Sunday, October 16, 2011

අපි ගියා දෝ මන්දා....

කාත් කව්රුත් නොහදුනන මඟ හිනාවක් රන්දා
දෑත් පටල ඇවිද ගිය දුර වැඩි වුනිද මන්දා
හැරෙන්නට බැරි මගක යන්නට හයිය හිත් රන්දා
නොයිද නැවතී හැරී නොබලා හිටියදෝ මන්දා

පරව ගිය අපේ මතකය දන්නේ නැති හින්දා
ඉතුරුවුණු අවසන් හිනාවට අයිතියක් නැතිදා
කඳුළු සඟවා ඔය කතාවල ආදරේ තවරා
දුරක පියඹා සැඟව යමු දැන් නොහදුන්න ලෙසිනා

සෙවන දී තුරු මුදුන් පිස ගෙන හැමුවදෝ මන්දා
සුසුම් වැල් සිඹ දුලි සුළගින් හුස්ම දුන් හින්දා
හිරිපොද මකා හිරිකඩ වැදී පෙඟුණු හිත් සඟවා
ඉගිලුනිය නොනැවතී කාලය අතරමඟ රන්දා

No comments:

Post a Comment