Saturday, November 30, 2019

කෛරාටික දේශපාලනය ඩැහැගන්නා තරුණ්‍යයෙ හසරැල්ල

  ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අති විශිෂ්ට වූ සුවාසුදහසක් ධර්මස්කන්ධය අතරින් පන්සිල් පද පහ සිංහල බෞද්ධයා අතර නිරතුරුවම භාවිතයේ පවතින මුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනුයේ අතලොස්සක් පමණ වූ කොට්ඨාසයක් පමණි .තාරුණ්‍ය ගැන කතා කරන විට බුදුදහම පිළිබඳව සදහනක් වන්නේ මන්දැයි ඔබ සිතනවා විය හැක. මන්ද ලොව්තුරු බුදු දහමලො ශ්‍රේෂ්ඨතම දර්ශනය ලෙස සියලු දාර්ශනිකයින් මතවාදීන් අවිවාදයෙන් පිළිගෙන ඇත . උන්වහන්සේ සරකාණි සූත්‍රයේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන ලෙස එනම් එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කරන ලෙස සරකානි සිටු පුත්‍රයාට බුදුන් වහන්සේ දේශනා කළ සේක .මෙම ලිපියේ අන්තර්ගතය බොහෝදුරට වත්විමන් ශ්‍රී ලාංකේය තාරුණ්‍ය විචක්ෂණශීලී මනසකින් දේශපාලනය දෙස බැලිය යුතු බව පවසමි.

ලංකා දේශපාලනය තාරුණ්‍යයේ ආකල්ප සමග එකට මුසුවී දුරාතීතයේ පටන්   ශ්‍රී ලාංකික තරුණ්‍ය යේ හොඳට මෙන්ම නරකට ද බලපා ඇත . තරුණයන්ගේ නිර්මාණශීලීත්වයත් ,
ලේ කකියන උද්වේගකර මනසත් දේශපාලකයා එදා සිට තමන්ගේ බලය ස්ථාපිත කිරීම උදෙසා ඉතාමත් නිර්ලජ්ජිත ලෙස භාවිතා කළ බව සඳහන් කළ යුතුය .ලංකාවෙහි මැතිවරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක වූ විසි වෙනි සියවසෙහි දෙවැනි දශකය කුල පදනම සලකා බලා සමාජීය ඥානයකින් තොරව මහජන නියෝජිතයින් තේරීපත් වූ අවධියකි 1912 පැවති මැතිවරණයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා පොන්නම්බලම් රාමනාදන් තේරීපත් වූයේ බහුතර සිංහල ඡන්දදායකයන්ගේ ඡන්දයෙන් 1919 දී ආරම්භ කරන ලද ලංකා ජාතික සංගමයෙහි බහුතර සිංහල ජාතිකයන්ගෙන් සමන්විත වූ අතර එහි ප්‍රථම සභාපතිවරයා ලෙස පත්වූයේ පොන්නම්බලම් අරුණාචලම්ය. තවද එකල දේශපාලනයට මෙන්ම තාරුණ්‍යට ද අවශ්‍ය වූයේ රටේ ජාතිකත්වය ආරක්ෂා කරමින් කිරීට විජිතයෙන් නිදහස ලබාගැනීමය. එදා සිටි ජාතික නායකයින් මෙම තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන රට තුළ ජාතික සංගමය මෙන්ම හලාවත සංගමය ,කුරුණෑගල සංගමය ,යාපනය සංගමය ආදි තරුණ සංගම් මෙන්ම තරුණ බෞද්ධ සංගම් තරුණ හින්දු සංගම් මෙන්ම තරුණ මුස්ලිම් සංගම්ද ඇති කරමින් එදා ජාතික අරගලයකට තාරුණ්‍ය මෙහෙයවූයේ ප්‍රශස්ත අන්දමිනි.
1948 නිදහස ලබා ගැනීමත් සමග නැවත වරක් ජාතිකවාදී අදහස් කෙමෙන් කෙමෙන් තමන්ගේ බලය ස්ථාපිත කර ගැනීම සඳහා දේශපාලකයින් භාවිතා කිරීම දක්නට ලැබුණු කරුණක් වෙයි. 

ජාතිවාදය පසෙක තබා කුල වාදය මුල්කරගෙන ලංකා දේශපාලනය ඉදිරියට ගෙන යාමට එවකට දේශපාලකයින් අරඹා තිබුණු සමයක තාරුණ්‍ය තුල හටගෙන තිබූ යුගය්වෙ අවශ්‍ය තාවයක් ලෙස සමානාත්මතාවයෙන් යුතුව සියලු වෘත්තීන්ට ගරුකිරීම යන සංකල්පය මත පිහිටමින් ගමින් ගම දොරින් දොර තරුණ හදවත් තුළ පවසමින් තිබූ ඔවුන්ගේ අවශ්‍යතාවය 1956දී එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකයන් නිසි ආකාරයෙන් ම අවබෝධ කරගනිමිනි සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය පෙරටු කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් එක්සත් ජාතික පක්ෂයෙන් බාදී ගොස් නව පක්ෂයක් පිහිටුවා වමේ ප්‍රබලතම බලවේගය බවට පත්වෙමින් ලංකාවේ අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.
එදා එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ව බෝධ කරගත් ඒ තාරුණ්‍යයේ අවශ්‍යතාවය තමන්ගේ බලය ස්ථාපිත කිරීමේ යතුර ලෙස පාවිච්චි කරේ ඉතාමත් තීක්ෂණ අයුරිනි.
මා මෙය සඳහන් කරන්නේය ලංකා ඉතිහාසයේ විශේෂිතම අවස්ථා කිහිපයක් ඇසුරෙන් තාරුණ්‍යයේ අවශ්‍යතාවය දේශපාලනික කෛරාටිකකම් වලට හසුවන අන්දම පෙන්වා දීමටය.
මීළඟට 1970 දශකය පමණ වනවිට තාරුණ්‍ය තුල නැවත වරක් විරැකියාව ,නවදේශපාලන මානයකට රට ගෙනයෑම වර්තමාන භාෂා භාවිතයෙන් කිව්වොත් system change එකකට එකල තාරුණ්‍යය ද යත්රුනදැරුවේ ය එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ අධ්‍යාපනය හදාරමින් සිටි ලංකාවේ අග්‍රගණ්‍ය බුද්ධිමතෙකු වන්නට අවස්ථාවක් තිබූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයන් ලංකා තාරුණ්‍යයේ අවශ්‍යතාවය වටහා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ගොඩනැඟී තිබූ සමාජවාදී සාම්ප්‍රදායික දේශපාලනික පක්ෂ වෙනුවට තාරුන්නයේ සිත් ඇදබැඳ ගන්නා  විමුක්ති අරගලයක් පෙරටු කරගනිමින් නව  ප්‍රවාහයකට ආරම්භය ලබා දුනි එහි අවසන් ප්‍රතිඵලය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් ප්‍රථම වරට විමුක්ති අරගල කාමීන් මර්දනය කිරීම අරඹන ලදී. ඉන් පසු බිහි වූ ජේ ආර් ජයවර්ධන රජය සිංහල විමුක්තිකාමීන් උදෙසා තරුණයින්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ජාතික තරුණ සේවා සභාවවැනි ආයතන පිහිටුවමින් තරුණයින්ගේ සුබසිද්ධිය උදෙසා ඔවුන්ගේ නායකත්ව අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීම සඳහා මාවත් විවර කර දෙන ලදී එක් අන්තයක් එසේ සිදු වන විට උතුරේ අනිත් අන්තයෙන් ජාතිවාදය ආරම්භ වී තිබිනි.

දෙමළ තරුණයින්ගේ අවශ්‍යතාවය හඳුනාගත් දෙමළ දේශපාලන නායකයින් දශක ගණනාවක් පුරාම සිංහලයාගෙන් දමිළයන්ට සිදු වූ දේශපාලනික කෙනෙහෙලිකම් මත තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ගොඩනැංවීම උදෙසා දමිල තාරුන්‍යයේ ඉහත කී අවශ්‍යතාවය ප්‍රයෝජනයට ගනිමින් එල් ටී ටී ඊ සංවිධානය ආරම්භ කිරීම සඳහා දමිළ තරුණයින්ට අවශ්‍ය දේශපාලනික සහය ලබා දුන්නේය .එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ශ්‍රී ලාංකිකයින් වසර තිහකට වැඩි කාලයක් ජනවාර්ගික කුරිරු යුද්ධයකට හසුවෙමින් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට තවදුරටත් ශ්‍රී ලංකාව පත් කරන ලදී. 

කෙමෙන් කෙමෙන් දේශපාලනික උගුල් වලට හසු වූ ශ්‍රී ලාංකීය තාරුණ්‍යය වර්තමානය වන විට ද දේශපාලඥයින්ගේ රාටික භාවය අවබෝධ කරගෙන නොතිබීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අවාසනාවක් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමාන තත්ත්වය උඩ 2015 වසරේදී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය උඩු යටිකුරු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ එකල තරුණයාට අවශ්‍ය වූ වෙනස සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙසය එනම් මහින්ද රාජපක්ෂ රජය තුළ තිබූ වංචා දූෂණ
හොරමැරකම් සඳහා විරෝධය පාමින් තාරුණ්‍යට කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් රට තුළ උද්ගත වෙමින් තිබුණු වානුවක එයට විකල්ප සොයමින් සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ සටනට යොමු කරවන්නේ තාරුන්‍යයේ සිත්සතන් තුළ යුගයේ අවශ්‍යතාවයක් බවට පත්වී තිබූ හොර මැරකම් වලින් තොර රටක් බිහි කිරීම යන තරුණ අවශ්‍යතාවය මල්ඵල ගන්වනු පිණිසය.
නැවත වරක් තාරුණ්‍යට කොකා පෙන්වමින් එම බිහිවූ යහපාලන රජය අල්ලපු හොරෙක්වත් දූෂණ-වංචා වක් වත් රටට හෙළි කළේ නැත.
ඉන්පසු මුලුමහත් ලෝකය පුරාම පැතිරෙමින් තිබූ පරිසර ආරක්ෂා කිරීම පරිසරය සුරැකීම යන තරුණ යුගයේ අවශ්‍යතාවය තේරුම් ගත් පරාජය වූ රාජපක්ෂ වරුන් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අවශ්යතාවය බවට විල්පත්තු වනෝද්‍යානයේ සංහාරය කරළියට ගෙනාවේය. එහිදී එම සංහාරයට මුල්වු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහයෝගය දෙන කිසිදු දේශපාලනික පක්ෂයකට චන්දය දෙන්න එපා යැයි මතවාදයක් ලංකාව පුරාම පැතිර වීය .

අවසානය්දී ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ ලංකාවේ තාරුණ්‍ය නැවත වරක්රැවටීමකට ලක් කරමින් විල්පත්තුව වෙනුවෙන් පෙනී සිටි සමස්ත ශ්‍රී ලාංකික තාරුන්‍යය මහා පාවාදීමකට ලක් කළේය. මෙම ලිපිය සකසන මොහොත වනවිට වර්තමාන තාරුන්‍යයේ දිශා නතිය යොමු වෙමින් තිබෙන්නේ පරිසර අලංකරනය පරිසර සුන්දරත්වය වර්ධනය යන තරුණ්‍යයේ නර්මාණ ශීළී සිතැඟි උදෙසාය.
තාරුන්‍යයේ මෙම නිර්මාණශීලී අවශ්‍යතාවය කෛරාටික දේශපාලනඥයින්ගේ අවියක් බවට කෙමෙන් කෙමෙන් පත්වෙමින් ඇත. මෙම හසරැලි රැලි බවට පත්වී කැරලි බවට පත්ව තරුණ්‍යයේ උසස් සාතුවිලි තිඹිරිගෙය තුළම මියයන්නෙ අසික්තකිත දේශපාලනය අතපෙවීම මතය. 
මෙම කරුණ හරියාකාරයෙන් අවබෝධ නොකරගන්නා තාක්කල් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අවස්ථාවාදී දේශපාලකයාන්ගේ වහල්බාවයට ගොදුරු වීම නොවැලැක්විය හැක. මෙම තත්ත්වයට  හේතුව නම් ශ්‍රී ලාංකීය තරුණ්‍යය මොළයෙන් නොව හදවතින් ක්‍රියාත්මක කරන සිතුවිලි මත පදනම්ව කටයුතු කරන තරුණ සමාජයක් වීම මෙයට මූලිකම හේතුවයි.
ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ සරකානි සූත්‍රයේ දේශනා කරන ලද යෝනිසෝ මනසිකාරයෙන් යුතුව නොඑසේනම් එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කරන විචක්ෂණශීලී තරුණ පරපුරක් ශ්‍රී ලංකාද්වීපයේ බිහිවේවායි ප්‍රාර්ථනා කරමින් මෙම සටහන මෙසේ තබමි.

No comments:

Post a Comment