Wednesday, August 8, 2012

ආදරය සහ අමරණීයත්වය..........




                   ප්‍රේමයේ මිණුම් දණ්ඩ ලෙස සැලකෙන්නේ අනෙකාගේ හදවතට සමීප විය හැකි ප්‍රමාණයයි.එය මෙතුවක් කල් තමන්  පිළිබදව නොදත් යම් රහසක් තවකෙකු විසින් අනාවරණය කරගැනීමක් බදුය.පිරිමියෙක් නම් ස්ත්‍රී නිමිත්තකගේද  ස්ත්‍රියක් නම් පුරුෂ නිමිත්තකගේද වැඩි අවධානයකට ලක්වන විට තමා තුළද දැඩි ආත්ම විශ්වාසයක් හටගනී.එපමණක් නොව එම ආත්ම විශ්වාසය කරණකොටගෙන එකී පුද්ගලයාට තව තවත් ප්‍රිය වන්නට රූපයෙන්ද හැසිරීමෙන්ද  උනන්දුවේ.අනෙකාද එසේමය .ඔහු/ඇය කැමති දේ, මා කිරිමත්, මා කැමති දේ ඔහු/ඇය කිරීමත් තුළ ඇතිවන මානසික එකගතාව එක්තරා මොහොතක දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් නිර්මාණය වීමට තුඩු දේ.

                         
                  ලාංකීය සමාජය තුළ මෙසේ පෙම් සබදතාව ඇරඹිදා පටන් ‍පෙම්වතිය පෙම්වතාගෙන් විමසන්නේ විවාහ වන්නේ කවදාද යන්නයි.ආදරය ලබාගෙන අත්පත් කරගැනීමට පමණක් නොව, ඒ කී තැනැත්තා තමාටම හිමි කරගැනීමට වෙර දරන්නේ ආදරය ආත්මාර්තකාමී නිසාද?.
ආදරය ගැන තරම් කවි කතාන්දර ලියැවුණු වෙනත් තේමාවක් නැති තරම්ය.ඒ තරම්ම ආදරය විවිධාකාර බැවිනි.බොහො යෞවන යෞවනියන් තම ප්‍රේමය නීත්‍යානුකූල වශයෙන් හිමිකර ගැණීමට වෙරදරන්නේ ඔහු/ඇය තමා හැරදා යතැයි යන බිය නිසාවෙනි.එහෙත් ඔබත් මෙසේ සිතන පෙම්වතෙක් නම් ඔබ අනිවාර්යෙන්ම ඇය ගැන සෝදිසිවයන් සිටිනු නිසැකය.සෑම විටම සැකයෙන්ම ඇය ගැන සෝදිසි‍යෙන් සිටිණු නිසැකය.සෑම විටම සැකයෙන් ඇය දෙස බලනු නොඅනුමානය.දවස අවසානයේ ඇගෙන් දෛනික කටයුතුවල ලැයිස්තුවක්ගෙන ඒවා ඇයට හොරෙන් විමසා බලන්නේය යන සත්‍ය ඔබට  අදාළය.එපමණකින් නොනැවතී ඔබ ඇයට යම් යම් දේ කරන්න එපා,යම් යම් පුද්ගලයන් ඇසුරු කරන්නට එපා යැයි තහංචි පනවන්නෙකු විය හැකිය .එය ඔබගේ පැත්තෙන් සාදාරන වුවත් ඇගේ පාර්ශවයෙන් අසාදාරණය. ඒ ඔබ ආත්මාර්තකාමී ලෙස ඇයව ඔබට නතුකර ගැනීමට උත්සහ දරන්නෙක් මිස ඇයට නියමාකාරයෙන් ආදරය කරන්නෙක් නොවන නිසාය.ඒ අනූව බලන කළ ඇය ,ඔබගෙන්  ලැබෙන ආදරය සම්බන්ධයෙන් කනස්සළුවන බවනම් නිසැකය විටෙක ඇයට ඔබ මහත් කරදරයක් වේ.එහෙත් ඒබව ඇය ඔබට නොකියනා බැවින්.මම එය කියමි.ආදරය කළ යුතුය.ආදරය ආරක්ශාකල යුතුය.ඇය ගැන සොයා බැලිය යුතුය.එහෙත් එය යුතුකමක් ලෙස මිස ඇය සිරකාරියක් සේ සලකා ඇයට බලපෑම් කිරීමේ අරමුනින් නොවේ.එ හෙත් පැනය වන්නේ ඇයත් ඔබත් ආදරය කරයි නම් ඇය ගැන මෙසේ බිය වන්නේ කුමකටද යන වගයි.




         ආදරය යනු නිවනසේය.ආත්මාර්ථකාමීත්වය හෝ තෘෂ්ණාවෙන් කතාරවු විට එහි සුන්දරත්වය වැඩි වැඩියෙන් හිතට දැනේ.පුහුදුන් මිනිසාට එතරම් තෘෂ්නාවෙන් මිදීමට නොහැකි වුවත් යම් තරමකට හො ඔබට වින්දනිය අත්දැකීමක් වේ.ආදරය යනු සැබැවින්ම හදවතට සුවදෙන හැගීමකි.මුළු හිතම හිස්කර  ආදරයෙන් හදවත පුරවාගත හැකි නම් බොහෝ කාලයක් සතුටින ජිවත් විය හැක.ලොකයේ සුන්දර ආදර කතා සෑම එකක්ම අත්පත් කර ගැනීමෙන් කෙළවර වු ඒවා නොවේ.අහිමි විම තුළ ඔවුන් ගේ ආදරය ශේෂ වී වර්තමානය දක්වාම පවත්නේය.රෝමියෝ ජුලියට් ආදිය පෙම් කතා අමරණීය වන්නේ එහෙයින්ය.
අත්පත් කර ගැනීමත් සමග ආදරය කිරීම කෙරෙහි වූ උනන්දුව ක්‍රමයෙන් වියැකි යන බැවින් හොදම උපරිම ආදරය ලද හැක්කේ නොලැබී සිටින විටදීය. ඒ තුළ ඇතිවන උද්වේග කර  උනන්දුවම ආදරය තව තවත් තීව්‍රභාවයට පත් කරයි.





                 ආදරය යනු ස්වාර්ථය පිණිස නොව පරාර්ථය උදෙසා ය. ආදරයේ මිහිරියාව විදින්නට නම් විරහවක් නොවෙනස් යම් හෝ දුරක තැබිය යුතුය.හිඩැස් පිරවිම කෙරෙහි මිනිස් මනසෙහි පවතින උත්තේජනාත්මක මේහෙයවීම අපරිපූර්න ලෝකය පරිපූර්ණ ලොකය කිරිමට දරන අසාර්තක උත්සාහයකි.එසේ වුවත් ඔබ ඇගෙන් මදක් දුරස්ව සිටියහොත් ආදරයේ මිහිරියාව වෙනදාටත් වඩා ඔබගේ හදවතට සමීපව දැනෙනු ඇත. “මා දකින පරිදි විශිෂ්ටතම ආදරයේ ශේෂයන් දැක ගැනීමට විරහ වු පෙම්වතුන්ගේ ආදරය උගත යුතුය”. ඇමරිකාණු ජාතික නවකථා කරුවකු වන  Nicholas Sparks ගේ  Note Book,Dear John    ආදී නවකතාවන්හි  එකිපෙම්වතුන්ට සිය ආදරයේ හිමිකාරිත්වය ලැබෙන්නේ‍ බොහෝ කලක් ඇවෑමෙන්ය. Note Book  නවකතාව මෙතරම් සංවේදී වන්නේ, මරණාසන්‍න කාලවකවානුවේදි දැන හදුනාගත් නමුත් ඒ ආදරය අත්පත් වන්නේ මරනයද සමග බැවිනි.එහෙත් ඒ මොහොත වනතුරුත් අතීත ආදරයේ මතකය ඔවුන් ජිවත් කල අතර ,හිමිවිමේ සංතෘෂ්ටිය විදගනිමින් ඔවුහු මරණය වැලද ගත්හ.එය හුදු කතාන්දරයක් පමනක් නොවේ. එවැනි සත්‍ය ආදර වෘතාන්ත වශයෙන්ම මෙලොව පවතින බව සත්‍යක්ම වේ.
                  ඔබ සැබවින්ම ආදරය කරයිනම් ඔබේ පෙම්වතිය දෑස මානයේ ඇගේ ලෝකයේ ජිවත් කරන්න.ඇය ඔබට හිමි නම් ඇය ඔබ කරා එනු ඇත.එසේ නොවුවද ඔබේ ආදරය මේ විශ්වය තුළ අමරණීයත්වයට පත්ව ඔබ හදේ ඉමිහිරි මතකයක් වනු ඇත.දුක් නොවන්න.එය වනහී  ඔබ අත්පත් කර ගැනිම  අභිබවා වින්දනය කරන්නාවු පරමානන්දනයයි........

1 comment:

  1. සහතික ඇත්ත මචන්..ගොඩාක් දෙනෙක් ආදරයේ නොදකින පැත්තත් මේකමයි..සත්‍ය ආදරය කියන්නේ මොකක්ද කියලා පෙම්වතුන් 100 කින් ඇහුවොත් 100 ක් දේවල් කියාවි ඒත් සැබැ පිවිතුරු ආදරය ගැන දෙන්න පුලුවන් හොදම පැහැදිලි කිරිමක් උබ කරලා තියෙනවා මචන්..ජය වේවා!!!

    ReplyDelete