Tuesday, October 9, 2018

නුඹ... තෝ.... බං.....

තො
මාත් එක්ක
එකට
රවුන් ගැහැවුව
කයිය ගැහැවුව
වැඩ කලා
රන්ඩු උනා
තරහ උනා
බං
උඹ උඹේ පාරෙ යනව
මම මගේ පාරෙ යනව
ඒත තනි උනහම
උඹ නැති අඩුව
පුරවන්න අමාරුයි බං
ඉස්සර
උඹටත් නිමාඩු
මටත් නිමාඩු
අද
උඹ ඉන්නකොට මම නැ
මම ඉන්නකොට උඹ නැ
දෙන්නම ඉන්නකොට වෙලාව නැ
නුඹේ
පළවෙනි ගමන
ගොඩක් දුක හිතුන
එනව කියද්දි ගොඩක් සතුටුයි වගේම
යනව කියන දවසට
එදාවගේම අදත්
ඒ වෙනස
ඒ විදියටම දැනෙනව....
මොනව කරන්නද
එදා තිබුනු නිදහස
මට නැ
අද
නුඹ ගාවටවෙලා තනිරකින්න
වසන්තයත් එක්ක
ඔබ එනකන්
මම බලං ඉන්නව...
සුබ ගමන්
මගේ යාළුව.......



Saturday, June 23, 2018

අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ......


වසර 2000ක්
එක් දර්ශනයක්
අනගිබවනීය දේශයක්
පරංගි,ලන්දේසි ඉංග්‍රිසි විනාශකල යුගයක්
සිව් සියවසක් තුළ නැතිවූ දර්ශනයක්
තුන් නිකායක් තුළ ගොඩ නැගූ සියවසක්
දර්ශනයක් ආගමක් වූ වසර 70වක්
දර්ශනය ජීවමාන කළ උතුම් වු සම්බුද්ධ චීවරයත්
අවියක්වූ දශකයක්
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ......

වසර 2500 කට එහා ගිය ලොවක් පිළිගත් දර්ශනයක් ඇත්නම් ඒ බුද්ධ දර්ශනය පමණි. සෑම ආගමක්ම නීති පනවා මිනිසා සුමගට ගැනීමට වෙර දරණවිට බුද්ධ දර්ශනය තුළ එය වටහාදී අවභෝධයෙන් වරදින් මිදිමට මිනිසා ගේ විඥ්ඤාණය අවදි කරවීම තුළින් වරදින් මුදවාගනියි.භික්ෂුවකගේ විනය ගැන කථාකිරිමට අපහට කිසිදු අයිතියක් නැත.එය බුද්ධ දර්ශනයයි නමුත් බුද්ධ දර්ශනය  දිනෙන් දින ඇද වැටෙන ප්‍රපාතයෙන් මුදවාගැනීම අප සතු යුතුකමක් වග දැනේ.එහෙයි මේ සටහන මෙසේ තබමි.
සම්බුද්ධ පරිනිර්වානයෙන් පසුව දේහය ආදහනයට පෙර සුභද්‍රනම් භික්ෂුවක් කරන ලද ප්‍රකාශය නිසා පළමු ධර්ම සංඝායනා පවත්වන්නට යෙදුනෙ අතර.මේ ආකාරයෙන් බෞද්ධ ඉතිහාසය පුරාවටම යෙදුන ධර්ම සංඝායනා යම් යම් භික්ෂුන් වහන්සේලාගේ විවිධ ක්‍රියා හේතුවෙන් පවත්වන ලද්දේය.තවද බුද්ධ දේශනාවේ පටන් ආශාවන්ගෙන් මිදීම අත්හැරිම මේ සියළු සංඝායනාවන්ගේ අවසාන ප්‍රථිපලය විය.
බුදුරදුන් ජීවමානව වැඩවෙසෙන සමයේ සොලොස්මහ ජනපදයන්හි රාෂ්ට්‍ර පාලනයට බමුණන් සහභාගි උවද,බෞද්ධ භික්ෂුන් වරදක් ඇතොත් ඒ වරද පෙන්වා දී විපාක අවභොධ කර දුන්නේය.ශාඛ්‍ය කෝලීය දෙවංශයේ යුද්ධයේදී බුදුන් වහන්සේ එක්පසක්වත් නොගෙන කටයුතු කලේ බුද්ධ දර්ශනයේ වටිනාකම තම පිරිසට අවභොධ කරමිනි.
විජයාගමනයෙන් පසු ශක්‍ර දේවෙන්ද්‍රයාගේ අන පරිදි පැමිනි විශ්ණු දෙවියන් විජය කුමරුගේ අත පූනනූලක් ගැටගසා සම්බුද්ධ ශාසනය පවතින එකම රටෙහි පැවැත්මට ජනපද පිහිටුවන්නට අශිර්වාද කලෝය.ඉදින් දෙවනපැතිස් රජුදවස ලංකාරාජ්‍ය ප්‍රථම වරට බුදුසසුනට පූජාකරමින් බුද්ධ දර්ශනය ලංකා රාජ්‍යතුළ ධර්ම විජය කෙරිනි. දෙවෙනි පැතිස් රජුගේ මුණුබුරෙකු වූ දුටුගැමුණු රජු විසින් රත්නමාලී දාගැබ ඉදිකිරීමත් සමග එතේක් පැවති තෙර්වාදී බුදුදහම මහාවිහාරය කේන්ද්‍රකරගනිමින් රාජ්‍යපාලනයට අණුශාසනා කරමින් කටුයුතු කලේය.
අනතුරුව දුටුගැමුණු රජගේ මුණබුරෙකුවූ වලගම්බා රජුදවස මහායාන බුදුදහම කරපින්නාගත් අවස්ථාවාදී වෛතුල්‍යවාදී භික්ෂුන්ගේ ආගමනය සිදුවූයේ අබේගිරි වාසී භික්ෂුපරපුරක් ලංකා රාජ්‍යතුළ ඇතිකරමිනි එසේ ඇතිවූ ව්‍යවසනය තුළින් තෙර දහම යටගොස් මහා විහාරය කඩාවැටුනි.නැවතත් වලගම්බා රජු සත්‍ය අවභොධ කරගත් පසු රාජ්‍ය අණුග්‍රහය සහිතව සුපිරිසිදු තේරවාදී බුදුදහම ලංකා රාජ්‍යය බබලවන්නට කටයුතු යොදන ලදී.ඉන් අණතුරුව නැවතත් මහසෙන් රජ දවස සංඝ මිත්‍ර නම් දකුණු ඉන්දියාණු සම්භවයක් සහිත භික්ෂුවක් තේරවාදී බුදුදහමට රාජ්‍ය අණුග්‍රහයද සහිතව මරුපහරක් එල්ලකලෝය.එයද වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් තෙර දහම විනාශකර පෘතක්ජන භික්ෂුව කරළිය පෙරලි කරයුගයක් බව ඉතිහාසාය සාක්ෂි දරයි. පෙර පරිදිම මහසෙන් රජ එය නිවැරදි කලේය. මෙසේ රාජ්‍ය පාලනයට භික්ෂුන්ගේ ආගමනය පැමිණි සැම අවස්ථාවකදීම සුපිරිසිදු තේරවාදී බුද්ධ දර්ශනයට මරු පහරවල් වලට ලක්විය.එසේ වූයේ තෙර දහම තුළ වු අල්පේච්ච තන්හාව ප්‍රහින කිරිම ආදී ගුනයන් පෘතක්ජන භික්ෂුව ප්‍රතික්ශේප කළ හෙයිනි.
එසේ ඇදුණු තෙර දහම ලංකා රාජ්‍ය නිසි මග යවමින් අපට අනණ්‍යවූ සංස්කෘතියක් ගොඩ නැගුවේය.පාලකයා මණුශ්‍යවාදී පාලකයෙක් කලෝය.යහපත් මණුශ්‍ය ගුණාංග සාමාන්‍ය ජනතාවට ප්‍රගුණ කලෝය.ඉදින් නොනැවතුනු සංඝ පරපුර සාහිත්‍ය මග ඔස්සෙ ලක් සමාජය සුමගට යැවුහ. ඉන් අනතුරුව ඇතිවූ බටහර අක්‍රමනයන් සමග  පෘතුගීසි ලන්දේසි ඉංග්‍රිසී පාලන සමයන්තුළ බෞද්ධ දර්ශනය නැත්තටම නැති කලෝය. මසට ලොල්, මතට ලොල් ආශාවන්ගෙන් පිරුණ සමාජයකට සිංහල ජාතිය තල්ලුකලෝය. බුද්ධ දර්ශනයෙන් ඇත්වූ සිංහල ජන සමාජය ආශාවන් ප්‍රහින කරනවා වෙණුවට ආශාවන් තව තවත් ලංකරගත්තොය. බුද්ධ දර්ශනය ආරක්ෂාව සදහා ගනින්නාන්සේලාගේ ආගමනය සිදුවූයේ මේ කාලවකවනුව තුළය, ඔවුන් පාදිලි තුමන්ලාමෙන් විවාහ වූහ, සාමාණ්‍ය ජන ජීවිතයක් ගෙවුහ, දිනෙන් දින මෙසේ පිරිහෙන බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට වැලිවිට අසරණ සරණ  ශ්‍රි සරණංකර සංඝරාජ හිමියන් ප්‍රමුක මහා සංඝරත්නය විටින් විට මුල් තැන ගත්හ.
ඒ අනූව සියම් දේශයට එක් අවස්ථාවකදී මහාවිහාරික භික්ෂූන් ගොස් සිදුකළ උපසම්පදාවක් හේතුවෙන් එහි තෙර දහම පැවතීම නිසා සරණංකර සංඝරාජහිමියන්ගේ ආරාධනයේන් සියම්දේශයෙන් වැඩම කළ උපසම්පදා භික්ෂුන් ලක් සසුනට නැවත උපසම්පදාව ලබා දුන්හ.ඒ අනූව සියම් මහා නිකාය බිහිවු අතර එහි රදලයන් පමණක් මහන කරගත්හ. මෙසේ භික්ෂු සාසනයේ තවත් පිරිහීමේ දොරටුවක් විවරකරගත් අතර ඉන් අනතුරුව රාමඤ්ඤ මහා නිකායත් අමරපුර මහා නිකායත් අවස්ථා ගණනාවකදී ලංකා රාජ්‍යයට උපසම්පදාව රැගෙන ආවේ කුළ පදනම මතය. අවාසනාවක මහත නම් සුපිරිසිදු තේරවාදී බුද්ධ දර්ශනය තුළ  කුළ මල ආගම් ජාති පිළිබද කිසිදු උස්පහත් බවක් ඇති නොකලොය.පහත් කුළවල සුනීති සෝපාක පටන් රාහුල ආනන්ද වැනි ශත්‍රියයෝද මහණදම් පිරූහ.
නමුත් ලක්දිව බුදුදහම පිරිහිම අවාසනාව මෙම යුගයේදී ආරම්භ විය.සියවස් හතරක් මුළුල්ලේ විනාශවූ තේරවාදය නිවැරදි ලෙස නැවත ස්ථාපිත කරවිමට නොහැකිවූයේ 1948 තෙක් පැවති බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රය නිසාය.ඉංග්‍රිසින්ද මෙම නිකායන්ට උල්පන්දන් සැපයු අවස්ථාද ඉතිහාසය සාක්ෂි දරනු ඇත.එය එසේ සිදුවුයේ බුද්ධ ශාසනයට තිබු ඇල්ම නිසා නොව මෙය තව තවත් පිරිහුමට යනු දැකීමේ අභිලාශයෙනි. ආශාවන්ගෙන් පිරුණු භික්ෂු සමාජයක් මේ කාලවකවාණුවතුළ ගොඩ නැගුණු අතර ඔවුන් රාජ්‍ය පාලනය සම්බණ්ධ වන්නේ සග වෙද ගුරු ගොවි කම්කරු පංචමාහා බලවේගයත් සමගින්ය.
එසේ දේශපාලන මඩගොහොරුවට ඇදුණු භික්ෂුන් වහන්සේ ආශාව ප්‍රහීන කරණවා වෙණුවට තවතවත් ආශා සයුරේ ගිලෙමින් සැපසම්පත් පසුපස හඹාගියෝය.සිව් සියවසක් ගෙවුනු තැන විනාශ මුඛයට තල්ලුවූ සග පරපුර විනාශ වීමට තවත් වරදක් පාලකයාගෙන් සිදුවිය,එනම් විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් මහා විහාර විශ්ව විද්‍යල බවට පත් කර ඒතුළට භික්ෂුන් සමග ශිෂ්‍යවන් ඇතුළත් කලොය.වර්ථමාන භික්ෂුව මාර්ගඵල අවභෝධ කරගෙන නැත ඔවුන් පෘතක්ජන භික්ෂූන්ය. ඔවුන් පහසුවෙන් ආශාවෙහි බැදෙන්නොය. සියළු විදි සටන්වලට යන රට වෙනුවෙන් පෙරට එන සංඝ නායකවරු ඔවුන් තේරපුත්ථාභය පරපුරේ බව පසක් කරන්නට වෙර දරන අතර තේරපුත්තාභය තෙරුන් සිව්රෙන් මිදී ගිහියෙකු ලෙස දුටුගැමුණු සේනාවේ මහ සෙනෙවියකු ලෙස සටන්කොට යුද්ධය අවසන්වු පසු නැවතත් මහනදම් පුරා මාර්ගඵල අවබෝධකරගත් භික්ෂුවක් බව වත්මන් සග පරපුර අමතක කලෝය.
මේ පරිසරය උඩ වර්ථමාන සම්බුද්ධ ශාසනය පරිහානියට පත්විම නොවැලක්විය හැකිය.මේ වනවිට අභිධර්ම පිටකය අතහැර ධර්මදේශනාකරන මෛත්‍රි බුද්ධ වන්දනාව සිදුකරණ හිමිවරුන් බිහිවි ඇත.තම තමුන්ගේ වාසියට ධර්ම දේශනා සිදුකරණු ලබති.තවත් භික්ෂුන් පිරිසක් දේශපාලන අතකොළු බවට පත්වී ඇත.ඇතමුන් බුද්ධත්වය ලබා මාර්ගඵල අවභෝධකරගත්සෙ හැසිරෙති. තවත් පිරිසක් බුදධ චිවරය අවියක් කරගත්තො වුහ,මේ අයුරින් දිනෙන් දින පිරිහෙන්නෙ සම්බුද්ධ ශාසනය නොවේද.
අද දේශපාලන කරලියතුළ සිටින මන්ත්‍රි පට්ටම් සහිත හිමිවරුන්ට එදිරිව වාග්ප්‍රහාර එල්ලවනු දක්නට ඇත,සංඝ්‍යවහන්සේගේ ගරුත්වය එතනම බිදවැටි ඇත.ජාතියේ නාමයේන් ජන මත හදන්නට වෙරදරන හිමිවරුන් ඇත. එහෙත් කිසිවකු ආකල්ප සංවර්ධනයක් ගැන කථාකරන්නෙ නැත.දේශපාලන කරලිය තුළ ෙ සසුනට නිසි තැන හිමිවි නැත.ඔවුන් සග පරපුර ආරක්ෂක බැමිබවට පත්කරගෙන ඇත.
කාලය එළඹ ඇත උතුම් සම්බුදධ දේශනාවේ අනාගත වංශ දේශනාවට  අනූව තව වසර 2500ක් අපහට  ඉතිරිව ඇත.වත්මන් පාලකයාට වගකිමක් ඇත එනම් සුපිරිසිදු තෙර දහම ලංකාද්වීපය තුළ ස්ථාපිත කිරිමය.ඒ සදහා ධර්ම සංඝායනාවක අවශ්‍යතාවය මතුව ඇත.බුදධ චීවරය අවියක් නොව මුදුන්මල්කඩක් බවට පත් කිරීමත්,සංග්‍යවහන්සේලා දේශපාලනයෙන් ඉවත් කර දේශපාලකයාට ඉහළින් ගෞරව ලැබෙන තැනකත් පිහිටුවීමටත්, බුද්ධ චීවරය දරා සිටින පෘතහ්ජන පුද්ගලයාට තම ශිලය ආරක්ෂාකිරීමට උපකාර කිරීම සම්සථ බෞද්ධයන්ගේ වගකිමක් කරවීමත්,ආදී කරුණු ස්ථාපිත නොවුවහොත් උතුම්වූ තෙර දහමත් සම්බුද්ධ ශාසනයත් නැතිවීයාම වැලැක්විය නොහැක.තව වසර 2500 ක් තෙවරක් බුදුන් වැඩි දේශයතුළ තෙවරක් බුදුන්ට පුජාකළ දේශයතුළ ආරක්ෂා කිරීමේ උත්තරීතර වගකීම යුතුකම සිංහල ජාතිය සතුව ඇත. හෙළය මෙය අවභොධකර නොගෙන කටයුතු කරන තාක් මේ විනාශයෙන් සම්බුදධ ශාසනය ගොඩගත නොහැක. 
 සෙනෙවි ඊෂණ

Sunday, April 15, 2018

ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයෙකුලෙස..

මීරිගම වලව්වත්ත ගම්ප්‍රදේශ කරගෙන නගරයත් අසල්වාසි ඔබ සමග වෙසෙමින් වසර 26ක් පුරාවටම අපේ ගම්තුළ ඇති සංවර්ධනය දකින මා අදින් වසර 28 කට පමන පෙර මීරිගම ප්‍රෙ දේශයේ දි පියා ගුවන් හමුදා නිළදාරියෙක් සහ මව විදුහල්පතිනියකගේ පුත්‍රයා ලෙස ජන්ම ලාබය ලැබුවෙමි. ඔවුන් ඇසුරේ හොද නරක සමාජයේ ජීවත්විය යුතු ආකාරය තමන්ට හැකි අයුරින් අන් අයට උදවු උපකාර කළයුතු ආකාරය උගත්තෙමි. මගේ පියා ශ්‍රි ලංකා ගුවන් හමුදා නිළධාරියෙක්ව සේවයේ නියැලෙමින් සිටි අවධියේදී 1994 ජනවාරි 14 දි මීගමුව ඒත්තුකාලේදී සිදු හදිසි අණතුරකින් තවත් ගුවන් සගයින් සිව්දෙනෙකු සමග මෙළොව හැර ගියේ මට යන්තම් අවුරුදු 04 ලබන විටදීය.

 මීරිගම වලව්වත්ත ප්‍රදේශයේ පදිංචියට එන්නෙ ඉන් අනතුරුවය.මේ අසීරු වට පිටාවත් සමග විශාල ප්‍රශ්ණ රාශියකට මගේ මව මුහුණදුන්නෙ උගත් කමේ වටිනාකම මා හට අවභෝධ කරමිනි. එහෙත් වැන්දබු කාන්තාවක සමාජයෙන් අද මෙන්ම එදත් කිසිදු පිළි සරණක් හිමි නොවුනේ මා හට ජීවිතය ගැන කියාදෙමිනි.එය එම සියළු අභියෝගයන්ට මුහුණ දෙමින් මාද හදාවඩා ගනිමින් තම ජීවිත සටන ගෙන ගියේ ඇය ලද අධ්යාපන පන්නරය හිස මත තබාගනිමිනි.

මේ කාලවකවාණුව තුළ මා මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්පනය හදෑරීමට ඇතුල්වුයේ බාධක රැසක් හමුවේ විම තවත් විශේෂත්වයකිනි. එවකට පාසල් මට්ටමේ ජයග්‍රහණ රැසකට උරදී පාසලට කීර්තිනාමයක් අත්කර දුන් අතර විද්‍යලීය බාලදක්ෂ සමුහයද නියෝජනයකරමින් සමාජයට වැඩදායි පුද්ගලයකු වන්නට පෙරමු තනාගන්නා ලදි. එයින් පසු මිරිගම ඩී.එස් සේනානායක විදුබිමට පිවිසි මා විද්‍යලිය සංස්කෘතික නර්තන කණ්ඩායමේ නායකත්වයගෙන සේනානායක විදුබිමෙන් පිටවනතුරු එහි අනගි සේවාවක් සිදුකරමින් පාසලට ජයග්ර්හන රැසක් ගෙදිමට කටයුතු කළෙමි. තවද කණිෂ්ඨ ශිෂ්‍ය නායකයකු ලෙස මගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යවන් හට නායකත්වය දෙමින් ඔවුන හට නිවැරදි මාවතේ ගමන්කිරීමට අවශ්‍යස ශක්තිය ධෛර්ය නිබදව ලබාදුනිමි. විද්‍යාලියීය පාපාන්දු කණ්ඩායම තුළින් ක්‍රිඩා ජයග්‍රහණහන රැසකට පාසල වෙනුවෙන් කටයුතු කලෙමි. අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව ගණිත අංශයෙන් උසස්පෙළ හැදෑරිම සදහා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයට පිවිසි මා එහි ගගණ විද්‍යා සංගමය නියෝජනය කරමින් එහිදි ද මගේ ශක්ති පමනින් මගේ සේවය ලබාදුනිමි. විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමත් මළල ක්‍රිඩා සංචිතයත් නියෝජනය කරමින් ජයග්‍රහන රැසක් උරුමකරදිමට හැකිවිම මාගේ පසල් ජීවිතයේ ලද භාග්‍යක් ලෙස සලකමි. මෙම කාල වකවාණුව තුළ මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහාවිහාරස්ථානය ඇසුරුකරමින් ලද දහම් අධ්‍යාපනය සමාජයට හිතකර පුද්ගලයකු මා තුළින් ගොඩ නැගීමට පසුතලයක් වුවා නිසැකය. 
           උසස්පෙළ හැදෑරීමෙන් පසු ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව අයතනෙයේ (NIBM) පරිඝණක ඩිප්ලෝමාව හා උසස් ඩිප්ලෝමාව හදාරීම ආරම්භ කලෙමි.මෙම කාලය වන විට කුඩා කළ පටන් මා හටත් මගේ පවුලටත් මුහුණ දීමට සිදුවූ දුක් කම් කටොලු පිළිබද සිත තුළ කුඩා වසුතු බීජයක් තැන්පත්වී තිබූනි.ඒ ඔස්සේ පාසල් ජීවිතයෙන් ඇරඹි සමාජ සේවා කටයුතු ගම්පහ ලියෝ සමාජය හරහාත් මීරිගම ශාසනවර්ධන පිරිවෙන් යෞවන සමාජය හරහාත් සක්‍රියව ක්‍රියාවට නංවමින් අධ්‍යාපනය සමග සමාජ මෙහෙවරද ඉටු කිරිමට ආරම්භය සනිටුවන් කලෙමි.මට සිදුවු අකටයුතු කම් අසදාරන කම් තවත් අයෙකුටු, කිසිම හවු හරණක් නැති අයෙකුට නොවන්නටත් එවන් අය හට ශක්තියක් වන්නටත් මා ස්ථිරව අදිටන් කරගනිමින් ක්‍රියා කළෙමි. 
           උසසස් අධ්‍යාපනයට පිවිසි කාල වකවාණුව තුළ රටේ පැවති අවිචාර දේශපාලන සංස්කෘතියට විරුද්ධ ජාතික යොවුන් පෙරමුණ හරහා කතිකාවතක් නිර්මාණය කරමින් එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන අත්පොත් තබන මා බාහිර උසස් අධ්‍යාපනය හදාරණු ලබන ශිෂ්‍ය ප්‍රජාව එක්තැන් කරමින් එහි ආරම්භක ලේකම්ධුරයටපත් උනෙමි. එහෙත් කිසදු දේශපාලන පවුල් පසුබිමක් නොවු මට ශක්තියක් වීමට කිසිවකු නොසිටියේය.එදා තිබූ වීදි සටන් තුළ පෙරමුණ ගනිමින් යම් තාක් දුරට දේශපාලන පන්නරයක් ලබාගතිමි.මෙහිදී මා හට යොවුන් පෙරමුනේ සිටි ජ්‍යේෂ්ඨයින්ගෙන් මහත් සහයක් ලැබුණි. ජාතික දේශපාලන කරලියේ පෙරළි සිදුකරණ අතරතුර නීතිමය ගැටළු කිහිපයකට මුහුණදුන් අවස්ථාද අදද සිහියට එනවිට සියුම් අඩම්බරයක් සිත තුළ උපදින්නෙ නිරායාසයෙනි. අණතුරුව 2012 වසරේදී එක්සත් ජාතික පක්ෂ ජාතික යොවුන් පෙරමුණෙහි ක්‍රියාකාරි කමිටු සාමාජිකයකු ලෙස වත්මන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් අතින් පත්විම් ලද මා උසස් අධ්‍යාපන කටයුතු නිමවිමත් සමග මීරිගම සක්‍රිය දේශපාලනයට පිවිසියේ “මගෙන් මගේ ගමට වැඩක් වියයුතුයි“ යන අරමුණ පෙරදැරිවය.
                 එහෙත් දේශපාලනය දැන සිටියත් කිසදු පිළිවෙලක් නොතබූ සමයක අයුරක් නොමැති දේශපාලන ගමනක නියැලෙමින් සිටි මාහට 2012 වසරේදී මිරිගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක උදේන විජේරත්න මැතිතුමන්ගේ නායක්තවය යටතේ මීරිගම දේශපාලනයට පිවිසීමට භාග්‍ය උදාකර ගතිමි. මගේ දේශපාලන දිවියේ පියාතුමන් ලෙස එතුමා මා හට නිවැරදි මග කියාදෙමින් දේශපාලනයේ මහත්මාගති ප්‍රගුණ කරමින් මීරිගම තරුණයන් හට සේවය කිරීමට අනගි තරුණ නායකයකු ලෙස කටයුතු කිරීමට එතුමන්ගේ තරුණ කටයුතු ලේකම් වරයා ලෙස පත්විම් ලදිමි.මෙහිදි මට මුලකුරු හරි ආකාරව කියවන ලද්දේ මිරිගම හිටපු සභාපති පියතිල මහාතා විසිනි.මීරිගම සමස්ථ දේශපාලනය කෙසේ සිදුවන්නේද ජාතික දේශපාලනය තුළ හැසිරෙන්නෙ කෙසේද ආදි දේශපාලන ක්‍රම මා හට නිරතුරුව කියාදෙමින් මගේ ගුරුවරයා ලෙස ගුරු මුෂඨියෙව්තොරව සියල්ල පහදා දුන්නෙ නිහතමානි ජ්‍යේෂඨයෙකු ලෙසිනි. ඉන් අනතුරුව සක්‍රිය දේශපාලනයේ කටුකොහොල් මැද ඉදිරියට ඇදුනු මා. 2014 වර්ශයේ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදි මාහට පැවරුණු වගකිම් නිසි ආකාරව ඉටු කරමින් මැතිවරණ කොට්ඨාශය තුළ සුවිශේෂි චරිතයක් බවට පත්විමට වට පිටාව සකසාගිතිමි.
          අණතුරුව 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණ තවත් සංදිස්ථානයක් බවට පෙරළුනේ ජීවිතය දේශපාලනය එකට යාකරමිනි.ක්‍රියාකාරී පාක්ෂිකයින් අතලොස්සකට කොටුවූ කාල වකවාණුවක දස දෙනෙකු කරන කාර්ය මා හිස මතට වැටුනේන් ඒ සියල්ල ඉටුකිරීමේ හැකියාව මා සතු වුයෙන් එම අභියෝග සියල්ල මා බාරගත්තෙ ඉතාමත් සතුටිනි.විටෙක ඡන්ද පොළ නියෝජිතයකු ලෙසත්, විටෙක ලෙකම් වරයෙකු ලෙසත්, විටෙක් පොස්ටර් ගසන්නකු ලෙසත්, පරිඝණක තාක්ෂණ ශිල්පියෙකු ලෙසත් මා කටයුතු කල ආකාරය පිළිබදව සිහිපත්වන්නෙ අදටද මා තුළ අභි මානයක් එක් කරමිනි.
දේශපාලන පවුල් පරිසරයෙකින් තොරව දේශපාලනයට පිවිසි මා 2018 පළාත්පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නෙ වර්තමානයේ මීරිගම යෞවන සමාජ ප්‍රාදේශිය සම්මේලනයේ උපදේශකවරයෙකු ලෙසත් එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් යොවුන් ලේකම් වරයා ලෙසත් කටයුතු කරමින් සිටින අවදියකය.මා හට පැවරුණු වගකිම් සමුදාය මැනවින් ඉටුකරමින් ඒ තුළින් සමස්ථ ආසනය පුරාවටම එක්සත් ජාතික පාක්ෂිකයන් හට වටිනාකම්ක් ලබාදිමට මාහට හැකිවිම පිළිබදව සතුටු වන්නෙමි.
                     ගම්/දිස් මීරිගම මැතිවරණ බළ ප්‍රෙද්ශයේ 13 ඉදිපරපේ කොට්ඨාශය නියෝජනය කරමින් අප කණ්ඩායම තුළ සිටින ලාබාලතම අපේක්ෂකයා වශයෙන් තරග වැදුනු මා හට ඇතැම්අවස්ථාවන්හිදි මගේ ඉදිරිගමන පසු බෑස්විමට කටයුතු සැලසු අවස්ථා නැතුවාම නොවුනි.එය සමස්ථ දේශපාලන කරළියතුළ සිදුවන එක් සිදුවිම් මාලාවක් බව පසක් වූයේ ජ්‍යේෂඨයන් මා හට කළ ගුරු හරුකම් තුළිනි.2018 02 10වන දින පැවැත් උනු පළාත් පාලන මැතිවරණයෙන් මා පරාජය උවත් නව මැතිවරණ ක්‍රමය තුළ මා හට සමස්ථ ආසනයම නියෝජනය කරමින් මිරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු ලෙස අවස්ථාවක් හිමි වූයේ දෛවය යන්නෙහි නැවත අරුත මා හට පසක් කරමිනි.ඒ අනූව 2018 මාර්තු මස 24 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පර්ලිමේන්තුවේ ගරු කථානායක දේශබණ්ධු කරු ජයසුරිය මැතිතුමන්ගේ සොයුරු එම්.කුමාර ජයසුරිය මැතිතුමන් හා මීරිගම එක්සත්ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ගරු බස්නාහිර පළාත්සභා මන්ත්‍රි උදේන විජේරත්න මැතිතුමන් ඉදිරියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයෙකු ලෙස දිවුරුම් දි 2018-04-02 දින පැවති මංගල සභාවාරය සදහා සහභාගි වෙමින් තවත් එක් ගමන් මගක ආරම්භයක් සනිටුහන් කරමි.මේ සදහා මා හට වචනයෙන් ,ක්‍රියාවෙන් ,ශ්‍රමයෙන් ඇප උපකාර කළ අය කෘතඥතා පුර්වකව සිහිපත් කරමින් මතක සටහනක් මෙසේ තබමි.

Monday, March 5, 2018

අමුනුගම නැටුම් පරපුර

maxresdefault.jpg (1280×720)අමුණුගම නැටුම් පරම්පරාව

හන්තාන ප‍්‍රදේශය පිළිබඳව පුරාවෘත්තයෙන් කියැවුණ ද ලංකාවේ කන්ද උඩරට ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් උඩරට නැටුම් සම්ප‍්‍රදාය බිහි වූ බව විද්වතුන්ගේ මතය යි. ඉහතින් සඳහන් කළ පුරාවෘතය මෙම නැටුම් සම්ප‍්‍රදායන් සඳහා පදනම වූ බව සිතිය හැකිය. උඩරට පාත දුම්බර ප‍්‍රදේශය මෙම නැටුම් සම්ප‍්‍රදායන් සඳහා නිජබිම ලෙස පිළි ගැනෙන අතර ‘අමුණුගම, ගුන්නෑපාන’ වැනි ප‍්‍රදේශ මේ සඳහා වඩාත් ප‍්‍රසිද්ධියක් උසුලයි. උඩරට නැටුම් සම්ප‍්‍රදායන් ගුරු කොට ගනිමින් විවිධ නැටුම් ශිල්පීය ක‍්‍රම අනුගමනය කරන නැටුම් පරම්පරා, මෙම ප‍්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් හා විකාශනය වෙමින් අද ද පවතී. ‘අල්ගම, නිත්තවෙල, මාදන, ඇලෝටුව, කහල්ල,පූජාපිටිය, 
මාකෙහෙල්වල, පලිපාන, හිඳගල, ගල්ලෑල්ල, වේරපිටිය, තිත්තපජ්ජර,තල්ගහගොඩ ’ වැනි නැටුම් ගුරු පරම්පරා මේ සඳහා උදාහරණ සපයයි. උඩරට නැටුම් සම්ප‍්‍රදාය ගුරු කොට ගනිමින් එම පරම්පරාවලට ම ආවේණික නැටුම් ක‍්‍රමශිල්පීය ක‍්‍රම අනුගමනය කරමින් මෙම නැටුම් පරම්පරා සිංහල සංස්කෘතියේ අනන්‍යතාව මුළු ලොවටම කියා පායි.


අමුණුගම නැටුම් පරම්පරාව ද මෙම නැටුම් පරම්පරා අතර සුවිශේෂී ලක්‍ෂණ ප‍්‍රකට කරන ඔවුනටම ආවේණික ක‍්‍රමශිල්ප ඔස්සේ යමින් උඩරට නැටුම් සම්ප‍්‍රදාය සමතික‍්‍රමණය කර ඇති උඩරට නැටුම් පරපුරකි. බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ වන් මහනුවර ශ‍්‍රී දළදා මාළිගාව විසින් පවත්වනු ලබන වාර්ෂික පෙරහර ශ‍්‍රී ලංකා සංස්කෘතියේ අනන්‍යතාව විදහාපාන විවිධාකාර වූ සංස්කෘතිකාංග ඇතුළත් සංස්කෘතික පෙරහරකි. මෙම පෙරහරේ සුවිශේෂීම අවස්ථාව වන්නේ සර්වඥ ධාතූන් වහන්සේලා රැුගත් කරඬුව, මංගල හස්තිරාජයා පිට වැඩමවන අවස්ථාවයි. ජාති-ආගම් කිසිඳු භේදයකින් තොරව පෙරහර නරඹන සියලූ දෙනාම නැගී සිට ආචාර කරනුයේ මෙම අවස්ථාවේ ඇති පෞඪත්වය හා ගාම්භීරත්වය මෙන් ම වන්දනීය ස්වභාවය නිසාවෙනි. සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති කරඬුව වැඩම කරවන මංගල හස්තිරාජයාට ඉදිරියෙන් ගමන් කරන නැටුම් කණ්ඩායමකි, කරඬුවට පිටුපා කිසිඳු නර්ථනයක නොයෙදෙන මෙම උඩරට වෙස් නැටුම් කණ්ඩායමට ම ආවේණික නර්ථනාංගයන්ගෙන් යුක්ත වන අතර බෙර වාදනයෙන් ද යුක්තය. පෙරහරේ සුවිශේෂී ස්ථානයක නර්තනයේ යෙදෙන මෙම නැටුම් කණ්ඩායම අන් කිසිවෙක් නොව පාරම්පරිකව දළදා පෙරහරේ නර්ථනයේ යෙදෙන අමුණුගම නැටුම් පරපුරට අයත් නැටුම් කණ්ඩායමයි.

එමෙන්ම දළදා වහන්සේට දිනපතා කරන පුද සත්කාර අතර, හේවිසි පූජාව  දිනකට දෙවරක් උදෑසනට සහ සන්ධ්‍යා භාගයට සිදු කරනු ලබයි. මේ සඳහා ද එක් එක් නැටුම් පරපුරට අයත් හේවිසි වාදන ශිල්පීන් සහභාගී විය යුතු අතර මහනුවර දළදා මාලිගාවේ දී පෙරමුණ ගනු ලබන්නේ අමුණුගම පරපුරෙහි හේවිසි වාදන ශිල්පියෙකු විසිනි. මුල් කාලයේ දී , එනම් දළදා වහන්සේ මහනුවර දළදා මාලිගාවේ වැඩ වාසය කිරීමට පෙර අමුණුගම නැටුම් පරපුරෙහි ප‍්‍රධාන කාර්යය භාරය වූයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට තේවා නැටුම් ඉදිරිපත් කිරීම සහ පුද සත්කාර කිරීමයි. නමුත් පසු කාලීනව දළදා වහන්සේ මහ නුවරට වැඩමවීමත් සමගම ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිදුකළ පුද සත්කාර දළදා වහන්සේ වෙත සිදු කිරීමත් මෙම පරපුරෙහි වගකීමක් වී තිබේ.


පුරාවෘත්තය

Prasanna-Weerakkody-3-640x400.jpg (640×400)
ලාට රටින් පිටුවහල් කරනු ලැබූ විජය කුමරු ඇතුළු සත් සියයක් පිරිවර බුදුන් වහන්සේ පිරිණිවන් පා වදාළ දිනයේ දී ලංකාද්වීපයට ගොඩබටහ. අසීමිත කැප කිරීමකින් යුක්තව විජය කුමරු හට ලංකාද්වීපය භාර කළ කුවේණිය, විජය රජුගේ අගමෙහෙසිය වූ අතර, දීඝහත්ථ සහ දිසාල යන දරුවන්ට මව වූවාය. අභිෂේකය නමැති සංකල්පයට නීත්‍යානුකූල බවක් ආරෝපණයවීමට නම්, දඹදිව කාන්තාවක් ම අග‍්‍රමහේෂිකාව විය යුතු බවට වූ , බමුණන්ගේ අදහසට හිස නැමූ විජය රජ, සිය දිවි දෙවැනි කොට කැපකිරීම් කරමින් තමා ලංකාද්වීපයෙහි රජ බවට පත් කිරීමට කටයුතු කළ කුවේණිය සහ දරුවන් , සැහැසි අයුරින් රාජ මාළිගාවෙන් පළවා හරින ලදි. තම වර්ගයාගෙන් ද සරණක් නොලද ඇය අසරණව දරුවන් සමග වනගත වූ අතර මෙවන් තත්වයකට පත් කළ සියල්ලන්ට  ඕ ශාප කළාය.


දෙවැනි වර වූ අභිෂේකයත් සමග විජය රජ මධුරා පුරයෙන් ගෙන්වා ගත් කාන්තාවක් සිය අගබිසව ලෙස පාවා ගන්නා ලදි. කුවේණිය යනු යක්‍ෂ ගෝත‍්‍රයේ කාන්තාවකි. යක්‍ෂ ගෝත‍්‍රිකයින් මායා ශිල්පයේ දක්‍ෂයෝ වූ බැවින් කුවේණිය ද මායා ශිල්පයේ අග‍්‍ර හැකියා ඇත්තියක් වූවාය. තමාට සිදු වූ අසාධාරණයට පළි ගැනීමට අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටි ඇයට, විජය රජු සිය දෙවන බිසව වන ‘විජායී’ සමග ගෙවන පළමු රාත‍්‍රිය ඊට කදිම අවස්ථාවක් බව වටහා ගත්තාය. කුවේණියගේ මායා ශාස්ත‍්‍රයේ හැකියාව අවබෝධ කරගත් විජය රජ, තමාටත් තම බිසවටත් ඇයගෙන් කිසියම් අනතුරක් වෙතැයි වූ සැකය හේතුවෙන් රජවාසල සහ මාළිගයේ රැකවල් තරකර තබන ලදි. රජුගේ මංගල රාත‍්‍රියෙහි දිවියෙකුගේ වේශයක් මවාගත් කුවේණිය රජ මාළිගය වෙත පිවිසීමට උත්සාහ කළ ද, යොදා ඇති දැඩි රැකවල් මධ්‍යයේ එය අපහසු කාර්යයක් විය. එබැවින් රජු සහ බිසව සිටින ශ‍්‍රී යහන් ගබඩාවේ දොර යතුරු සිදුරෙන් රජු සහ බිසව දැක, තම මායා බලයෙන් වීදුරු වැනි දිවක් මවා එම දිව, යතුරු සිදුරෙන් ශ‍්‍රී යහන් ගබඩාව වෙත දිගු කළාය. මෙය දකින ලද මුර සෙබළුන් වහාම දිව කපා දමන ලදි. කුවේණිය වහා එතැනින් පැනගිය අතර කැපී වැටුනු දිව රත‍්‍රන් භාජනයක දමා ආරක්‍ෂා සහිතව තැබීමට රජු විසින් පියවර ගන්නා ලදි.


කාලයාගේ ඇවෑමෙන් ‘පණ්ඩුවාසදේව’ රජ බවට පත් වූ අතර මාළිගයේ වූ මෙම රත‍්‍රන් භාජනය ඔහු විසින් සොයා ගන්නා ලදි. රත‍්‍රන් භාජනය විවෘත කර බැලූ සැණින් එයින් දිවියෙකු පැණ දිවීම හේතුවෙන් පණ්ඩුවාසදේව රජු මහත් විමතියටත් ත‍්‍රාසයටත් පත්වූහ. මේ හේතුවෙන් මානසික පීඩනයකට ලක්ව සිටි රජ එයින් මිදීම සඳහා නොයෙක් පුද-පූජාවල සහාය පැතූව ද පලක් නොවූයෙන් මහත් කණස්සල්ලට පත්වූහ. ලංකාද්වීපයෙහි ආරක්‍ෂාව බුදුන් වහන්සේ විසින් ශක‍්‍ර දේවේන්ද්‍රයා වෙත පවරා තිබූ බැවින් රජුගේ මේ පීඩනය දුරු කිරීමේ කාර්යය ශක‍්‍ර දේවේන්ද්‍රයා විසින් ඊෂ්වර දෙවියන් වෙත පවරණ ලදි.


නදුන් උයනෙහි විරාජමාන ‘මලය කුමාරවරුන්ගෙන්’ ආවඩා ගැනීමෙන් රජුගේ මෙම මානසික පීඩනය දුරුවෙන බව වටහාගත් ඊෂ්වර දෙවියන් ඌරු වේශයක් මවා ගනිමින් මලය කුමාරවරුන් අසළින් පැන දුවන ලදී. දුණු හීතල අතැතිව ඌරා පසුපස හඹා යන මලය කුමාරවරු බොහෝ දුරක් ගෙවමින් නදුන් උයනෙහි සිට ලංකාද්වීපයෙහි හන්තාන ප‍්‍රදේශයට පැමිණියහ. ඌරු වේශය අත්හළ ඊෂ්වර දෙවියන් මෙතරම් දුරක් මලය කුමාරවරුන් කැඳවාගෙන ආ කාරණය පැහැදිලි කළ අතර කාරණය තේරුම් ගත් කුමාරවරු, රජුගේ මානසික පීඩනය දුරු කිරීම සඳහා වූ ශාන්ති කර්මය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි.

රියන් සැටක් දිග රියන් විස්සක් පළල මණ්ඩපයක් සාදවා, විසිතුරු ඇඳුම් ඇඳ,ආභරණ පළඳා, නර්තන විලාසයක් මවා පාමින්, මණ්ඩපය මත දී, මලය කුමාරවරුන් විසින් සිදු කරන ලද ශාන්ති කර්මයකින් පණ්ඩුවාස දේව රජු තුළ වූ මානසික පීඩනය දුරු කරන ලදි. ශාන්ති කර්මය සිදු කිරීම සඳහා මලය කුමාරවරුන් විසින් පළඳින ලද ආභරණවලින් අර්ධයක් හන්තාන ප‍්‍රදේශයේ ජන කොට්ඨාසයකට භාර කළ කුමාරවරු ආපසු දඹදිව බලා ගමන් කළ අතර මෙම ආභරණ ලබාගත් ජන කොට්ඨාසය විසින් එම ආභරණ දේවාභරණ සේ සළකා විවිධ පුදසත්කාර කරමින් ආරක්‍ෂා කරන ලදී. පුරාවෘතයන්ට අනුව, මෙම ආචාර - සමාචාර සහ පුද සත්කාර විධි,අදාළ ජන කොට්ඨාස අතර සම්මතයන් බවට පත් වෙමින් පරම්පරානුගතව පැවත එමින් පවතී. මෙම ජන කොට්ඨාස අතරින් එක් එක් නර්තන ක‍්‍රමශිල්පවලට සම්බන්ධ පරපුරු බිහි වූයේ යැයි සැළකේ. මලය කුමාරවරුන්ගේ ආභරණයන්ගෙන් අර්ධයක් ලැබුණු බැවින් ‘අර්ධාභරණ’ යනුවෙන් මෙම ආභරණ හඳුන්වන අතර, මණ්ඩපය මත දී මලය කුමාරවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නර්තන විලාසයන්ගේ ස්වරූපයෙන් වූ නර්තන විලාසයන් දැක්වීම මගින් මෙම අර්ධාභරණ පුදනු ලබයි. ‘කොහොඹා යක් කංකාරිය’ නමැති ශාන්ති කර්මය මේ අයුරින් ආරම්භ වූවා යැයි පිළි ගනියි.‘කොහොඹා යක් කංකාරිය’ යනු සෑම නර්තන විලාසයකටම අයත් නැටුම්, ප‍්‍රදර්ශනය කරනු ලබන හෙයින් එය මහා නර්තන මංගල්‍යයක් ලෙස පිළිගනු ලබයි.


නර්ථන ශිල්පිය ක‍්‍රම

අමුණුගම නැටුම් පරම්පරාව අයත් උඩරට නැටුම් සම්ප‍්‍රදායේ එන, වන්නම් දහ අට රචනා කර ඇත්තේ දකුණු ඉන්දියාවේ නාගපට්ටනම ස්ථානයේ විසූ ගණිතාලංකාර නම් බමුණා විසින් බව කියැවේ. පසු කාලීනව ගණිතාලංකාර බමුණාගෙන් ලබාගත් ‘‘ නෙර්ත මාලය ’’ නම් ග‍්‍රන්ථය ආශ‍්‍රයෙන් මල්වතු විහාරවාසී ස්වාමීන් වහන්සේ නමක් විසින් ලියන ලද ‘‘ වාදාංකුස රත්නමාලයට ’’ උඩරට නැටුම් ශාස්ත‍්‍රය සහ වන්නම්වල තොරතුරු ඇතුළු කොට තිබේ. වන්නම් බිහි වීමට කර්නාඨ සංගීතයේ පවතින ‘‘ වර්ණම් ’’ නම් භරත නාට්‍යංග ද මුල් වී ඇත. මහ නුවර රජ කළ ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්‍ද්‍රසිංහ රජුගේ කාලයේ බිහි වූ මෙම වන්නම් ජන සංගීතයේ සෞභාග්‍යය විරාජමාන කරයි. වන්නම් දහ අටෙන් නිරූපනය වන අංගයන් මෙසේය.

ගජගා වන්නම             - මගුලැතාගේ ගමන් විලාසය
උරගා වන්නම              - බඩගා යන සතුන්ගේ ගති පැවතුම්
ගාහක වන්නම             - සක් දෙවිඳුගේ සක්නද හඩ
තුරගා වන්නම              - අශ්වයාගේ ගමන් විලාසය
මුෂලාඩි වන්නම           - සාවාගේ ගති පැවතුම්
උකුසා වන්නම             - උකුස්සාගේ ඉරියව්
හනුමා වන්නම             - වඳුරාගේ ගති පැවතුම්
මයුරා වන්නම              - මොණරාගේ ගති පැවතුම්
සැවුලා වන්නම            - කඳ කුමරුගේ සැවුල් කොඩියේ සැවුල් ලාංඡනය
සිංහරාජ වන්නම          -සිංහ ලීලාව
නෛඅඩි වන්නම         -නාගයාගේ ගමන් විලාසය
කිරළ වන්නම              -කිරළාගේ නාද විලාසය
ඊරඩි වන්නම               -යුද සෙබලාගේ ගතිගුණ
සුරපති වන්නම             -ඊශ්වර දෙවියන්ගේ ස්වභාවය
ගණපති වන්නම            -ගණ දෙවියන්ගේ ගති සිරිත්
වෛරොඩි වන්නම        -ඊශ්වර විමානය වෛරොඩියකට උපමා කිරීම
උදාර වන්නම               -රජුගේ උත්කර්ෂවත් ගමන් විලාසය
අසදෘස වන්නම             -ති‍්‍රවිධ රත්නයට හා නාට්‍ය කලාවට උපහාරය
                                                                  
ආදී ලෙසය.  


පා සරඹ, ගොඩ සරඹ සූ විස්සේ සිට දෙතිස් තාලම්, සූ සැට සව්දම්, සොළොසක් දැකුම් අත්, සතලිස් අට පදත්, මා රැුඟුම් දෙසිය දොළසත් ඇතුළු ඈත අතීතයේ සිට අවිචින්නව පැවතෙන උඩරට නැටුම් සම්ප‍්‍රදායේ කේන්ද්‍රීය ශාන්තිකර්මය වන කොහොඹා කංකාරියත්, ඌරා විදමන වැනි නැටුම් ශිල්පීය ක‍්‍රමත්, බෞද්ධ පසුබිමකින් යුත් සත්සති පූජාව, සූවිසි විවරණ පූජාව වැනි අවස්ථා නර්ථනය තුළින් පෙන්වා දීමට තරම් මෙම අමුණුගම පරපුරේ නැටුම් ශිල්පීහු නර්ථනයේ ප‍්‍රවීණයෝ වෙති.ගැමි නාටක අතුරින් සොකරි නාටකය වැඩි වශයෙන් මෙම සම්ප‍්‍රධාය තුළ දැකිය හැකි වේ. එමෙන්ම ගැමි නැටුම් ලෙස රබන් නැටුම්,    ලී කෙළි නැටුම්, පන්තේරු නැටුම්, උඩැක්කි නැටුම් ආදී වශයෙන් හඳුනාගත හැකිය.ගැට බෙරය හෙවත් උඩරට බෙරය, අමුණුගම පරපුරේ දි ප‍්‍රධාන වාද්‍ය භාණ්ඩය වන අතර මගුල් බෙරය ලෙස නම් කර ඇත්තේද මෙය මය.


අමුණුගම පරම්පරාවේ නර්ථන ශිල්පීන් රැකියාවක් වශයෙන් නර්ථනයේ නොයෙදේ. රාජ්‍ය අනුග‍්‍රහය නොමදව ලබමින් ගම්වර ආදී භෞතික වස්තූන්ගෙන් පුද සත්කාර ලත් මොවුන්ගේ ආර්ථික රටාව එදා සිංහල රජ සමය තුළ දී ස්වයංපෝෂී විය. රජුට සේවය කිරීම සඳහා පත් කර ගන්නා ලද ඒ ඒ පරම්පරාවන් අතරින් රජු ඉදිරියේ නර්ථනයන් ඉදිරිපත් කිරීම සඳහා පත්කර ගන්නා ලද පරම්පරාවක් ලෙස මෙම අමුණුගම නර්ථන පරම්පරාව රාජ්‍ය ප‍්‍රසංසාව හිමි සුවිශේෂී ජන කොට්ඨාසයක් වශයෙන් එදා පිළිගත්හ. පසුකාලීනව රාජ්‍යත්වය පිරිහීමත් සමග බිහි වූ වලව් සම්ප‍්‍රදායෙන් ද අනුග‍්‍රහය ලත් මෙම නැටුම් පරම්පරාවන් වලව් පැලැන්තීන්ගෙන් විවිධ වරප‍්‍රසාද ලත් අතර, කෘෂිකර්මාන්තය මූලික කරගත් ජීවනෝපායක් උරුම කර ගත්හ. අද ද කෘෂිකර්මාන්තය මත සිය ආර්ථික රටාව හසුරුවා ගැනීමට මෙම නැටුම් පරපුරේ බොහෝ පවුල්වල සාමාජිකයින් සමත්ව ඇත. මීට අමතරව විවාහ මංගල උත්සවවල අෂ්ඨක කීම, විවාපත් යුවල සඳහා නැටුම් ඉදිරිපත් කිරීම වැනි කටයුතු සඳහා වර්තමානයේ මෙම නැටුම් කණ්ඩායම්වල සහාය ලබා ගනී.  කෙසේ වුවද වත්මන් ආර්ථික රටාවන් අනුව යමින් විවිධාකාර වූ ජීවනෝපායන ක‍්‍රම අනුගමනය කිරීමට මෙම පරපුරවල මෑත කාලීන සාමාජිකයින් උත්සාහ ගන්නා බවක් පෙනී යයි. අමුණුගම නැටුම් පරපුරේ පමණක් නොව බොහෝ නැටුම් පරපුරයන්වල ස්ථාවරත්වයට මෙය මහත් අභියෝගයක් බව නැටුම් පරපුරවල ප‍්‍රවීණයන්ගේ මතයයි.

වෙස් බැඳීම 

mqdefault.jpg (320×180)


නර්ථන ශිල්පියෙකුට වෙස් බැඳීම යනු උඩරට නැටුම් සම්ප‍්‍රදයේ දී ලැබෙන උපාධියක් හා සමානය. වෙස් ඇඳුම් නර්ථන සරසවියෙන් ලැබෙන උපාධි ලෝගුවයි. වෙස් බැඳි නැට්ටුවා නර්ථනය නමැති සරසවියෙන් අභිෂේක ලත් උපාධිධරයෙකි. වෙස් නැට්ටුවාට සමාජයෙන් බොහෝ පිළිගැනීම් පවතින අතර වෙස් බැඳීම ද ශාස්ත‍්‍රයකි. ශූභ මුහුර්තයන්ට අනුව විවිධ ආචාර සමාචාර විධීන් ඔස්සේ කිසියම් චාරිත‍්‍රානුගත සම්ප‍්‍රදායකට අනුව වෙස් මංගල්‍යය සිදු කරනු ලබයි. වෙස් බැඳි ශිල්පියෙකුට විවිධ නීති-රීති පවතී. එදා පටන් පැවති ආ ක‍්‍රමය අනුව වෙස් බැඳි සෑම නැට්ටුවෙකුට ම තමාගේ දස්කම් හෙවත් ශිල්ප දක්වන්නට අවස්ථාව ලැබුණේ පිංකම් පොලේ දී,පෙරහරේ දී සහ කංකාරියේ දී පමණි. පන්සල කේන්ද්‍රකර ගනිමින් පිංකම් පොලවල් පැවැත්වෙන අතර එහි උච්ඡුතම අවස්ථාව වන්නේ නැටුම් කණ්ඩායම් දෙකක් අතර සිදු කෙරෙන නැටුම් තරඟයයි. මැදියම් රැුයේ සිට පසුදා පහන් වන තුරු පැවැත්වෙන මේ නැටුම් සංදර්ශනය ඒ ඒ නැටුම් සම්ප‍්‍රදායන් හා නැටුම් පරපුරයන් වල ශක්තිය විදහාපාන්නක් විය. මෙම නැටුම් තරඟ සඳහා අමුණුගම පරම්පරාවේ ප‍්‍රවීණයන් මෙන්ම මුද්දනාව, ඇලඔටුව, මාමුඩාවල, දමුණුගොල්ල ආදී ගම්වල නැටුම් කණ්ඩායම්ද සහභාගි වෙයි.

            ‘‘ කොහොඹා දෙවියන්ගේ ඇඳුම ’’ ලෙස සලකනු ලබන වෙස් ඇඳුම් බහාලන පෙට්ටිය වෙනත් කිසිඳු අවස්ථාවකට පාවිච්චි නොකරයි. ඉතා ගරු සැලකිල්ලක් ඇතිව දෑත් ඔසවා වැඳ අතට ගන්නා අතර කිසියම් උඩකින් තබා වැඳ නමස්කාර කරයි. වෙස් ආභරණ නිවසින් පිටත සෑදූ දේවාලයක තැන්පත් කර ඇත. අවශ්‍ය මොහොතක එම දේවාලය තුළ දී ම අඳිනු ලබන අතර අවසානයේ එම දේවාලය තුළ දී ම ගලවා තැන්පත් කරයි. මෙය මෙම පරපුර සතු පාරම්පරික ලක්‍ෂණයක් ලෙස හඳුනාගත හැකිය.  ඕනෑම නැට්ටුවෙකුගේ නිවසකම මෙම දේවාලයක් ඇති අතර විශේෂ පුද-පූජා ක‍්‍රම මගින් මෙම දේවාලය නමස්කාර කරයි. වර්තමානයේ මෙම ක‍්‍රමය වෙනස් වී ඇති වුව ද වෙස් ඇඳුම් සහිත පෙට්ටියට කරනු ලබන ගරු සැලකිල්ලෙහි නම්, අඩුවක් දක්නට නොලැබේ. 

ves+andum+kattalaya.jpg (538×723)

වෙස් බැඳි නැටුම් ශිල්පියෙකුට ආවේණික වූ පරිපූර්ණ ඇඳුම බොහෝ අලංකාරයෙන් යුක්තය. එය වෙස් ඇඳුම් කට්ටලය ලෙස හඳුන්වන අතර මලය රජුගේ ඇඳුම් කට්ටලයෙන් අඩක් යැයි ව්‍යවහාරයේ පවතී. විවිධ සැරසිළිවලින් අලංකාර කරන ලද මෙම ඇඳුම, නැටුම් ශිල්පියාගේ හිසේ සිට දෙපතුළ දක්වා සරසන විවිධ අංගයන්ගෙන් යුක්තය.
ජටාව,
ජටා පටිය,
පායිම්පත,
සිඛාබන්ධනය,
දෙව්ර මාල,
නෙත්ති මාලය,
තෝඩුපත්,
කරපටිය,
අවුල්හැරය,
බණ්ඩි වළළු,
කයිමෙත්ත,
ඉන හැඩය,
බුබුළු පටිය,
දෙවල්ල,
නරු,
පොත්පොට,
හඟල,
උල්ලූඩය,
නිසංසඟල හා
සිලම්බු


යන අංගයන්ගෙන් වෙස් ඇඳුම සමන්විත වේ. වාර්ෂිකව පවත්වන සූර්ය මංගල්‍යය හෙවත් අලූත් සහල් මංගල්‍යයේ දී මෙම නැටුම් භාණ්ඩ සහ ඇඳුම්-පැළඳුම් ප‍්‍රදර්ශනය කිරීම චාරිත‍්‍රානුකූලව සිදු කෙරේ.

මුල්කාලීන වෙස් ඇඳුම හා සැසඳීමේ දී වර්තමානයේ මෙම ඇඳුමේ ඇතැම් අංග වෙනස් වී ඇති ආකාරයක් හඳුනාගත හැකිය. මුල් කාලීන වෙස් ඇඳුමේ ඉනට බඳින පටිය හෙවත් පොත්පොට වෙනමත්, දෙවල්ල නමින් හඳුන්වන තනි රෙද්දෙන් සංයමයකින් යුක්තව ඉතා අලංකාර අයුරින් තබන ලද රැුලි වෙනමත් දක්නට වූ අතර අද වන විට එකට තබා මසනු ලැබූ පොත්පොටත් දෙවල්ලත් දැකිය හැකිය. ඉතා පහසුවෙන් මෙය ඇඳීම සිදු කළ හැකි වුවත් උඩරට වෙස් ඇඳුමේ වූ ගාම්භීර බවට ඉන් හානි පැමිණ වී ඇති බව නැටුම් ශිල්පයෙහි ප‍්‍රවීණයන්ගේ අදහසයි. එමෙන් ම වෙස් පෙට්ටියේ පෙති 7ක් මුල් කාලීනව දැක ගත හැකි වුවත් වර්තමානයේ වෙස් පෙට්ටියේ පෙති 13 ක් දක්නට ලැබේ. උඩරට නැටුම් ශිල්පයේ ඇති වූ මෙම සියලූ වෙනස්කම් ද අමුණුගම නැටුම් පරපුරට ද ආරෝපණයවී ඇති අතර එය සම්ප‍්‍රදායික නර්ථන ශිල්පීන්ගේ මනස්තාපයට හේතුවී ඇත.

අනෙකුත් උඩරට නැටුම් පරපුරවල සාමාජිකයින් නර්ථන පුහුණුවීම්වල නියැලෙන අයුරින් ම අමුණුගම නැටුම් පරපුරේ ශිල්පීන් ද නැටුම් පුරුදුවීම්වල නියැලෙයි.සිය පුරුදුවීම් බාහිරින් වසන් කිරීම සඳහා ඔවුන් නොයෙක් ක‍්‍රම අනුගමනය කරයි. පොල්අතුවලින් වට කර සාදන ලද ‘අතුගෙය’ තුළ ඔවුන් නැටුම් පුරුදුවීම සිදු කළ ද වර්තමානය වන විට මෙම අතුගෙය නැටුම් ශිල්පීන් සිය පුරුදුවීම් සඳහා භාවිත කරන ආකාරයක් දක්නට නොලැබේ. 

පාරම්පරිකව භාවිතවන වචන මාලාවක් පොදුවේ නැටුම් ශිල්පීන් සතුව පවතී. අමුණුගම නැටුම් පරපුර ද මෙම වචන භාවිත කරන අතර මනා සන්නිවේදන කාර්යයක් උදෙසා මෙම නැටුම් සම්ප‍්‍රදායන් සතුව පවතින වාග් කෝෂය මනා පිටිවහලක් වී ඇත. සාමාන්‍ය ජනයා හා කථා-බහ කිරීමේ දී මෙම වචන යොදා නොගත්ත ද නැටුම් කණ්ඩායම්වල ශිල්පීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ දී ඔවුනට ම ආවේණික වූ මෙම වචන බහුලව භාවිත කරන ආකාරයක් දැකගත හැකිය. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ‘නැට්ටුවා’ යන වචනය වෙනුවට ඔවුන් භාවිත කරන වචනය වනුයේ ‘යක් දෙස්සා’ යන්නයි. ‘මුල් යක් දෙස්සා’ යනු නැටුම් කණ්ඩායමේ ප‍්‍රධානියා යි. ‘අතුගෙය’ නැටුම් පුරුදු වීම සඳහා භාවිත කරන ස්ථානය යි. උඩරට නැටුම් සඳහා භාවිත කරනු ලබන ඇඳුමට අන්තර්ගත සෑම කොටසක් සඳහා ම එම නැටුම් සම්ප‍්‍රදායට ආවේණික නාම භාවිත කරයි.

කලාශූරී, ශ‍්‍රී ජයනා රාජපක්‍ෂ මහතා
9k= (216×233)

               ශ‍්‍රී ලාංකීය නර්ථන කලාවට අනගිභවණීය සේවාවක් සිදු කළ නැටුම් පරපුරක් වශයෙන් අමුණුගම නැටුම් පරපුර හඳුනාගත හැකිය. අමුණුගම නැටුම් පරපුර පිළිබඳව සාකච්ඡුා කිරීමේ දී මෙම නැටුම් පරම්පරාවේ ප‍්‍රබල පුරුකක් වන කලාශූරී, ශ‍්‍රී ජයනා රාජපක්‍ෂ මහතා පිළිබඳවත් ඔහුගෙන් ශ‍්‍රී ලාංකීය නර්ථන කලාවට ඉටු වූ සේවාවත් පිළිබඳව කථා කළ යුතුම වේ. වර්ෂ 1922 දෙසැම්බර් මස 16 වන දින අමුණුගම ගුන්නෑපානේ දී ජන්මලාභය ලැබූ මෙතුමා අද නර්ථන ක්‍ෂේත‍්‍රයේ සිටින අග‍්‍රගණ්‍ය කලාකරුවෙක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. මියැදෙමින් සිටි ශ‍්‍රී ලාංකීය නර්ථන කලාවට නව ජීවයක් එක් කරමින් ලාංකීය නර්ථන සම්ප‍්‍රදායන් ජාත්‍යන්තර තලයට ගෙනයාම සඳහා මෙතුමා දක්වන ලද අනුපමේය උත්සාහයේ මල්ඵල වර්තමාන නර්ථන ක්‍ෂේත‍්‍රය විමසීමෙන් ම පැහැදිලි වන්නකි.


වර්ෂ 1940 දී එවකට ලංකාවේ පැවති මහා විද්‍යාල 17 ට ම දක්‍ෂතාව මත පදනමින් නැටුම් ගුරුවරු පත් කිරීමේ ප‍්‍රමුඛයා වී කටයුතු කළ එතුමා නැටුම් පරම්පරා අතර ක‍්‍රමශිල්ප මත පදනමින් ඇති වූ ගැටුම් සමතයකට පත් කිරීම සඳහා 1952 දී නැටුම් සංස්කරණ සම්මේලනය, උයන්වත්ත ගුරු විද්‍යාලයේ පවත්වමින් නැටුම් ශිල්පීය ක‍්‍රමවල සම්මතයක් ගොඩනැංවීමට ගත් උත්සාහය ජයනා මහතා පමණක් නොව අමුණුගම පරම්පරාවත් පොදුවේ සමස්ත නැටුම් ශිල්පීනුත් ලත් භාග්‍යක් ලෙස පෙන්වා දිය හැකිය. නැටුම් කලාව සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබා දීමට විශාල මෙහෙයක් ඉටු කළ ජයනා මහතා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අවධානය මේ සඳහා යොමු කරවන ලදි. දේශීය තූර්ය වාදන කණ්ඩායමක් පිහිටුවීමේ ගෞරවය හිමිවන්නේ ද මෙම අමුණුගම පරම්පරාවටය. ජයනා මහතා මෙහි මූලිකත්වය ගත් අතර වර්ෂ 1970 දී මෙම තූර්යවාදන කණ්ඩායම ආරම්භ කරන ලදී.

උඩරට නැටුම් ශෛලීන් අනුව යමින් ජයනා මහතා විසින් නිර්මාණය කරන ලද මුද්‍රා නාටක කිහිපයක් ද වේදිකා ගත කරන ලද්දේ නැටුම් සම්ප‍්‍රදායන් සඳහා නව ප‍්‍රාණයක් ලබාදීමේ අරමුණෙනි. දුමින්දාගමනය, රණතිසරා, රංගධාරා, සඳකිඳුරු, ගොවිහඬ,කුස ජාතකය, සස ජාතකය, රංගලීල, සාවිත‍්‍රී, චින්තන රේඛා ආදී මුද්‍රා නාටකයන් ද කලාශූරී ජයනා මහතා අතින් උඩරට නැටුම් සම්ප‍්‍රදායන්ට අනුගතව නිර්මාණය වූ ඒවා වේ. මෙවන් බොහෝ සේවාවන් නැටුම් ක්‍ෂේත‍්‍රය උදෙසා ජයනා මහතා අතින් සිදු වූ බව ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය. ඉන් බැබළුනේ ජයනා මහතා පමණක් නොව අමුණුගම නැටුම් පරම්පරාව ම බව අවිවාදයෙන් පිළිගත යුතුය. ශ‍්‍රී ලාංකීය නර්ථන කලාව උදෙසා මෙවන් වූ අගනා සේවාවන් රැුසක් ඉටුකළ, ඉටුකරමින් නොනිම් සේවාවක යෙදෙන උඩරට අභිමානණීය නැටුම් පරපුරක් ලෙස අමුණුගම නැටුම් පරපුර හඳුනාගත හැකිය.