Friday, October 20, 2023

⚜️"සේතු සමුද්‍රම්" සහ "රාමා සේතු"🔱

        


  ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තත්වයන් ගැන කථා කිරීමේදී ප්‍රාග් ඵෙතිහාසික යුගයේ පටන් වර්තමානයේත් අනාගතයේදීත් ගසට පොත්ත මෙන් බද්ධවූ ඉන්දියාවේ සම්බන්ධය නොසලකා හැරිය නොහැකිය. විටෙක උඩ එන නැවත යට යන ලංකාවේ ආර්ථිකය උඩුයටිකුරු වන "සේතු සමුද්‍රම්" හා "රාමා සේතු" ව්‍යාපෘති පිළිබඳ විශ්ලේෂණාත්මක සටහන..


            1971 වසරේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති යුධමය වාතාවරණය සහ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග අතර යම් සබඳතාවයක් ඇතිබව එක්වර පැවසීම මවිත විය යුතු විශ්වාස නොකල හැකි මට්ටමේ කතාවක් විය හැක. නමුත් මෙම ලිපිය අවබෝධයෙන් යුක්තව කියවීමෙන් ශ්‍රී ලාංකීය සමාජීය වෙනස්කම් සඳහාද සෘජුවම එම යුධමය තත්වය බලපෑ අයුරු පැහැදිලිව වටහාගත හැකි වනු ඇත. 


              1971 අප්‍රේල් 5 වැනිදා JVP, වත්මනෙහි ජාතික ජනබලවේගය නමින්  හඳුන්වන දේශපාලන කල්ලිය සන්නද්ධ අරගලයක් ආරම්භ කල මොහොතේ අහින්සක ජනතාව මරාදමමින් ශ්‍රී ලාංකිකයින් බියෙන් තැති ගන්වමින් මාතර, දික්වැල්ල, අම්බලන්ගොඩ, හක්මන, වැනි දකුනේ බොහෝ ප්‍රදේශත් ඒ හා සමාන්තරව රටෙහි තැන් තැන් වල ග්‍රාමීය ප්‍රදේශත් තම ආයුධ බලයෙන් නීතිවිරෝධී ලෙස තම අනසකට නතුකරගනු ලබුවේය. 

 

               එම අවස්ථාවේ ලංකාව තුල නීතිය හා සාමය ස්ථාපිත කරන්න ප්‍රධාන වශයෙන් උදවුවට පැමිණියේ අසැල්වැසි අපේ ලොකු අයියා ලෙසින් හඳුන්වන ඉන්දියාවය. එවකට ඉන්දීය ආරක්ෂක අංශ සතුව පැවති ප්‍රධානම යුධ නැව ලංකා මුහුදු සීමාවට ගෙනැවිත් ශ්‍රී ලාංකීය අග්‍රාමාත්‍යවරිය එම නැවතුල රඳවාගනිමින් තමන්ගේ ආරක්ෂාව යටතට ගෙන එපමණකින් නොනැවතී ගුවන්තොටුපල , වරාය , රේඩියෝ සිලෝන් ආයතනය ඇතුලු රාජ්‍ය පාලනයේ ප්‍රධාන මර්මස්ථාන සෘජුවම ඉන්දියානු ආරක්ෂක අංශ යටතට ගෙන එම ස්ථාන වල ආරක්ෂාව තහවුරු කරමින් එවකට සිරිමා රජයට විශාල සහයෝගයක්  දෙනු ලැබුවොය. 


           ශ්‍රී ලාංකිය හමුදාව සහ රාජකීය නාවික හමුදාව ලෙසින් පැවති ශ්‍රී ලාංකීය නාවික හමුදාවත් ,ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් මැදිහත් වීමෙන් එම අරගලය සාර්ථකව මැඩපැවැත්විනි. ඒ සහයෝගය ලබාදීමට අතුරු දේශපාලන කාරණා කොතෙක් තිබ්බුනද ප්‍රධාන වශයෙන් මේ සහයෝගයට හේතුව වූයේ එවකට ඉන්දියානු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි සහ එවකට ශ්‍රී ලාංකීය අග්‍රාමාත්‍ය ධූරය දැරූ සිරිමාවෝ මැතිණියත් අතර පැවති සමීප මිත්‍රත්වයයි. 


             එම සිදුවීම් වලින් පසුව පකිස්තානය සමග ඉන්දියාව දෙවන වරට යුද වදී, එහි ප්‍රථිපලයක් ලෙස දැනට පකිස්ථානය ලෙස හඳුන්වන රට බටහිර පකිස්ථානය ලෙසත් දැනට බංගලිදේශය ලෙස හඳුන්වන රට නැගෙනහිර පකිස්ථානය ලෙසත් එවකට එක් රටක් ලෙස පැවතියා. එවකට පාකිස්ථානයේ රාජ්‍ය නායකයා වන ශෙයීක් මුජිබර් රාහ්මන් ට රජය පිහිටුවන්නට නොදී සිටීමෙන් මෙම යුද්ධය හටගනු ලැබිනි.  එමෙන්ම එම යුද්දය නිසා නැගෙනහිර පකිස්ථානයෙන් කෝටියක පමණ ජනතාවක් සරණාගතයින් ලෙස ඉන්දියාවට පැමිණිම, ඉන්දියාව යුද්ධයකට යෑමට හේතුව කරගනු ලැබුවා.


            පාකිස්ථානු ගුවන්යානා වලට ඉන්දියානු ගුවන් ගැබ හරහා පියාසර කිරීම තහනම් වූ අතර ඉන්දියාව වටේ ගිහින් ලංකාව සමීපයෙන් වත්මන් බංගලාදේශය දෙසට යෑමට ඔවුනට සිදුවිය. එම අවස්ථාවේදී අප බුද්ධිමත් දේශපාලන තීන්දුවක් ලෙස ගත යුතුව තිබුනේ ඉන්දියාවටත් පකිස්ථානයටත් විශේෂයක් නොකර ස්වාධීනව සිටීම වුවත් ඉතාම අදූරදර්ශී දේශපාලන තීන්දුවක් ගත් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය පාකිස්ථානු ගුවන්යානා සඳහා ගොඩබෑමේ පහසුකම් සහ ඉන්ධන පහසුකම් ශ්‍රී ලංකාව තුල ලබා දුන්නාය. ලංකාවේ අනාගතය අඳුරු කල ඒ මෝඩ තීරණයත් සමගින් සදා මිතුරන් සහෝදරයින් ලෙස පැවති ඉන්දියානු සහෝදරයා ශ්‍රී ලංකාව දෙස වපර ඇසින් බලන්නට යොමු විය.


           ඉන්දියාවේ ප්‍රථිපත්ති සම්පාදකයින් නියෝජනය කරන south block එක එතෙක් උතුරෙන් එන තර්ජනයන් සහ උතුරින් ඇතිවිය හැකි බලපෑම් ගැන පමණක් අවධානය යොමු කලත් ඉන් පසුව දකුණෙනුත් ශ්‍රී ලංකාව හරහා ඔවුන්ට අනතුරක් විය හැකි බව වටහා ගත්තා. ලංකාව තමන්ගේ මිත්‍රත්වයේ තබාගෙන පලක් නැතිබවත් ලංකාව තමන්ගේ ග්‍රහනයට ගතයුතු බවත් වටහාගත් ඉන්දියාව උතුරු පළාතේ කැරලිකරුවන්ට ආයුධ පුහුණුව ලබා දෙමින් යුද්ධය වෙනුවෙන් දමිල ත්‍රස්ථවාදයට වක්‍රව සහය ලබා දුන්නා. 


         ඉන්දියාවට පැවති විශාලම ගැටලුව වූයේ කෙදිනකහෝ චීනය වැනි විශාල රටක් සමඟ යුධමය වාතාවරනයක් ඇතිවුවහොත් ඉන්දියාවේ නැගෙනහිර සිට බටහිරටත් , බටහිර සිට නැගෙනහිරටත් යුධ නැවක් ගමන් කරවන්න ලංකාව වටා ගමන් කරවීමට සිදුවීම. ඒ අවධානම මගහරවන්න ඔවුන් ගහපු තුරුම්පුව "සේතු සමුද්‍රම්" ව්‍යාපෘතියය. සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හරහා කිසිදු කරදරයකින් තොරව යුධ වේවා, වෙළඳ වේවා නෞකාවක් ඉන්දියානු ගොඩබිමට ආසන්නයෙන් නැගෙනහිර වෙරලේ සිට බටහිර වෙරළටත් බටහිර සිට නැගෙනහිරටත් කිසිදු අවධානමකින් තොරව ගමන් කල හැකිවනු ඇත. 


          නමුත් සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය හරහා අපේ ශ්‍රීලංකා වට සිදුවන්නෙ, නැගෙනහිර බටහිර යාකරන සේද මාවත කෙටිවී ලංකාව වටේ ගමන් නොකර ලංකාවත් ඉන්දියාවත් අතර පෝක් සමුද්‍ර සන්ධිය හරහ නැව්ගමනාගමනය සිදුවීමය.  ලෝකේ වඩාත්ම නැවු ගමන් කරනුයේ හොංකොං , විශාකාපට්නම් , කොච්චින් , සිංගප්පූරු වරායන් වලටය. සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් ගමන් මාර්ගය කෙටි කරගෙන වියදම් අඩු කරගෙන ලංකාව වටේ යන සියළුම නැවු ඉන්දියාව වටේ අදාල ගමනාන්තයට ගමන් කරීම සිදුවෙයි.

 

            කිසිම නැවක් එන්නෙ නැති හම්බන්තොට වරාය පමණක් නොව කොළඹ වරායත් වැසෙන තත්වයට පත්වයයි. තවද සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ඉක්මන් කරවීමට ඉන්දියාවට තවත් සාධකයක් හමුවිය.ඒ ඔවුන්ගේ පූර්ව ආරක්ෂන ක්‍රියාමාර්ග අනතුරේ හෙලමින් ශ්‍රී ලංකාව පාලනය කල මහින්ද රාජපක්ෂ පාලනයට කප්පම් දෙමින් රවටා කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තයත්, හම්බන්තොට වරායත් ඉදිකිරීමේ මෙහෙයුම් තමන් අතට ගැනීමට චීනය සමත්වීම මෙන්ම. මුදලට ගිජු අදූරදර්ශී නායකයෙක් ලෙස ප්‍රකට මහින්ද රාජපක්ෂ චීන හෝටලයකට බටහිර වෙරල තීරයෙන් සින්නක්කර ඉඩක් ලබා දෙමින් විශාල භූමි ප්‍රමාණයක සින්නක්කර අයිතිය චීනයට ලබා දීමට සියළු සැලසුම් සකස් කර 2014 වනවිට අවසන්ව තිබීමය.කුමක්දෝ රටේ වාසනාවට මහ ජනතාව විසින් රාජපක්ෂවරුන් බලයෙන් පහ කර 2015 යහපාලන රජය පිහිටුවා ගනු ලැබීය.


          සේතු සමුද්‍රරම් ව්‍යාපෘතිය මුලින්ම යෝජනා වෙන්නෙ 1997 වසරේ කොන්ග්‍රස් ආණ්ඩුවේ සහ තමිල්ණාඩු හිටපු මහ ඇමතිවරයෙක් වන කරුණානිධිගේ පාලනය යටතේදීය. 2001 වසරේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු බලය ලබාගන්නා වත්මන් ජනාධිපති (එවකට අග්‍රාමාත්‍ය)රනිල් වික්‍රමසිංහයන් සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය හරහා ලංකාවට වන හානිය දැක  "Therawada Buddhism to tha World " කියන ආයුධය අතට ගෙන ලංකාව ආරක්ෂා කරන්න ඉන්දියානු මධ්‍යම රජයේත් කැමැත්ත දිනා ඒ ව්‍යාපෘතියෙන් වික්‍රමසිංහයන්ගෙ සැලසුම වූයේ  උතුර දකුණ යාකරන අධිවේගී මාර්ග පද්දතියක් ලංකාව තුල ස්ථාපනය කර සුප්‍රකට " රාමා සේතු පාලම " පවතින ස්ථානයේම ගොඩබිමින් ඉන්දියාව හා යාවන පාලමක් ඉදිකර ලංකාවෙ අධිවේගී මාර්ග පද්ධතිය ඉන්දියාවේ රාමේශ්වරම් වලින් ආරම්භවන  අධිවේගීමාර්ගයට සම්බන්ද කර, එම අධිවේගී මාර්ගය මදුරාසි වලින් asian highway එකට සම්බන්දව හයිද්‍රාබාද් හරහා උතුරු ඉන්දියාවෙන් චීනය හරහා තුර්කි වල Global Highway එකට සම්බන්ධ වෙන්නටය. 


        2001 රනිල්ගෙ සැලැස්මට අනූව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව  අතර පාලමක් ඉදි වූයේනම් ඉන්දියාවට සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත්හැර දමන්න සිදුවනනු ඇතිවා මෙන්ම එදා ඒ සැලසුම ක්‍රියාත්මක වූවා නම් ලංකාව සමග ගොඩබිම් සම්බන්ධතාවයක් නැති රටවල් බොහොමයක් සමඟ සබඳතාව අරඹන්නට ඉඩ තිබුනි.එපමණක් නොව ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වන සහ ඉන්දියාව හරහා ලංකාවට එන බොහෝමයක් භාණ්ඩ වල මිල පවා අඩුවන්නට ප්‍රවාහන වියදම් අවම වීමට අවස්ථාව තිබුනි.


              නමුත් රටේ අවාසනාවට JVP එක ප්‍රමුඛ විපක්ෂය කලේ ලංකාව ඉන්දියාවෙ කොළණියක් කරන්න යනවය කියා කොරහේ කිඹුල්ලු පෙන්නා ජනතාව පෙලගස්වා එදා අගමැති රනිල් ගෙනආ ව්‍යාපෘතිය කඩාකප්පල් කර දැම්මය. ඉන් අනතුරුව ජවිපෙ සහයෙන් බලයට ගෙනආ මහින්ද රාජපක්ෂ ෆන් එකට  Highway හදන්න සැලසුම් කර කොමිස් කුට්ටි ගිලිමින් Highway එක ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් කරගත්තහ. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් චීනය මහින්ද රාජපක්ෂව තමන්ගෙ ගොදුරක් බවට පත්කර ලංකාවේ තමන්ගෙ දේශපාලන ඉලක්කයන් සපුරාගැනීමට ඔහුව පාවිච්චි කලෝය. 


               මහින්ද රාජපක්ෂගේ අදූරදර්ශී නායකත්වයතුල නැවත සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය කරලියට එන බව දැනුනු ලෝක බලවතුන් යම් ප්‍රමාණයකින් තැති ගත්තහ. ඉන්දියාව ආරක්ෂාව අතින් ස්ථාවර වීම ලෝක බලවතුන්ගේ ස්ථානයන් අහිමි කරන බව දැනුන ඇමරිකානුවන් විසින් නාසා ආයතනය මගින් ලබා ගත් චායාරූපයක් ප්‍රසිද්ධ කලෝය ඒ අනුව ලංකාව සහ ඉන්දියාව යා කල පාලමක් තවම මුහුද යටින් තිබෙනා බව තහවුරු කලහ. ඉන්දියානු හින්දු භක්තිකයින් පාරට බැස සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය හරහා තමන්ගෙ ආගමික වටිනාකමකට හානිවෙන බවත් ඔවුන් එයට තදින්ම විරුද්ධ බවටත් අරගල කරන්න වුහ. සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය තාවකාලිකව හකුලා ගන්න සිද්ද වූයෙ එහෙයිනි. අද නොව මතු දවසක නැවත සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ක්‍රියාවට නැගුනහොත් එය ලාංකීය ආර්ථිකයට වදින මරු පහරක්  වනු ඇත.. 


         නැවතවරක් වික්‍රමසිංහයන්ගේ 2002 කුළුඳුල් දේශපාලනික සැලැස්ම වූ "යලි පුබුදමු ශ්‍රී ලාංකා" ව්‍යාපෘතිය නව්‍යකරණය කරමින් අදට ගැළපෙන ලෙස එය සෙමෙන් සෙමෙන් ඔහු ක්‍රියාවට නංවමින් "රාමා සේතු" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් සකසමින් ඇත. එදා මෙන් අදත් බොහෝමයක් ඇත්තන් මෙය විවේචනය කරමින් සිටියි. බහුතරයකගේ කැමැත්ත සේතු සමුද්‍රම් ද❓රාමා සේතු ද❓ යන්න ඉදිරියේදී බලාගත හැක.. ලංකාවේ පුරවැසින්ගේ විචාර බුද්ධිය පිළිබඳ මෑත ඉතිහාසය බරපතල සාක්ෂි දී ඇති අතර, වික්‍රමසිංහයන් ලංකාවේ අතට අරන්දී ඇති "රාමා සේතු" ශ්‍රී ලංකික පුරවැසියන්හට කටට දමාගැනීමට වාසනාව තිබේදැයි අපි බලා සිටිමු.. 


🌏 සැබැඳි- 

👉යළි පුබුදමු ශ්‍රී ලාංකා සැලසුම්

https://m.facebook.com/story.php?story_fbid=324779146320302&id=100063646586179&mibextid=Nif5oz


👉 Regain sir Lanka

https://m.facebook.com/story.php?story_fbid=10219988611846146&id=1248487626&mibextid=Nif5oz


👉තේමාව-

https://fb.watch/mRTsULjJi_/?mibextid=Nif5oz


✍️ #V48 #President #Srilankan #Vision2048 #OnlyRanilCan #Newslk #SriLanka #තිත්ත_කථා #Next_Generation #RanilWickremesinghe #මීරිගම_ඊෂණ

No comments:

Post a Comment