Saturday, January 5, 2019

ජාතික උරුමයක් වු ත්‍රිපිටකය

අද දිනය 2019 ජනවාරි 05
බෞද්ධ අප හට ඉතා මත් වැදගත් දිනයක්..
ක්‍රි.පූ. 1 වන සියවසේ වළගම්බා රජ දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ ඓතිහාසික අවස්ථාවට පසුව වර්ෂ 1956දී ත්‍රිපිටකය පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කළ බවත් ඉන් අනතුරුව එළැඹෙන ඓතිහාසික වැදගත්ම අවස්ථාව
අද ..........
බුදු දහම ලෝකවාසී ජනතාවටත් අනාගත පරපුරටත් නිවැරැදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යෑම සඳහා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්වන දිනයයි

''සබ්බ දානං ධම්ම දානං ජිනාති''

තවද වහරක්වාදින් ඇතුළු යම් කොටසක්
තම අභිමතය පරිදි  විකෘති කරගත්තා වු විවිධ අරුත් නිරුක්ති සැපැයු අති උතුම් ත්‍රිපිටකයම අමු අමුවෙමු වෙනස් කරගත්තා වු දිගු කාලයක් ලංකාවේ මිනිසුන්හට විකෘති දේශනාවන් දේශනා කිරිමට යොමු වු කාල සීමාවන් පැවතුණි..

බුදුන් උපන් දේශය ලංකා⁣ව යැයි ද ඉතිහාසය වෙනස් කර අති උතුම් ජය ශ්‍රි මහා බෝධිය පවා කපා දැමිය යුතු යැයි  සමාජ මතයන් ගොඩ නැගිමට ඔවුන් උත්සුකවන බව පැහැදිළියි.

එවන් පසුබිමක විකෘති දේශනාවන්ට එරෙහිව විකෘති කරන ලද ඉතිහාසයට එරෙහිව සමාජ මාධ්‍යජාලවන් හි නිදි වර්ජිතව එම දුර්මතයන් ඉවත් කිරිමට වෙහෙස වු නිවැරදි ධර්මය වෙනුවෙන් වෙහෙස වු සැමගේ එක් උත්සහයක් හි ප්‍රතිඵළ ලැබිම සතුටුවිය යුතුයි.

සමාජ ජාලාවන්හි අමතරව ප්‍රායෝගිකව නිතිමය තත්වයන් තුළ රටේ ත්‍රිපිටකට ජාතික උරුමයන්  කරලිමට කටයතු කරන ලද විභජ්ජවාදය ඇතුළු සමස්ත උතුම් සංඝරත්නයට  පාදනමස්කාර පූර්වක ස්තුතිය පුදකර  සිටිමු.

තෙරුවන් සරණයි
ඊෂණ