Sunday, May 22, 2022

ඉතිහාසය පුනරාවර්තනය වෙයිද

77 ඒ.ජා.ප ජයග්‍රහණයේ පුරෝගාමී සටහන

---------------------------------------------------------------



    1970 මාර්තු 25  දින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඩඩ්ලි සේනානායකයන් කටයුතු කිරීමෙන් 70 දශකයේ දේශපාලනය දිග හැරෙයි. මේ කාලවකවානුව වන විට ඩඩ්ලි ගේ පාලන කාලය තුළ පොල්ගොල්ල වේල්ල ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට තිබුණි. හාල් සේරුවක් නොමිලේ ලබාදුන් ඩඩ්ලි සේනානායක මහතා ගේ රජය තවත් සේරුවක් ලබාදුන්නේ සත 75 කට ය. 1970 මහමැතිවරණ යෙදී ජනතාවට ඇමතුම් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණ බලයට පැමිණි පසු හාල් සේරු දෙකම නොමිලයේ දෙන බව ප්‍රකාශ කළාය මැතිනියගේ එම පටු ප්‍රකාශය ගැන ඇතැමෙක් අභියෝගයට ලක් කරන විට සිරිමාවෝ මැතිනිය ප්‍රකාශ කළේ "හඳෙන් වුවත් හාල් සේරු දෙක ගෙනත් දෙන බවට" පොරොන්දු වීමෙනි. 


        1970 මහ මැතිවරණයේ ප්‍රතිඵල යළිත් සනාථ කළේ සහල් සේරු 2 වැනි සිල්ලර බලාපොරොත්තු මිස ජනතාවට ප්‍රතිපත්ති හෝ සංවර්ධන කටයුතු අදාල නොවන බවකි. සිව්වරක් ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුරට පත් වූ ඩඩ්ලි සේනානායක මහතා 1973 අප්‍රේල් 13 වන දින කොළඹ ඩර්ඩන්ස් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අවසන් සුසුම් හෙළීය. අප්‍රේල් මස 21 වන දින පැවති ආදාහන උත්සවයට දස ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී වූ අතර ලංකා ඉතිහාසයේ සුවිශේෂී වූ ද වැඩිම ජනතාවක් සහභාගී වූ අවමංගල්‍ය උත්සවය බවට එම අවමංගල්‍ය උත්සවය පත්විය. 

           නොමිලේ ලැබෙනවා නම් හිසේ ඇම්ම වුවද භාර ගැනීමට තරම් පහලට වැටුනු ජාතියක් බවට අප පත් වූයේ සිරිමාවෝ ප්‍රමුඛ සමගි පෙරමුණු රජය බලයට පැමිණීමට දුන් පොරොන්දු නිසාය.   

            

              මෙම කාල වකවානුව වන විට රටේ තරුණ තරුණියන් අතර විරැකියාව, ආහාර හිඟකම, මිරිස් පොලු ,සහල් පොලු, ඇඳීමට ඇඳිවත වත් නොමැති කාල වකවානුවක් බවට පත්වෙමින් තරුණ තරුණියන්ගේ අසහනය වර්ධනය වෙමින් තිබූ කාලවකවානුවක් ලෙස පෙන්වාදිය හැකිය. රුසියාවේ අධ්‍යාපනය ලැබූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයන් මේ තරුණ අසහනය මැනවින් අවබෝධ කරගෙන කාලීන අවශ්‍යතාවයක් ලෙස විප්ලවීය දේශපාලනයකට මුල පුරමින් තිබූ කාලයකි.


             ඒ.ඊ ගුණසිංහ මහතාගේ කම්කරු සංගමයෙන් දේශපාලනයට පිවිසි ආර් ප්‍රේමදාසයන් කොළඹ නගර සභාවට තේරී පත්වූ අතර 1965 දී මැද කොළඹ අසුනෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ජාතික  රජයේ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරා පසුව පළාත් පාලන අමාත්‍ය තනතුරට පත්විය. ඉන්පසු 1970 පැවැති මැතිවරණයෙන් එජාපය පරාජයට පත්වුවද මැද කොළඹ දෙවන මන්ත්‍රීවරයා ලෙස එම මැතිවරණයෙන් රණසිංහ ප්‍රේමදාස මහතා ජය ගත්තේය.


           එක්සත් ජාතික පක්ෂය 1970 දී ලැබූ පරාජය සමඟ රණසිංහ ප්‍රේමදාස මහතා "පුරවැසි පෙරමුණ" නමින් දේශපාලන සංවිධානයක් පිහිටුවාගෙන එජාපයේ නායකත්වය අභියෝගයට ලක් කරමින් කටයුතු කරමින් සිටි අවධියක් ලෙස70 දශකයේ මුල් භාගය සඳහන් කළ යුතුය.


        දැයට " බත්දුන් පියානන්ගේ" නික්ම යෑමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පැමිණි ජේ.ආර් ජයවර්ධනයන් රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට ලංකාවේ දේශපාලනය චලනය වුණු ආකාරය පිළිබඳ ප්‍රායෝගික මෙන්ම පුළුල් අවබෝධයක් ඒ වන විට ජීවිතේ සැඳෑ සමය ගත කරමින් සිටි ජූනියර් රිචඩ් ජයවර්ධන මහතාට තිබුණි.


         දේශපාලනික පරිණත බුද්ධි ලාභියකු වූ එතුමාගේ බලාපොරොත්තුව වූයේ ඔහුගේ පාලන සමය තුළදී සමෘද්ධිමත් ලංකාවක් තනා ගැනීමය. ඒ සඳහා ඔහුගේ නායකත්වය තුළ පක්ෂයෙන් බිඳී වෙන්වී ගිය කොටස් නැවත එකතු කරමින් පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් දැවැන්ත සටනකට භූමිය සකස් කළේය.


            එහි ප්‍රතිඵලයක් ලෙස 1977දී 5/6ක ජනවරමක් ලබා ගෙන ජග්‍රහණයේ කිරුළ හිසෙහි පලඳා ගත් විගස ඔහු කල්පනා කලේ සමගි පෙරමුණ රජය විසින් අවුරුදු 30කට කල් දමා තිබුණු මහවැලි යෝජනා ක්‍රමය අවුරුදු 6කින් සම්පූර්ණ කිරීමට සැලසුම් සකස් කිරීමය. ඒ සඳහා ලෝක බැංකු ආධාර සමග එංගලන්තය ජර්මනිය කැනඩාව ඇතුළු රටවල් රැසකින් විදේශාධාර ලබාගෙන මහවැලිය රන්දිය වර උතුරුමැද පලාත ඔස්සේ ත්‍රිකුණාමලයට ගෙනගොස්  බෙදාහැරීම එහි එක් පියවරකි


        යහමින් බත බුලත සුලභ කොට කුමාරතුංග මුනිදාසයන් කියූ ආකාරයට අලුත් දෑ තැනිය යුතුය, නව නිපැයුම් කළ යුතුය, එවිට භාණ්ඩාගාරයට මිල මුදල් හිඟ නොවේ. එවැනි කාර්මික නිපයුම් නිපදවීමට විදුලිය අවශ්‍ය වේ , ඒ සඳහා දිය මංපෙත් තනා මෙල්ල කොට විදුලිය නිපදවීමට ඔහුට අවශ්‍ය විය.රාජාංගනය උතුරු මැද පළාතේ කලා වැව ආශ්‍රිත ප්‍රදේශ විශේෂයෙන් ගල්නෑව වැනි ප්‍රදේශ යල මහ දෙකන්නයටම යහමින් අස්වනු ලැබෙන්නේ මහවැලි යෝජනා ක්‍රමයේ දැක්මට අනුව ය.


              ජේ ආර් ගේ ඊළඟ ඉලක්කය වූයේ විදෙස් ආයෝජකයන්ට මෙරට දොර කවුළු විවෘත කොට ඔවුන්ගේ ධනයෙන් රට ගොඩ නැගීමට තාක්ෂණය ලබාගැනීමය. ඒ සඳහා නිදහස් වෙළඳ කලාප පිහිටුවීම මගින්  මුලපිරූ ජේ ආර් කටුනායක ප්‍රදේශයේ සහ මහ කොළඹ ආර්ථික කොමිසම මගින් විදෙස් නියෝජිතයන්ට කර්මාන්ත ආරම්භ කිරීමට දිරි දුන්නේ ය.මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහයන් දැවැන්ත කර්තව්‍යයක් සිදුකර ඇති අතර තරුණ තරුණියන්ගේ විරැකියාව මුලින් උපුටා දැමීමට ඔහු කටයුතු කළේය. ඉන් නොනැවතුනු රනිල් ජාතික තරුණ සේවා සභාව දැයි තාරුන්‍යට දායාද කරමින් තරුණ තරුණියන්ගේ හැකියාවන් ඔපමට්ටම් කිරීමට තෝතැන්නක් සකස් කළේය.


            සිංගප්පූරුව මලයාසියාව වැනි රටවල් අනුගමනය කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක වී වේගවත් දියුණුවක් කරා රට යොමු කිරීම  ජේ ආර් ජයවර්ධන නම්වූ මේ පරිණත රාජතාන්ත්‍රික යාගේ අරමුණ වූවා සැකනැත. සැබැවින්ම ඵල දැරූ ඔහුගේ උත්සාහයට අනුව විදෙස් ආයෝජකයින් වෙළඳ කලාප තුළ කර්මාන්තශාලා ස්ථාපිත කළෝය එමගින් තරුණ තරුණියන්ට ඍජු රැකියා ලක්ෂයක් හිමිවිය තවත් වක්‍ර රැකියා ලක්ෂයක් ද බිහි විය.


           ලංකාවේ පිහිටීමට අනුව ඉන්දියාවට යම්කිසි ආකාරයක භූදේශපාලනික බලපෑමක් එල්ල කිරීමට තිබෙන හැකියාව හේතුකොට ගෙන අපේ රටේ ආර්ථික  පිබිදීම , දකුණු ආසියාවේ ප්‍රබල රාජ්‍යයක් බිහි වීම අසල්වැසියාගේ කැමැත්තක් තිබුණේ  නැත.


නමුත් ලාංකේය දේශපාලනයේ දීර්ඝතම යාත්‍රිකයා ලෙස ජේ ආර් ට ලංකාවේ දේශපාලන,සමාජ, ආර්ථික සංස්කෘතික ඉසව් පොහොසත් කිරීමට දැඩි උවමනාවක් සහ දැක්මක් තිබුණේය


          මේ රට සංවර්ධනය කිරීමට බාධා ලෙස තිබුණු අට අනූවක් රෝග පීඩාදිය ගැන ජේ ආර් ජයවර්ධන මහතාට ප්‍රබල අත්දැකීම් රාශියක් තිබුණේ එය එම නිසා ඔහු මූලිකවම කළේ ව්‍යවස්ථාව වෙනස් කිරීමයි. එහිදී අග්‍රාමාත්‍යවරයා කේන්ද්‍ර කර ගනිමින් තිබූ ලංකාවේ දේශපාලනය විධායක ජනාධිපතිවරයෙකු යටතට පත් කරමින් ලංකා දේශපාලනය උඩුයටිකුරු කළේය.


              1982 වන විට රට සංවර්ධන නැමැති පීල්ලේ නිරුපද්‍රිතව මෙහෙය වීමට ඔහුට හැකි වූවේය. එහි ප්‍රතිඵල මහවැලිය, නිදහස් වෙළඳ කලාප ආයෝජන හරහා මහා පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලා සහ වෙනත් කර්මාන්ත ක්‍රියාත්මක වී පෙර නොතිබූ ආකාරයට ලංකාවේ සංවර්ධන කඩයිම් පසුකර යෑමය.


             1982 ජනාධිපතිවරණයට තරඟ කොට 50% වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ ජයවර්ධන මහතා දෙවන වරටත් ලංකාවේ පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය අනතුරුව මහ මැතිවරණයක් පැවැත්වීම සාමාන්‍ය සිදුවිය යුත්තකි. එසේ නොකොට ජනමත විචාරණයක් පවත්වා එමගින් පාර්ලිමේන්තුවේ කාලසීමාව තවත් වසර පහකින් දීර්ඝ කරන ලදී


           රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ජයවර්ධන ජනාධිපතිවරයා සියලු වැර වීරිය යොදා ක්‍රියාත්මක වෙමින් සිටින විට 1983දී වාර්ගික ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර වෙමින් රට අස්ථාවර තත්ත්වයට පත්විය සියලු බාධක වලට මුහුණ දෙමින් ජයවර්ධන මහතා 1988 වනතුරු රටේ පාලන කටයුතු ගෙන ගියේය.

            ඉන්දියන් නාවික හමුදාව නැව් මගින් ආහාර ද්‍රව්‍යය අත්ඇරීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක වීමත් සමඟ අන්තර්ජාතික නීති කඩමින් ඉන්දියන් රජය ගුවනින් උතුරට ආහාර ද්‍රව්‍ය හෙලීය ඉන්දියාව ලංකාවේ අභිමානය කෙලෙසා දැමුවේ, ලංකාවේ ශිෂ්ටාචාරය ගොඩනැගීමට අශෝක අධිරාජයා කළ ඓතිහාසික මෙහෙවර යෝධ යකඩ තිරයකින් වසා දමමින් ය.


         උතුරේ කොටියාට කිරි පොවා පෝෂණය කළේ ද, පුහුණු වූයේ ද, ආරක්ෂා කළේ ද ,ඉන්දීය මහ ආණ්ඩුවේ අනුදැනුම මත තමිල්නාඩු ප්‍රාන්තයේ දී ය. නායකත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ දක්ෂයන්ට ජේ ආර් ජයවර්ධන මහතා නොමසුරුව අතදුන් පාලකයෙකු විය. 

                 එවකට අගමැතිවරයාව සිටි ආර් ප්‍රේමදාස මහතාට උදාගම් සංකල්පය ක්‍රියාත්මක කිරීමටත්, රජයේ වෙළෙඳ ඇමැතිවරයා ව සිටී ලලිත් ඇතුලත්මුදලි මහතාට මහපොළ ශිෂත්ව ප්‍රදානය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට අති විශාල මෙහෙවරක් කිරීමටත් සහ ගාමිණී දිසානායක මහතාගේ මහවැලියට ස්වර්ණභූමි ඔප්පු ප්‍රදානය කිරීමට පූර්ණ සහයෝගය ආශිර්වාදය ලබා දුන්නේය.


      1981 දී පාසල් සිසුන්ට නොමිලේ පොත් ලබාදීම ආරම්භ කළ ජයවර්ධන ජනාධිපතිතුමා ජාතියේ අධ්‍යාපන නිදහස තහවුරු කිරීමට ක්‍රියා කළේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමට නම් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය පළමුව තහවුරු විය යුතු ය ඒ අනුව වසර 12කට ආසන්න කාලයක් විධායක ජනාධිපතිවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස සේවය කළ ජයවර්ධන මහතා වර්ෂයක් පාසා එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික මහ සමුළුව, විධායක සමුළුව ඇතුළුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නොකඩවා පැවැත්වීය.


         එලෙස දේශීය වශයෙන් තහවුරු කළ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ අනගිභවනීය සේවාව මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ශ්‍රී ලංකාව බැබලවීමට අපමණ මෙහෙවරක් ඉටු කළේය කොළඹ ක්‍රමය ඊට කදිම උදාහරණයකි දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව ජපානයට දඬුවම් දීමට 

සෙන් ෆ්‍රැන්සිස්කෝ නගරයට රැස්වුණු බලවතුන්ගේ රැස්වීමේදී "නහීවේරේන වේරානි " යන බුදු වදන විග්‍රහ කරමින් වැටී තිබෙන ජපානයට නැවත ගොඩ ගැනීමට උපකාර කරන ලෙස කළ ඉල්ලීම අන්තර්ජාතික වශයෙන් පැසසුමට ලක්විය අවුරුදු 96 ආයු වළඳා ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා 1996 නොවැම්බර් පළවෙනි දින අභාවප්‍රාප්ත විය.


              එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ජේ ආර් ජයවර්ධන යුගයයි.එයට සමාන කිරීමට එදා මෙදා තුර පැවති කිසිදු රජයක් සමත් වී නැත.


      70 දශකයේ සිට බලන විට නැවත වරක් ඒ ඉතිහාසයම පුනරාවර්තනය වීමක් ගවේෂණයේ දී දැකිය හැකිය. ඉතිහාසඥයින් පවසන ආකාරයට ඉතිහාසය පුනරාවර්තනය වීමක් ඕනෑම කාලයක දැකිය හැකිය.


         එනම් 70 දශකයේ ඇති වූ ආහාර හිඟය,තරුණ අසහනය, විරැකියාව හේතුවෙන් ඇතිවූ කැරලි කෝලාහල අද වන විට දක්නට ඇත. දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය එක් මන්ත්‍රී ධූරයකට පමණක් සීමා වී ඇති අතර එජාපයෙන් බිඳීගිය සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය නම් දේශපාලන පක්ෂයක් පිහිටුවමින් පාර්ලිමේන්තුව තරණය කර ඇත.


         වර්තමානය වන විට නැවත වරක් එක්සත් ජාතික පක්ෂ     නායක   රනිල් වික්‍රමසිංහයන් 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වී ඇති අතර ඉතිහාසය නැවත පුනරාවර්තනය වීමට නම් සජිත් ප්‍රේමදාසගේ ආගමනය සිදුවිය යුතුය.


            එසේ නොමැති නම් ජේ.ආර් ජයවර්ධන . ආර්.ප්‍රේමදාස , ලලිත් ඇතුලත්මුදලි ,ගාමිණී දිසානායක රනිල් වික්‍රමසිංහ වැනි 70 යුගයේ පතාක නායකයින් හා සැසඳීමට පෙළක් නිර්මාණය විය යුතුය.

               වර්තමාන දක්ෂිණාංශික දේශපාලනය තුළ      ජේ ආර් ජයවර්ධයන් ගේ භූමිකාව රනිල් වික්‍රමසිංහයන් සිදුකරණු ලබන බව පෙනී යන අතර ඉතිරි චරිත මේ ලිපිය ලියන මා දුටුව ද, අනාගතයට එය පැවසීමට ඉතිරි කරමින් මෙම ලිපිය අවසන් කරමි.


✍️ #මීරිගම_ඊෂණ 


🌏සබැඳි-


👉කෞටිල්‍ය ගේ අර්ථ ශාස්ත්‍රය 

https://m.facebook.com/story.php?story_fbid=10220900943893877&id=1248487626


👉ජේ.ආර් ගුණසමරුව 

https://www.facebook.com/100000229720475/posts/6375314059152855/


👉මධ්‍යම අධිවේගයේ දෙවන අදියර

https://www.facebook.com/1248487626/posts/10220576264697100/


👉 බැඳුම්කර ගැටළුව සරළව https://www.facebook.com/1248487626/posts/10219042328909664/


👉යලි පුබුදමු ශ්‍රී ලංකා

https://m.facebook.com/story.php?story_fbid=10219988611846146&id=1248487626


👉රනිල්ගෙ ඇරියස් එක

https://www.facebook.com/1248487626/posts/10220070065322432/


👉ඔහුට විරුද්ධ සටන්පාඨ

https://www.facebook.com/1248487626/posts/10217805042858286/


👉රට හදන්න ඩමි ඕනද?

https://m.facebook.com/story.php?story_fbid=1212403205896477&id=322470271556446


--------------------------------------------------------------------------

 #RanilWickremesinghe #united_national_party #එක්සත්_ජාතික_පක්ෂය

ශ්‍රී ලංකා ජනරජ දිනය


         ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ 1972 මැයි 22 වනදා ය. ඒ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුවය. ඊට පෙර ලංකාවට හිමිව තිබුනේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි. ඒ අනුව ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ එක්සත් රාජධානියේ රජු හෝ රැජින හෝ වූ අතර ඔහුගේ හෝ ඇයගේ නියෝජිතයා වශයෙන් අග්‍රාන්ඩුකාරවරයෙක් කටයුතු කළේය. මේ අනුව ලංකාවේ ඇතැම් කරුණු පිලිබඳ අවසාන බලය හිමිව තිබුනේ එංගලන්තයේ ආයතනයනට ය. උදාහරණයක් ලෙස ගතහොත් ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේ එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටය. 

             1948 ලැබුණු ඩොමීනියන් නිදහසට පසු බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායකයන්ට ලංකාව ජනරජයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවක් නොවීය. මේ අතර රටේ ප්‍රධාන වාමාංශික පක්ෂ සියල්ලක්ම ලංකාව ජනරජයක් විය යුතු බවට ප්‍රකාශ කර සිටියහ. 1956 පෙරළියෙන් පසු බලයට පැමිණි බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවටද එය ඉටු කිරීමට අවස්තාවක් නොවීය. 

        ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට කටයුතු කෙරුනේ 1970 බලයට පැමිණි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුව යටතේය. මෙහිදී වාමාංශික පක්ෂවල මන්ත්‍රීන්ගෙන් විශාල කාර්යයක් සිදු කෙරුණි. ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ මූලික නිර්මාත්රූවරයා වූයේද ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාය. පාර්ලිමේන්තුව තුල රැස් වී අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ වූ යම් යම් අපහසුතා හේතුවෙන් එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජකීය විද්‍යාලයේ නවරඟහලේදී රැස් වූහ. එම රැස්වීම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරමින් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලදී. 1977න් පසු එය ජනරජ දිනය හෙවත් ජාතික වීරදිනය ලෙස නම්කල අතර වසර 2500කට කාලයක් මුලුල්ලේ පුද්ගල මූලික රාජාණ්ඩු පාලනයකට හුරුවී සිටි රාජ්‍යයකට ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩු කරණයේ නුහුරු බව අද අප අත්විඳින්නෙමු.



        1948 නිදහස දුන්නද එය පූර්ණ නිදහසක් බවට පත්කරගැනීමට එකල සිටි ඩී.එස්, ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් වැනි පාලකයන් කටයුතු නොකරන්නට ඇත්තේ නිදහස ගත්තද ප්‍රජාතාන්ත්‍රික හා පරිණත දේශපාලනයකට ලංකා රජයේ පුරවැසියන් ගොඩනැගී නොතිබීම මත වීමට පුළුවන.


         මහා බ්‍රිතාන්‍ය කිරීට පාලනයෙන් පූර්ණ නිදහසක් ලබාගෙන 2022 මැයි 22 වන දිනට වසර 50ක් ගතවන අද දින ලංකාව බංකොලොත් රාජ්‍යක් වී අවසන්ය. 

නොමේරූ අදහස් ඇති වාමවාදී දේශපාලන ක්‍රමයන් විශබීජයන් සේ ලංකා දේශපාලනය ගිලගේන ඇති නිසා, එක් පීල්ලක එක් ක්‍රමයකට රට ගොඩ නැගීමට අසීරු වී ඇත.

        ඇතැම් අවස්ථාවලදී "සුද්දා අපෙන් නිදහස් වී නොගියා නම් අපිත් දියුණු රාජ්‍යක් වනු ඇතැයි" අද තරුණ තරුණියන් කියනු මා අසා ඇත. ඔවු එය සැබෑය     

             ඕස්ට්‍රේලියාවේ,නවසීලන්තය වැනි රටවල් තවමත් මහා බ්‍රිතාන්‍ය ඩොමීනියන් නිදහස භුක්තිවිඳින රාජ්‍යන් බව ඔබ දන්නවාද..❓


✍️ #මීරිගම_ඊෂණ