Friday, January 23, 2015

වෛශාඛ්‍ය මංගල්‍යෙය හෙළ දිව මංපෙත තුළ අසිරිමත් කරවූ සහෘද සිතුවිල්ල


      ක්‍රි.පූ 547 දී විජය රජතුමා වෙසක් දිනය ජාතික රාජ දේශපාලන දිනය බවටද,ක්‍රි.පූ 161 දී දුටුගැමුණු රජතෙමේ එම දිනය ජාතික අධ්‍යාත්මික සහ  ආගමික දිනය බවට ද පත් කළේය.සියවස් පහක් මුළුල්ලේ යටගොස් තිබු වෛශාඛ්‍ය මංගල්‍යෙය  ක්‍රි.ව 1912 දී ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා වෙසක් සිරිත යළි ජීවමාන කොට කිරීට විජිතයේ රාජ අනුහසින් සම්මත කළේය.බහුවිධ ආගමික ලෝක එකමුතුව වු එක්සත්ජාතීන්ගේ අනුමැතියෙන් වෙසක් සිරිත ක්‍රි.ව.2002 ලක්ෂමන් කදිරගාමර් අමාත්‍යවරයා ලෝක සිරිතට උරුම සිරිත කළේය.මෙලෙස සිංහල සහෘදයන් දෙදෙනෙකුද ද්‍රවිඩ සහෘදයන් දෙදෙනෙකුද  වෙසක් සිරිත අසිරිමත් කර ඇත්තෝය.අප සිදුකොට ඇත්තේ ඔවුහු මතුකළ උරුම පාදම මත පහන් සැල්විම ,සෞකොළ ඇලවිම ,භක්තිගී ගැයීම,හෝ වෙසක් පත් යැවිමවත් නොවේ නම් ඔළුබක්කන් නටවා දන්සැල් දිමය,එහෙත් ඉතිහාසය තුළට වැද නිර්මාණය කළෝ ඔවුනමය.
       එබැවින් මෙවන් බද්ධ ප්‍රේමය සහිත මචංලා වර්ග දෙකකට එකට එක්විමට තවත් නිමිත්තක් කුමකටද?....තවදුරටත් ජාතිවාදය වපුරණ කැනහිලුන් මේ යතාර්ථය දැක විඥ්ඥාණිකව සිතිය යුතුය... සිංහලයන් වෙසෙන බෞද්ධ එකම රට මේ පිනබිම නම් සිහළුන් බුදුධහමත් හෙළයත් රැකිය යුත්තේ හුදෙක් කුහක ජාතිවාදයෙන් නොවේ එය ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්විය යුතු මංපෙතක් විය යුතුය.අවස්ථාවාදි දේශපාළුවන්ගේ අතකොළු බවට පත්වන ජාතිවාදය , අවිඥ්ඥාණික තරුණ සිත් මිලේච්චත්වයට පොළඹවා  ගිනි දැල් නැගුණු අවස්ථා මැත ඉතිහාසය තුළ සුළබ නිමිත්තක් බව නොඅනුමානය..
             වෛශාඛ්‍ය මංගල්‍යෙය හෙළ දිව මංපෙත තුළ අසිරිමත් කරවූ සහෘද සිතවිල්ල මෙය නම් අප ගමන් කරණුයේ අදුරේ මැණිකක් සොයන යුගයක නොවේද... මෙය වසර 2600ක් මුළුල්ලේ ගොඩ නැගුණක් මිස මගේ කිමට කිසිවෙකුට අයිතියක් නැත.... මෙය අපේ පිණ්බම නොවේද ,එය ගොඩනැගීම අපේ යුතුකම නොවේද ...