Monday, October 17, 2011

1).පොර ටොක්ස්......

නොහැකි උනත් අනුනට ගරහන්න එපා
තම මිම්මෙන් වෙනෙකෙකු දෙස බලනු එපා
වන සිව්පාවකු ලෙස හැසිරෙන්න එපා
මිතුරකු වුවත් පිස්සකු වෙන්න එපා

-සෙනෙවි ඊෂණ-
තමාට නොහැකි දේ වෙනෙකෙකු කලද ඔහු තමා මෙන් යැයි සිතා පල් කිරීම අද සමාජයේ දක්නට ලබෙන අඩුවකි.වන සතුනුත් මෙසේ එකිනෙකා ගේ හැකියාවට ගරහති.එසේ කරන්නා මානසික ලෙඩෙකු ලෙස සැලකේ. සැම විටම අනුන්ව අගයන්න හුරුවන්න.එවිට ඔබටද වටිනා කමක් ලැබෙනු ඇත..

3 comments:

  1. මචං මේකෙ පොඩි වැරැද්දක් තියෙනවා. වන සතුන් කිසිවිටකත් තවකෙකුගේ හැකියාවට ගරහන්නෙ නැත. එහි ප්‍රතිලෝමය එනම් වන සතුන් නිතරම ප්‍රභලයා, දුබලයා යට කොට නැගී සිටින අතරම දුබලයා ප්‍රබලයා කෙරේ ගර්වයෙන් ඉවත් වේ.

    නමුත් මිනිසා නම් ඔබ කිව් කාරණයට සම්පූර්ණයෙන් එකඟ එකම සත්වායා වෙයි. එය මානසික රෝග ලක්ෂණයක්ද නැතිනම් ස්වාභාවික තත්වයක්ද යන්න පවා සැකයට බඳුන් වන තරමටම එය මිනිසුන් තුල පවතී...

    ReplyDelete
  2. වනසිවුපාවුන් කිවහම කොටස් ගනනාවකටම බෙදෙනව..ඔය සත්‍යගැලපේනේ වානර ගොත්‍රයට පමනයි.බිලළාල ගොත්‍රයට,සිගාල ගොත්‍රයට,හා සර්ප සහ මත්‍ස්‍ය යන්ට ගැලපෙන්නෙ නෑ.
    උදා-
    1 සිගාල ගොත්‍රයේ "සයිබීරියන් හස්කි" කියන වෘක වර්ගය තමන් කොච්චර දුබල උනත් පුබලයි කියල හිතල සටනෙදි සිංහයින්ගෙන් මෑරුන් කනවා...
    2බිලාල ගොත්‍රයේ අපිට නිතරම පේන පූස් වලි...
    3.1900 මුල් බාගයේදී මෙලොවින් සදහටම සමුගත් ඔස්ටේලියන් හයිනාවන්...
    හොදම උදාහරන
    දීගනිකායෙ පැහැදිලිව මේ දේ කියල තියෙනව.වන සතුන් මෙන් එකිනෙකාට ගරහන්න එපා කියල...

    ReplyDelete
  3. :) එහෙනම් කමක් නෑ. කොහොම වුනත් මං නියෝජනය කරන වානර ගෝත්‍රය මිනිස්සුන් වගේ යයි වැරදි අර්ථකතන නිර්වචන ඉදිරිපත් කරනවට මං කැමති නෑ. වෙන ඕනැ සතෙක්. වානරයින් හෙම නෑ ;)

    ReplyDelete