Saturday, June 23, 2018

අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ......


වසර 2000ක්
එක් දර්ශනයක්
අනගිබවනීය දේශයක්
පරංගි,ලන්දේසි ඉංග්‍රිසි විනාශකල යුගයක්
සිව් සියවසක් තුළ නැතිවූ දර්ශනයක්
තුන් නිකායක් තුළ ගොඩ නැගූ සියවසක්
දර්ශනයක් ආගමක් වූ වසර 70වක්
දර්ශනය ජීවමාන කළ උතුම් වු සම්බුද්ධ චීවරයත්
අවියක්වූ දශකයක්
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ......

වසර 2500 කට එහා ගිය ලොවක් පිළිගත් දර්ශනයක් ඇත්නම් ඒ බුද්ධ දර්ශනය පමණි. සෑම ආගමක්ම නීති පනවා මිනිසා සුමගට ගැනීමට වෙර දරණවිට බුද්ධ දර්ශනය තුළ එය වටහාදී අවභෝධයෙන් වරදින් මිදිමට මිනිසා ගේ විඥ්ඤාණය අවදි කරවීම තුළින් වරදින් මුදවාගනියි.භික්ෂුවකගේ විනය ගැන කථාකිරිමට අපහට කිසිදු අයිතියක් නැත.එය බුද්ධ දර්ශනයයි නමුත් බුද්ධ දර්ශනය  දිනෙන් දින ඇද වැටෙන ප්‍රපාතයෙන් මුදවාගැනීම අප සතු යුතුකමක් වග දැනේ.එහෙයි මේ සටහන මෙසේ තබමි.
සම්බුද්ධ පරිනිර්වානයෙන් පසුව දේහය ආදහනයට පෙර සුභද්‍රනම් භික්ෂුවක් කරන ලද ප්‍රකාශය නිසා පළමු ධර්ම සංඝායනා පවත්වන්නට යෙදුනෙ අතර.මේ ආකාරයෙන් බෞද්ධ ඉතිහාසය පුරාවටම යෙදුන ධර්ම සංඝායනා යම් යම් භික්ෂුන් වහන්සේලාගේ විවිධ ක්‍රියා හේතුවෙන් පවත්වන ලද්දේය.තවද බුද්ධ දේශනාවේ පටන් ආශාවන්ගෙන් මිදීම අත්හැරිම මේ සියළු සංඝායනාවන්ගේ අවසාන ප්‍රථිපලය විය.
බුදුරදුන් ජීවමානව වැඩවෙසෙන සමයේ සොලොස්මහ ජනපදයන්හි රාෂ්ට්‍ර පාලනයට බමුණන් සහභාගි උවද,බෞද්ධ භික්ෂුන් වරදක් ඇතොත් ඒ වරද පෙන්වා දී විපාක අවභොධ කර දුන්නේය.ශාඛ්‍ය කෝලීය දෙවංශයේ යුද්ධයේදී බුදුන් වහන්සේ එක්පසක්වත් නොගෙන කටයුතු කලේ බුද්ධ දර්ශනයේ වටිනාකම තම පිරිසට අවභොධ කරමිනි.
විජයාගමනයෙන් පසු ශක්‍ර දේවෙන්ද්‍රයාගේ අන පරිදි පැමිනි විශ්ණු දෙවියන් විජය කුමරුගේ අත පූනනූලක් ගැටගසා සම්බුද්ධ ශාසනය පවතින එකම රටෙහි පැවැත්මට ජනපද පිහිටුවන්නට අශිර්වාද කලෝය.ඉදින් දෙවනපැතිස් රජුදවස ලංකාරාජ්‍ය ප්‍රථම වරට බුදුසසුනට පූජාකරමින් බුද්ධ දර්ශනය ලංකා රාජ්‍යතුළ ධර්ම විජය කෙරිනි. දෙවෙනි පැතිස් රජුගේ මුණුබුරෙකු වූ දුටුගැමුණු රජු විසින් රත්නමාලී දාගැබ ඉදිකිරීමත් සමග එතේක් පැවති තෙර්වාදී බුදුදහම මහාවිහාරය කේන්ද්‍රකරගනිමින් රාජ්‍යපාලනයට අණුශාසනා කරමින් කටුයුතු කලේය.
අනතුරුව දුටුගැමුණු රජගේ මුණබුරෙකුවූ වලගම්බා රජුදවස මහායාන බුදුදහම කරපින්නාගත් අවස්ථාවාදී වෛතුල්‍යවාදී භික්ෂුන්ගේ ආගමනය සිදුවූයේ අබේගිරි වාසී භික්ෂුපරපුරක් ලංකා රාජ්‍යතුළ ඇතිකරමිනි එසේ ඇතිවූ ව්‍යවසනය තුළින් තෙර දහම යටගොස් මහා විහාරය කඩාවැටුනි.නැවතත් වලගම්බා රජු සත්‍ය අවභොධ කරගත් පසු රාජ්‍ය අණුග්‍රහය සහිතව සුපිරිසිදු තේරවාදී බුදුදහම ලංකා රාජ්‍යය බබලවන්නට කටයුතු යොදන ලදී.ඉන් අණතුරුව නැවතත් මහසෙන් රජ දවස සංඝ මිත්‍ර නම් දකුණු ඉන්දියාණු සම්භවයක් සහිත භික්ෂුවක් තේරවාදී බුදුදහමට රාජ්‍ය අණුග්‍රහයද සහිතව මරුපහරක් එල්ලකලෝය.එයද වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් තෙර දහම විනාශකර පෘතක්ජන භික්ෂුව කරළිය පෙරලි කරයුගයක් බව ඉතිහාසාය සාක්ෂි දරයි. පෙර පරිදිම මහසෙන් රජ එය නිවැරදි කලේය. මෙසේ රාජ්‍ය පාලනයට භික්ෂුන්ගේ ආගමනය පැමිණි සැම අවස්ථාවකදීම සුපිරිසිදු තේරවාදී බුද්ධ දර්ශනයට මරු පහරවල් වලට ලක්විය.එසේ වූයේ තෙර දහම තුළ වු අල්පේච්ච තන්හාව ප්‍රහින කිරිම ආදී ගුනයන් පෘතක්ජන භික්ෂුව ප්‍රතික්ශේප කළ හෙයිනි.
එසේ ඇදුණු තෙර දහම ලංකා රාජ්‍ය නිසි මග යවමින් අපට අනණ්‍යවූ සංස්කෘතියක් ගොඩ නැගුවේය.පාලකයා මණුශ්‍යවාදී පාලකයෙක් කලෝය.යහපත් මණුශ්‍ය ගුණාංග සාමාන්‍ය ජනතාවට ප්‍රගුණ කලෝය.ඉදින් නොනැවතුනු සංඝ පරපුර සාහිත්‍ය මග ඔස්සෙ ලක් සමාජය සුමගට යැවුහ. ඉන් අනතුරුව ඇතිවූ බටහර අක්‍රමනයන් සමග  පෘතුගීසි ලන්දේසි ඉංග්‍රිසී පාලන සමයන්තුළ බෞද්ධ දර්ශනය නැත්තටම නැති කලෝය. මසට ලොල්, මතට ලොල් ආශාවන්ගෙන් පිරුණ සමාජයකට සිංහල ජාතිය තල්ලුකලෝය. බුද්ධ දර්ශනයෙන් ඇත්වූ සිංහල ජන සමාජය ආශාවන් ප්‍රහින කරනවා වෙණුවට ආශාවන් තව තවත් ලංකරගත්තොය. බුද්ධ දර්ශනය ආරක්ෂාව සදහා ගනින්නාන්සේලාගේ ආගමනය සිදුවූයේ මේ කාලවකවනුව තුළය, ඔවුන් පාදිලි තුමන්ලාමෙන් විවාහ වූහ, සාමාණ්‍ය ජන ජීවිතයක් ගෙවුහ, දිනෙන් දින මෙසේ පිරිහෙන බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට වැලිවිට අසරණ සරණ  ශ්‍රි සරණංකර සංඝරාජ හිමියන් ප්‍රමුක මහා සංඝරත්නය විටින් විට මුල් තැන ගත්හ.
ඒ අනූව සියම් දේශයට එක් අවස්ථාවකදී මහාවිහාරික භික්ෂූන් ගොස් සිදුකළ උපසම්පදාවක් හේතුවෙන් එහි තෙර දහම පැවතීම නිසා සරණංකර සංඝරාජහිමියන්ගේ ආරාධනයේන් සියම්දේශයෙන් වැඩම කළ උපසම්පදා භික්ෂුන් ලක් සසුනට නැවත උපසම්පදාව ලබා දුන්හ.ඒ අනූව සියම් මහා නිකාය බිහිවු අතර එහි රදලයන් පමණක් මහන කරගත්හ. මෙසේ භික්ෂු සාසනයේ තවත් පිරිහීමේ දොරටුවක් විවරකරගත් අතර ඉන් අනතුරුව රාමඤ්ඤ මහා නිකායත් අමරපුර මහා නිකායත් අවස්ථා ගණනාවකදී ලංකා රාජ්‍යයට උපසම්පදාව රැගෙන ආවේ කුළ පදනම මතය. අවාසනාවක මහත නම් සුපිරිසිදු තේරවාදී බුද්ධ දර්ශනය තුළ  කුළ මල ආගම් ජාති පිළිබද කිසිදු උස්පහත් බවක් ඇති නොකලොය.පහත් කුළවල සුනීති සෝපාක පටන් රාහුල ආනන්ද වැනි ශත්‍රියයෝද මහණදම් පිරූහ.
නමුත් ලක්දිව බුදුදහම පිරිහිම අවාසනාව මෙම යුගයේදී ආරම්භ විය.සියවස් හතරක් මුළුල්ලේ විනාශවූ තේරවාදය නිවැරදි ලෙස නැවත ස්ථාපිත කරවිමට නොහැකිවූයේ 1948 තෙක් පැවති බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රය නිසාය.ඉංග්‍රිසින්ද මෙම නිකායන්ට උල්පන්දන් සැපයු අවස්ථාද ඉතිහාසය සාක්ෂි දරනු ඇත.එය එසේ සිදුවුයේ බුද්ධ ශාසනයට තිබු ඇල්ම නිසා නොව මෙය තව තවත් පිරිහුමට යනු දැකීමේ අභිලාශයෙනි. ආශාවන්ගෙන් පිරුණු භික්ෂු සමාජයක් මේ කාලවකවාණුවතුළ ගොඩ නැගුණු අතර ඔවුන් රාජ්‍ය පාලනය සම්බණ්ධ වන්නේ සග වෙද ගුරු ගොවි කම්කරු පංචමාහා බලවේගයත් සමගින්ය.
එසේ දේශපාලන මඩගොහොරුවට ඇදුණු භික්ෂුන් වහන්සේ ආශාව ප්‍රහීන කරණවා වෙණුවට තවතවත් ආශා සයුරේ ගිලෙමින් සැපසම්පත් පසුපස හඹාගියෝය.සිව් සියවසක් ගෙවුනු තැන විනාශ මුඛයට තල්ලුවූ සග පරපුර විනාශ වීමට තවත් වරදක් පාලකයාගෙන් සිදුවිය,එනම් විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් මහා විහාර විශ්ව විද්‍යල බවට පත් කර ඒතුළට භික්ෂුන් සමග ශිෂ්‍යවන් ඇතුළත් කලොය.වර්ථමාන භික්ෂුව මාර්ගඵල අවභෝධ කරගෙන නැත ඔවුන් පෘතක්ජන භික්ෂූන්ය. ඔවුන් පහසුවෙන් ආශාවෙහි බැදෙන්නොය. සියළු විදි සටන්වලට යන රට වෙනුවෙන් පෙරට එන සංඝ නායකවරු ඔවුන් තේරපුත්ථාභය පරපුරේ බව පසක් කරන්නට වෙර දරන අතර තේරපුත්තාභය තෙරුන් සිව්රෙන් මිදී ගිහියෙකු ලෙස දුටුගැමුණු සේනාවේ මහ සෙනෙවියකු ලෙස සටන්කොට යුද්ධය අවසන්වු පසු නැවතත් මහනදම් පුරා මාර්ගඵල අවබෝධකරගත් භික්ෂුවක් බව වත්මන් සග පරපුර අමතක කලෝය.
මේ පරිසරය උඩ වර්ථමාන සම්බුද්ධ ශාසනය පරිහානියට පත්විම නොවැලක්විය හැකිය.මේ වනවිට අභිධර්ම පිටකය අතහැර ධර්මදේශනාකරන මෛත්‍රි බුද්ධ වන්දනාව සිදුකරණ හිමිවරුන් බිහිවි ඇත.තම තමුන්ගේ වාසියට ධර්ම දේශනා සිදුකරණු ලබති.තවත් භික්ෂුන් පිරිසක් දේශපාලන අතකොළු බවට පත්වී ඇත.ඇතමුන් බුද්ධත්වය ලබා මාර්ගඵල අවභෝධකරගත්සෙ හැසිරෙති. තවත් පිරිසක් බුදධ චිවරය අවියක් කරගත්තො වුහ,මේ අයුරින් දිනෙන් දින පිරිහෙන්නෙ සම්බුද්ධ ශාසනය නොවේද.
අද දේශපාලන කරලියතුළ සිටින මන්ත්‍රි පට්ටම් සහිත හිමිවරුන්ට එදිරිව වාග්ප්‍රහාර එල්ලවනු දක්නට ඇත,සංඝ්‍යවහන්සේගේ ගරුත්වය එතනම බිදවැටි ඇත.ජාතියේ නාමයේන් ජන මත හදන්නට වෙරදරන හිමිවරුන් ඇත. එහෙත් කිසිවකු ආකල්ප සංවර්ධනයක් ගැන කථාකරන්නෙ නැත.දේශපාලන කරලිය තුළ ෙ සසුනට නිසි තැන හිමිවි නැත.ඔවුන් සග පරපුර ආරක්ෂක බැමිබවට පත්කරගෙන ඇත.
කාලය එළඹ ඇත උතුම් සම්බුදධ දේශනාවේ අනාගත වංශ දේශනාවට  අනූව තව වසර 2500ක් අපහට  ඉතිරිව ඇත.වත්මන් පාලකයාට වගකිමක් ඇත එනම් සුපිරිසිදු තෙර දහම ලංකාද්වීපය තුළ ස්ථාපිත කිරිමය.ඒ සදහා ධර්ම සංඝායනාවක අවශ්‍යතාවය මතුව ඇත.බුදධ චීවරය අවියක් නොව මුදුන්මල්කඩක් බවට පත් කිරීමත්,සංග්‍යවහන්සේලා දේශපාලනයෙන් ඉවත් කර දේශපාලකයාට ඉහළින් ගෞරව ලැබෙන තැනකත් පිහිටුවීමටත්, බුද්ධ චීවරය දරා සිටින පෘතහ්ජන පුද්ගලයාට තම ශිලය ආරක්ෂාකිරීමට උපකාර කිරීම සම්සථ බෞද්ධයන්ගේ වගකිමක් කරවීමත්,ආදී කරුණු ස්ථාපිත නොවුවහොත් උතුම්වූ තෙර දහමත් සම්බුද්ධ ශාසනයත් නැතිවීයාම වැලැක්විය නොහැක.තව වසර 2500 ක් තෙවරක් බුදුන් වැඩි දේශයතුළ තෙවරක් බුදුන්ට පුජාකළ දේශයතුළ ආරක්ෂා කිරීමේ උත්තරීතර වගකීම යුතුකම සිංහල ජාතිය සතුව ඇත. හෙළය මෙය අවභොධකර නොගෙන කටයුතු කරන තාක් මේ විනාශයෙන් සම්බුදධ ශාසනය ගොඩගත නොහැක. 
 සෙනෙවි ඊෂණ