Sunday, May 22, 2022

ශ්‍රී ලංකා ජනරජ දිනය


         ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ 1972 මැයි 22 වනදා ය. ඒ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුවය. ඊට පෙර ලංකාවට හිමිව තිබුනේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි. ඒ අනුව ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ එක්සත් රාජධානියේ රජු හෝ රැජින හෝ වූ අතර ඔහුගේ හෝ ඇයගේ නියෝජිතයා වශයෙන් අග්‍රාන්ඩුකාරවරයෙක් කටයුතු කළේය. මේ අනුව ලංකාවේ ඇතැම් කරුණු පිලිබඳ අවසාන බලය හිමිව තිබුනේ එංගලන්තයේ ආයතනයනට ය. උදාහරණයක් ලෙස ගතහොත් ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේ එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටය. 

             1948 ලැබුණු ඩොමීනියන් නිදහසට පසු බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායකයන්ට ලංකාව ජනරජයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවක් නොවීය. මේ අතර රටේ ප්‍රධාන වාමාංශික පක්ෂ සියල්ලක්ම ලංකාව ජනරජයක් විය යුතු බවට ප්‍රකාශ කර සිටියහ. 1956 පෙරළියෙන් පසු බලයට පැමිණි බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවටද එය ඉටු කිරීමට අවස්තාවක් නොවීය. 

        ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට කටයුතු කෙරුනේ 1970 බලයට පැමිණි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුව යටතේය. මෙහිදී වාමාංශික පක්ෂවල මන්ත්‍රීන්ගෙන් විශාල කාර්යයක් සිදු කෙරුණි. ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ මූලික නිර්මාත්රූවරයා වූයේද ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාය. පාර්ලිමේන්තුව තුල රැස් වී අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ වූ යම් යම් අපහසුතා හේතුවෙන් එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජකීය විද්‍යාලයේ නවරඟහලේදී රැස් වූහ. එම රැස්වීම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරමින් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලදී. 1977න් පසු එය ජනරජ දිනය හෙවත් ජාතික වීරදිනය ලෙස නම්කල අතර වසර 2500කට කාලයක් මුලුල්ලේ පුද්ගල මූලික රාජාණ්ඩු පාලනයකට හුරුවී සිටි රාජ්‍යයකට ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩු කරණයේ නුහුරු බව අද අප අත්විඳින්නෙමු.



        1948 නිදහස දුන්නද එය පූර්ණ නිදහසක් බවට පත්කරගැනීමට එකල සිටි ඩී.එස්, ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් වැනි පාලකයන් කටයුතු නොකරන්නට ඇත්තේ නිදහස ගත්තද ප්‍රජාතාන්ත්‍රික හා පරිණත දේශපාලනයකට ලංකා රජයේ පුරවැසියන් ගොඩනැගී නොතිබීම මත වීමට පුළුවන.


         මහා බ්‍රිතාන්‍ය කිරීට පාලනයෙන් පූර්ණ නිදහසක් ලබාගෙන 2022 මැයි 22 වන දිනට වසර 50ක් ගතවන අද දින ලංකාව බංකොලොත් රාජ්‍යක් වී අවසන්ය. 

නොමේරූ අදහස් ඇති වාමවාදී දේශපාලන ක්‍රමයන් විශබීජයන් සේ ලංකා දේශපාලනය ගිලගේන ඇති නිසා, එක් පීල්ලක එක් ක්‍රමයකට රට ගොඩ නැගීමට අසීරු වී ඇත.

        ඇතැම් අවස්ථාවලදී "සුද්දා අපෙන් නිදහස් වී නොගියා නම් අපිත් දියුණු රාජ්‍යක් වනු ඇතැයි" අද තරුණ තරුණියන් කියනු මා අසා ඇත. ඔවු එය සැබෑය     

             ඕස්ට්‍රේලියාවේ,නවසීලන්තය වැනි රටවල් තවමත් මහා බ්‍රිතාන්‍ය ඩොමීනියන් නිදහස භුක්තිවිඳින රාජ්‍යන් බව ඔබ දන්නවාද..❓


✍️ #මීරිගම_ඊෂණ

No comments:

Post a Comment