Thursday, October 20, 2011

මිතුරානෙණි......

           අවුරුදු විසිතුනක්.......මේ කාලය ජීවිතෙන් හරියටම හතරෙන් එකක් කියලයි කියන්නේ.ඇයි දන්නවද මම මේක කියන්න,මේ කාලය ඇතුලතදි මට යාළුවො හිටිය සිය දහස් ගානක්..නමුත් ඒ යාළුවන් ගෙන් අද වෙද්දි ඉතිරි වෙලා ඉන්නෙ කියෙන් කීදෙනාද.සමහරු මාව ආස්‍රේ කලේ වාසියට ,තව කට්ටියක් උනුත් වලේ මාත් වලේ හින්ද,තවත් සමහරු  හිනහවෙන්න ,..තව පතොල වගේ කට්ටියත් හම්බුනා.ඔය යාළුවො අතරින් බොහොම ටික දෙනයි සෑබෑ යාළුවො හිටියෙ...කියන්න සතුටුයි ඒ ටික අදටත් ඉන්නව..කොහොම උනත් අදටත් මට වාසියට ඉන්න යාළුවො හම්බෙනව..
       අද මම කීයටවත් හිතපු නැති යළුවෙක් මට දේශනයක් දුන්න...ඇත්තටම ඒක මගේ බොක්කටම වැදුනා..යාළුවො කියන්නෙ මොන වගේ අයද කියල අද මට හිතුන...මම බලා පොරොත්තු වුන විදහෙ යාළුවෙක් එයා.ඇත්තටම පොර අපිට උගන්න ඩයල් එකක්.ඒ වගේ යාළුවො හැමදාම නෑ හම්බෙන්නේ.දැනට මම එහෙම අය දකල තියෙන්නෙ තුන් දෙනයි..මේ අයියත් එකක හතරයි...මම මේක උඹට කියන්නෙ එකෙන්ම..උඹ වගේ යාළුවො සදා වාසනාවන්...
    තෑන්කස් මචං....