Saturday, June 17, 2017

සොදුරු නිම්තෙරක පියමන්කළ නිහඩ ආදරය

                 මේ කථාව පටන්ගන්නෙ NIBM ඩිප්ලෝමා එක කරන්න පටන්ගත්තු කාලේ.ඒ දවස්වල ප්‍රබාශ්ගේ “ මුන්නා“  ෆිල්ම් එක බලල ඒ විදියට තමයි ස්ටයිල්.යන්නෙ එන්නෙ අදින්නෙ .අවුලකට තිබ්බෙ කොට සින් එක නෙවෙයි පොඩ්ඩක් උස මදි සින් එක.. කොහොම කොහොම හරි ඒ යන කාලේ එළකිරි අයියල සෙට් එ‍කක් සෙට් උනා යන්නෙ උදේ 5.30 හවස 4.20 පොල්ගහවෙලේ. හවසට අපේ සෙට් එක එක්ක උදේට ඔෆිස් යන සෙට් එකත් එක්ක යන්නෙ එන්නෙ. ඔය කාලෙත් ස්පෝර්ට් උණ හොදටම තිබුන.ඒත් ක්‍රිකට් වලට එච්චරම එහෙම එක්ක නැ දෙයියනේ කියල දුවන්ඩ පුළුවන් උනාට බොල දන්ඩවත් පිස්සුවෙන් වගේ 6යේ 4 ඒවවත් බැ. ඔන්න ඔය කාලේ NIBM අපේ බැජ් එකේ ක්‍රිකට් ටුනර්මන්ට් එකක් සෙට් උනා..කොන්දේසියක් තිබ්බ එක ටිම් එකකට කෙල්ලො තුන්දෙනෙක් ඉන්ඩ ඕන කියල. අපේ ටීම් එක “ගිරිපුර“ කොටින්ම කිව්වොත් ඔක්කොම නසමරානි.අන්තිම දවස වෙනකන් කෙල්ලො තන්දෙනෙක් හොයාගන්ඩ බැරුව ඉන්නකොට සජ්ජ ගහපු හයකට තමයි මෙලාවයි රදීවයි තිලිවයි සෙට් උනේ.කොහොම කොහොම හරි මැච් එකත් දිණුව . 

            ඔය සින් යන අතරෙදි බළු පිස්සුවත් සැරට තිබුණ. චෙකා කුක්ක කාලෙ නිසා .බළු මිත්‍රයො හුගක් හිටිය. අපේ බැජ් එකෙත් හිටිය ඒකටම හරියන කොල්ලෙක්.ආයේ කියාපු ඩයල් එක.බුලක් ගහන්න හිතුනහම ලෙක්චර්හෝල් එකේ පිටිපස්සට ගිහින් අරුත් එක්ක බලු කථා.ඔන්න ඔය අතරෙදි මැච් ෆිට් එකට සෙට් උන සෙට් එක තමයි විකාරයි, මෙලා ,රදි, තිලි, ඉමේෂා, ධජි. මේ සෙට් එකත් එක්ක අදටත් මේ කථාව කියන මොහොතෙත් අපි අතරෙ හොද යාළු කමක් තියෙනව. කොහොම උනත් මම ඉස්සරහ, ගැල්ළමයි ටික වෙනම, ඊට ඉස්සරහ විකාරල. අපි හිටියේ ක්ලාස් එකේ වෙන වෙන තැන්වල. හවසට ගෙදර යද්දි තමයි කට්ටිය සෙට්වෙලා කයිය පටන්ගන්නෙ. ඔහොම ටික කාලයක් ගතවෙලා ගියා.
            ඔය අතරෙදි එක දවසක් පිටිපස්සෙ පෝලිමක ඉදන් චිට් එකක් අපේ ගෑල්ළමයි ඉන්න පෝලිමට එනව. දෙයියනේ කියල අපේ උන්ටිකත් ඒක ඉස්සරහට යවුව. ලෙක්චර් එක කරපු මැඩම් අතට ගිහින් එක කෙළියයි එතන. චිට්එක එවපු එකා කොහොම හරි තව එකක් එව්වළු. මුන් එකත් ඉස්සරහට යවල. කොහොම හරි පටිපස්සෙ පේලියේ හෙන තඩියෙක් එක්ක ඉන්න සෙට් එකක් තමයි මේ වැඩේ කොරන්නෙ. කොහොම හරි මුන් ටික දගලල චිට් එකක් එවාගන්නව අපේ ළමයින්ට. ඔන්න ඔතන තමයි අර පතාගෙන අපුව ඔතාගෙන යන්ඩ සෙට් උන තැන. චිට් එක තිබුනෙ ඉමේෂට. දැන් ඔන්න එකම කතන්දරයයි. මේ සිදුවීම මම දන්නෙ නැ. කොල්ල ඉස්සරහ වැඩ. අපේ සෙට් එකට මෙකෙ විස්තර හොයා ගැනිම අමාරු කරනව. විශේසඥ්ඥ  රදි ඇතුළු කන්ඩායම මුලික පරීක්ෂණ කරනව. හරි යන්නෙ නැ වැඩේ කචල් පරීක්ෂණ අසාර්ථකයි. මල්සරා නැ මල්සරාගේ ඊතලෙ විතරයි .එදා ඔක්කොම ක්ලාස් ඉවරවෙලා.හවස කට්ටිය සෙට් උනාම තමයි වැඩේ පත්තු වෙන්නෙ.

ඉදිරි පරික්ෂණ සදහා OIC විශාරටයි මටයි හම්බෙනව. අපේ කොල්ල මොනවද ඉතින් ග්‍රාමසේවක වගෙ අනේ අම්මේ ඕන එකක් විකාර පුතා වැඩේ ගොඩදානව පැමිණිළි පක්ෂයේ ප්‍රශණ කිරීම් විතරක් ෆේස්බුක් මැසේජ් 19000 පනිනව. ඔන්න දවස් 2කකට පස්සෙ අපේ කොල්ල උත්තරේ අරන් එනව..පරීක්ෂණ කටයුතු සාර්ථකයි චිට් එක එවපු කොල්ලව හම්බෙනව . කවුද මේ කොළුව අර පෙරකී මගේ බළු මිත්‍රයා. දැන් එතකොට මේ කථාවෙ පෙම්වතා සහ පෙම්වතිය පැහැදිළියි. ඒ විදියට තමයි ඒ කථාව පටන්ගන්නෙ.

            පෙම්වතා සහ පෙම්වතිය පැහැදිළි උනාට මුන්දෙන්නා එකතු කරගන්න අවුරුද්දක් විතර කල් ගියා. හේතුව තමයි කථාවේ පෙම්වතා ලැජ්ජ බයට හැදුණු හොද කොල්ලෙක්. මේ අතර කාලයේදී මේ කථාන්දරේ රසමුසු තැන් ගොඩක් තිබුන. අපේ පෙම්වතාගේ තඩි මිත්‍රයාට තමයි මේ මගුල ගොඩ දාන්න ඕමනාම වෙලා තිබුනෙ. හැබැයි උන් හිතන් හිටියෙ මේක ඒක පර්ශවික ආදර කථාවක් කියල. එතකොටත් මේක දිවීපාර්ශික ටෙලිපති ආදර කථාවක් බවට පත්වෙලා තිබුණ. කොහොම උනත් මගේ තඩි මිත්‍රයා මේ ආදර කථාවට “වර්ණපාල න්‍යාය‘‘ එක්ක ගොඩක් සෙල්ලම් දම්ම තමන්ගෙ යාළුව වෙණුවෙන්. මගේ මිත්‍රයා විකාරට තමයි මේ හැම කථාවක්ම ඇහැවුවෙ.කොහොම කොහොම හරි පළවෙනි අවුරුද්ද වෙනකොට මේක ද්වීපාර්ශික ආදර කථාවක් කියන එක අපේ තඩි මිත්‍රයා ඇතුළු අපි සෙට් එකම දැනගත්ත. මේක එහෙම වෙලා අවුරුදු එකහාමරක් ගත උනා තවමත් අප්‍රකාශිත අදර කථාවක්.


මට මතක විදියට අපේ දෙවෙනි අවුරුද්දෙ මැදක් ගිහින් ,මගේ විරක්‍රියා හින්ද හයර්ඩිප්ලොමා එකේ මාසතුනක් පරක්කුවෙලා තමයි මම පටන්ගන්නෙ. ඉමේශල අපිට වැඩිය මාසතුනක් සිනියර් එතකොට එයාලගේ බැජ් එකේ අන්තිම දවස. එතකොට විකාරයි මෙලා රුචි තිලි මෙයාල ඩිප් එකෙන් පස්සෙ ජොබ්වලට සෙට් වෙලා. ඉතිරිවෙලා හිටියේ රදි & ඉමේෂයි විතරයි. මමයි මගෙ තඩි මිත්‍රයයි ඊට දවස් දෙකකට කලින් ගැහැවුව ප්ලෑනක් අන්තිම දවසේ ලන්ච් එකෙන් පස්සෙ මුන් දෙන්නව සෙට් කරමු කියල.මම කෙල්ලව අරන් ආව මගේ මිත්‍රයා කොල්ලව අරන් ආව. කවුරුවත් දන්නෙ නැ මොකද වෙන්නෙ කියල. අපේ පෙම්වතාව කෙල්ලගෙ ඉස්සරහට ගෙනිච්ච විතරයි දෙන්නම ෆුල් මාවලස් අපිට ෆුල් අන්දොස්. මට මතක් උනේ පූසෙක්ව උස්සල කෙහෙල්ගහේ මුදුනට අත ඇරිය වගේ සින් එකක්.ඔන්න අවුරුදු දෙකක් පුරාවට ද්වීපාර්ශික විතැන් වෙලා තිබුණු ආදර කථාවක් එක්තැන් කරල දුන්න. ඩබල මේ කාලේ වෙනකොට දැන් ගෙවල්වලට කියල.ළගදිම වෙඩින් එකත් ගනියි. කොහොම උනත් උන්දෙන්නට කියන්ඩ හොද ආදර කථාවක් තියෙනව නාකි උනහම.ඒ වගෙම මෙකට සෙට් උන අපිටත් අපේ යාළුවෙකුගෙ සතුට බළල සතුටු වෙන්න තරම් අපේ හිත් අවංකයි කියනදේ අපිට ඉගැන්නුව...

Friday, June 16, 2017

ප්‍රමාදය පසුතැවිමට හේතු නොවේ


එදා අප්‍රෙල් මාසෙ ඉරිද දවසක් (දිනේ මතක නෑ මතක විදියට 2007 අප්‍රෙල් 06 වගේ) වැලිවේරිය කාන්ති ක්‍රිඩාංගනයේ මැරතන් තරගය.කලින් දවසෙ පාන්දර වෙනකන් ගේම් ගහල නිදියන්න යද්දි තමයි මතක්උනේ පහුවදා මැරතන් එක කියල.බැග් එකට ශොටයි ස්කිනියයි දාල ප්ලාස්ටර් රොලත් දාල නිදාගත්ත.ග්‍රව්න්ඩ් එකේ උදේ 7 වෙද්දි ඉන්ඩ ඔන..සුපුරුදු පරිදි නැගිට්ට වුනේ 6.30ට වැඩේ පදිරි.වැලිවේරියට පැයබාගෙන් යන්න බැනෙ අතඇරිය..වැලිවේරියෙ ඩයිනමික් ක්ලබ් එකෙ සංවිධාන ශක්තියෙන් කරපු මේ තරගාවලිය ගම්පහ දිස්ත්‍රික් ආදුනික මැරතන් කරුවන් සදහා විශේෂ තරගයක් තිබුන..මම යන්න ගියේ ඒකට..එතන ගම්පහ දිස්ත්‍රික්කෙ කොල්ලො ගොඩක් හිටිය ... එදා තරගය ඔපනින් එකට ආවේ මහාමාර්ග අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පා.ම ජේරාජ් ඇමතිතුමා...එදා අපිට උසස්පෙළ පන්ති දවසක් අකමැත්තෙන් උනත් මැරතන් එක පැත්තක තියල කොහොම හරි ට්‍රයිකරල 7ට්‍රේන් එකේ මම දුශ්ෂන්ත සර්ගේ පන්තියන්න ගියා.. ගම්පහින් බැහැල ක්ලාස් එකට යන්න කැරකෙනකොට එකේක් දුවගෙන ආව .. පැන්න ගමන් එළ එළ උඹටත් වැඩේ මිස්උනාද කියල.. මාත් කිව්ව ගත් කටටම ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල ස්ටොරිය කිවුව.. ඒක අහල අරු ඇහැවුවෙ නැතැ ඇයි උඹ දන්නෙ නැද්ද සූසයිඩ් ඇටෑක් එකක් ගියා කියල... මැරතන් එකට යන්ඩ බැරි උන එකට දුකින් හටියෙ.. ඒ කාලෙ ඕව හොය හොයා ගියෙ. කොටින්ම කිව්වොත් උනක් තිබ්බෙ.. මැරතන් ෆුට්බොල් මැච් පුදුම උනක්... අරු කිව්ව නිව්ස් එකත් එක්ක හිත කඩා වැටුන වගේ...එතන මම දන්න ආදරේ කරපු ගොඩක් ක්‍රිඩයො හිටිය විශේෂයෙන්ම කරුණාරත්න සර් (කරුසර් - අන්තිමට තියෙන්නෙ එයාගෙ පොටො එක) ඒ වගේම ජ්‍යෙෂ්ඨ අයියල කීපදෙනෙක් ඒ ප්‍රහාරයෙන් අපිට නැති උනා...කුරිරු ත්‍රසථවාදයත් මෙලේච්ච දේශපාලන සංස්කෘතියත් එකට කලවන් උණු ප්‍රහාරයක් කියල දේශපාලනේ පරිනත වෙනකොට ටික ටික ඒත්තු ගියා.කොහොම උනත් රටට වටිනා සම්පත් බොහොමයක් නැති උනා..ඔය ගිය හැම ගමණකම විශේෂත්වය හොර ගමන්.. කාලයක් තිබුණ රෑට ඇදුම්මල්ලයි බූට් 2කයි අම්මට හොරෙන් එළියෙ හංගල පහුවදාට මැච්වලට යනව...ඒ හැමදේකින්ම ඉගෙන ගත්තෙ ජීවත්වෙන්න..  ප්‍රමාදය පසුතැවිමට හේතුවෙ ... කියන එක වැරදියි කියල හිතුනෙ එදා....හැමදාම දෛවය සරදම් කලාට එදා මම දිහා බැළුව..

Thursday, June 1, 2017

ප්‍රකාශිත ආදරයට වඩා අප්‍රකාශිත අදරය සුන්දරයි ද...

              අද මම පරන දිනපොතක් හොයද්දි අදට වසර දහයකට කලින් පරණ දිනපොතක් හමු උනා . ඒ කාලෙ තමයි ටිකක් හිටපු පරිසරයෙන් මිදිල ව්නෝදයට බර කල වකවානුවකට මුලපුරපු කාලයක්.සෙනසුරාද උදේට භෞතික විද්‍යාව..ඒකෙන් පස්සෙ ගෙදර ..අයේ ඉරිද..උදේ සංයුක්ත ගණිතය හවස රසායනික විද්‍යාව... උදේ පන්ති යනව .. හවසට ආයේ කෙමෙස්ට්‍රි ...එක්කො කට්ටිය සෙට්වෙලා හවස වලක් බහිනව.. 2006 අවුරුද්ද ඉගෙනගත්ත 2007 ටිකක් විතර කෙලඋන අවුරුද්දක්.. ඔය අතරෙ අපට පස්සෙ සෙට් එකට අළුත් පන්ති පටන් අරන් තිබුන... මම ඉරිදට පන්ති ඉවරවෙලා ගෙදර අවේ හවස 6.05 නුවර කෝච්චියේ.. අපේ සෙට් එක හරිම විනෝද කාමී සෙට් එක්ක .. පන්ති ඉවර වෙලා පහට ස්ටේශන් එකට අවහම රටේ තියෙන පල් හැලි දෙසනව නැත්නම් එකේක් අල්ලගනෙ බයිට් කරනව.දවසක් පන්ති ඉවරවෙලා මම කලින් ස්ටේශන් එකට එනකොට අපට පස්සෙ අළුතින් පන්ති ආපුසෙට් එකේ ළමයෙක් දැක්ක. මම විතරයි ඇවිත්  හිටයේ අනිත් අය කවුරුත් හිටියෙ නෑ.. අදහස් ප්‍රකාශ කරන්න එකේකවත් හිටියෙනැ..
       කොහොම හරි මට නිකමට වගේ ඒ ළමය දිහා බැළුන. හිතාගන්න අමාරුයි මාර අමුතු හැගිමක් ඒක නිකන් කරන්ට් එක වැදුන වගේ. කථානොකර හිටියා.. මොකද අපේ උන් දැක්කොත් මව එදා උන්ගේ කෑමවේල වෙන හින්ද...කොහොම හරි ටිකක් වෙලා යද්දි ඒ ළමය යාළුවෙලා ඉන්න පිරිමි ළමය ආව... මටත් ගානක් නෑ ..සෙට්වෙලා කට්ටියත් එක්ක ගෙදර ආව..ඒ එදා රැ මට මත්කවෙන්නෙම අර සින් එක.. අරගෙන මතක හිටින්න කියල ලිවිවා ඩයරියේ..හිතට වැදුන දවසක්..



       ඊටපස්සෙ හුගක් දවස්වලට ඒ ළමය මම දැක්ක.අනුන්ගේ කූඩු වලට ගල්ගහල පුරුද්දක් තිබුනෙ නෑ.ඒ නිසා ඒක හිතේ තැන්පත්වෙලා තිබුන තනිවෙල අනන්ත හිතෙන් ආදරේ විදින්න ඇති. එහෙම්ම උසස්පෙළත් ඉවරවෙලා සෙකන්ඩ්ශයි කරද්දි අපි රිවිශන් ගම්පහ නැණික් එකේ කෙමෙශ්ට්‍රි ක්ලාස් යද්දි  අපේ ක්ලාස් එකට ඒ ළමයත් ආව..ඒවගේ මම යන යන තැනදි හුගක්වෙලාවට අහම්බෙන් වගේ හම්බුනා...ඒත් මට ඒ ලමයව නොට් උනාට එයාට මාව නෝට් නැ.. කොහොම කොහොම හරි කොළඹ ක්ලාස් යන්න සෙට් උනාට පස්සේ ඒ පළවෙනි දවසෙත් මට ඒ ළමයව හම්බුනා.. ඒ යන ගමනෙදි හුගක් වෙලාවට ඒ ළමය මට හම්බුනා ... දැන් කොහොම හරි එයා මගෙ හොදම යාළුවෙක්. එතනින් එහාට මෙ කථාව කියන්න ගියොත්වැඩේ කචල් වෙනව... කවද හරි මෙතනින් එහාට ඒ කථාව කියන්න හම්බුනොත් කියනව කාලය ගෙවිල ගියත් ජීවිත කථා ගොඩක් වෙනස්වෙලා ගියත්, කොච්චර දුරට අපි සමාජයේ ඉදිරියට ගියත්...අදටත්  හිතේ තියෙන ඒ ආදරේ එහෙම්මමයි... ඒත් කවදාවත් ඒ ආදරය ප්‍රකාශ කරන එකක් නෑ.. මොකද ඒ වගේ හොදම යාළුවෙක් ආයෙ හම්බෙන්නෙ නැති නිසා...ඇත්තටම අවුරුදු දහයක් ගෙවිල ගිහින් දෛවය කියන්නෙ පුදුම දෙයක් කියල ආයෙ සැරයක් මට තේරුනා... දැන් ඉතින් අහන්ඩ එපා කවුද ..කින්ද මන්ද...
ප්‍රකාශිත ආදරයට වඩා අප්‍රකාශිත අදරය සුන්දරයි...

“නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විද පුරුදු ඇති
සුසුම් සුවද දැනුනා
මට සුසුම් සුවද දැනුනා....

පෙර කිසිදා ඔබ හමුවී නැති බව
ඉදුරා කියත හැකි
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති....//


නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා...

භවයෙන් භවයට පැතුම් පතාගෙන
ඔබ මා ආවාදෝ
ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
අප මෙහි හමු වීදෝ..//

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා...