Saturday, October 15, 2011

මා මියගිය දිනයක

මා මියගිය දිනයක
මළගමට නුඹ ආවොත්
අන්තිම කැමති පත්‍රය ඇති,.
හැමදාම නුඹට ලියුම් එව්ව
"මළවුන්ගේ අවුරුදු දා" පොත ඇතුලෙම,
මතක ඇතුව බලාපන්,
වටින කියන කිසිදෙයක් නෑ,.
අන්තිම වතාවට දෙන්නට,
ලියලා ඇති නුඹේ නමට,
බිඳුන මගේ හදවත.
පුළුවන් නම්,
කැලි එකතු කර බලාපන්
තවම ඇති නුඹේ රූපය,.
අන්තිම වතාවට මම දැකපු,.
කෑලි කැඩුනත්
ආදරේ සුවඳ ඇති තවමත්
මුළු හිතම පුරවලා
නුඹේ නමට පවරපු,
නුඹ ගිය මොහොතේම
නතර වුන හද ගැස්ම නම්
යලිත් ගැහෙනවා ඇති,
නුඹේ නම කියමින්,.

No comments:

Post a Comment