Thursday, October 19, 2023

අපි කොයිබටද....

 🇮🇳 "අඛණ්ඩ භාරත්" 2047

🇨🇳 "නව සේද මාවත" 2049

🇱🇰 "ජාතික පරිවර්තන මාර්ගය" 2048



         ලොව විශාලතම ජනගහනය හිමි , තවමත් ගුහාවල ගම්මාන පිටින් ජිවිතය ගෙවන මිනිසුන් සිටින චීනය, විසිවන සියවසේ 80 දශකයේ ඩෝන් සියාපින් ඇතිකල ආර්ථික ප්‍රතිපත්තිය තවත් පුලුල් කරමින් විසිඑක්වන සියවසේ දෙවන දශකයේදී 

සී ජිංපින් ජනාධිපතිවරයා නව විවෘත්ත ආර්ථිකයකට සිය රට විවෘත්ත කිරීමට සැරසෙයි. 


         චීනය  නව සේදමාවත තුලින් ආසියාකරයත් , ඉන්දුනිම්නයත්,හරප්පාවත් , නයිල් නිම්නයෙන් ඔබ්බට යුරෝපයත් ඇතුළු රටවල් 65ක් තුළ ආර්ථිකවිජයකට පිඹුරුපත් සකසති..


        ඉන්දියාව ඉතාපැරණි චානඛ්‍යගේ  මහාභාරත රාජ්‍යයේ ආර්ථික ප්‍රතිපත්තිය තුලින් දකුණු ආසියාවේ අස්සක් මුල්ලක් නෑරම රිංගා තමන්ගෙ බලය ගොඩ නැගීමට සැරසෙයි...


         2049 දක්වා චීනෙ සේද මාවතේ එනවිට.. 2047 දක්වා ඉන්දියාව "අඛණ්ඩ මහාභාරත්" ගොඩනගන්න පිඹුරු සකසන විටි.. අදින් වසර 20කට පමණ පෙර " යලි පිබිදෙන ශ්‍රී ලංකා"වක් ගොඩ නැගීමට වික්‍රමසිංහ පාලනය පිඹුරුපත් සැකසුවේය.එය ආරම්භ කලද රටේ අවාසනාවකට එය  ක්‍රියාත්මක කිරීමට තරම් සබුද්ධික පාලකයකු නොසිටියේය.එය තේරුම් ගැනීමට තරම් විචාරවත් බහුතර පුරවැසියො නොසිටියේය.


      අද 2048 තේමාව තුලින් නැවතත් වසර 20ක් පැරණි පිඹුරුපත් අදට ගැළපෙන අයුරින් යාවත්කාලීන කරමින් "රාමා සේතු" ගොඩ නගා ඉන්දියා ගේට්ස් ඔස්සේ ග්ලෝබල් හයිවේ ඔස්සෙ ලංකාව ජ්‍යාත්‍යන්තරය සමඟ ගොඩබිමින් සම්බන්ධය ගොඩනගන්නට වෑයම් කරන විට.. 


       ලෝකයක් අද  වම අත් හැර කෙමෙන් කෙමෙන් දකුණට යන විට.. දකුනේ සිටි අපි 1800 සමූපකාර ක්‍රමය හිසමතින් වඩම්මවාගෙන යාමට සැරසෙති.කණගාටුව නම් එසේ පෙරහැරෙන් තරුණයින් වඩම්මවන කරඬුව , පාට පාට ලෝක පෙන්වා බිල්ලන් මවා 2019 හැදුවා මෙන් , හදන ලස්සන පෙරහැර,  2022 කරඬුව ඔලුවමත තබා සරමකඩනවා වැනි  අවස්ථා ඇතිකරන බව තේරුම් ගැනීමට තරම් අප රටේ තාරුණ්‍ය විචක්ෂණශීලී නැත.


      මේ තත්ත්වය තුල වික්‍රමසිංහ පමණක් නොව කිනම් පාලකයෙකු බලය ගත්තද.. රටවැසියන් තමන්ගෙ සිතුවිලි උද්දීපනය කරන්නට පුළුවන් බලවේගය වෙත ඇදීයෑම සෝචනීයය. සරළව කිව්වොත් යථාර්ථවාදී ක්‍රමයකට නොව තමන්ගෙ මනෝරජ්‍ය පෙන්නුම් කරන ආතල් එක වැඩිපුර ලබාදෙන දේශපාලන කඳවුරට ඔවුන් ඇදී යන්නේය.


          එය එසේ වන්නේ ඔවුන් විශ්වාස කළයුතු දේශපාලන සැලසුම් වෙනුවට.. රැල්ලට ආකර්ශනය වූ දේශපාලන බලවේග මවා තිබූ සිහින ලෝක ඇස්පනාපිට සුනුවිසුනු වී ගොස් අවිශ්වාසය නැවත නැවත් සිත්තුල පැලදියම්වීමය...එතුලින් තමන් විශ්වාස කල,ආසා කලදෙය ඇස්පනාපිට බිඳවැටීමත් අවිශ්වාස කර මුලින් කපා දැමූ ගස නැවත් දළුලා සෙවන දීමත් තුළ ඔවුන් ගේ දේශපාලන චින්තනය ඔවුන්ගෙන්ම ඔවුන් හරිද වැරදිද යන්න ප්‍රශ්න කරමින් සංක්‍රාන්තික සමයකට ලක්වෙමින් ඇත.


       මෑතකදී ඉන්දු ලංකා නාවික ප්‍රවාහනය රාමා සේතු ඔස්සේ ඇරඹෙන විට... වමේ දේශපාලන න්‍යායපත්‍රය නව පරපුරට එබූ විශබීජය "ඉන්දියාවේ ප්‍රාන්තයක් වන බවට සියුම් බයක් ඇතිවන බව" යනුවෙන් සමාජගත කලේය.. බැලූ බැල්මට එහි බයක් ඇත. එහි බය වෙන්නට ඇත්තෙ ලංකික තරුණ පරපුර නිවැරදි ලෙස මෙම සැලසුම් ග්‍රහණය නොකරගෙන වෙනත් පාලනයකට බලයදී වික්‍රමසිංහ පාලනය ගොඩනගන්නට වෙරදරන ගොඩබිම් ජාත්‍යන්තර සම්බන්ධය බිඳවැටුනහොත් පමනය..එම බිඳවැටීම සිදුවීමේ සම්භාවිතාවය ලංකාව තුල 90% වකට ඉඩ ඇත.( #sඊw ) එතරම්ම අපේ දේශපාලන සාක්ෂරතාව පහලය,අවිචාරවත්ය ඕනෑම දේශපාලන උගුලක පහසුවෙන් අසුවන පුරවැසියන් බහුලය.. 


         මේ තත්ත්වය මත ලංකාවේ 2048 සිහිනය සිහිනයක්ම පමනක් වේවිද.. අපට කිසිවක් ඉතිරිව නැත. ඉතිරිව ඇත්තෙ දහසක් කැපකිරීම් පමණය.. චීනය 2049 ද ,ඉන්දියාව 2047 ද, ඉලක්ක කරන විට, 2048 ලංකාවේ අපි යථාර්ථයක් කොට අනාගත පරපුරට හෝ දියුණු රටක් ලබාදීමට තරම් ලංකාවේ වත්මන් පරපුර විචක්ෂණශීලී සබුද්ධික පුරවැසියන් වේවිද ❓


        ලෝකය සමඟ ඉදිරියට යනවාද, නව ප්‍රවනතාවන්ට අනුගත වෙමින් ගොඩනගනවාද එසේ නොමැතිනම් යල්පැනගිය සමූපකාර ක්‍රම, කොමියුනිස්ට්ස් ආර්ථික ක්‍රම තෝරාගෙන පසුගාමී වනවාද,යන්න තීරණය කිරීම ලංකාවේ ඉදිරි වසර 100 තීරණාත්මක කිරීමට හේතුවනු ඇත.


🗺️ සබැඳි- 

👉" සේතු සමුද්‍රම් හා රාමාසේතු"

https://m.facebook.com/story.php?story_fbid=779831357481743&id=100063646586179&mibextid=Nif5oz


✍️  #V48 #Vision2048 #OnlyRanilCan #විශ්ලේෂණ #SriLanka #තිත්ත_කථා #Next_Generation #මීරිගම_ඊෂණ