Saturday, October 15, 2011

ජන දුක් අදෝනා.....

ජන දුක් අදෝනා මැද්දේ මර නින්දේ
සිටි අය අවදි වී ලං වූ විට චන්දේ
අයියෙ අක්කෙ පෙම්බර මාමේ නැන්දේ
කියමින් කකුල් දෙක අල්ලා ගෙන වැන්දේ

පක්ස පක්ස නොව මනාප පොරේ වැටී
එකම පක්ෂයේ අය ඇන ගනිති ගුටි
සමහර වටින ජීවිත කර ගනිති කෙටි
අම්මප මෙහෙව් රටකට ගිය කලක හැටි

තාප්ප ගස් ගල් කණු වල පෝස්ටර
දත් තිස් දෙකම පෙන්නයි තොල් ඈත් කර
පිස්තෝලය තෙක් දුර යයි කෝන්තර
මිනිසුන් තුළින් මතුවේ ගති වනන්තර

No comments:

Post a Comment