Saturday, June 17, 2017

සොදුරු නිම්තෙරක පියමන්කළ නිහඩ ආදරය

                 මේ කථාව පටන්ගන්නෙ NIBM ඩිප්ලෝමා එක කරන්න පටන්ගත්තු කාලේ.ඒ දවස්වල ප්‍රබාශ්ගේ “ මුන්නා“  ෆිල්ම් එක බලල ඒ විදියට තමයි ස්ටයිල්.යන්නෙ එන්නෙ අදින්නෙ .අවුලකට තිබ්බෙ කොට සින් එක නෙවෙයි පොඩ්ඩක් උස මදි සින් එක.. කොහොම කොහොම හරි ඒ යන කාලේ එළකිරි අයියල සෙට් එ‍කක් සෙට් උනා යන්නෙ උදේ 5.30 හවස 4.20 පොල්ගහවෙලේ. හවසට අපේ සෙට් එක එක්ක උදේට ඔෆිස් යන සෙට් එකත් එක්ක යන්නෙ එන්නෙ. ඔය කාලෙත් ස්පෝර්ට් උණ හොදටම තිබුන.ඒත් ක්‍රිකට් වලට එච්චරම එහෙම එක්ක නැ දෙයියනේ කියල දුවන්ඩ පුළුවන් උනාට බොල දන්ඩවත් පිස්සුවෙන් වගේ 6යේ 4 ඒවවත් බැ. ඔන්න ඔය කාලේ NIBM අපේ බැජ් එකේ ක්‍රිකට් ටුනර්මන්ට් එකක් සෙට් උනා..කොන්දේසියක් තිබ්බ එක ටිම් එකකට කෙල්ලො තුන්දෙනෙක් ඉන්ඩ ඕන කියල. අපේ ටීම් එක “ගිරිපුර“ කොටින්ම කිව්වොත් ඔක්කොම නසමරානි.අන්තිම දවස වෙනකන් කෙල්ලො තන්දෙනෙක් හොයාගන්ඩ බැරුව ඉන්නකොට සජ්ජ ගහපු හයකට තමයි මෙලාවයි රදීවයි තිලිවයි සෙට් උනේ.කොහොම කොහොම හරි මැච් එකත් දිණුව . 

            ඔය සින් යන අතරෙදි බළු පිස්සුවත් සැරට තිබුණ. චෙකා කුක්ක කාලෙ නිසා .බළු මිත්‍රයො හුගක් හිටිය. අපේ බැජ් එකෙත් හිටිය ඒකටම හරියන කොල්ලෙක්.ආයේ කියාපු ඩයල් එක.බුලක් ගහන්න හිතුනහම ලෙක්චර්හෝල් එකේ පිටිපස්සට ගිහින් අරුත් එක්ක බලු කථා.ඔන්න ඔය අතරෙදි මැච් ෆිට් එකට සෙට් උන සෙට් එක තමයි විකාරයි, මෙලා ,රදි, තිලි, ඉමේෂා, ධජි. මේ සෙට් එකත් එක්ක අදටත් මේ කථාව කියන මොහොතෙත් අපි අතරෙ හොද යාළු කමක් තියෙනව. කොහොම උනත් මම ඉස්සරහ, ගැල්ළමයි ටික වෙනම, ඊට ඉස්සරහ විකාරල. අපි හිටියේ ක්ලාස් එකේ වෙන වෙන තැන්වල. හවසට ගෙදර යද්දි තමයි කට්ටිය සෙට්වෙලා කයිය පටන්ගන්නෙ. ඔහොම ටික කාලයක් ගතවෙලා ගියා.
            ඔය අතරෙදි එක දවසක් පිටිපස්සෙ පෝලිමක ඉදන් චිට් එකක් අපේ ගෑල්ළමයි ඉන්න පෝලිමට එනව. දෙයියනේ කියල අපේ උන්ටිකත් ඒක ඉස්සරහට යවුව. ලෙක්චර් එක කරපු මැඩම් අතට ගිහින් එක කෙළියයි එතන. චිට්එක එවපු එකා කොහොම හරි තව එකක් එව්වළු. මුන් එකත් ඉස්සරහට යවල. කොහොම හරි පටිපස්සෙ පේලියේ හෙන තඩියෙක් එක්ක ඉන්න සෙට් එකක් තමයි මේ වැඩේ කොරන්නෙ. කොහොම හරි මුන් ටික දගලල චිට් එකක් එවාගන්නව අපේ ළමයින්ට. ඔන්න ඔතන තමයි අර පතාගෙන අපුව ඔතාගෙන යන්ඩ සෙට් උන තැන. චිට් එක තිබුනෙ ඉමේෂට. දැන් ඔන්න එකම කතන්දරයයි. මේ සිදුවීම මම දන්නෙ නැ. කොල්ල ඉස්සරහ වැඩ. අපේ සෙට් එකට මෙකෙ විස්තර හොයා ගැනිම අමාරු කරනව. විශේසඥ්ඥ  රදි ඇතුළු කන්ඩායම මුලික පරීක්ෂණ කරනව. හරි යන්නෙ නැ වැඩේ කචල් පරීක්ෂණ අසාර්ථකයි. මල්සරා නැ මල්සරාගේ ඊතලෙ විතරයි .එදා ඔක්කොම ක්ලාස් ඉවරවෙලා.හවස කට්ටිය සෙට් උනාම තමයි වැඩේ පත්තු වෙන්නෙ.

ඉදිරි පරික්ෂණ සදහා OIC විශාරටයි මටයි හම්බෙනව. අපේ කොල්ල මොනවද ඉතින් ග්‍රාමසේවක වගෙ අනේ අම්මේ ඕන එකක් විකාර පුතා වැඩේ ගොඩදානව පැමිණිළි පක්ෂයේ ප්‍රශණ කිරීම් විතරක් ෆේස්බුක් මැසේජ් 19000 පනිනව. ඔන්න දවස් 2කකට පස්සෙ අපේ කොල්ල උත්තරේ අරන් එනව..පරීක්ෂණ කටයුතු සාර්ථකයි චිට් එක එවපු කොල්ලව හම්බෙනව . කවුද මේ කොළුව අර පෙරකී මගේ බළු මිත්‍රයා. දැන් එතකොට මේ කථාවෙ පෙම්වතා සහ පෙම්වතිය පැහැදිළියි. ඒ විදියට තමයි ඒ කථාව පටන්ගන්නෙ.

            පෙම්වතා සහ පෙම්වතිය පැහැදිළි උනාට මුන්දෙන්නා එකතු කරගන්න අවුරුද්දක් විතර කල් ගියා. හේතුව තමයි කථාවේ පෙම්වතා ලැජ්ජ බයට හැදුණු හොද කොල්ලෙක්. මේ අතර කාලයේදී මේ කථාන්දරේ රසමුසු තැන් ගොඩක් තිබුන. අපේ පෙම්වතාගේ තඩි මිත්‍රයාට තමයි මේ මගුල ගොඩ දාන්න ඕමනාම වෙලා තිබුනෙ. හැබැයි උන් හිතන් හිටියෙ මේක ඒක පර්ශවික ආදර කථාවක් කියල. එතකොටත් මේක දිවීපාර්ශික ටෙලිපති ආදර කථාවක් බවට පත්වෙලා තිබුණ. කොහොම උනත් මගේ තඩි මිත්‍රයා මේ ආදර කථාවට “වර්ණපාල න්‍යාය‘‘ එක්ක ගොඩක් සෙල්ලම් දම්ම තමන්ගෙ යාළුව වෙණුවෙන්. මගේ මිත්‍රයා විකාරට තමයි මේ හැම කථාවක්ම ඇහැවුවෙ.කොහොම කොහොම හරි පළවෙනි අවුරුද්ද වෙනකොට මේක ද්වීපාර්ශික ආදර කථාවක් කියන එක අපේ තඩි මිත්‍රයා ඇතුළු අපි සෙට් එකම දැනගත්ත. මේක එහෙම වෙලා අවුරුදු එකහාමරක් ගත උනා තවමත් අප්‍රකාශිත අදර කථාවක්.


මට මතක විදියට අපේ දෙවෙනි අවුරුද්දෙ මැදක් ගිහින් ,මගේ විරක්‍රියා හින්ද හයර්ඩිප්ලොමා එකේ මාසතුනක් පරක්කුවෙලා තමයි මම පටන්ගන්නෙ. ඉමේශල අපිට වැඩිය මාසතුනක් සිනියර් එතකොට එයාලගේ බැජ් එකේ අන්තිම දවස. එතකොට විකාරයි මෙලා රුචි තිලි මෙයාල ඩිප් එකෙන් පස්සෙ ජොබ්වලට සෙට් වෙලා. ඉතිරිවෙලා හිටියේ රදි & ඉමේෂයි විතරයි. මමයි මගෙ තඩි මිත්‍රයයි ඊට දවස් දෙකකට කලින් ගැහැවුව ප්ලෑනක් අන්තිම දවසේ ලන්ච් එකෙන් පස්සෙ මුන් දෙන්නව සෙට් කරමු කියල.මම කෙල්ලව අරන් ආව මගේ මිත්‍රයා කොල්ලව අරන් ආව. කවුරුවත් දන්නෙ නැ මොකද වෙන්නෙ කියල. අපේ පෙම්වතාව කෙල්ලගෙ ඉස්සරහට ගෙනිච්ච විතරයි දෙන්නම ෆුල් මාවලස් අපිට ෆුල් අන්දොස්. මට මතක් උනේ පූසෙක්ව උස්සල කෙහෙල්ගහේ මුදුනට අත ඇරිය වගේ සින් එකක්.ඔන්න අවුරුදු දෙකක් පුරාවට ද්වීපාර්ශික විතැන් වෙලා තිබුණු ආදර කථාවක් එක්තැන් කරල දුන්න. ඩබල මේ කාලේ වෙනකොට දැන් ගෙවල්වලට කියල.ළගදිම වෙඩින් එකත් ගනියි. කොහොම උනත් උන්දෙන්නට කියන්ඩ හොද ආදර කථාවක් තියෙනව නාකි උනහම.ඒ වගෙම මෙකට සෙට් උන අපිටත් අපේ යාළුවෙකුගෙ සතුට බළල සතුටු වෙන්න තරම් අපේ හිත් අවංකයි කියනදේ අපිට ඉගැන්නුව...

4 comments: