Thursday, September 1, 2022

📌අවුරුදු 74ක සාපය කිව්වට ඒක උනේ කෝහොමද දන්නවද ❓




🌎ඒක දැනගන්න කලින් මේ ටිකත් කෙටියෙන් දැනගන්න ...

👉 ලෝක ඉතිහාසයේ ,දේශපාලන ඉතිහාසයේ යුග පහක් ගැන කථාකරනවා.ඇරිස්ටෝටල් දේශපාලන විද්‍යාවේ පියා වගේම,ප්ලේටෝ,චානාඛ්‍ය හෙවත් කෞටිල්‍ය, වගෙ ආදිතම දාර්ශනිකයින්ගෙන් පටන් අරන් විවිධ පාලන ක්‍රම විවිධ මතවාද වලින් පෝෂණය වෙලා ,ග්‍රීක,රෝම යුගවලින් පස්සෙ අඳුරු යුගය නැත්නම් මධ්‍යතන යුගය එනවා.,

දේවවරම්වාදය සමාජ සම්මුතිවාදය,සමාජ විකාශනාත්මක වාදය වගේ විවධ දේශපාලන ක්‍රම මේකාලෙදි අත්හදා බැලෙනවා.. 


👉රුසියන් විපලවයත් එක්ක කොමියුනිට්ස් දේශපාලනය එලියට එනවා,ඊට ටිකකාලෙකට පස්සෙ කාර්මික විප්ලවයත් එක්ක සීග්‍ර නැගිටීමක් වෙනවා.. කාලයක් ගතවෙනකොට අර වහලා ස්වාමියා කියන කතන්දරයම ධනපති පන්තිය හා නිර්ධන පන්තිය කියලා කොටස් දෙකකින් විකාශනය වෙනවා.... ඔන්න ඔතනින් පස්සෙ අර කොමියුනිට්ස් දේශපාලනයට මුල් උන ඇති නැති පරතරයත් එක්ක අඳුරු යුගය ඉවරවෙලා නූතන යුගයට එළඹෙනවා.


👉ඔය අතරේදි ලිබරල් වාදය වගේ අලුත් දේශපාලන ක්‍රම එලියට එනවා.. ඒ නිදහස් මතත් එක්ක.. අර පෙර කී කාර්මික විප්ලවයෙන් පටන්ගත්තු පන්ති පරතරය මුල් කරගෙන නව දේශපාලන ක්‍රම දෙකක් බිහිවෙනවා..

📍ධනපති පන්තිය සමඟ ඒකාධිපති පාලන ක්‍රමයත් එක්ක ඉස්සරහට යන පැසිස්ට් වාදයත් 

📍නිර්ධන පන්තිය එක්ක යන වාමාංශික දේශපාලනයත් බිහිවෙනවා.. 


👉වාමාංශික දේශපාලනය කෙලින්ම මාක්ස්වාදයත්,කොමියුනිට්ස්වාදයත් එක්ක පෝෂණය වෙනවා, පැසිස්ට් වාදය ධනවාදයත් කොමියුනිට්ස් වාදයත් එක්ක ගොඩනැගෙනවා.. 

මම හිතනව දේශපාලන විකාශනය ගැන යම් අවබෝධයක් ඇතිවෙන්න ඇති කියලා.


👉ඊටපස්සෙ නූතන යුගයෙදි ඔයා කිව්ව විදිහට රාජ්‍යයන් බිහිවෙනවා.. වාමවාදී දේශපාලනය භයානක නෑ..අවුල තියෙන්නෙ රාමුවකට කොටු වෙලා යන දේශපාලන ක්‍රමයක්.. ලිබරල් දේශපාලනය එහෙම රාමුවකට කොටුවෙන්නෙ නෑ..

 

👉වාමාංශික දේශපාලනයෙදි ස්ව්‍යංපොෂිත ආර්ථිකය ගැන කථාකරනවා.. වවාගෙන කන එක ස්ව්‍යංපොෂිත ආර්ථිකය නෙවෙයි..ඒක ස්ව්‍යංපොෂිත කෘෂිකර්ම.. අපිට ස්ව්‍යංපොෂිත ආර්ථිකයක් හදාගන්න පුළුවන් ද? උදාහරණයක් කිව්වොත් කොම්පියුටරෙ මදර්බෝඩ් එකේ අයිසී වල ඉඳන් අපිට නිශ්පාදනය කරන්න පුළුවන් ද..එච්චර භූමියක් අපිට තියෙනවද,අපේ වගේ රටකට ඒක ප්‍රායෝගික නෑ.. චීනය රුසියාව වගේ රටවල් වලට ඒක ගැටලුවක් නෑ,භූමිය වගේම ස්වභාවික සම්පත් ඕනතරම් තියෙනවා.. 

👉අපිට ගෝලීය ආර්ථිකය එක්ක ඉස්සරහට යනවනම් නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය නැත්නම් ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අවශ්‍යයි.. 


📌රාජ්‍ය නායකයා විධායකය

👉 මීළඟට හොඳම කෑල්ල තමයි 1948න් පස්සෙ1972 වෙනකන් නිදහස් තීරණ ගන්න පුළුවන් උනත් රටේ රාජ්‍ය නායකයා විදිහට පත්උන ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය මහරැජිනට වගකිව යුතුය තිබුනා,හරියට අද  ඕස්ට්‍රේලියාව නවසීලන්තය වගේ රටවල් විදිහට.ඒ වාසිය ගැන ඔබම හිතන්න.( #sඊw) එතකොට ඔය කියන 74 සාපෙට එන්ගලන්තය මහරැජිනත් කොටස්කාරයෙක්..😂


👉1978 කලින් වෙච්ච දේ තමයි..ඔය කියන සමාජවාදී රාජ්‍ය කරනය යටතේ ටීවී,කැසට් ලෝකේ පාවිච්චි කරනකොට අපි පත්තර කියෙව්වෙ, 78න් පස්සෙ දුරකථන රූපවාහිනී,අන්තර්ජාල,මේ එකී මෙකී නොකී හැමදේම ආවේ විවෘත්ත ආර්ථිකය එක්ක.. බොරු නම් සීයලා ආච්චිලගෙන් අහලා බලන්න..


📌ඔය කියන 74 සාපේ හැදුන හැටි 


👉කරුමෙ කියන්නෙ විවෘත්ත ආර්ථිකය භාවිතා කරපු ලිබරල් දේශපාලනය කරපු එජාපය අවුරුදු 17යි තිබුනෙ.ඒකාලේ කර්මාන්ත ආයෝජන කලාප(BoI),වගේ සීග්‍ර කර්මාන්ත දියුණුවක් උනා.


👉1994න් පස්සෙ ආයෙ වාමාංශික දේශපාලනය කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂය එනවා, ඒ අයට විවෘත ආර්ථිකය පැත්තක තියලා ඒ අයගේ ස්ව්‍යංපොෂිත ක්‍රමයට යනවා.එතනින් පස්සෙ කර්මාන්ත ශාලා 600කට වැඩිය වැහෙනවා ඒකාලෙ.


👉ඊට පස්සෙ 2002 රනිල් ගන්නවා යලි පුබුදමු ශ්‍රීලංකා ගෙනත් ආයෙ පටන්ගන්නවා ගද්දිම කෙලවෙලා යනවා 2004.. 


👉ඊට පස්සෙ ජ.වි.පේ හා ශ්‍රී.ලංනිපය එකතුවෙලා ගේනවා මහින්ද ඒ දේශපාලනය පුද්ගලමූලික පැසිස්ට්වාදයත් වාම වාදයත් කලවං උන වෙනම දේශපාලනයක්.. 2005 - 2015 ට්‍රිලියන 11 ණය කන්දක් ගන්නවා,නය ගත්තට නිශ්පාදන නෑ.ආදායම් නෑ. ඉතින් කලවෙලා යනවා.


👉2015 පස්සෙ රනිල් v2025 සැලැස්ම ගේනවා 2025 වෙද්දි ණය ඉවරකරන්න.. ඊට පස්සෙ කොටසකට රට බේරගන්න ඕන වෙනවා.. අර ලිබරල් ආර්ථික සැලැස්ම සම්පූර්ණයෙන්ම නතර කරනවා,එල්ආර්ටී, වගේ ආයෝජන නතරවෙනවා, දැං ණය ගෙවාගන්න බැරි රටක් වෙලා බංකොලොත්... 


📌 විවරණය

👉ප්‍රාග්ඓතිහාසික රාවනා යුගයෙ ඉඳන් ලංකා කියන්නෙ වෙළඳ මධ්‍යස්ථානයක්.විකිනීම හා බදුදීම කියන්නෙ දෙකක්.. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක කරන විදිහ යි.. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක කරන විදිහ යි දෙකක්.. 


👉ඒකියන්නෙ.. 1959 ඉඳන් 1977 වෙනකන් මේ රටේ තිබුනෙ සමාජවාදී රජයන්.. තෙල් ජනසතු කලා කෙලවෙලා ම ගියා.. ලංකාවේ තිබුන කැල්ටෙක්ස් එක සිංගප්පූරුවේ ගිහින් ඉන්දු පැසිපික් කලාපයට ම අද තෙල් බෙදනවා.. එක උදාහරණයක් විතරයි ඕක..ඔය ක්‍රමය අවුරුදු 18ක් තිබුනා අන්තිමට කන්න බොන්න නැති,මිරිස්පොලු,හාල් පොලු රෙදියාරෙ,වගේ තත්වෙකට 77 වෙද්දි වැටිලා තිබුනා.විරැකියාව නිසා ජවිපේ 70,71 කැරැල්ල ඇතිඋනා. ඒ ක්‍රමය වෙනස් කරලා තමයි විවෘත්ත ආර්ථිකය ගේන්නෙ.. 


👉සමාජවාදී ආර්ථිකයෙන් බැට් කාලා විවෘත්ත ආර්ථිකයට ඇවිත් වාමවාදී ආර්ථිකයකට ආයෙ පාරක් එතෙන්න යන්න බෑනේ..


👉බදුදීම උදාහරණයක් කිව්වොත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි 90ක්(හරිගාන මතකනෑ) බදුදීලා තියෙනවා අයිඕසී එකට.ගිවිසුම ප්‍රකාරව අවුරුදු 35කින්(99 අවුරුදු බදු කියලා නෑදැං) නැවත ලංකාවට හම්බෙනවා.. ඒ හම්බෙන්නෙ ඒ කාලසීමාව ඉවරවෙද්දි තියෙන තාක්ෂණය සහ අපිට ප්‍රතිසංස්කරණය කරගන්න බැරුව තිබුන තෙල් ටැංකි තොගයක් එක්ක..


👉කැල්ටෙක්ස් එක ගිවිසුම ඉවරවෙන්න තිබුණෙ 2028 සපුගස්කන්ද පිරිපහදුව එදා රජයට නොගත්තනම්. ඉන්දුපැසිපික් කලාපයේ තියෙන ලොකුම තෙල් පිරිපහදුව අපේ පරම්පරාවට ලැබෙන්නෙ... 


👉අපිට මේ කිසිදේක ප්‍රතිලාභ නැතිවෙන්න පුළුවන් හැබැයි රනිල් කරන වැඩෙන් එක් කාලසීමාවක සම්පූර්ණ තාක්ෂණයක් එක්ක අපිට කරගන්න බැරිඋන නඩත්තු කරන්න බැරි උන ආයතන ගණනාවක් අනාගත පරපුරට ලැබෙයි.. අපිට සපුගස්කන්ද නැතිවෙලා තෙල් පෝලිම්වල අද හිටියට අනාගතේ ඉන්න උන්ට දියුණු රටක් ලැබෙයි.. 


👉ප්‍රතිව්‍යුහගත කිරීම කථා කරන්නෙ බහුතරයක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ..

අපි එතනින් වෙනස්.. ඉන්දුපැසිපික්( උදා ඉන්දියාව,තමිල්නාඩුව) සමාජය ඇතුලේ ඒ දේ කරන්න බෑ.. හේතුව තමයි පොදු ප්‍රවාහනයක ගිහින් බලල පෞද්ගලික බස් එකක ගිහින් බැලුවනම් මිනිස්සු හැසිරෙන විදිහ බලන්න පුළුවන්..  එහෙම කරනවනම් ආකල්ප වෙනසක් ඇති කරන්න ඕන මුලින්ම.. 

👉පහසුම දේ තමයි නීතිරීති පද්ධතියක් ඇතුලේ පෞද්ගලික ආයතනයක අවුරුදු 35ක් යන එක එතකොට අර ආකල්ප වෙනස නිකම්ම ඇතිවෙනවා.. 


👉සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යනම් පොහොට්ටුව පත්කරගත්නම් කරන්න දෙන්න ඕන.. කන්න බොන්න නැතුව පාරට බහින්න හොඳනෑ.. 

ආ මේකනේ මේ කරන්නෙ කියලා අවුරුදු 10ක් 15ක් කට්ට කාගෙන හිටියනං හරි.. 


👉නමුත් ඔලුගෙඩියි මූනුයි මාරු කරලා ආයෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලනවා.. මොංගල් ද ඩාලිං.. එහෙනං ගෝටා තියාගත්තනම් ඉවරනේ.


👉ඔන්න ඕකයි මේ රටට උනේ... රටතුළ ක්‍රියාත්මක උන දේශපාලනය ආර්ථික ප්‍රතිපත්ති දන්නෙ නැතිව ඌ හොඳනැති නිසා මූ ගේනවා.. මූ හොඳ නෑ කියලා වෙන එකෙක් ගේනවා.. කියලා රට්ටු කරපු ගොං වැඩේ ප්‍රථිපල තමයි මේ විඳින්නෙ.. 

👉ඕක තමයි 1910 මැකලම් ආණ්ඩුකාරයා කිව්වෙ.. මේ රටේ ජනතාවට සර්වජන චන්ද බලය පාවිච්චි කරන්න තරම් දැනුමක් නෑ කියලා..


✍️මේ රට ගොඩ ගන්නනම් කරන්න තියෙන්නේ අවුරුදු 20කට 30කට නොවෙනස්වන ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් හදලා.

විවෘත්ත ආර්ථිකයත් එක්ක ඉදිරියට යන වානිජ නිෂ්පාදන ආර්ථික ක්‍රමයක් ඇතිකරන එක.

රනිල්ගෙ ඊළඟ සැලසුම් ඒක.. මොකද ආපහු පරණ තැනට යන්න බෑ.. 


📌මේක කියෙව්වනම් රටට මොකක්ද උනේ කියලා තේරෙන්න ඇති.. කරුණාකරලා බොරුවට 74ක් ගැන අවලාද තියන්න එපා.. රටේ තියෙන දේශපාලන,ආර්ථික ක්‍රම ගැන හයක් හතරක් නොදැන..තහඩුවටයි,මහනමැශිමටයි,සිමෙන්ති කොට්ටෙටයි.. චන්ද දීපුවගේ විපාක.. මිසක් ඔය කියන පට්ටපල් බොරුව නෙවෙයි... එහෙම කියනවනම් ඔය 74 ඇතුලේ අවුරුදු 54ක්ම කරලා තියෙන්නේ ඒ අය උද්ගෝෂණ,අවුරුදු 2කක් චන්ද්‍රිකාව,තව අවුරුදු 2කක් මහින්දට කඩේ ගිහින් ඒ අයට බලේ අරන්දීපු එක .. අවබෝධයෙන් දේශපාලනය කථාකරන්න.එහෙම උනොත් රටක් ඉතුරු වෙයි.නැත්නම් හරි තට්ටුව හොයාගන්න බැරුව තට්ටු මාරු කරකර ඉඳියි.


✍️ #මීරිගම_ඊෂණ