයට නියමාකාරයෙන් ආදරය කරන්නෙක් නොවන නිසාය.ඒ අනූව බලන කළ ඇය ,ඔබගෙන්  ලැබෙන ආදරය සම්බන්ධයෙන් කනස්සළුවන බවනම් නිසැකය විටෙක ඇයට ඔබ මහත් කරදරයක් වේ.එහෙත් ඒබව ඇය ඔබට නොකියනා බැවින්.මම එය කියමි.ආදරය කළ යුතුය.ආදරය ආරක්ශාකල යුතුය.ඇය ගැන සොයා බැලිය යුතුය.එහෙත් එය යුතුකමක් ලෙස මිස ඇය සිරකාරියක් සේ සලකා ඇයට බලපෑම් කිරීමේ අරමුනින් නොවේ.එ හෙත් පැනය වන්නේ ඇයත් ඔබත් ආදරය කරයි නම් ඇය ගැන මෙසේ බිය වන්නේ කුමකටද යන වගයි.




         ආදරය යනු නිවනසේය.ආත්මාර්ථකාමීත්වය හෝ තෘෂ්ණාවෙන් කතාරවු විට එහි සුන්දරත්වය වැඩි වැඩියෙන් හිතට දැනේ.පුහුදුන් මිනිසාට එතරම් තෘෂ්නාවෙන් මිදීමට නොහැකි වුවත් යම් තරමකට හො ඔබට වින්දනිය අත්දැකීමක් වේ.ආදරය යනු සැබැවින්ම හදවතට සුවදෙන හැගීමකි.මුළු හිතම හිස්කර  ආදරයෙන් හදවත පුරවාගත හැකි නම් බොහෝ කාලයක් සතුටින ජිවත් විය හැක.ලොකයේ සුන්දර ආදර කතා සෑම එකක්ම අත්පත් කර ගැනීමෙන් කෙළවර වු ඒවා නොවේ.අහිමි විම තුළ ඔවුන් ගේ ආදරය ශේෂ වී වර්තමානය දක්වාම පවත්නේය.රෝමියෝ ජුලියට් ආදිය පෙම් කතා අමරණීය වන්නේ එහෙයින්ය.
අත්පත් කර ගැනීමත් සමග ආදරය කිරීම කෙරෙහි වූ උනන්දුව ක්‍රමයෙන් වියැකි යන බැවින් හොදම උපරිම ආදරය ලද හැක්කේ නොලැබී සිටින විටදීය. ඒ තුළ ඇතිවන උද්වේග කර  උනන්දුවම ආදරය තව තවත් තීව්‍රභාවයට පත් කරයි.





                 ආදරය යනු ස්වාර්ථය පිණිස නොව පරාර්ථය උදෙසා ය. ආදරයේ මිහිරියාව විදින්නට නම් විරහවක් නොවෙනස් යම් හෝ දුරක තැබිය යුතුය.හිඩැස් පිරවිම කෙරෙහි මිනිස් මනසෙහි පවතින උත්තේජනාත්මක මේහෙයවීම අපරිපූර්න ලෝකය පරිපූර්ණ ලොකය කිරිමට දරන අසාර්තක උත්සාහයකි.එසේ වුවත් ඔබ ඇගෙන් මදක් දුරස්ව සිටියහොත් ආදරයේ මිහිරියාව වෙනදාටත් වඩා ඔබගේ හදවතට සමීපව දැනෙනු ඇත. “මා දකින පරිදි විශිෂ්ටතම ආදරයේ ශේෂයන් දැක ගැනීමට විරහ වු පෙම්වතුන්ගේ ආදරය උගත යුතුය”. ඇමරිකාණු ජාතික නවකථා කරුවකු වන  Nicholas Sparks ගේ  Note Book,Dear John    ආදී නවකතාවන්හි  එකිපෙම්වතුන්ට සිය ආදරයේ හිමිකාරිත්වය ලැබෙන්නේ‍ බොහෝ කලක් ඇවෑමෙන්ය. Note Book  නවකතාව මෙතරම් සංවේදී වන්නේ, මරණාසන්‍න කාලවකවානුවේදි දැන හදුනාගත් නමුත් ඒ ආදරය අත්පත් වන්නේ මරනයද සමග බැවිනි.එහෙත් ඒ මොහොත වනතුරුත් අතීත ආදරයේ මතකය ඔවුන් ජිවත් කල අතර ,හිමිවිමේ සංතෘෂ්ටිය විදගනිමින් ඔවුහු මරණය වැලද ගත්හ.එය හුදු කතාන්දරයක් පමනක් නොවේ. එවැනි සත්‍ය ආදර වෘතාන්ත වශයෙන්ම මෙලොව පවතින බව සත්‍යක්ම වේ.
                  ඔබ සැබවින්ම ආදරය කරයිනම් ඔබේ පෙම්වතිය දෑස මානයේ ඇගේ ලෝකයේ ජිවත් කරන්න.ඇය ඔබට හිමි නම් ඇය ඔබ කරා එනු ඇත.එසේ නොවුවද ඔබේ ආදරය මේ විශ්වය තුළ අමරණීයත්වයට පත්ව ඔබ හදේ ඉමිහිරි මතකයක් වනු ඇත.දුක් නොවන්න.එය වනහී  ඔබ අත්පත් කර ගැනිම  අභිබවා වින්දනය කරන්නාවු පරමානන්දනයයි........

Tuesday, June 5, 2012

‎..................පදක්කම ......................


අප්පච්චි 

ඔයාට ලැබුන 

පදක්කම 

සාලේ එල්ලලා තියනවා.

“වීර විභූෂණ ”කියලා

ලොකුවට ලියලා

................

අම්මා

දවසට දෙතුන් පාරක්

අඩනවා

ඔයා දිහා 
බලාගෙන

.....................
කරේ තියන් ලුණු ගෙනියන්න

ඉපනැල්ල උලාකන

හරක් පැටව් බලන්න

මාව එක්කගෙන යන්න

ඔයා නැතුව

මට මොකටද

සීයක් තිබුනත්

ඒ වගේ පදක්කම්

.................





Friday, March 2, 2012

ලබ්බට තිබ්බ අත පුහුලට තැබීමේ කලාව

තිලෝගුරු අප ගෞතම බුදුරජානණ් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි චුල්ල ධනුර්දර ජාතකය වදාල සේක.මෙම ජාතක කථා වස්තුව ජාතක කථා පොතෙහි 362 කථාවයි.කවුරුත් දන්නන විදියට කියනව නම්   මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සුප්‍රකට මනමේ නාටකයයි. ඒ ක්‍රි.පු 6 වන ශතවර්ෂයටත් කලින් සිදුවුණු සිදුවිමක්.ඒ කියන්නේ අපි ශිෂ්ඨාචාර ගතවෙන කාලෙ වෙච්ච සින් එකක්.
                මේ කථාව කෙටියෙන් කියනව නම්  ම‍නමේ කුමාරය ඒ කාලේ හැටියට සියළුශිල්ප කෙල පැමිණි රණශූරයෙක්. ම‍නමේ කුමාරිය දිසාපාමොක්  ඇදුරු තුමාගේ කුඩාම දූ කුමරිය.කුමරා ශිල්ප නිමකොට බරනැසට යන හදන වෙලාවේ  කුමාරිය කුමාරය‍ට සරණ බණ්දනය කරනව.හරියට අද කාලේ මගුලක් තින්දු කරණව වගේ.අභිශේකය සදහා මනමේ කුමාරය කුමරියත් එක්ක තක්සලාවෙන් පිටවෙන්නේ ගණ වනාන්තරය මැදින්.මේ යන අතරදි විවිධ ගනයේ සිදුවීම් පෙළකට මොවුන් මුහුණ දෙනව.එකි නෙකා නිසි අයුරින් තේරුම් ගන්නවා. බර ණැසට ඔන්න මෙන්න තියෙද්දි වනාන්තර ප්‍රාද්ශයකට අදිපතිවු එක් වැදි රජෙක් මොවුන්ගේ ගමන හරස් කපණව.සියළු සටන් අවස්ථාවලින් කුමාරය ජය ගන්නව.අවසන ඇතිවන ද්වන්ද සටනෙදි එක කඩුවක් පමණක් ඇති නිසා එය සමසේ බෙදිමේ වාරය කුමරිය‍ට ලැබෙනව.එතනදි මනමේ කුමාරිය කුමරුට අසිපත් කොපුවත් වැද්දට අසිපතත් දෙනව.අන්තිමට කුමාරය සෙට්ට පොච්චිවෙනව.කුමරිය වැද්දට ලව් කියල කියනව. හැබැයි වැද්දෙක් උනත් හොද මොළයක් තිබුණු ඩයල් එකක්.පොරට තේරෙණව මේ ගෑණි  කවද හරි තව මොකේක් හරි ආවොත් මට වෙන්නෙත් කුමාරයට උන දේ තමයි කියල.දෙක තුණක් කියල මාරු වෙලා යනව. කුමාරිට දැන් අල්ලපු වතත් නෑ පය ගහපු වතත් නැ.මෙන්න මෙක තමයි සින් එක. මේ වගේ කථාවක් තමයි විජය කුවේණි කථා පුවතත්.කුවේණි පරපුරට ලංකා රාජ්‍ය පවා අහිමි වෙනව.‍
                මේ  කථාව සෑහෙන අතීතයක් එක්ක පැහැදිලි වර්ථමානයක් තියෙන කථාවක්. උදේ හවස බස් එකේ කොච්චි යේ යන ඔන කෙනෙකු‍ට මේවාගේ මනමේ, විජය කුවේණි වගේ කථා අහන්න ලැබෙනව.එතකො‍ට මේ වැරැද්දම අපේ යාළුවෙක් කලොත් අපි මොනවද කරන්නේ.
එයා ඉතින් අරයට දැන් කැමති නැත්නම් අහවලා එක්ක යාළුඋනාට මොකද වෙන්නේ.  එතකොට අපේ යාළුව හරි මනමේ කමාරි වරදියි.එහෙම කියනව නම් මනමේ කුමාරිත් හරි වෙන්න  ඕන.මොකද කුමාරයට කැමති නැති නිසානෙ වැද්දට කැමති උනේ.     අපි යාළුවො විදියට මේ වගේ අවස්ථා වලදි නිවැරදි තීරණ ගතයුතුයි.මන්ද ප්‍රාග් ‍ෛඑතිහාසික යුගයේ සිදුවුණු සිදුවිම් තවමත් වෙනවනම්. මේ සමාජය තවමත් දියුණු නෑ. එය නිවැරදිව අවබොධ කර ගත යුතුයි.
                පෙර ලිපියෙහි සදහන් කළ ආකරය‍ට
නමුත් මෙහිදී ඇය හෝ ඔහු තම පවතින ආදරයේ වැරදි දකින්නේ නව ‍චරිතයක් වේදිකාවට පැමිණි විට නම්.මෙය සාදාරනය කල හැකිද.....පවතින ආදරයේ අඩුපාඩු තවකෙකු චරිතයක් වීමට පෙර දැකිය හැකිනම්  කොපමණ අගෙනේද.එවිට යම් ගැවළු ඇත්නම් හොදම විසදුම ලෙස  ආදරය බිද හෙලීම වරදක් නොවේ යයි මම සිතමි.මන්ද එය විචක්ෂණශිලී බිද වැටීමක් වන හෙයිනි.තවද එය අවස්ථාවාදි තිරනයක් නොවන බැවිනි.” ‍ තව කෙනෙකු නිසා ආදරයක් බිද හෙලිය හැකිනම් ඇය හො ඔහු ආදරය යන සුමිහිරි හැගීම හරි හැටි නොහදුනයි. සැමවිටම ලාබ ප්‍රයොජන තකා ආදර යන වචනය භාවිතා කරයි.
                අනෙක් කරුණ දෙදොනකු ගේ අතරට පැමිනෙන තෙවන පාර්ශවය (නැත්නම් මනමේ නාටකයේ වැද්දාගේ චරිතය) පැහැදිලිවම තේරුම් ගත යුත්තේ තමාට වඩා මොනව හරි හොද කෙනෙක් නැවත ආවොත්  තමාවත් ප්‍රතික්ශේප වන බව එනම් එවන් මනමේ කුමරිය වැනි චරිත ලබ්බට තියපු අත තමයි පුහුලට තියන්නෙත් කියන කරුන සිහි තබා ගත යුතුය......අප සැම විටම මිතුරකු වුවත් වරදක් කරනවනම් එය වැරදියි කිමට හුරු විය යුතුය.අප බෞතික වශයෙන් කොපමණ දියුණු වුවත් මෙවන් කරුණු වලදී සැමවිටම නිවැරදි පැත්ත දැකිය යුතුය.නැත් නමි කිසිවිට අප මානසික වශයෙන් දියුණු වන්නේ නැත. ඔබ කරන කියන දේ ගැන මදක් සිතන්න.....

Thursday, January 19, 2012

විකසිත පිණි බිදුවේ පහස ලබන ලොව ජනප්‍රියම පාවරණය....

                රත්න දීපය තුළ සිව් වසරකට වරක් පමනක් කල එලි බසින,එනමුදු එදිනෙදා මුළු මහත් ලොකයාගේම සිත් උන්මාදනය කරවන ලොව ජනප්‍රියතම ක්‍රිඩාව එයයි.පාපන්දු......පාපන්දු ක්‍රිඩා ලොලීන් මෙන්ම ක්‍රීඩකයන්ගේද නිතැතින්ම  අවදානයට දීනා ගනුයේ ‍ෆි‍ෆා  ලෝක කුසලානය දිනන කණ්ඩායම හා  හොදම පාපන්දු ක්‍රිඩා තරුව වන්නාට කිරීටයෙන් පිරිනැමෙන ලොව අනගිතම පාආවරණයයි.ලොව විශිෂ්ඨතම හමුදාවන් තම පාද කටු කොහොලෙන් ආරක්ෂා කරගැනීම උදෙසා මේ අනගිතම පා අවරණයේ එක් ප්‍රබේදයක් බාවිතා කරයි..මේ පා ආවරණය අන් කවරක් නොව  ඔබත් මාත් හොදින් හදුනන බූටයයි.
                       මේ කියන්න යන්නෙ පාපන්දු බූට්  ගැනවත් හමුදා බූට් ගැනවත් නොවෙයි.යොවුන් සමාජය තුළත් තරුණ සමාජය තුලත් නිතැතින්ම සවනේ වැකෙන ලව් බුට් ගැන,නැතහොත් අදර බිද වැටීම් පිළිබදවයි.පෙර ලිපියේ මා සදහන් කල පරිදි අනවබොදය නිසා ඇතිවන ආදර සබදතා සැමවිටම පාහේ බිද වැටීමට ලක්වේ.පවතින්නෙ සුළුතරයක් පමනි.
             තරුණයෙකු හො තරුණියක දුටු පමනින් ,ඇයගේ මන බදිනා රු සපුවටත් හො ඔහුගේ දේහස්වාභාවටත් වශීකෘතවී ඇතිවන ආදරයේදී එකිනෙකා තුළ හට ගන්නා සිතුවිළි වල ස්වාභාවය  පරස්පර වීමෙන් කෙටිකලකදී බිද වැටේ.තවද තමන්ට වඩා දෙහශ්‍රියෙන් උසස් පෙම්වතියක් හො පෙම්වතකු සිටිමෙන් නිතැතින්ම ඔහු තුළ හො ඇය තුල සැකය නමති පිලිලය උපදී.මෙය උත්සන්න වන අවස්ථාවේදීද සබද තාවය බිද වැටීම සිදුවෙ.ඔහු හො ඇය වටා සිටින අය තුල ඇතිවන ඊර්ෂාව නමැති දනුව මගින් නිකුත් වන කේලම් නැමති සැරය නිසාත් ආදර බිද වැටිමි සිදුවෙන අවස්ථා අනන්තවත් අප දැක ඇත. මේවැනි අවස්ථා වලදී ඇතිවන බිද වැටිම් love  boots ලෙස සමාජය නිතැතින්ම හදුන් වයි.
                     අප සමාජීය වශයෙන් කොපමන් දියුණුයි කියා පැවසුවද අප දියුනු වි නැත. පන්ති පරතරය ,කුලවාදය,ජතිභේද, ආගම් භේද මේ හේතූන් බොහොවිට  ආදර සබදතා උදෙසා බලපානා  ප්‍රධන පවුරුවේ.තිලොගුරු බුදුරජානන් වහන්සේ ප්‍රමුක ලොව තුල පවත්නා සියළු ආගම් වල ශාස්තෘන් වහන්සේලා  මේ සමාජ  රටා‍වෙ වරද පිළිබදව බොහෝ දේශනා ඉදිරිපත් කර ඇත.නමුත්  අප නමට ඒ ඒ ආගම් භක්තිකයින් වුවද කිසිවිටක ඒ ධර්මයන් පිළි නොපදින්නෙමු.මේ  කරුණ නිසා බොහෝ ආදර සබදතා බිද වැටෙයි.තවද උසස් අධ්‍යපනයට පිවිසෙන අවස්ථාවලදී තමාට වඩා පහල අධ්‍යාපන ස්ථරයක තමපෙම් සහයකයා හො සහයිකාව සිටිනවානම් ඉහත අවදානමට ලක්වේ.සරසවි වරම් ලබන පෙම්වතියන් සිටින බොහො පෙම්වතුන් මෙය අද්දුටු සත්‍යකි.මිල මුදල් හා යාන වාහන වනි දෑ පිළබදව ආකල්ප ඇති ඇතමුන් ගේ ආදර චින්තනයත් ඒ ඔස්සේ දිවයයි.ආදර සබදතා  ඉදිරිපිට තිබෙන ප්‍රභලතම පවුර වන්නේ දෙමව්පියන්යයි ඇතැම් නවකථා ඔස්සේත් රූපවාහිණී නට්‍ය ඔස්සේත් ගෙන හැර දක්වයි.
                 මෙහිදී මම දකිනුයේ දුක්මහන්සියෙන් ඇති දැඩිකල තම දරුවන් පිළබදව නිවැරදි තීරන ගැනීමේ අයිතිය ශික්ෂනයක් ඇති ලාංකිය පරපුක් ලෙස දෙමව්පියන් හට තිබිය යුතු උරුමයකි.නමුත් නිතර නිතර දැකිය හැකි බිද වැටීම් වලදී තරුණ තරුණියන් ගන්නා තීරණ හමුවේ ඇතිවන ගැටළුව නම් හදිසියේ හමුවන පෙම් වතකු හෝ පෙම් වතියක් උදෙසා දීර්ග කලක් රැගෙන ආ තම බැදීම අභියෝගයකට් ලක් කරමින් ආදර බුටය කරලියට පැමිනිමයි. නමුත් මෙහිදී ඇය හෝ ඔහු තම පවතින ආදරයේ වැරදි දකින්නේ නව ‍චරිතයක් වේදිකාවට පැමිණි විට දිය.මෙය සාදාරනය කල හැකිද.....පවතින ආදරයේ අඩුපාඩු තවකෙකු චරිතයක් වීමට පෙර දැකිය හැකිනම්  කොපමණ අගෙනේද.එවිට යම් ගැවළු ඇත්නම් හොදම විසදුම ලෙස  ආදරය බිද හෙලීම වරදක් නොවේ යයි මම සිතමි.මන්ද එය විචක්ෂණශිලී බිද වැටීමක් වන හෙයිනි.තවද එය අවස්ථාවාදි තිරනයක් නොවන බැවිනි. දෙමවුපියන් හට කීකරු වී  ආදරනීය දුවනියක හො පුතකුවි බැදිමට ගෞරවාන්විත නිමාවක් දී සමාජය තුළ තනිකඩව ගෙවන පිරිස් අප දැක ඇත.මෙය වරදක්ද?...තවත් සමහරු දිවි තොර කරගනී.....මෙය හරිද?....සමහරක් මත්ද්‍රව්‍ය පිළිතුර කරගනියි....මෙය නිවැරදි වරණයද?..... සුළුතරයක් දෙනා පවතින ධර්මතාවය තේරුම් ගෙන තම දිවිය විජයග්‍රහණය උදෙසා මහෙයවයි. 
                 මොන අවස්ථාව වුවත් ආදරයේ ඇති ප්‍රේමය ආලය සෙනෙහ‍සේ සුන්දරත්වය ට අභියොග කිරිමෙන් ආදරය නම්  ”විකසිත පිණි බිදුවේ පහස ලබන ලොව ජනප්‍රියම පාවරණය මුකුලිත පිණිබිදුවක් නොවේද......මදක් සිතන්න.

Sunday, January 15, 2012

තාරුණ්‍ය සලිත කරවන විකසිත පිණි බිදුව........

(මෙය මධ්‍යස්ථ සිතුවිල්ලෙන් කියවන්න )          
                     විටෙක ඇය සදටත්,තවත් විටෙක රෝස මලටත්, කින්නරාවියෙකුටත් වැනි අනේක විද උපමා ඔස්සේ  සොදුරු  ලිය  කරලිය ඒකාලොක කරයි.එහි ඇත්ත නැත්ත තේරනුයේ පිරිමියෙකුට  දිනෙක සොදුරු ලියකගේ පහස හදවතට දැනුනු දිනකය.එම සැරයෙහි දැවටී එන අනෙක විද සොදරු බස් ඔහු දෙව්ලොව සැරිසරවයි.අලුත් ලොවකට මාවත විවරකරවයි.එම සොදුරු මාවතේ යන ඔහුට හමුවන කඩවත් ගිරිදුර්ග වනදුර්ග බලමළු සුනුවිසුනුකර තමන්ගේ ජීවිතය ජයකෙලි නංවයි.මේ අවස්ථා වනවිට කවියා  පිරිමියා පසුපසින් සිටි ඒ සොදුරු යුවතිය දෙව්දුවක්,සිරිදෙව්දව දක්වා ඉහලට ගෙන එයි.එයද පිරිමියාට වැටහෙනුයේ සිද්දිය සිදුවී අවසන් වන විටය. මේ අවස්ථාව සුන්දර කතකගේ රුව කවියන් කථා කරුවන් තම තමන්ගේ සෘංගාත්මක භාශා හරඹයන් ඔස්සේ ලොවට කියන්නේ පිරිමියාගේ   ඉසුරු රාජ්‍ය වන හදවත දික්විජය කළ හැකි එකම අවිය ගැහැනිය වන නිසාය.
              මේ අයුරින්ම ඔහු පිළබදවද ඇය අනේක විද බලාපොරොත්තු තබයි.ජය මාවතේ යන ඔහු දෙස ඇය නිරතුරුව විමසිලිමත් වෙයි.සොදුරු දිවියක් පිළිබදව නිරතුරුව සිහින මවයි.
"ඔයා මාව දාල යන්නෙ නෑ නෙද....."..                     ."ඔයා ඉගෙන ගත්තෙ නැත්නම්       අපේ අනාගතයට මොනව වෙයිද".. ..."ඔයාට මාව අමතක කරන්න පුළුවන්ද" ‍
 මෙවැනි වදන් නිරතුරුව ඇගේ සිතුවිළි ඔස්සෙ ඉවතට ගලා එයි.ඇය නිරතුරුව ඉදිරිය ගැන සිතයි.ඒ ඔස්සේ ඇය ඇයගේ ජයටැඹ වන ඔහුගේ දියුනුවට මංපෙත් සලසයි.ඒ ස්ත්‍රි සිතයි.
                ඔහු සහ ඇය එකිනෙකා කෙරෙහි අවබොදයෙන් ඉදිරියට ගියද මොහොතක දී මොවුන් දෙදෙනාම තමන්ගේ සීමාවන් ඉක්මවා යයි.මෙවන් අවස්ථාවලදී ඇය තමන් ගැන පමනක් සිතීම ට පෙළබෙයි.ඇය පමණක් නොව ඔහුද එයට පෙළඹෙයි. එවිට දෙදෙනා එක් වි ගතයුතු වැදගත් තිරන තම තමන්ගේ වාසිය උදෙසා දෙදෙනාම අත්තනොමතිකව  ගනියි. එය එසේ වන්නෙ දෙදෙනාගේ හැගීම් දදෙනා හරි හැටි නොහදුනන නිසාවෙනි.
               දිර්ග කාලීන අධ්‍යනයන් හමුවේ මා දුටු වේ නව යොවුන් වියට පා තබන අවදියේ පෙමින්  බැදුන අතැම් තරුණ තරුණියන් හුදෙක් හොමොන ක්‍රියාකරිත්වය මත තමතමන්ගේ ආදර සබදතා පවත්වන බවයි.ඔවුන් ගේ ශාරිරික මානසික වර්ධනයත් සමග ඉතා හොද ආකල්ප ඔස්සේ පැහැදිලි ආදරසබදතාවක් ගොඩනගා ගනියි .නමුත් ඒ අවස්ථාවේදි  සමාජයීය අවශතා ගැන සිතීමේදී දෙදෙ නාගේ සිතුවිලි පිළිබදව හරි හැටි අවභොධයක්  ඔහු සහ ඇය තුළ නොතිබීම මත ඔවුනොවුන් මාවත් දෙකක පිහිටා අත්තනොමතිකව කටයුතු කරයි.මෙහිදී දෙදෙනාගේම චිත්ත පීඩාව වඩවයි.එය එසේ වන්නේ ඔවුන් දෙදෙනා ශාරීරික ,මානසික හා සමාජයීය යන ත්‍රිත්වයේම සිතුවිළි හරිහැටි නොහදුනන නිසිවෙනි.නවයොවුන් වියේ අනවභොධයෙන් අරඹන ආදර සබදතා බොහොවට සමාජයීය තාඩන පීඩන වලට හසුවෙයි.මේ තත්වයට හසුනොවන්නෙ 20% පමන සුළුතරයක් පමනි.
               සරසවි බිමට හො උසස් අධ්‍යපනයට පිවිසෙන තරුණ තරුණියන් ගේ ආදරය සැමවිටම විචක්ෂනශීලී ස්වාභාවයක් උසුලයි.ඒ ඔවුන් නවයොවුන් වියේදී ආදරයෙන් හෙම්බත් වූ පිරිසක් වන නිසාවෙනි.මේ වනවිට බොහො තරුණ තරුණියන් තම තමන් පවත්වාගෙන ආ ආදර සබදතා බිද හෙලයි ඒ තාරුන්‍යයේ ඇතිවන විචක්ෂන ශීලී බවේ ස්වාභව යයි.මෙහිදී ඇය තමාට වඩා උගත් පරිනත,‍හොද සමාජ තත්ව ,මිල මුදල් යන කාරනා දෙස වඩාත් ඔනෑකමින් බලයි.ශරීර ස්වාභාවයට අමතරව ඉහත කාරනා ඇයගේ අවදානයට නිරතුරුව ලක්වෙයි.මෙහිදි ඔහු සැම විටම තම සමාජ තත්වය පිළිබදව සැලකිලිමත්වෙයි,අහින්සකාවියන් සෙවු මොවුන් දගකාරියන්ද දගකාරියන් සෙවු ඇතමුන් අහින් සකාවියන් ද සෙවීමට පෙළබෙයි.තාරුණ්‍යයේ ඇතිවන ආදරය බොහොවිට ශාරිරික මානසික සමාජයිය යන ත්‍රිත්වයේ තුලනාත්මකබව රැකගෙන ඉදිරියට යයි.ඔවුනොවුන්ගේ හැගීම් හරි හැටි හදුනා ගනියි.මෙහිදි තරුණ තරුණියන්ගේ  විචක්ෂනශීලී බව නිසාම ඔවුන්ගේ ආදරය විවාහය දක්වා දිවයයි.
               ‍ කුඩාකල පිරිමි දරුවකු ‍යෝදයින් සොයයි.ගැහැණු දරුවන් බොනික්කන් සොයයි.‍යොවුන් වියට පය තැබීමත් සමග ගැහැණු දරුවන් යෝදයින් සොයන අතර පිරිමි දරුවන් බොනික්කන් සොයයි.සුන්දර යොවුන් වියේ එදා මෙදා තුර ඇතිවන අමරණීය සොදුරු සිතුවිල්ල එයයි.නමුත් මා දකින ආකාරයට පවතින ක්‍රමය තුල යොවුන් වියේදී හුදෙක් ආදරය පමනක් නොව තම ජිවිතයේ කඩ ඉම් රාශියක් පවති.සාමන්‍ය පෙළ,උසස් පෙළ ආදී තීරනාත්මක කඩ ඉම් බොහො විට විනාශ කරගැනීමට යොවුන් වියේ ඇතිවන ආදරය හේතු වෙයි.මේ සියළු අභියොග නිසි ආකාරව ජය ගන්නා පිරිස් සමාජය තුළ නැතුවා නොවෙයි.නමුත් බහුතරයකට මෙම ඉහත අභියොගය විනාශය කරා ගෙන යයි.තාරුණ්‍යයේ ආදරය පිළිබද විවරනයට නොව අවභොධයෙන් දැකිය යුතු දෙයකි....................  මදක් සිතන්න......... 


පියානණි.....ඒ දිනය කෙසේ අමතක කරන්නද මම

1994.01.14 දිනය කෙසේ අමතක කරන්නද මම..ඔබ ඇයත් මාත් තනිකර ගොස් අදට වසර දහඅටක් ගතව ඇත.ඔබ තුරුලේ ගෙවුනු සිව් වසර ජීවන ගමනේ නිමේශයක් වුවද ඒ සුවද ඔබ සිහිවන මොහොතක් මොහොත් පාස මටදැනෙයි.එදා ඔබත් ඔබ සමග ගිය ඒ සොදුරු සගයින් සිවුදෙනාත් ලකඹරට කල මෙහෙය මාතෘභුමිය තුල රැව්පිළි රැව් දුන්නේ ශොකයේ රාවයද සමගිනි..නමුදු ලකඹරට අද එම අඩුව පිරවී හමාරය..ඒ සොදුරු අතීතයේ මිහිරියාව , දයාබරත්වය ‍ඔබ අප හටපෑ සෙනෙහස මතකයන් අතර සැරිසරුවද අප සමග ඔබ නැති අඩුව අප හට කසේ පුරවන්නද. ඔබ මා ගතින් තනිකලද...මා තනිවන මොහොතක් මොහෙතක් පාසා තවමත් ඔබ මා ළග සිටින වග හැගීයන්නේ ඒ මතකයන් අතරින් ජීවිතය පිළිබද නව අරුතක්ද සමගිනි.එ හෙයින් ඔබ මට සදා අමරණීය වීරවරයාය.......ඔබට නිවන්සුව ලබෙන තෙක් ජාති ජාතිත් මාගේම පියනන් වේවා....