Saturday, July 30, 2022

ලිබරල්වාදී මතය


🏛️ලිබරල්‌ වාදය...-

-----------------------------

👉ඉංග්‍රීසි භාෂාවේ Liberty නම්‌ වූ පදය තුලින්‌ ලිබරල්‌ යන වාග්‌ සංකේතය නිර්මාණය චූ අතර liberty යන ඉංග්‍රීසි පදයේ සංකේතාත්මක අර්ථය වන්නේ “නිදහස"යන්නයි. එමනිසා මිනිසාගේ නිදහස පිළිබඳව අවධාරණය කිරීම සඳහා භාවිත කරනු ලබන න්‍යායක්‌ ලෙස ලිබරල්‌ වාදය ප්‍රකට විය. ලිබරල්‌ වාදය තුළ මානවයාගේ දේශපාලන, ආර්ථික , සමාජීය ආදී සියලුම අංශයන්හි නිදහස අගය කළබව පෙනේ.


👉“ලිබරල්‌ වාදය යනු ධනේෂ්වර ආර්ථිකයට අදාල පැවැත්ම තහවුරු කරන අවස්ථාවාදී දේශපාලන මතවාදයක්‌ ලෙසයි.”-මාක්ස් වාදීන්-👈



🏛️ලිබරල්‌ වාදයේ ආරම්භය...

-------------------------------------------------

👉ලිබරල්‌ වාදය ස්ථිර වශයෙන්ම ආරම්භ වූ කාලය පිළිබදව අදහස්‌ දැක්වීමක්‌ කල නොහැකි අතර ලිබරල්‌ වාදය යම්‌ සංවිධානාත්මක අයුරන්‌ ඇරඹීමට පටන්‌ ගනුයේ 16 ~ 17 සියවස්‌ වලදී බව ජොන්‌  ලොක්ගේ අදහස්‌ වලින්‌ පැහැදිලි වේ.


👉“ලිබරල්‌ වාදය යනු කුමක්‌ දැයි පැහැදිලි කිරීම පහසු නැත, සරලචම එය මානසික ආකල්පයක්‌ වශයෙන්‌ සැලකිල්ලට ලක්‌ කිරීම වඩාත්‌ උචිත වේ,”

-හැරල්‌.ජේ.ලැස්කි -👈


👉“15 වන සියවස තුල බිහිවු නිදහස්‌ අදහස්‌ මාලාව ලිබරල්‌ වාදයයි,”-මහාචාර්ය ගානර්-👈


🏛️ රාජ්‍යය ප්‍රභවය සම්බන්ධ ලිබරල්‌ වාදී මතය..

---------------------------------------------------------------------------

👉රාජ්යය ක්‍රමික සමාජ විකාශනයක ප්‍රථිඵලයකින්‌ බිහිවූ බව ලිබරල්‌ වාදයේ මුලික පිළිගැනීම චේ. එය සත්‍ය ලෙසම සමාජ විකාශනාත්මක න්‍යාය ගුරුකොට ගත්‌ න්‍යායක්‌ ලෙස පෙනේ.


🏛️රාජ්‍යයේ ස්වාභාවය

--------------------------------------

👉රාජ්‍යයේ ස්වාභාවය අනුව ලිබරල්වාදී මතය ප්‍රධාන අවධීන්‌ 03 කට බෙදේ.


📌1. සම්භාව්‍ය ලිබරල්වාදී රාජ්‍ය අවධිය - නිරිබාධවාදී රාජ්‍ය

📌2.නූතන ලිබරල්වාදී රාජ්‍ය අවධිය - 

සුබසාධක රාජ්‍ය

📌3.නව ලිබරල්වාදී රාජ්‍ය අවධිය - 

අවම රාජ්‍ය


🏛️01.සම්භාච්‍ය ලිබරල්වාදී රාජ්‍ය අවධිය - 

නිර්බාධවාදී රාජ්‍යය

-----------------------------------------------------------------

👉19 හා 20 වන ශතවර්ෂ වල සම්භාව්‍ය ලිබරල්‌ වාදී අවධිය ලෙස හදුන්වා දිය හැක. සියවස්‌ ගණනාවක්‌ පුරා යුරෝපයේ ක්‍රියාත්මක වූ රාජාණ්ඩුවාදී පාලන ක්‍රමය ක්‍රමයෙන්‌ පරිවර්ථනය වීමත්‌ සමග බටහිර ලොව ජනතාවට අවශ්‍යය වූයේ රාජ්‍ය මැදිහත්‌ වීම්‌ අවම පාලන ක්‍රමයක්‌ නිර්මාණය කර ගැනීමටය. විශේෂයෙන්ම මෙම සම්භාව්‍ය ලිබරල්‌ වාදය මගින්‌ පුද්ගලයාගේ නිදහස සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ට විය. එය දෙයාකාරයකි.


📌පෞද්ගලික නිදහස

📌ආර්ථික නිදහස


👉මේවා රාජ්‍ය පාලනයකින්‌ හෝ මැදිහත්‌ වීමකින්‌ තොරව පවත්වා ගැනීමට අවශ්‍ය විය. මෙකී අරමුණු සාධනය කරගැනීම සඳහා දේශපාලනික වශයෙන්‌ සම්භාව්‍ය ලිබරල්වාදී මතය ඉදිරිපත්‌ චන අතර ආර්ථික වශයෙන්‌ නිර්බදවාදී සංකල්පය බිහිවිය.


📌සම්භාව්‍ය ලිබරල්‌ වාදයේ න්‍යයාත්මක

ප්‍රවේශය.

---------------------------------------------------------------------------


👉මේ සඳහා ඇඩම්‌ ස්මිත්‌, ජෝන්‌ ලොක්‌, චාල්ස්‌ ඩාවින්‌, තෝමස්‌ මෝල්තස්‌, හර්බට්‌ ස්පෙන්සර්‌, ජෙරම්‌ බෙන්තම්‌,ආදීන්ගෙ මේ පිළිබඳ අදහස් අධ්‍යනය වැදගත්‌ වෙයි.


👉“ස්වාභාවික ජීවිතය මගින්‌ සෑම මිනිසකුම ජීවිතය, දේපල, නිදහස පිළිබද අයිතීන්‌ තහවුරු කරගත්‌ අතර ආණ්ඩුව සමග ගිවිසුමකට එළඹුණේ "එම අයිතීන්‌ උල්ලංගනය කරන පුද්ගලයන්ගෙන්‌ තමා ආරක්ෂා කරනවාය" යන කොන්දේසිය මතය. ඒ නිසා එම කාර්ය හැර වෙනත්‌ කාර්යයක්‌ කිරීමට රාජ්‍යයට නොමැත. රාජ්‍යය කලයුත්තේ නීතිය හා සාමය සුරැකීම පමණි,”-ජෝන්‌ ලොක්‌ -👈


 👉“මස්‌ වෙළෙන්දෙකු, වයින්‌ පෙරන්නෙකු හෝ බේකරි හිමියෙකු ගත්‌ විට පාර්භෝගිකයාට හොදම භාණ්ඩ සැපයිය යුතුය.නමුත්‌ ඔවුන්‌ එසේ කරනුයේ පාර්භෝගිකයාගේ යහපත නිසා නොව වෙළඳපල තුල පවත්නා අදෘෂ්‍යමාන හස්ථයක්‌ ඔවුන්‌ මෙහෙයවන නිසාය,එසේ කිරීමට වෙළඳපල ආර්ථිකය විසින්‌ පොළඹවනු ලැබේ,රාජ්‍ය විසින්‌ කල යුත්තේ එයට අත නොදමා අදෘෂ්‍යමාන හස්ථයට තම භූමිකාව කරගෙන යාමට අවශ්‍ය කොන්දේසිය වන නීතිය හා සාමය සුරැකීම පමණි,”-ඇඩම්‌ ස්මිත්‌- (ජාතීන්ගේ ධනය ග්‍රන්ථය)👈


👉“වැටුප්‌ මගින්‌ ජනතාවගේ බෝවීම පාලනය කල හැක, ඉහල වැටුප්‌ තුලින්‌ ජන සංඛ්‍යාවේ වර්ධනයද , පහළවැටුප්‌ තුලින්‌ ජන සංඛ්‍යාව පහළ යාමද කෙරෙහි ද බලපායි,”-මෝල්තස්‌ (population theory) ජනගහන න්‍යාය -👈


📌නිර්බාධවාදී රාජ්‍යයක ලක්ෂණ,

---------------------------------------------------------


1.පුද්ගල වාදය 

👉පුද්ගලයන්‌ වශයෙන්‌ සෑම අයෙකුම අතර සමානාත්මතාවයක්‌ පවතී. මානවයන්‌  ස්වාභාවයෙන්ම යහපත්‌ හා විචාරාත්මක අය නිසා රාජ්‍යය මගින්‌ පුද්ගල නිදහස සීමා නොකළ යුතුය.


2.රාජ්‍යය නීතිය හා සාමය පමණක්‌ රැකීම,

👉රාජ්‍යය නීතිය හා සාමය පමණක්‌ සුරකිමින්‌ රාත්‍රී පොලිස්‌ භටයකුගේ කාර්ය ඉටුකරලීම පමණක්‌ ප්‍රමාණවත්‌ බව ඔවුන්ගේ විග්‍රහය විය.


3.ව්‍යවස්ථානුකූල වාදය,

👉ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනුව රට පාලනය කළ යුතු බව මෙමගින්‌ අවධාරණය කෙරේ.


4.ස්වාභාවික අයිතිවාසිකම්‌ පිළිබඳ මතය,

👉අනුල්ලංගනීය අයිතිවාසිකම්‌ මුල්ම වරට තහවුරු කරන ලද්දේ ජෝන්‌ ලොක්‌ විසිනි. රාජ්‍ය්‍යයය බිහිවීමට ප්‍රථම කාලයේදී පචා මිනිසුන්‌ පීවිතය , දේපල, නිදහස ආදී අයිතීන්‌ හිමිකරගත්‌ බව මෙයින්‌ අවධාරණය කරන ලදී.මෙසේ පැවති අයිතීන්‌ සුරක්ෂිත කිරීම රාජ්‍යයේ මූලික වගකීම බවට ඔහු පෙන්වාදිනි.


5 වෙළඳපල බලවේග මගින්‌ ආර්ථිකය හැසිරවීම,

👉සම්භාව්‍ය ලිබරල්‌ වාදීන්‌ පෙන්වා දෙන්නේ වෙළඳපල තුල අදෘෂ්‍යමාන හස්ථයකින්‌ ආර්ථිකය මෙහෙය වන අතර එයට රාජ්‍යය මැදිහත්‌ වීම නොකළ යුතු බවයි.


📌රාජ්‍යයේ ස්වාභාවය හා කාර්ය භාරය..

--------------------------------------------------------------------

👉සම්භාව්‍ය ලිබරල්‌ වාදී මතයතුළ රාජ්‍යයේ ප්‍රධානතම වගකීම හා කාර්යභාරය බවට පත්වුයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි. වෙනත්‌ කාර්යයක නියැලීම රාජ්‍යය තුලින්‌ ඔවුන්‌ බලාපොරොත්තු නොවීය. එම පදනම නිසාවෙන්‌ මෙම රාජ්‍යය පොලිස්‌ රාජ්‍යය ලෙසද හදුන්වයි.


👉“සම්භාව්‍ය ලිබරල්‌ වාදය තුල රාජ්‍යය රාත්‍රී මුරකරුවකුගේ කාර්යය ඉටුකරයි,”-ජෝන්‌ ලොක්‌ -👈


👉නීතිය හා සාමය ආරක්ෂා කිරීම පමණක්‌ සිදු කරන නිසා රාජ්‍යයේ කාර්යභාරය පොලිස්‌ නිලධාරියකුගේ කාර්යයට සමාන වේ”-මහාචාර්ය ගානර්-👈


📌නිර්බාධවාදී රාජ්‍යයේ බිදවැටීම.

------------------------------------------------------


👉ධනවාදයේ නැගීම හා කාරීමික විප්ලවය,

👉නෛතික සීමාවන්ගේ දුබලතාවය,

👉මාක්ස්වාදයේ සංවිධානාත්මක වර්ධනය,

👉ලෝක යුද්ධ අත්දැකීම,

👉දුප්පත්බව, විරැකියාව, මන්ද පෝෂණය ආදී සංකීර්ණ ගැටලු,


🏛️02.නූතන ලිබරල්වාදී රාජ්‍ය අවධිය - 

සුබසාධක රාජ්‍යය.

--------------------------------------------------------------

📌20 වන සියවස මැදභාගය පමණ වන විට නූතන ලිබරල්‌ වාදය පිළිබඳ අදහස හෙවත්‌ සුබසාධක රාජ්‍ය සංකල්පය පිළිබඳ අදහස ජනිතවිය, පුරවැසියන්ගේ සුභසිද්ධිය ස්වකීය මූලික කාරිය බවට පත්කරගත්තාවූ රාජ්‍යය සුබසාධක රාජ්‍ය ලෙස සාමාන්‍යෙයන්‌ අර්ථ විවරණය කළ හැක. විශේෂයෙන්ම සුබසාධක රාජ්‍යන්‌ තුල සෞඛ්‍ය, අධ්‍යපනය, යටිතල පහසුකම්‌, ආපදා කළමණාකරනය, සමාජ සේවා යනාදියට රාජ්‍යය මැදිහත්වීම දැකගත හැකිය. 

👉රාජ්‍යය තරග විනිසුරුවරයෙකු සේ පසකටවී නිරීක්ෂණය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර තරඟය කරනා ක්‍රීකයකුවියයුතුබව අදහස් විය.රාජ්‍ය තරඟ කරමින්‌ පොදු ජනතාවගේ සමාජ යහපත සඳහා අවශ්‍යය ආර්ථික, සමාජීය වශයෙන්‌ අවශ්‍යය ක්‍රියාමාර්ග ගන්නාඒජන්තවරයෙකු ද විය යුතු බව නව ලිබරල්‌ වාදීන්ගේ විග්‍රය විය. සුබසාධක රාජ්‍ය යන පදය ප්‍රථමයෙන් 

යොදාගනු ලැබුවේ අගරදගුරු ටෙම්පල්‌ (Archbishop Templ) විසින් Citizen and Churchmen යන අධ්‍යනය තුලයි. ඔහුට අනුව සමාජයේ දිළිදුකම , නූගත්කම, බෝවන රෝග, බේබදුකම හා අපිරිසිදුකම වැනි

ව්‍යවසන තුරන්‌ කිරීමට රාජ්‍ය අවශ්‍යය බව පෙන්වා දෙනු ලැබීය.විලියම්‌ හොබ්ටෙන්‌ පෙන්වා දෙන්නේ

එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රවාහයන්‌ දෙකක්‌ විසින්‌ සුබසාධක රාජ්‍ය(The Welfare State )පැන නගින

බවයි.


👉දරදඩු පුද්ගල වාදයක්‌ ලෙස

👉කොමියුනිසිට්‌ වාදයේ සංකලනයක්‌ ලෙස,


📌සුබසාධක රාජ්‍යයේ වර්ධිත අදියර..

-------------------------------------------------------------


📍පළමු අදියර ( පොදු සේවා )

👉නිදහස්‌ අධ්‍යපනය, සෞඛ්‍යය, දිළිදු සහන, විදුලිය, ප්‍රවාහන , මහාමාර්ග, ජලය, හදිසි ආපදා, අරමුදල්‌


📍දෙවන අදියර ( රාජ්‍යය ච්යාපාර)

👉ආර්ථික ගැටලු නිරාකරණය කිරීම සදහා ඇති මහා කර්මාන්ත රාජ්‍යයේ පාලනය යටතේ පවත්වාගෙන යාම.


📍තෙචන අදියර (සේවක සුබසාධනය)

👉අවම වැටුප්‌, විශ්‍රා වැටුප්‌, අතිකාල දීමනා, පැය 08ක සේවා මුරය, සේවක නිවාඩු, වැඩබිමේ ප්‍රගතිය,

සේවක සුරක්ෂිත බව වැනි කරුණු දෙස අවධානය යොමු කිරීම.


📍සිව්වන අදියර (දේශපාලන, සිවිල්‌)

👉නිදහස්‌ හා සාධාරණ මැතිවරණ, ස්වාධීන අධිකරණ, ස්වාධීන ජනමාධ්යය, මූලික අයිතිවාසිකම්‌, නීතියේ

ආධිපත්යය, පක්ෂ දේශපාලනය, සමානාත්මතාවය ඇදිය.


📌සුබසාධක රාජ්‍යයක ලක්ෂණ.

-----------------------------------------------------

📍ආර්ථික අභිවෘද්ධිය සදහා මෙන්ම ඒමගින්‌ ඇතිවන ප්‍රතිලාභ ජනතාව අතර බෙදූ හැරීමට රාජ්‍යඝෘජුවම මැදිහත්‌ වීම,

📍ආර්ථික කළමනාකරණය රාජ්‍යය විසින්‌ මැදිහත්ව ඉටු කිරීම,

📍පෞද්ගලික අංශ විසින්‌ අඩු අවධානයක්‌ දක්වන හෝ අවධානයක්‌ නොදක්වන අංශ සම්බන්ධයෙන්‌ රාජ්‍ය මැදිහත්වීම.

📍සමාජ සුබසාධන කාර්යයන්‌ හා සංරක්ෂණ කාර්යයන්‌ ක්‍රියාවට නැංවීම,

📍සමාන පුරවැසියන්‌ හා සමාන ඉඩප්‍රස්ථාව යන පදනම මත රාජ්ය්‍ය ආර්ථික, දේශපාලනික, සමාජීය

කාරයයන්‌ කළමනාකරණය කිරීම,


📌සුබසාධක වාදයට දාර්ශනික ප්‍රවේශය...

----------------------------------------------------------------------


👉“සමාජ නොදැනුවත්බව හෙවත්‌ මෝහය, දිළිඳු බව, මත්පැන්‌ භාවිතය යන භයානක උපද්‍රච දුරු කිරීමට රාජ්‍යමැදිහත්‌ විය යුතුය.-ටී.එච්.ග්‍රීන්-👈


👉“ළමා අධ්‍යාපනය, වහල්බවින්‌ මිදීම, ශ්‍රම සූරාකෑම වැළැක්වීම, චැඩබිම්වල ප්‍රමිතිය, වැටුප්‌ නීර්ණය ආදී අංශවලට රාජ්‍යය මැදිහත්‌ විය යුතුය,”-ජෝන්‌ ස්ටුවර්‌ මිල්‌ -👈


👉"සමානාත්මතාවය හා නිදහස අතර පවතින්නේ අතිශය සමීප සබදතාවයකි, නිදහස හා ඉඩප්‍රස්ථාවන්‌ , ආදායම හා ධනය, ස්ව්‍යයං ගරුත්වය(Self-esteem) යනාදී සෑම සමාජ භාණ්ඩයක්ම සියලු දෙනාටම එකහා සමානව

බෙදියා යුතුය,”-ජෝන්‌ රෝල්ස්‌ -👈


📌රාජ්‍යය මගින්‌ ඉටුකළ යුතු ප්‍රධාන කරුණු 02 ක්‌ ඔවුන්‌ පෙන්වාදෙයි.


👉01. සමාජයේ මූලික මිනිස්‌ අවශ්‍යතාවවන ආහාර, නිවාස, ඇදුම්‌, සෞඛ්‍යය හා අධ්‍යපනය සපුරාගත නොහැකි කොටස්‌ වලට සහනාධාර වශයෙන්‌ සැපයීම,

👉02 සමාජයේ පොදු යහපතට අදාල නීති පැනවීම,


📍දෙවන ලෝක මහා සංග්‍රාමයෙන්‌ පසු කාලය තුල බිහිවන තුන්වන ලොව රටවල පැවති අතිශය සංකීරණ ගැටලු තුරන්‌ කිරීම සඳහා සුබසාධක වාදය අවශ්‍යය වූ අතර ඒ අනුව නූතන ලිබරල්‌ වාදය යටතේ වැඩියෙන්ම පාලනය කරන රාජ්‍යය හොඳම රාජ්‍යය ලෙස සලකනු ලැබීය,


🏛️03.නව ලිබරල්වාදී රාජ්‍ය අවධිය - 

අවම රාජ්‍ය

------------------------------------------------------------


👉අවම රාජ්‍යය සංකල්පය පිළිබඳ අදහස බිහිවන්නේ 20 වන ශතවර්ෂය අගභාගය තුලයි.අවම රාජ්‍යය යනු අඩුවෙන්ම පාලනය කරන රාජ්‍යය හොදම රාජ්යය ලෙසයි,මේ අනුව අවම රාජ්‍යය ක්‍රමය සුබසාධක රාජ්‍ය ක්‍රමයෙන්‌ පියවරක්‌ පිටුපසට ගිය නිර්බාධවාදී රාජ්‍යය ක්‍රමයෙන්‌ පියවරක්‌ ඉදිරියට ආ එම රාජ්‍යයන්‌ දෙකට අතරමැදි මට්ටමේ සිටින රාජ්‍ය ක්‍රමය වේ.එම රාජ්‍ය ක්‍රමයේ මූලිකම ලක්ෂණය වන්නේ රාජ්‍යයේ කාර්යභාරය හැකිලීමකට ලක්‌වීමයි. 

👉රටේ ආර්ථික ක්‍රියාවලියෙන්‌ රාජ්‍ය බොහෝ දුරට ඈත්‌ කර තැබීම හා ජනතාවගේ සුබසාධන කාර්යයන්‌ කපා දැමීමයි. මෙහිදී රාජ්‍ය අංශය තුළ පවතින සමහර නිෂ්පාදන හා බෙදාහැරීම්‌ පෞද්ගලික අංශය වෙත පවරා දීමක්‌ කරනු ලබන අතර රාජ්‍යය යටතේ පවතින ව්‍යයාපාර නව රාජ්‍යය

කළමනාකරණ මූලධර්ම යටතේ ප්‍රතිව්‍යහ ගත කරන ආකාරයක්‌ දැකිය හැක.


📌අවම රාජ්‍යය බිහිවීමට හේතු..

------------------------------------------------------

👉සුබසාධක වාදය යටතේ රාජ්‍යයට දැරීමට සිදුවන අධික වැය නිසාවෙන්‌ එය අධික වියදම්‌ සහිත

ආයතනයක්‌ විය, එම හේතුව තුල සුබසාධක සංකල්පය අර්බුදයකට ලක්‌ වීම,

👉පෞද්ගලික අංශයට නොවැදගත්‌ කර්මාන්ත අංශවලට වැඩි ආයෝජන කිරීම නිසාවෙන්‌ එම ආයෝජන අසාර්ථක වීම,

👉රාජ්‍යය ආයෝජනයන්‌ තුල වර්ධනය වූ වංචාව, දූෂණයහමුවේ රාජ්යයේ ආර්ථික පැවැත්ම අර්බුදයකට ලක්‌ වීම,


📌අවම රාජ්‍යයක ලක්ෂණ......

--------------------------------------------------

👉01. පෞද්ගලීකරණය,

👉02.විනිවිධ භාවය.


 📍ප්‍රජාතාන්ත්‍රික ස්වරූපය වර්ධනය වීම.


👉01. රාජ්‍යය කළමනාකරුවකුගේ භූමිකාව පමණක්‌ ඉටුකිරීම,

👉02.රාජ්‍යය සුබසාධක කටයුතු කප්පාදුවට ලක්කිරීම,


📌අවම රාජ්‍යයට දාර්ශනික ප්‍රවේශය

------------------------------------------------------------

👉මහාචාර්ය කේන්ස්‌, මිල්ටන්‌ ජරීමාන්‌ ( ධනවාදය ආ නිදහස යන ආර්ථික දර්ශනය), රොබට්‌ නොසික්‌, ජෝන්‌ රෝල්ස්‌ , ෆැන්සිස්‌ ෆුකුයාමා ආදී දාර්ශනික මතවාද වලින්‌ අවම රාජ්‍යය සංකල්පය පෝෂණය විය.


📌ලිබරල්‌ වාදය පිළිබඳ ඇගයීමක්‌,

---------------------------------------------------------

👉රාජ්‍යය සම්බන්ධ ලිබරල්වාදී මතයේ මුලික හරය වන්නේ “ රාජ්‍යය වූ කලි මිනිසුන්‌ විසින්‌ තම පොදු යහපත ඇතිකර ගැනීම සඳහා පිහිටුවාගත්‌ මානව සංවිධානයක්‌ වන බවයි " මෙම අදහස ග්‍රීකයුගයේ ජීවත්වූ ප්ලේටෝ,ඇරිස්ටෝටල්ගෙන්‌ පටන්ගෙන මේ දක්වා ජීවත්වූ සෑම ලිබරල්‌ වාදියෙකුම පිලිගෙන ඇත. මිනිසුන්‌ ශීලාචාර සමාජ ජීවිතයක්‌ ගතකිරීම ආරම්භ කිරීමෙන්‌ පසුව තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට සංවිධානය වීමට පටන්‌ ගත්හ. එසේ ආරම්භවන සංවිධානය වන ක්‍රියාදාමයේ අවසාන හා උත්තරීතර අවස්ථාව වන්නේ රාජ්‍යයක්‌ වශයෙන්‌ සංවිධානය වීම බව ලිබරල්වාදී මතය වේ. 

👉ඒ අනුව රජ්‍යය යනු මිනිසාගේ සමාජ හැසිරීමේ නොවැලැක්විය හැකි ප්‍රතිඵලයකි.


📌රාජ්‍යයේ ආරම්භය.

-------------------------------------

👉ලිබරල්වාදී මතයට අනුව රාජ්‍යයේ ආරම්භය කවදා වූයේදැයි නිශ්චිතව කිව නොහැකිය. ලිබරල්‌ වාදීන්‌ ප්‍රකාශ කරනුයේ වර්තමාන ජාතික රාජ්‍ය ක්‍රමය ද්රඝකාලීන සමාජ විකාශනයක ප්‍රතිඵලයක්‌ වන බවයි. ඔවුන් සමාජ විකාශනාත්මක වාදී මතය පිළිගනු ලබන අතර ග්‍රීක නාගරික රාජ්‍යය ක්‍රමයෙන්‌ ආරම්භවී රෝම,මධ්‍යතන,වැඩවසම්‌, යුග හරහා නූතන ජාතික රාජ්‍යය ඇතිවුබව පිළිගනී. ඒ අනුච රාජ්‍යයේ ආරම්භය සම්බන්ධයෙන්‌ ලිබරල්‌ වාදීන්‌ පිළිගනු ලබන්නේ සමාජ විකාශනාත්මක වාදී මතයයි.

👉එක්‌ ජාතියකට එක්‌ රාජ්‍යයක්‌ (One Nation One State) යන පදනම මත නූතන ජාතික රාජ්‍යය බිහිවූ අතර එය නිශ්චිත භූමිය,ආණ්ඩුව, ජනගහනය, ස්වාධිපත්‍යය යන අංග ලක්ෂණ වලින්‌ යුක්ත බව ද ඔවුන්‌ පිළිගනී.


📌විකාශනය

------------------------

👉ලිබරල්වාදීන්‌ රාජ්‍යයේ විකාශනය සම්බන්ධයෙන්‌ ඉදිරපත්‌ කරනුලබන අදහස බොහෝදුරට සමාජ

විකාශනාත්මක වාදීන්ගේ අදහසට සමාන චේ. මේ අනුව නූතන ජාතික රාජ්‍යය ක්‍රමය දක්වා දිගු ඓතිහාසික ගමනක නියැලී සිටින බව පෙන්වා දෙයි. (සමාජ චිකාශනාත්මක වාදය බලන්න.) එසේම නූතන ජාතික රාජ්‍යයේ ආර්ථික මුහුණුවර වෙනස්‌ වීම සමඟ ද රාජ්‍යය විකාශනය වු බව ඔවුන්‌ විග්‍රහ කරයි.


📍නූතන ජාතික රාජ්‍යය ආරම්භයේදී රාජ්‍යය නිර්බාධවාදී ප්‍රතිපත්තිය සමග ද,

📍කාර්මික විප්ලවයෙන්‌ පසුව ධනවාදයේ නැගීමත්‌ සමඟ සුබ සාධක ප්‍රතිපත්තිය නිසාවෙන්‌ ද,

📍1870 දශකය ආරම්භයත්‌ සමග ඇති වූ අවම රාජ්‍යය සංකල්පය නිසාවෙන්ද

👉රාජ්‍යය විකාශනයට නව අර්ථයක්‌ එක්‌ වූ බව පෙන්වා දෙයි.


📌ස්වාභාවය

----------------------


👉රාජ්‍යයේ ස්වාභාවය සම්බන්ධයෙන්‌ ලිබරල්වාදීන්‌ දරන මතය වනුයේ රාජ්‍යය වූකලි මිනිසුන්‌ පොදු

යහපත ලඟා කර ගැනීම සඳහා පිහිටුවා ගනු ලැබු සමාජ සංස්ථාවක්‌ බවයි.


👉"ප්‍රීතිමත්‌ හා ගෞරවාන්විත ජීවිතයක්‌ ගත කිරීමේ අරමුණින්‌ මිනිසුන්‌ විසින්‌ පිහිටුවාගත්‌ සමාජ සංවිධානයරාජ්‍යය වේ,”-ඇරිස්ටෝටල්‌ -👈


📍එනම්‌ රාජ්‍යයේ මූලික කාරිය විය යුත්තේ එම අරමුණ ඉටුකර දීමයි. ලිබරල්‌ වාදීන්‌ දක්වන ආකාරයට විවිධ ගතිගුණ , අදහස්‌ , හැසිරීම්‌ රටාවන්‌ , ඕනෑ එපාකම්‌ සහිත ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්‌ වාසය කරනා සමාජයක පෞද්ගලිකවත්, පොදුවේත්‌ තම අභිවෘද්ධිය ඇති කර ගත හැක්කේ පොදු පාලනයක්‌ ඇති කිරීම තුලිනි. රාජ්‍යය නීති පනවනුයේද එම අරමුණ සහිතවයි. එම නීති පුරවැසියන්ට පීඩාවක්‌ නොවියයුතු වන අතර එසේ සාදනු ලබන නීති වලට අවනත වීමද පුරවැසි යුතුකමක්‌ බව ලිබරල්‌ වාදීහු පෙන්වා දෙති.


📌අනාගතය

-----------------------


👉රාජ්‍යය යනු මිනිසාගේ සමාජ පැවැත්ම සදහා අවශ්‍යම ආයතනයක්‌ වන අතර රාජ්‍යයේ මග

පෙන්වීමකින්‌ තොරව මිනිසුන්ට තම ජීවිත සුඛිත මුදිත කර ගැනීමට නොහැකි බව ලිබරල්‌ වාදීහු පෙන්වා දෙති.එබැවින්‌ මිනිසුන්‌ මිහිපිට ජීවත්වනතාක්‌ උපතේ සිට මරණය දක්වා වූ සියලුම කාර්යයන්‌ වලට රාජ්‍යය සම්බන්ධ වෙමින්‌ මහජන සුබසාධනයක්‌ ඇතිකළ යුතු බව පිළිගනී. 


👉ලිබරල්‌ වාදීන්‌ පෙන්වා දෙන්නේ මිනිස්‌ සමාජයේ ජීවත්‌ වන සියලු මිනිසුන්‌ එකට එක්තැන්‌ කොට පොදු පිළිවෙතකට හැසිරවීම සඳහා රාජ්‍යය අත්‍යවශ්‍ය බවයි.නමුත්‌ කාලීන අවශ්‍යතා අනුව පොදු යහපත උදෙසා රාජ්‍යය ක්‍රියා කරන ආකාරය වෙනස්විය

හැකි වූවද රාජ්‍යය වර්තමානයේ මෙන්ම අනාගතයේ දීද එවැනිම වෙනස්කම්‌ වලට බඳුන්වෙමින්‌ ඉදිරියට යනු ඇත. 

👉කුමන වෙනස්කම්‌ සිදුවුවද මිනිසුන්‌ මිහිපිට වෙසෙනතාක්‌ රාජ්යය පචතින බව ලිබරල්‌ වාදීන්‌ අවධාරණය කරයි.

🛑ඔවුන්‌ කොමියුනිස්ට්‌ වාදීන්‌ මෙන්‌ රාජ්‍යයෙන්‌ තොර සමාජයක්‌ අපේක්ෂා නොකරයි.


🏛️ලිබරල්‌ රාජ්‍යයක ලක්ෂණ.

------------------------------------------------

📍පෞද්ගලික නිදහස, අයිතිවාසිකම්‌, හා සමානාත්මනාවය ආරක්ෂා කිරීම.

👉පුද්ගලයකුගේ ගෞරවනීයභාවය ආරක්ෂා කළ හැක්කේ ඔහුට නිදහසේ ජීවත්‌ වීමට සුදුසු පරිසරයක්‌ ඇතිකිරීම තුලින්‌ පමණක්‌ බව ලිබරල්වාදීන්‌ අවධාරණය කරයි.මේ සඳහා සමාජය තුල පුද්ගල නිදහස, අයිතිවාසිකම්‌,සමානාත්මතාවය ආදී ගුණංග තහවුරු කිරීමටත්‌, ආරක්ෂා කිරීමටත්‌ අදාල පියචර රාජ්‍යය විසින්‌ ගතයුතුය.මෙයට අමතරව සමාජය තුල ජීවත්වන සෑම පුරවැසියකුටම තම අභිවෘද්ධිය සඳහා කටයුතු කිරිමට සමාන ඉඩ ප්‍රස්ථාවන්ද ලබාදිය යුතු බව ලිබරල්වාදීහු පෙන්වා දෙති.


📍 නීතියේ ආධිපත්‍ය.

👉නීතියේ ආධිපත්‍යය යන සංකල්පය ලිබරල්වාදී රාජ්‍යයක්‌ තුළ දක්නට ලැබෙන තවත්‌ එක්‌

වැදගත්‌ මූලධර්මයකි. එමගින්‌ පාලකයින්‌ හා පාලිතයින්‌ සියලු දෙනා නීතිය ඉදිරියේ එක සමාන සැලකීමකට බඳුන්වන බව පෙන්වා දෙන අතර පාලකයින්‌ අභිමත අයුරින්‌ නීති තම සුඛ විහරනය සදහා යොදාගත නොහැකි බව පෙන්වා දෙයි. නීතියේ ආධිපත්‍යය මගින්‌ පාලකයින්ට යම්‌ ආකාරයකට හෝ සංවරණයක්‌ ඇතිකළ හැකි නිසා එමගින්‌ ජනතාවගේ නිදහස , අයිතිවාසිකම්‌ තහවුරුවන බව පෙන්වා දෙයි.


📍ව්‍යවස්ථානුකූල වාදය

👉ලිබරල්‌ රාජ්‍යයක පාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්‌ මත රදා පැවතිය යුතු බව ලිබරල්‌ වාදීන්‌ පෙන්වා දෙයි. ව්‍යවස්ථානුකූල පාලනයක්‌ තුල පාලකයාගේ බලය නිශ්චිත වූ රාමුවකට සීමා වන නිසා ඒ තුලින්‌ පාලකයින්‌ අත්තනෝමතික භාවයට පත්වීම වැලකෙයි. එම තත්වය තුල ජනතාවගේ අයිතිවාසිකම්‌ සුරක්ෂිත වන බව ලිබරල්‌ වාදීහු පෙන්වා දෙති.


📍දේශපාලන නිදහස

👉ලිබරල්වාදී සමාජයක පුද්ගලයාගේ දේශපාලන සවිඥානිකත්වය පුරවැසියන්ට දේශපාලන

නිදහසක්‌ ලබා දිය යුතු බව ලිබරල්වාදීන්‌ පිළිගනී. ඒ යටතේ තමන්ගේ අභිමතය පරිදි දේශපාලන මතයක්‌

දැරීමට, තරගකාරී දේශපාලනයේ නියැලීමට, තමන්‌ අභිමත නියෝජිතයෙකුට ඡන්දය ලබාදීමට, පක්‍ෂ

දේශපාලනයේ නියැලීමට, නිදහස්‌ හා සාධරණ මැතිවරණ වලට සහබාගී වීමට, දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන්‌ (Political Vileness) තොර වීමට, ආදිය නිදහසක්‌ පුරවැසියාට හිමිවිය යුතු බව ලිබරල්‌ වාදීන්‌ පෙන්වා දෙයි.


📍නිදහස්‌ ජනමාධ්‍ය

👉වර්තමානයේ ජනතාවට තොරතුරු දැනගැනීමට හැකි ආකාරයක්‌ ලෙස ජනමාධ්‍යය හදුන්වා දිය

හැක. ලිබරල්වාදී සමාජයක්‌ තුළ මාධ්‍ය නිදහස රාජ්‍යය විසින්‌ තහවුරු කොට පවත්වාගෙන යායුතු බව ඔවුන්‌ පිළිගනී. අනවශ්‍යය බලපෑම්‌ කිරීම්‌ , මැදිහත්‌ වීම්‌ ආදිය මෙහි ප්‍රතික්ෂේප කරන අතර ජනතාවට සැබෑ තොරතුර දැනගැනීමේ අයිතිය ලිබරල්‌ වාදය තුලින්‌ තහවුරු කරයි.


📍අධිකරණ ස්වාධීනතාවය

👉ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ බලපෑමෙන්‌ ව්‍යත්පන්න වූ අධිකරණයක්‌ පවත්වාගෙන යායුතු බව ලිබරල්‌ වාදීන්‌ පෙන්වා දෙයි. මේ යටතේ විනිසුරුවරුන් පත්කිරීම , ඉවත්‌ කිරීම හා ඔවුන්ගේ සේවයේ ස්ථිරභාවය රටේ මුලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම සහතික කර තිබීම මගින්‌ අධිකරණ ස්වාධිනත්වය තහවුරු කල හැකි බව ලිබරල්‌ වාදීන්‌ පෙන්වා දෙයි. එසේම අධිකරණයට අපහාස කිරීම,අධිකරණ කටයුතු වලට මැදිහත්වීම දඩුවම්‌ ලැබිය හැකි වරදක්‌ බවට සඳහන්‌ කර තිබීම ආදිය ලිබරල්වාදී රාජ්‍යයන්‌ තුල නූතනයේදී දැකිය හැකිවේ.


📍බලපෑමේ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය

👉බලපෑම් කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයද ලිබරල්වාදී රාජ්‍යයක්‌ තුල දැකියහැකි ප්‍රධාන

ලක්ෂණයකි. ආණ්ඩුවක්‌ විසින්‌ අනුගමනය කරන දේශපාලන, සමාජ, ආර්ථික ප්‍රතිපත්ති වලින්‌ ජනතාවට සිදුවන හානිකර තත්වයන්‌ වලක්වා ගැනීම සදහාත්‌ මහජන මතය හැඩගස්වමින්‌ ආණ්ඩුවට බලපෑම්‌ කිරීමේ ඇති හැකියාවත්‌ නිසාවෙන්‌ නූතන ලිබරල්වාදී රාජ්‍යයක්‌ තුල බලපෑමේ කණ්ඩායම්‌ වල ක්‍රියාකාරීත්වය වඩාත්‌ කැපී

පෙනේ.


📍නියෝජන ආණ්ඩුක්‍රම පැවතීම

👉ලිබරල්වාදී රාජ්‍යයක ජනතාවගේ අභිමතය පරදි තෝරා පත්කර ගනු ලබන ආණ්ඩුවක්‌ පැවතීමද

එහි මූලික ලක්ෂණයකි. එනම්‌ ආණ්ඩුවේ සුජාතභාවයේ ඇති වැදගත්කම මෙහි දී අවධාරනය කෙරේ. සර්වජන ඡන්ද බලය යටතේ නිදහස්‌ හා සාධරණ මැතිවරණ තුලින්‌ මහජනතාව තම නියෝජිතයන්‌ තෝරාපත්කර ගැනීමට මේ හරහා ඉඩ ප්‍රස්ථාව උදාවෙයි.


📍යහපාලනය

👉ලිබරල්වාදී රාජ්‍යයක පවතින තවත්‌ එක්‌ ප්‍රධාන ලක්ෂණයක්‌ ලෙසට යහපාලනයක පැවතීම

හදුන්වා දිය හැක. දූෂණ අක්‍රමිකතා චලින්‌ තොරව හා රාජ්‍යය සේවය දේශපාලනීකරනයකින්‌ තොරව ක්‍රියාත්මක වීම මෙහි දී අපේක්ෂා කෙරේ. එසේම මේ සඳහා ස්වාධින අධිකරණයක පැවැත්මද තිබිය යුතු බව ලිබරල්වාදීන්‌ අවධරණය කරයි.


📍වගකීම්‌ සහිත ආණ්ඩුව

👉නියෝජන සිද්ධාන්තයේ පදනම මත මහජනතාව තෝරාගත්‌ නියෝජිතයන්ගෙන්‌ සැදුම්ලත්‌ ආණ්ඩු වූකලි වගකීම්‌ සහගතව තම යටත්වැසියා කෙරෙහි කටයුතු ඉටුකිරීම මෙමගින්‌ අර්ථවත්‌ කෙරේ, ලිබරල්වාදී රාජ්‍යයක ජනතාවගේ යහපත උදෙසා ක්‍රියාකිරීම ආණ්ඩුවට පවතින වගකීම මෙහිදී අවධාරණය කෙරේ.


👉මේ ආකාරයට ලිබරල්වාදී රාජ්‍යයක ලක්ෂණ සංශිප්තව පෙන්වාදිය හැක.


🏛️ ලිබරල්වාදී මතයේ සාරාංශය..

-------------------------------------------------------


📌රාජ්‍යය වූ කලි පොදු යහපත උදෙසා පිහිටුවා ඇති පොදු සමාජ සංවිධානයක්‌ වන බව.

📌රාජ්‍යය අනෙකුත්‌ සමාජ සංවිධානවලට වඩා උත්තරීතර බව.

📌රාජ්‍යයකින්‌ තොරව පුරවැසියාට හෝ මුලුමහත්‌ සමාජයටම අභිවෘද්ධියක්‌ ලගාකරගත නොහැකි බව.

📌රාජ්‍යය ප්‍රධානතම අරමුණ වන්නේ පොදු සමාජ යහපත සැලසීම වචන අතරම පුරවැසි නිදහස හා

අයිතිවාසිකම්‌ සුරක්ෂිත කිරීමයි.

📌පොදු අභිවෘද්ධිය සඳහා සෑම පුරවැසියෙකුම තම සමාජ යුතුකම්‌ හා වගකීම්‌ ඉටු කල යුතුබව.

📌රාජ්‍යය ස්වාධිපති බලය ගුරුකොට ගත්‌ සමාජයේ ඇති එකම ආයතනය වන අතර එතුලින්‌ පුරචැසියන්‌

විශේෂීකරණයකට ලක්‌ නොකළ යුතු බව.


🛑ලිබරල් වාදය පිළිබඳ මාක්ස්වාදී විවේචනය....

---------------------------------------------------------------------------


👉“ලිබරල්වාදය යනු ධනේශ්වර ආර්ථිකයේ අදාල පැවැත්ම තහවුරු කරන අවස්ථාවාදී හා කපටි දේශපාලන මතවාදයක්‌ බවයි,-කාල්‌ මාක්ස්‌ -👈


👉“සුබසාධනය යනු ධනේශ්වර නිරුවත වසා තබන දුහුල්‌ කඩතුරාවකි,-කාල්‌ මාක්ස්‌ -👈


=======================================

✍️අ.පො.ස උසස් පෙළ දේශපාලන විද්‍යා විෂය

ඇසුරින් සකසන ලද ලිපියකි.

 

🌏සබැඳි- පැසිස්ට්වාදය

https://m.facebook.com/story.php?story_fbid=450920780372804&id=100063646586179


=======================================

✍️🌏🏛️📸📰🗺️💻📱

 #ගවේෂණ #SriLanka #මීරිගම_ඊෂණ

Friday, July 29, 2022

🌿අතුපන්දලම යෙදීමේ චාරිත්‍රය

🦚රුහුණු මහා කතරගම දේවාලයේ  

🦚2022 ඇසළ මංගල්‍යය 

===============================

📌රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ  අලි ඇතුන් ලවා කරන තවත් සුවිශේෂී චාරිත්‍රයක් වන්නේ..අතුපන්දලම යෙදීමේ චාරිත්‍රයයි..🐘🌿 

👉දේවාලයේ ඉදිරියේ ඇති පරණ අතු පන්දලම ඉවත් කර අළුත් අතුපන්දලමක් දැමීම මෙදින සිදු කරයි. 

🌿“අතුපන්දලම” ලෙස හඳුන්වනු ලබන්නේ මහා දේවාලය ඉදිරිපස ඇති කොළ අතු යොදා සකස් කරන ලද ආවරණයයි. මෙම අතු පන්දලමට යොදන අතු වර්ෂය පුරා පවතී. අතු පන්දලමට අළුත් අතු යොදා ගන්නේ වසරකට වරක් පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේ සයවන දිනය තුලය.🌿

👉මේ සඳහා “දඹ” නැමැති විශේෂ අතු වර්ගය භාවිත කරනු ලබයි. කැළයෙන් කපා ගන්නා ලද මෙම අතු දේවාලයේ ප්‍රධාන මගුලැතු ( #කතරගම_වාසනා )පෙරටු කොට ගත් අලි ඇතුන් මාර්ගයෙන් දේවාල මලුව වෙත ගෙන එනු ලබයි. 

👉ඉන් පසු වහලය මතට එම අතු රැගෙන දෙන්නේද අලි ඇතුන්මය. මෙය දැක බලා ගැනීම සඳහා සාමාන්‍ය වර්ෂ  වලදී විශාල ජනතාවක්  දේවාල භූමියට පැමිණේ..


✍️මෙම අතුපන්දලම තුලින් මූර්තිමත් කරනු ලබන පුරාවෘත්තය මෙසේය. (ජනප්‍රවාද කතාවකි) කතරගම දෙවියන් මැණික් ගං ඉවුරේ මිනිසුන්ගේ සිත් දැන ගනු වස් තවුස් වේසයක් මවාගෙන වාසය කරන කල්හි ගැල් කිහිපයක් පැමිණ මැණික් ගඟෙන් එගොඩ වීමට නොහැකිව මෙම තාපස තුමා වෙත එම ගැල්කරුවන් ඒ බව දන්වා ඇත. එවෙලේදී ඔහු එම ගැල් කරුවන් සඳහා උදව් කර ඇත. එගොඩ වූ ගැල් කණ්ඩායම ආහාර පිළියෙල කර තාපස තුමාටත් පිළිගන්වා ඇත. පසුව තාපස තුමාගෙන් වෙන කුමන හෝ උපකාරයක් අවශ්‍යද දැයි විමසා ඇත. එවිට තමාට වාසය කිරීමට තැනක් නොමැති බව පවසා ඇත. ඒ අනුව මෙම ගැල්කරුවන් කණු හතරක් සිටුවා කොළ අතු සෙවිළි කර නිවසක් තනා දී ඇත. එම සිද්ධාන්තය සිහිපත් කිරීම සඳහා අදත් මෙම අතුපන්දලම යොදා ගන්නා බව ඉතිහාසයේ සඳහන් වේ. 


🐘ඒ වගේම අතුපන්දලම චාරිත්‍රයෙන් අනතුරුව කඩොල් ඇතුගේ දළ යුවල ප්‍රදර්ශනය මෙදිනම සිදු කරනු ලබයි.


👉එහිදී  කඩොල් ඇතාගේ දළ යුගලය රන්කොත් මාළිගයෙන් පිටතට ගෙන ප්‍රදර්ශනය කිරීමක් සිදුවේ.


👉කඩොල් ඇතා යනු දුටු ගැමුණු රජතුමාට යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා සහය දුන් හස්ති රාජයා ‍වේ. මෙම දළ යුගලය බුත්තල පාරේ ගෝනගං ආර ප්‍රදේශයේ “ඇත් දළ තැබූ ගල” යන ස්ථානයේ සඟවා තිබී ඇති අතර කඩොල් ඇතා විසින් ඇත් දළ යුගලය ගලක ඇණ සඟවා තබා ඇති බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ. එවකට දේවාලයේ තේවාව බාර ප්‍රධාන කපු මහතාට මෙම දළ යුගලය රැගෙනවිත් දේවාලයේ තැන්පත් කරන ලෙස සිහිනෙන් දන්වා ඇති බව ඉතිහාසය ශාක්ෂි දරයි.🐘


👉වසර තුනකට පසු මහජනතාව වෙනුවෙන් මෙවර කඳසුරිඳු පූජා මංගල්‍ය විවරව ඇති අතර 2022 කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ සයවන දිනයේදී මෙම අසිරිමත් අතුපන්දලම චාරිත්‍රය සවස් භාගයේ කතරගම වාසනා මගුලැතු ප්‍රමුක අලි ඇතුන්  සිදුකිරීමට නියමිතව ඇත..🐘🌿


===============================

🦚රුහුණු මහා කතරගම දේවාලය 🦚

🦚ඇසළ මහා මංගල්‍යය 2022🦚

-----------------------------------------------------------

👉ජූලි 29 - පළමුවෙනි මඟුල් මහා පෙරහැර 

👉ජූලි 30 - දෙවෙනිමඟුල් මහා පෙරහැර 

👉ජූලි 31 - තෙවෙනි මඟුල් මහා පෙරහැර

👉අගෝස්තු 01 - සිව්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 02 - පස්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 03 - සයවෙනි මඟුල් මහා පෙරහැර

(අතුපන්දලම යෙදීමේ චාරිත්‍රය)

👉අගෝස්තු 04 - සත්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 05 - අටවෙනි  මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 06 - නවවෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 07 - දසවෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 08 - එකොළොස්වෙනි මඟුල් මහා පෙරහැර සහ ගිනි පැගීමේ මංගල්‍යය 

👉අගෝස්තු 09 -  දොළොස්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 10 - දහතුන්වෙනි මඟුල් මහා පෙරහැර

👉අගෝස්තු 11 - දහතරවෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු  12 -  දිය කැපීමේ මංගල්‍යය


ඔබ සැමට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි !!!

🦚සුරිදුනි කතරගම 2022🦚

💙සත් සිත් නිවනු මැන💙

======================================

✍️🇱🇰🐘🦚☸️🕉️📸📰©️🅿️

 #ගවේෂණ #විශ්ලේෂණ #Newslk #SriLanka #මීරිගම_ඊෂණ #කතරගම_වාසනා #රුහුණු_කතරගම_දේවාලය