Monday, March 5, 2018

අමුනුගම නැටුම් පරපුර

maxresdefault.jpg (1280×720)අමුණුගම නැටුම් පරම්පරාව

හන්තාන ප‍්‍රදේශය පිළිබඳව පුරාවෘත්තයෙන් කියැවුණ ද ලංකාවේ කන්ද උඩරට ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් උඩරට නැටුම් සම්ප‍්‍රදාය බිහි වූ බව විද්වතුන්ගේ මතය යි. ඉහතින් සඳහන් කළ පුරාවෘතය මෙම නැටුම් සම්ප‍්‍රදායන් සඳහා පදනම වූ බව සිතිය හැකිය. උඩරට පාත දුම්බර ප‍්‍රදේශය මෙම නැටුම් සම්ප‍්‍රදායන් සඳහා නිජබිම ලෙස පිළි ගැනෙන අතර ‘අමුණුගම, ගුන්නෑපාන’ වැනි ප‍්‍රදේශ මේ සඳහා වඩාත් ප‍්‍රසිද්ධියක් උසුලයි. උඩරට නැටුම් සම්ප‍්‍රදායන් ගුරු කොට ගනිමින් විවිධ නැටුම් ශිල්පීය ක‍්‍රම අනුගමනය කරන නැටුම් පරම්පරා, මෙම ප‍්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් හා විකාශනය වෙමින් අද ද පවතී. ‘අල්ගම, නිත්තවෙල, මාදන, ඇලෝටුව, කහල්ල,පූජාපිටිය, 
මාකෙහෙල්වල, පලිපාන, හිඳගල, ගල්ලෑල්ල, වේරපිටිය, තිත්තපජ්ජර,තල්ගහගොඩ ’ වැනි නැටුම් ගුරු පරම්පරා මේ සඳහා උදාහරණ සපයයි. උඩරට නැටුම් සම්ප‍්‍රදාය ගුරු කොට ගනිමින් එම පරම්පරාවලට ම ආවේණික නැටුම් ක‍්‍රමශිල්පීය ක‍්‍රම අනුගමනය කරමින් මෙම නැටුම් පරම්පරා සිංහල සංස්කෘතියේ අනන්‍යතාව මුළු ලොවටම කියා පායි.


අමුණුගම නැටුම් පරම්පරාව ද මෙම නැටුම් පරම්පරා අතර සුවිශේෂී ලක්‍ෂණ ප‍්‍රකට කරන ඔවුනටම ආවේණික ක‍්‍රමශිල්ප ඔස්සේ යමින් උඩරට නැටුම් සම්ප‍්‍රදාය සමතික‍්‍රමණය කර ඇති උඩරට නැටුම් පරපුරකි. බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ වන් මහනුවර ශ‍්‍රී දළදා මාළිගාව විසින් පවත්වනු ලබන වාර්ෂික පෙරහර ශ‍්‍රී ලංකා සංස්කෘතියේ අනන්‍යතාව විදහාපාන විවිධාකාර වූ සංස්කෘතිකාංග ඇතුළත් සංස්කෘතික පෙරහරකි. මෙම පෙරහරේ සුවිශේෂීම අවස්ථාව වන්නේ සර්වඥ ධාතූන් වහන්සේලා රැුගත් කරඬුව, මංගල හස්තිරාජයා පිට වැඩමවන අවස්ථාවයි. ජාති-ආගම් කිසිඳු භේදයකින් තොරව පෙරහර නරඹන සියලූ දෙනාම නැගී සිට ආචාර කරනුයේ මෙම අවස්ථාවේ ඇති පෞඪත්වය හා ගාම්භීරත්වය මෙන් ම වන්දනීය ස්වභාවය නිසාවෙනි. සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති කරඬුව වැඩම කරවන මංගල හස්තිරාජයාට ඉදිරියෙන් ගමන් කරන නැටුම් කණ්ඩායමකි, කරඬුවට පිටුපා කිසිඳු නර්ථනයක නොයෙදෙන මෙම උඩරට වෙස් නැටුම් කණ්ඩායමට ම ආවේණික නර්ථනාංගයන්ගෙන් යුක්ත වන අතර බෙර වාදනයෙන් ද යුක්තය. පෙරහරේ සුවිශේෂී ස්ථානයක නර්තනයේ යෙදෙන මෙම නැටුම් කණ්ඩායම අන් කිසිවෙක් නොව පාරම්පරිකව දළදා පෙරහරේ නර්ථනයේ යෙදෙන අමුණුගම නැටුම් පරපුරට අයත් නැටුම් කණ්ඩායමයි.

එමෙන්ම දළදා වහන්සේට දිනපතා කරන පුද සත්කාර අතර, හේවිසි පූජාව  දිනකට දෙවරක් උදෑසනට සහ සන්ධ්‍යා භාගයට සිදු කරනු ලබයි. මේ සඳහා ද එක් එක් නැටුම් පරපුරට අයත් හේවිසි වාදන ශිල්පීන් සහභාගී විය යුතු අතර මහනුවර දළදා මාලිගාවේ දී පෙරමුණ ගනු ලබන්නේ අමුණුගම පරපුරෙහි හේවිසි වාදන ශිල්පියෙකු විසිනි. මුල් කාලයේ දී , එනම් දළදා වහන්සේ මහනුවර දළදා මාලිගාවේ වැඩ වාසය කිරීමට පෙර අමුණුගම නැටුම් පරපුරෙහි ප‍්‍රධාන කාර්යය භාරය වූයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට තේවා නැටුම් ඉදිරිපත් කිරීම සහ පුද සත්කාර කිරීමයි. නමුත් පසු කාලීනව දළදා වහන්සේ මහ නුවරට වැඩමවීමත් සමගම ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිදුකළ පුද සත්කාර දළදා වහන්සේ වෙත සිදු කිරීමත් මෙම පරපුරෙහි වගකීමක් වී තිබේ.


පුරාවෘත්තය

Prasanna-Weerakkody-3-640x400.jpg (640×400)
ලාට රටින් පිටුවහල් කරනු ලැබූ විජය කුමරු ඇතුළු සත් සියයක් පිරිවර බුදුන් වහන්සේ පිරිණිවන් පා වදාළ දිනයේ දී ලංකාද්වීපයට ගොඩබටහ. අසීමිත කැප කිරීමකින් යුක්තව විජය කුමරු හට ලංකාද්වීපය භාර කළ කුවේණිය, විජය රජුගේ අගමෙහෙසිය වූ අතර, දීඝහත්ථ සහ දිසාල යන දරුවන්ට මව වූවාය. අභිෂේකය නමැති සංකල්පයට නීත්‍යානුකූල බවක් ආරෝපණයවීමට නම්, දඹදිව කාන්තාවක් ම අග‍්‍රමහේෂිකාව විය යුතු බවට වූ , බමුණන්ගේ අදහසට හිස නැමූ විජය රජ, සිය දිවි දෙවැනි කොට කැපකිරීම් කරමින් තමා ලංකාද්වීපයෙහි රජ බවට පත් කිරීමට කටයුතු කළ කුවේණිය සහ දරුවන් , සැහැසි අයුරින් රාජ මාළිගාවෙන් පළවා හරින ලදි. තම වර්ගයාගෙන් ද සරණක් නොලද ඇය අසරණව දරුවන් සමග වනගත වූ අතර මෙවන් තත්වයකට පත් කළ සියල්ලන්ට  ඕ ශාප කළාය.


දෙවැනි වර වූ අභිෂේකයත් සමග විජය රජ මධුරා පුරයෙන් ගෙන්වා ගත් කාන්තාවක් සිය අගබිසව ලෙස පාවා ගන්නා ලදි. කුවේණිය යනු යක්‍ෂ ගෝත‍්‍රයේ කාන්තාවකි. යක්‍ෂ ගෝත‍්‍රිකයින් මායා ශිල්පයේ දක්‍ෂයෝ වූ බැවින් කුවේණිය ද මායා ශිල්පයේ අග‍්‍ර හැකියා ඇත්තියක් වූවාය. තමාට සිදු වූ අසාධාරණයට පළි ගැනීමට අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටි ඇයට, විජය රජු සිය දෙවන බිසව වන ‘විජායී’ සමග ගෙවන පළමු රාත‍්‍රිය ඊට කදිම අවස්ථාවක් බව වටහා ගත්තාය. කුවේණියගේ මායා ශාස්ත‍්‍රයේ හැකියාව අවබෝධ කරගත් විජය රජ, තමාටත් තම බිසවටත් ඇයගෙන් කිසියම් අනතුරක් වෙතැයි වූ සැකය හේතුවෙන් රජවාසල සහ මාළිගයේ රැකවල් තරකර තබන ලදි. රජුගේ මංගල රාත‍්‍රියෙහි දිවියෙකුගේ වේශයක් මවාගත් කුවේණිය රජ මාළිගය වෙත පිවිසීමට උත්සාහ කළ ද, යොදා ඇති දැඩි රැකවල් මධ්‍යයේ එය අපහසු කාර්යයක් විය. එබැවින් රජු සහ බිසව සිටින ශ‍්‍රී යහන් ගබඩාවේ දොර යතුරු සිදුරෙන් රජු සහ බිසව දැක, තම මායා බලයෙන් වීදුරු වැනි දිවක් මවා එම දිව, යතුරු සිදුරෙන් ශ‍්‍රී යහන් ගබඩාව වෙත දිගු කළාය. මෙය දකින ලද මුර සෙබළුන් වහාම දිව කපා දමන ලදි. කුවේණිය වහා එතැනින් පැනගිය අතර කැපී වැටුනු දිව රත‍්‍රන් භාජනයක දමා ආරක්‍ෂා සහිතව තැබීමට රජු විසින් පියවර ගන්නා ලදි.


කාලයාගේ ඇවෑමෙන් ‘පණ්ඩුවාසදේව’ රජ බවට පත් වූ අතර මාළිගයේ වූ මෙම රත‍්‍රන් භාජනය ඔහු විසින් සොයා ගන්නා ලදි. රත‍්‍රන් භාජනය විවෘත කර බැලූ සැණින් එයින් දිවියෙකු පැණ දිවීම හේතුවෙන් පණ්ඩුවාසදේව රජු මහත් විමතියටත් ත‍්‍රාසයටත් පත්වූහ. මේ හේතුවෙන් මානසික පීඩනයකට ලක්ව සිටි රජ එයින් මිදීම සඳහා නොයෙක් පුද-පූජාවල සහාය පැතූව ද පලක් නොවූයෙන් මහත් කණස්සල්ලට පත්වූහ. ලංකාද්වීපයෙහි ආරක්‍ෂාව බුදුන් වහන්සේ විසින් ශක‍්‍ර දේවේන්ද්‍රයා වෙත පවරා තිබූ බැවින් රජුගේ මේ පීඩනය දුරු කිරීමේ කාර්යය ශක‍්‍ර දේවේන්ද්‍රයා විසින් ඊෂ්වර දෙවියන් වෙත පවරණ ලදි.


නදුන් උයනෙහි විරාජමාන ‘මලය කුමාරවරුන්ගෙන්’ ආවඩා ගැනීමෙන් රජුගේ මෙම මානසික පීඩනය දුරුවෙන බව වටහාගත් ඊෂ්වර දෙවියන් ඌරු වේශයක් මවා ගනිමින් මලය කුමාරවරුන් අසළින් පැන දුවන ලදී. දුණු හීතල අතැතිව ඌරා පසුපස හඹා යන මලය කුමාරවරු බොහෝ දුරක් ගෙවමින් නදුන් උයනෙහි සිට ලංකාද්වීපයෙහි හන්තාන ප‍්‍රදේශයට පැමිණියහ. ඌරු වේශය අත්හළ ඊෂ්වර දෙවියන් මෙතරම් දුරක් මලය කුමාරවරුන් කැඳවාගෙන ආ කාරණය පැහැදිලි කළ අතර කාරණය තේරුම් ගත් කුමාරවරු, රජුගේ මානසික පීඩනය දුරු කිරීම සඳහා වූ ශාන්ති කර්මය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි.

රියන් සැටක් දිග රියන් විස්සක් පළල මණ්ඩපයක් සාදවා, විසිතුරු ඇඳුම් ඇඳ,ආභරණ පළඳා, නර්තන විලාසයක් මවා පාමින්, මණ්ඩපය මත දී, මලය කුමාරවරුන් විසින් සිදු කරන ලද ශාන්ති කර්මයකින් පණ්ඩුවාස දේව රජු තුළ වූ මානසික පීඩනය දුරු කරන ලදි. ශාන්ති කර්මය සිදු කිරීම සඳහා මලය කුමාරවරුන් විසින් පළඳින ලද ආභරණවලින් අර්ධයක් හන්තාන ප‍්‍රදේශයේ ජන කොට්ඨාසයකට භාර කළ කුමාරවරු ආපසු දඹදිව බලා ගමන් කළ අතර මෙම ආභරණ ලබාගත් ජන කොට්ඨාසය විසින් එම ආභරණ දේවාභරණ සේ සළකා විවිධ පුදසත්කාර කරමින් ආරක්‍ෂා කරන ලදී. පුරාවෘතයන්ට අනුව, මෙම ආචාර - සමාචාර සහ පුද සත්කාර විධි,අදාළ ජන කොට්ඨාස අතර සම්මතයන් බවට පත් වෙමින් පරම්පරානුගතව පැවත එමින් පවතී. මෙම ජන කොට්ඨාස අතරින් එක් එක් නර්තන ක‍්‍රමශිල්පවලට සම්බන්ධ පරපුරු බිහි වූයේ යැයි සැළකේ. මලය කුමාරවරුන්ගේ ආභරණයන්ගෙන් අර්ධයක් ලැබුණු බැවින් ‘අර්ධාභරණ’ යනුවෙන් මෙම ආභරණ හඳුන්වන අතර, මණ්ඩපය මත දී මලය කුමාරවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නර්තන විලාසයන්ගේ ස්වරූපයෙන් වූ නර්තන විලාසයන් දැක්වීම මගින් මෙම අර්ධාභරණ පුදනු ලබයි. ‘කොහොඹා යක් කංකාරිය’ නමැති ශාන්ති කර්මය මේ අයුරින් ආරම්භ වූවා යැයි පිළි ගනියි.‘කොහොඹා යක් කංකාරිය’ යනු සෑම නර්තන විලාසයකටම අයත් නැටුම්, ප‍්‍රදර්ශනය කරනු ලබන හෙයින් එය මහා නර්තන මංගල්‍යයක් ලෙස පිළිගනු ලබයි.


නර්ථන ශිල්පිය ක‍්‍රම

අමුණුගම නැටුම් පරම්පරාව අයත් උඩරට නැටුම් සම්ප‍්‍රදායේ එන, වන්නම් දහ අට රචනා කර ඇත්තේ දකුණු ඉන්දියාවේ නාගපට්ටනම ස්ථානයේ විසූ ගණිතාලංකාර නම් බමුණා විසින් බව කියැවේ. පසු කාලීනව ගණිතාලංකාර බමුණාගෙන් ලබාගත් ‘‘ නෙර්ත මාලය ’’ නම් ග‍්‍රන්ථය ආශ‍්‍රයෙන් මල්වතු විහාරවාසී ස්වාමීන් වහන්සේ නමක් විසින් ලියන ලද ‘‘ වාදාංකුස රත්නමාලයට ’’ උඩරට නැටුම් ශාස්ත‍්‍රය සහ වන්නම්වල තොරතුරු ඇතුළු කොට තිබේ. වන්නම් බිහි වීමට කර්නාඨ සංගීතයේ පවතින ‘‘ වර්ණම් ’’ නම් භරත නාට්‍යංග ද මුල් වී ඇත. මහ නුවර රජ කළ ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්‍ද්‍රසිංහ රජුගේ කාලයේ බිහි වූ මෙම වන්නම් ජන සංගීතයේ සෞභාග්‍යය විරාජමාන කරයි. වන්නම් දහ අටෙන් නිරූපනය වන අංගයන් මෙසේය.

ගජගා වන්නම             - මගුලැතාගේ ගමන් විලාසය
උරගා වන්නම              - බඩගා යන සතුන්ගේ ගති පැවතුම්
ගාහක වන්නම             - සක් දෙවිඳුගේ සක්නද හඩ
තුරගා වන්නම              - අශ්වයාගේ ගමන් විලාසය
මුෂලාඩි වන්නම           - සාවාගේ ගති පැවතුම්
උකුසා වන්නම             - උකුස්සාගේ ඉරියව්
හනුමා වන්නම             - වඳුරාගේ ගති පැවතුම්
මයුරා වන්නම              - මොණරාගේ ගති පැවතුම්
සැවුලා වන්නම            - කඳ කුමරුගේ සැවුල් කොඩියේ සැවුල් ලාංඡනය
සිංහරාජ වන්නම          -සිංහ ලීලාව
නෛඅඩි වන්නම         -නාගයාගේ ගමන් විලාසය
කිරළ වන්නම              -කිරළාගේ නාද විලාසය
ඊරඩි වන්නම               -යුද සෙබලාගේ ගතිගුණ
සුරපති වන්නම             -ඊශ්වර දෙවියන්ගේ ස්වභාවය
ගණපති වන්නම            -ගණ දෙවියන්ගේ ගති සිරිත්
වෛරොඩි වන්නම        -ඊශ්වර විමානය වෛරොඩියකට උපමා කිරීම
උදාර වන්නම               -රජුගේ උත්කර්ෂවත් ගමන් විලාසය
අසදෘස වන්නම             -ති‍්‍රවිධ රත්නයට හා නාට්‍ය කලාවට උපහාරය
                                                                  
ආදී ලෙසය.  


පා සරඹ, ගොඩ සරඹ සූ විස්සේ සිට දෙතිස් තාලම්, සූ සැට සව්දම්, සොළොසක් දැකුම් අත්, සතලිස් අට පදත්, මා රැුඟුම් දෙසිය දොළසත් ඇතුළු ඈත අතීතයේ සිට අවිචින්නව පැවතෙන උඩරට නැටුම් සම්ප‍්‍රදායේ කේන්ද්‍රීය ශාන්තිකර්මය වන කොහොඹා කංකාරියත්, ඌරා විදමන වැනි නැටුම් ශිල්පීය ක‍්‍රමත්, බෞද්ධ පසුබිමකින් යුත් සත්සති පූජාව, සූවිසි විවරණ පූජාව වැනි අවස්ථා නර්ථනය තුළින් පෙන්වා දීමට තරම් මෙම අමුණුගම පරපුරේ නැටුම් ශිල්පීහු නර්ථනයේ ප‍්‍රවීණයෝ වෙති.ගැමි නාටක අතුරින් සොකරි නාටකය වැඩි වශයෙන් මෙම සම්ප‍්‍රධාය තුළ දැකිය හැකි වේ. එමෙන්ම ගැමි නැටුම් ලෙස රබන් නැටුම්,    ලී කෙළි නැටුම්, පන්තේරු නැටුම්, උඩැක්කි නැටුම් ආදී වශයෙන් හඳුනාගත හැකිය.ගැට බෙරය හෙවත් උඩරට බෙරය, අමුණුගම පරපුරේ දි ප‍්‍රධාන වාද්‍ය භාණ්ඩය වන අතර මගුල් බෙරය ලෙස නම් කර ඇත්තේද මෙය මය.


අමුණුගම පරම්පරාවේ නර්ථන ශිල්පීන් රැකියාවක් වශයෙන් නර්ථනයේ නොයෙදේ. රාජ්‍ය අනුග‍්‍රහය නොමදව ලබමින් ගම්වර ආදී භෞතික වස්තූන්ගෙන් පුද සත්කාර ලත් මොවුන්ගේ ආර්ථික රටාව එදා සිංහල රජ සමය තුළ දී ස්වයංපෝෂී විය. රජුට සේවය කිරීම සඳහා පත් කර ගන්නා ලද ඒ ඒ පරම්පරාවන් අතරින් රජු ඉදිරියේ නර්ථනයන් ඉදිරිපත් කිරීම සඳහා පත්කර ගන්නා ලද පරම්පරාවක් ලෙස මෙම අමුණුගම නර්ථන පරම්පරාව රාජ්‍ය ප‍්‍රසංසාව හිමි සුවිශේෂී ජන කොට්ඨාසයක් වශයෙන් එදා පිළිගත්හ. පසුකාලීනව රාජ්‍යත්වය පිරිහීමත් සමග බිහි වූ වලව් සම්ප‍්‍රදායෙන් ද අනුග‍්‍රහය ලත් මෙම නැටුම් පරම්පරාවන් වලව් පැලැන්තීන්ගෙන් විවිධ වරප‍්‍රසාද ලත් අතර, කෘෂිකර්මාන්තය මූලික කරගත් ජීවනෝපායක් උරුම කර ගත්හ. අද ද කෘෂිකර්මාන්තය මත සිය ආර්ථික රටාව හසුරුවා ගැනීමට මෙම නැටුම් පරපුරේ බොහෝ පවුල්වල සාමාජිකයින් සමත්ව ඇත. මීට අමතරව විවාහ මංගල උත්සවවල අෂ්ඨක කීම, විවාපත් යුවල සඳහා නැටුම් ඉදිරිපත් කිරීම වැනි කටයුතු සඳහා වර්තමානයේ මෙම නැටුම් කණ්ඩායම්වල සහාය ලබා ගනී.  කෙසේ වුවද වත්මන් ආර්ථික රටාවන් අනුව යමින් විවිධාකාර වූ ජීවනෝපායන ක‍්‍රම අනුගමනය කිරීමට මෙම පරපුරවල මෑත කාලීන සාමාජිකයින් උත්සාහ ගන්නා බවක් පෙනී යයි. අමුණුගම නැටුම් පරපුරේ පමණක් නොව බොහෝ නැටුම් පරපුරයන්වල ස්ථාවරත්වයට මෙය මහත් අභියෝගයක් බව නැටුම් පරපුරවල ප‍්‍රවීණයන්ගේ මතයයි.

වෙස් බැඳීම 

mqdefault.jpg (320×180)


නර්ථන ශිල්පියෙකුට වෙස් බැඳීම යනු උඩරට නැටුම් සම්ප‍්‍රදයේ දී ලැබෙන උපාධියක් හා සමානය. වෙස් ඇඳුම් නර්ථන සරසවියෙන් ලැබෙන උපාධි ලෝගුවයි. වෙස් බැඳි නැට්ටුවා නර්ථනය නමැති සරසවියෙන් අභිෂේක ලත් උපාධිධරයෙකි. වෙස් නැට්ටුවාට සමාජයෙන් බොහෝ පිළිගැනීම් පවතින අතර වෙස් බැඳීම ද ශාස්ත‍්‍රයකි. ශූභ මුහුර්තයන්ට අනුව විවිධ ආචාර සමාචාර විධීන් ඔස්සේ කිසියම් චාරිත‍්‍රානුගත සම්ප‍්‍රදායකට අනුව වෙස් මංගල්‍යය සිදු කරනු ලබයි. වෙස් බැඳි ශිල්පියෙකුට විවිධ නීති-රීති පවතී. එදා පටන් පැවති ආ ක‍්‍රමය අනුව වෙස් බැඳි සෑම නැට්ටුවෙකුට ම තමාගේ දස්කම් හෙවත් ශිල්ප දක්වන්නට අවස්ථාව ලැබුණේ පිංකම් පොලේ දී,පෙරහරේ දී සහ කංකාරියේ දී පමණි. පන්සල කේන්ද්‍රකර ගනිමින් පිංකම් පොලවල් පැවැත්වෙන අතර එහි උච්ඡුතම අවස්ථාව වන්නේ නැටුම් කණ්ඩායම් දෙකක් අතර සිදු කෙරෙන නැටුම් තරඟයයි. මැදියම් රැුයේ සිට පසුදා පහන් වන තුරු පැවැත්වෙන මේ නැටුම් සංදර්ශනය ඒ ඒ නැටුම් සම්ප‍්‍රදායන් හා නැටුම් පරපුරයන් වල ශක්තිය විදහාපාන්නක් විය. මෙම නැටුම් තරඟ සඳහා අමුණුගම පරම්පරාවේ ප‍්‍රවීණයන් මෙන්ම මුද්දනාව, ඇලඔටුව, මාමුඩාවල, දමුණුගොල්ල ආදී ගම්වල නැටුම් කණ්ඩායම්ද සහභාගි වෙයි.

            ‘‘ කොහොඹා දෙවියන්ගේ ඇඳුම ’’ ලෙස සලකනු ලබන වෙස් ඇඳුම් බහාලන පෙට්ටිය වෙනත් කිසිඳු අවස්ථාවකට පාවිච්චි නොකරයි. ඉතා ගරු සැලකිල්ලක් ඇතිව දෑත් ඔසවා වැඳ අතට ගන්නා අතර කිසියම් උඩකින් තබා වැඳ නමස්කාර කරයි. වෙස් ආභරණ නිවසින් පිටත සෑදූ දේවාලයක තැන්පත් කර ඇත. අවශ්‍ය මොහොතක එම දේවාලය තුළ දී ම අඳිනු ලබන අතර අවසානයේ එම දේවාලය තුළ දී ම ගලවා තැන්පත් කරයි. මෙය මෙම පරපුර සතු පාරම්පරික ලක්‍ෂණයක් ලෙස හඳුනාගත හැකිය.  ඕනෑම නැට්ටුවෙකුගේ නිවසකම මෙම දේවාලයක් ඇති අතර විශේෂ පුද-පූජා ක‍්‍රම මගින් මෙම දේවාලය නමස්කාර කරයි. වර්තමානයේ මෙම ක‍්‍රමය වෙනස් වී ඇති වුව ද වෙස් ඇඳුම් සහිත පෙට්ටියට කරනු ලබන ගරු සැලකිල්ලෙහි නම්, අඩුවක් දක්නට නොලැබේ. 

ves+andum+kattalaya.jpg (538×723)

වෙස් බැඳි නැටුම් ශිල්පියෙකුට ආවේණික වූ පරිපූර්ණ ඇඳුම බොහෝ අලංකාරයෙන් යුක්තය. එය වෙස් ඇඳුම් කට්ටලය ලෙස හඳුන්වන අතර මලය රජුගේ ඇඳුම් කට්ටලයෙන් අඩක් යැයි ව්‍යවහාරයේ පවතී. විවිධ සැරසිළිවලින් අලංකාර කරන ලද මෙම ඇඳුම, නැටුම් ශිල්පියාගේ හිසේ සිට දෙපතුළ දක්වා සරසන විවිධ අංගයන්ගෙන් යුක්තය.
ජටාව,
ජටා පටිය,
පායිම්පත,
සිඛාබන්ධනය,
දෙව්ර මාල,
නෙත්ති මාලය,
තෝඩුපත්,
කරපටිය,
අවුල්හැරය,
බණ්ඩි වළළු,
කයිමෙත්ත,
ඉන හැඩය,
බුබුළු පටිය,
දෙවල්ල,
නරු,
පොත්පොට,
හඟල,
උල්ලූඩය,
නිසංසඟල හා
සිලම්බු


යන අංගයන්ගෙන් වෙස් ඇඳුම සමන්විත වේ. වාර්ෂිකව පවත්වන සූර්ය මංගල්‍යය හෙවත් අලූත් සහල් මංගල්‍යයේ දී මෙම නැටුම් භාණ්ඩ සහ ඇඳුම්-පැළඳුම් ප‍්‍රදර්ශනය කිරීම චාරිත‍්‍රානුකූලව සිදු කෙරේ.

මුල්කාලීන වෙස් ඇඳුම හා සැසඳීමේ දී වර්තමානයේ මෙම ඇඳුමේ ඇතැම් අංග වෙනස් වී ඇති ආකාරයක් හඳුනාගත හැකිය. මුල් කාලීන වෙස් ඇඳුමේ ඉනට බඳින පටිය හෙවත් පොත්පොට වෙනමත්, දෙවල්ල නමින් හඳුන්වන තනි රෙද්දෙන් සංයමයකින් යුක්තව ඉතා අලංකාර අයුරින් තබන ලද රැුලි වෙනමත් දක්නට වූ අතර අද වන විට එකට තබා මසනු ලැබූ පොත්පොටත් දෙවල්ලත් දැකිය හැකිය. ඉතා පහසුවෙන් මෙය ඇඳීම සිදු කළ හැකි වුවත් උඩරට වෙස් ඇඳුමේ වූ ගාම්භීර බවට ඉන් හානි පැමිණ වී ඇති බව නැටුම් ශිල්පයෙහි ප‍්‍රවීණයන්ගේ අදහසයි. එමෙන් ම වෙස් පෙට්ටියේ පෙති 7ක් මුල් කාලීනව දැක ගත හැකි වුවත් වර්තමානයේ වෙස් පෙට්ටියේ පෙති 13 ක් දක්නට ලැබේ. උඩරට නැටුම් ශිල්පයේ ඇති වූ මෙම සියලූ වෙනස්කම් ද අමුණුගම නැටුම් පරපුරට ද ආරෝපණයවී ඇති අතර එය සම්ප‍්‍රදායික නර්ථන ශිල්පීන්ගේ මනස්තාපයට හේතුවී ඇත.

අනෙකුත් උඩරට නැටුම් පරපුරවල සාමාජිකයින් නර්ථන පුහුණුවීම්වල නියැලෙන අයුරින් ම අමුණුගම නැටුම් පරපුරේ ශිල්පීන් ද නැටුම් පුරුදුවීම්වල නියැලෙයි.සිය පුරුදුවීම් බාහිරින් වසන් කිරීම සඳහා ඔවුන් නොයෙක් ක‍්‍රම අනුගමනය කරයි. පොල්අතුවලින් වට කර සාදන ලද ‘අතුගෙය’ තුළ ඔවුන් නැටුම් පුරුදුවීම සිදු කළ ද වර්තමානය වන විට මෙම අතුගෙය නැටුම් ශිල්පීන් සිය පුරුදුවීම් සඳහා භාවිත කරන ආකාරයක් දක්නට නොලැබේ. 

පාරම්පරිකව භාවිතවන වචන මාලාවක් පොදුවේ නැටුම් ශිල්පීන් සතුව පවතී. අමුණුගම නැටුම් පරපුර ද මෙම වචන භාවිත කරන අතර මනා සන්නිවේදන කාර්යයක් උදෙසා මෙම නැටුම් සම්ප‍්‍රදායන් සතුව පවතින වාග් කෝෂය මනා පිටිවහලක් වී ඇත. සාමාන්‍ය ජනයා හා කථා-බහ කිරීමේ දී මෙම වචන යොදා නොගත්ත ද නැටුම් කණ්ඩායම්වල ශිල්පීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ දී ඔවුනට ම ආවේණික වූ මෙම වචන බහුලව භාවිත කරන ආකාරයක් දැකගත හැකිය. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ‘නැට්ටුවා’ යන වචනය වෙනුවට ඔවුන් භාවිත කරන වචනය වනුයේ ‘යක් දෙස්සා’ යන්නයි. ‘මුල් යක් දෙස්සා’ යනු නැටුම් කණ්ඩායමේ ප‍්‍රධානියා යි. ‘අතුගෙය’ නැටුම් පුරුදු වීම සඳහා භාවිත කරන ස්ථානය යි. උඩරට නැටුම් සඳහා භාවිත කරනු ලබන ඇඳුමට අන්තර්ගත සෑම කොටසක් සඳහා ම එම නැටුම් සම්ප‍්‍රදායට ආවේණික නාම භාවිත කරයි.

කලාශූරී, ශ‍්‍රී ජයනා රාජපක්‍ෂ මහතා
9k= (216×233)

               ශ‍්‍රී ලාංකීය නර්ථන කලාවට අනගිභවණීය සේවාවක් සිදු කළ නැටුම් පරපුරක් වශයෙන් අමුණුගම නැටුම් පරපුර හඳුනාගත හැකිය. අමුණුගම නැටුම් පරපුර පිළිබඳව සාකච්ඡුා කිරීමේ දී මෙම නැටුම් පරම්පරාවේ ප‍්‍රබල පුරුකක් වන කලාශූරී, ශ‍්‍රී ජයනා රාජපක්‍ෂ මහතා පිළිබඳවත් ඔහුගෙන් ශ‍්‍රී ලාංකීය නර්ථන කලාවට ඉටු වූ සේවාවත් පිළිබඳව කථා කළ යුතුම වේ. වර්ෂ 1922 දෙසැම්බර් මස 16 වන දින අමුණුගම ගුන්නෑපානේ දී ජන්මලාභය ලැබූ මෙතුමා අද නර්ථන ක්‍ෂේත‍්‍රයේ සිටින අග‍්‍රගණ්‍ය කලාකරුවෙක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. මියැදෙමින් සිටි ශ‍්‍රී ලාංකීය නර්ථන කලාවට නව ජීවයක් එක් කරමින් ලාංකීය නර්ථන සම්ප‍්‍රදායන් ජාත්‍යන්තර තලයට ගෙනයාම සඳහා මෙතුමා දක්වන ලද අනුපමේය උත්සාහයේ මල්ඵල වර්තමාන නර්ථන ක්‍ෂේත‍්‍රය විමසීමෙන් ම පැහැදිලි වන්නකි.


වර්ෂ 1940 දී එවකට ලංකාවේ පැවති මහා විද්‍යාල 17 ට ම දක්‍ෂතාව මත පදනමින් නැටුම් ගුරුවරු පත් කිරීමේ ප‍්‍රමුඛයා වී කටයුතු කළ එතුමා නැටුම් පරම්පරා අතර ක‍්‍රමශිල්ප මත පදනමින් ඇති වූ ගැටුම් සමතයකට පත් කිරීම සඳහා 1952 දී නැටුම් සංස්කරණ සම්මේලනය, උයන්වත්ත ගුරු විද්‍යාලයේ පවත්වමින් නැටුම් ශිල්පීය ක‍්‍රමවල සම්මතයක් ගොඩනැංවීමට ගත් උත්සාහය ජයනා මහතා පමණක් නොව අමුණුගම පරම්පරාවත් පොදුවේ සමස්ත නැටුම් ශිල්පීනුත් ලත් භාග්‍යක් ලෙස පෙන්වා දිය හැකිය. නැටුම් කලාව සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබා දීමට විශාල මෙහෙයක් ඉටු කළ ජයනා මහතා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අවධානය මේ සඳහා යොමු කරවන ලදි. දේශීය තූර්ය වාදන කණ්ඩායමක් පිහිටුවීමේ ගෞරවය හිමිවන්නේ ද මෙම අමුණුගම පරම්පරාවටය. ජයනා මහතා මෙහි මූලිකත්වය ගත් අතර වර්ෂ 1970 දී මෙම තූර්යවාදන කණ්ඩායම ආරම්භ කරන ලදී.

උඩරට නැටුම් ශෛලීන් අනුව යමින් ජයනා මහතා විසින් නිර්මාණය කරන ලද මුද්‍රා නාටක කිහිපයක් ද වේදිකා ගත කරන ලද්දේ නැටුම් සම්ප‍්‍රදායන් සඳහා නව ප‍්‍රාණයක් ලබාදීමේ අරමුණෙනි. දුමින්දාගමනය, රණතිසරා, රංගධාරා, සඳකිඳුරු, ගොවිහඬ,කුස ජාතකය, සස ජාතකය, රංගලීල, සාවිත‍්‍රී, චින්තන රේඛා ආදී මුද්‍රා නාටකයන් ද කලාශූරී ජයනා මහතා අතින් උඩරට නැටුම් සම්ප‍්‍රදායන්ට අනුගතව නිර්මාණය වූ ඒවා වේ. මෙවන් බොහෝ සේවාවන් නැටුම් ක්‍ෂේත‍්‍රය උදෙසා ජයනා මහතා අතින් සිදු වූ බව ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය. ඉන් බැබළුනේ ජයනා මහතා පමණක් නොව අමුණුගම නැටුම් පරම්පරාව ම බව අවිවාදයෙන් පිළිගත යුතුය. ශ‍්‍රී ලාංකීය නර්ථන කලාව උදෙසා මෙවන් වූ අගනා සේවාවන් රැුසක් ඉටුකළ, ඉටුකරමින් නොනිම් සේවාවක යෙදෙන උඩරට අභිමානණීය නැටුම් පරපුරක් ලෙස අමුණුගම නැටුම් පරපුර හඳුනාගත හැකිය. 


Saturday, June 17, 2017

සොදුරු නිම්තෙරක පියමන්කළ නිහඩ ආදරය

                 මේ කථාව පටන්ගන්නෙ NIBM ඩිප්ලෝමා එක කරන්න පටන්ගත්තු කාලේ.ඒ දවස්වල ප්‍රබාශ්ගේ “ මුන්නා“  ෆිල්ම් එක බලල ඒ විදියට තමයි ස්ටයිල්.යන්නෙ එන්නෙ අදින්නෙ .අවුලකට තිබ්බෙ කොට සින් එක නෙවෙයි පොඩ්ඩක් උස මදි සින් එක.. කොහොම කොහොම හරි ඒ යන කාලේ එළකිරි අයියල සෙට් එ‍කක් සෙට් උනා යන්නෙ උදේ 5.30 හවස 4.20 පොල්ගහවෙලේ. හවසට අපේ සෙට් එක එක්ක උදේට ඔෆිස් යන සෙට් එකත් එක්ක යන්නෙ එන්නෙ. ඔය කාලෙත් ස්පෝර්ට් උණ හොදටම තිබුන.ඒත් ක්‍රිකට් වලට එච්චරම එහෙම එක්ක නැ දෙයියනේ කියල දුවන්ඩ පුළුවන් උනාට බොල දන්ඩවත් පිස්සුවෙන් වගේ 6යේ 4 ඒවවත් බැ. ඔන්න ඔය කාලේ NIBM අපේ බැජ් එකේ ක්‍රිකට් ටුනර්මන්ට් එකක් සෙට් උනා..කොන්දේසියක් තිබ්බ එක ටිම් එකකට කෙල්ලො තුන්දෙනෙක් ඉන්ඩ ඕන කියල. අපේ ටීම් එක “ගිරිපුර“ කොටින්ම කිව්වොත් ඔක්කොම නසමරානි.අන්තිම දවස වෙනකන් කෙල්ලො තන්දෙනෙක් හොයාගන්ඩ බැරුව ඉන්නකොට සජ්ජ ගහපු හයකට තමයි මෙලාවයි රදීවයි තිලිවයි සෙට් උනේ.කොහොම කොහොම හරි මැච් එකත් දිණුව . 

            ඔය සින් යන අතරෙදි බළු පිස්සුවත් සැරට තිබුණ. චෙකා කුක්ක කාලෙ නිසා .බළු මිත්‍රයො හුගක් හිටිය. අපේ බැජ් එකෙත් හිටිය ඒකටම හරියන කොල්ලෙක්.ආයේ කියාපු ඩයල් එක.බුලක් ගහන්න හිතුනහම ලෙක්චර්හෝල් එකේ පිටිපස්සට ගිහින් අරුත් එක්ක බලු කථා.ඔන්න ඔය අතරෙදි මැච් ෆිට් එකට සෙට් උන සෙට් එක තමයි විකාරයි, මෙලා ,රදි, තිලි, ඉමේෂා, ධජි. මේ සෙට් එකත් එක්ක අදටත් මේ කථාව කියන මොහොතෙත් අපි අතරෙ හොද යාළු කමක් තියෙනව. කොහොම උනත් මම ඉස්සරහ, ගැල්ළමයි ටික වෙනම, ඊට ඉස්සරහ විකාරල. අපි හිටියේ ක්ලාස් එකේ වෙන වෙන තැන්වල. හවසට ගෙදර යද්දි තමයි කට්ටිය සෙට්වෙලා කයිය පටන්ගන්නෙ. ඔහොම ටික කාලයක් ගතවෙලා ගියා.
            ඔය අතරෙදි එක දවසක් පිටිපස්සෙ පෝලිමක ඉදන් චිට් එකක් අපේ ගෑල්ළමයි ඉන්න පෝලිමට එනව. දෙයියනේ කියල අපේ උන්ටිකත් ඒක ඉස්සරහට යවුව. ලෙක්චර් එක කරපු මැඩම් අතට ගිහින් එක කෙළියයි එතන. චිට්එක එවපු එකා කොහොම හරි තව එකක් එව්වළු. මුන් එකත් ඉස්සරහට යවල. කොහොම හරි පටිපස්සෙ පේලියේ හෙන තඩියෙක් එක්ක ඉන්න සෙට් එකක් තමයි මේ වැඩේ කොරන්නෙ. කොහොම හරි මුන් ටික දගලල චිට් එකක් එවාගන්නව අපේ ළමයින්ට. ඔන්න ඔතන තමයි අර පතාගෙන අපුව ඔතාගෙන යන්ඩ සෙට් උන තැන. චිට් එක තිබුනෙ ඉමේෂට. දැන් ඔන්න එකම කතන්දරයයි. මේ සිදුවීම මම දන්නෙ නැ. කොල්ල ඉස්සරහ වැඩ. අපේ සෙට් එකට මෙකෙ විස්තර හොයා ගැනිම අමාරු කරනව. විශේසඥ්ඥ  රදි ඇතුළු කන්ඩායම මුලික පරීක්ෂණ කරනව. හරි යන්නෙ නැ වැඩේ කචල් පරීක්ෂණ අසාර්ථකයි. මල්සරා නැ මල්සරාගේ ඊතලෙ විතරයි .එදා ඔක්කොම ක්ලාස් ඉවරවෙලා.හවස කට්ටිය සෙට් උනාම තමයි වැඩේ පත්තු වෙන්නෙ.

ඉදිරි පරික්ෂණ සදහා OIC විශාරටයි මටයි හම්බෙනව. අපේ කොල්ල මොනවද ඉතින් ග්‍රාමසේවක වගෙ අනේ අම්මේ ඕන එකක් විකාර පුතා වැඩේ ගොඩදානව පැමිණිළි පක්ෂයේ ප්‍රශණ කිරීම් විතරක් ෆේස්බුක් මැසේජ් 19000 පනිනව. ඔන්න දවස් 2කකට පස්සෙ අපේ කොල්ල උත්තරේ අරන් එනව..පරීක්ෂණ කටයුතු සාර්ථකයි චිට් එක එවපු කොල්ලව හම්බෙනව . කවුද මේ කොළුව අර පෙරකී මගේ බළු මිත්‍රයා. දැන් එතකොට මේ කථාවෙ පෙම්වතා සහ පෙම්වතිය පැහැදිළියි. ඒ විදියට තමයි ඒ කථාව පටන්ගන්නෙ.

            පෙම්වතා සහ පෙම්වතිය පැහැදිළි උනාට මුන්දෙන්නා එකතු කරගන්න අවුරුද්දක් විතර කල් ගියා. හේතුව තමයි කථාවේ පෙම්වතා ලැජ්ජ බයට හැදුණු හොද කොල්ලෙක්. මේ අතර කාලයේදී මේ කථාන්දරේ රසමුසු තැන් ගොඩක් තිබුන. අපේ පෙම්වතාගේ තඩි මිත්‍රයාට තමයි මේ මගුල ගොඩ දාන්න ඕමනාම වෙලා තිබුනෙ. හැබැයි උන් හිතන් හිටියෙ මේක ඒක පර්ශවික ආදර කථාවක් කියල. එතකොටත් මේක දිවීපාර්ශික ටෙලිපති ආදර කථාවක් බවට පත්වෙලා තිබුණ. කොහොම උනත් මගේ තඩි මිත්‍රයා මේ ආදර කථාවට “වර්ණපාල න්‍යාය‘‘ එක්ක ගොඩක් සෙල්ලම් දම්ම තමන්ගෙ යාළුව වෙණුවෙන්. මගේ මිත්‍රයා විකාරට තමයි මේ හැම කථාවක්ම ඇහැවුවෙ.කොහොම කොහොම හරි පළවෙනි අවුරුද්ද වෙනකොට මේක ද්වීපාර්ශික ආදර කථාවක් කියන එක අපේ තඩි මිත්‍රයා ඇතුළු අපි සෙට් එකම දැනගත්ත. මේක එහෙම වෙලා අවුරුදු එකහාමරක් ගත උනා තවමත් අප්‍රකාශිත අදර කථාවක්.


මට මතක විදියට අපේ දෙවෙනි අවුරුද්දෙ මැදක් ගිහින් ,මගේ විරක්‍රියා හින්ද හයර්ඩිප්ලොමා එකේ මාසතුනක් පරක්කුවෙලා තමයි මම පටන්ගන්නෙ. ඉමේශල අපිට වැඩිය මාසතුනක් සිනියර් එතකොට එයාලගේ බැජ් එකේ අන්තිම දවස. එතකොට විකාරයි මෙලා රුචි තිලි මෙයාල ඩිප් එකෙන් පස්සෙ ජොබ්වලට සෙට් වෙලා. ඉතිරිවෙලා හිටියේ රදි & ඉමේෂයි විතරයි. මමයි මගෙ තඩි මිත්‍රයයි ඊට දවස් දෙකකට කලින් ගැහැවුව ප්ලෑනක් අන්තිම දවසේ ලන්ච් එකෙන් පස්සෙ මුන් දෙන්නව සෙට් කරමු කියල.මම කෙල්ලව අරන් ආව මගේ මිත්‍රයා කොල්ලව අරන් ආව. කවුරුවත් දන්නෙ නැ මොකද වෙන්නෙ කියල. අපේ පෙම්වතාව කෙල්ලගෙ ඉස්සරහට ගෙනිච්ච විතරයි දෙන්නම ෆුල් මාවලස් අපිට ෆුල් අන්දොස්. මට මතක් උනේ පූසෙක්ව උස්සල කෙහෙල්ගහේ මුදුනට අත ඇරිය වගේ සින් එකක්.ඔන්න අවුරුදු දෙකක් පුරාවට ද්වීපාර්ශික විතැන් වෙලා තිබුණු ආදර කථාවක් එක්තැන් කරල දුන්න. ඩබල මේ කාලේ වෙනකොට දැන් ගෙවල්වලට කියල.ළගදිම වෙඩින් එකත් ගනියි. කොහොම උනත් උන්දෙන්නට කියන්ඩ හොද ආදර කථාවක් තියෙනව නාකි උනහම.ඒ වගෙම මෙකට සෙට් උන අපිටත් අපේ යාළුවෙකුගෙ සතුට බළල සතුටු වෙන්න තරම් අපේ හිත් අවංකයි කියනදේ අපිට ඉගැන්නුව...

Friday, June 16, 2017

ප්‍රමාදය පසුතැවිමට හේතු නොවේ


එදා අප්‍රෙල් මාසෙ ඉරිද දවසක් (දිනේ මතක නෑ මතක විදියට 2007 අප්‍රෙල් 06 වගේ) වැලිවේරිය කාන්ති ක්‍රිඩාංගනයේ මැරතන් තරගය.කලින් දවසෙ පාන්දර වෙනකන් ගේම් ගහල නිදියන්න යද්දි තමයි මතක්උනේ පහුවදා මැරතන් එක කියල.බැග් එකට ශොටයි ස්කිනියයි දාල ප්ලාස්ටර් රොලත් දාල නිදාගත්ත.ග්‍රව්න්ඩ් එකේ උදේ 7 වෙද්දි ඉන්ඩ ඔන..සුපුරුදු පරිදි නැගිට්ට වුනේ 6.30ට වැඩේ පදිරි.වැලිවේරියට පැයබාගෙන් යන්න බැනෙ අතඇරිය..වැලිවේරියෙ ඩයිනමික් ක්ලබ් එකෙ සංවිධාන ශක්තියෙන් කරපු මේ තරගාවලිය ගම්පහ දිස්ත්‍රික් ආදුනික මැරතන් කරුවන් සදහා විශේෂ තරගයක් තිබුන..මම යන්න ගියේ ඒකට..එතන ගම්පහ දිස්ත්‍රික්කෙ කොල්ලො ගොඩක් හිටිය ... එදා තරගය ඔපනින් එකට ආවේ මහාමාර්ග අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පා.ම ජේරාජ් ඇමතිතුමා...එදා අපිට උසස්පෙළ පන්ති දවසක් අකමැත්තෙන් උනත් මැරතන් එක පැත්තක තියල කොහොම හරි ට්‍රයිකරල 7ට්‍රේන් එකේ මම දුශ්ෂන්ත සර්ගේ පන්තියන්න ගියා.. ගම්පහින් බැහැල ක්ලාස් එකට යන්න කැරකෙනකොට එකේක් දුවගෙන ආව .. පැන්න ගමන් එළ එළ උඹටත් වැඩේ මිස්උනාද කියල.. මාත් කිව්ව ගත් කටටම ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල ස්ටොරිය කිවුව.. ඒක අහල අරු ඇහැවුවෙ නැතැ ඇයි උඹ දන්නෙ නැද්ද සූසයිඩ් ඇටෑක් එකක් ගියා කියල... මැරතන් එකට යන්ඩ බැරි උන එකට දුකින් හටියෙ.. ඒ කාලෙ ඕව හොය හොයා ගියෙ. කොටින්ම කිව්වොත් උනක් තිබ්බෙ.. මැරතන් ෆුට්බොල් මැච් පුදුම උනක්... අරු කිව්ව නිව්ස් එකත් එක්ක හිත කඩා වැටුන වගේ...එතන මම දන්න ආදරේ කරපු ගොඩක් ක්‍රිඩයො හිටිය විශේෂයෙන්ම කරුණාරත්න සර් (කරුසර් - අන්තිමට තියෙන්නෙ එයාගෙ පොටො එක) ඒ වගේම ජ්‍යෙෂ්ඨ අයියල කීපදෙනෙක් ඒ ප්‍රහාරයෙන් අපිට නැති උනා...කුරිරු ත්‍රසථවාදයත් මෙලේච්ච දේශපාලන සංස්කෘතියත් එකට කලවන් උණු ප්‍රහාරයක් කියල දේශපාලනේ පරිනත වෙනකොට ටික ටික ඒත්තු ගියා.කොහොම උනත් රටට වටිනා සම්පත් බොහොමයක් නැති උනා..ඔය ගිය හැම ගමණකම විශේෂත්වය හොර ගමන්.. කාලයක් තිබුණ රෑට ඇදුම්මල්ලයි බූට් 2කයි අම්මට හොරෙන් එළියෙ හංගල පහුවදාට මැච්වලට යනව...ඒ හැමදේකින්ම ඉගෙන ගත්තෙ ජීවත්වෙන්න..  ප්‍රමාදය පසුතැවිමට හේතුවෙ ... කියන එක වැරදියි කියල හිතුනෙ එදා....හැමදාම දෛවය සරදම් කලාට එදා මම දිහා බැළුව..

Thursday, June 1, 2017

ප්‍රකාශිත ආදරයට වඩා අප්‍රකාශිත අදරය සුන්දරයි ද...

              අද මම පරන දිනපොතක් හොයද්දි අදට වසර දහයකට කලින් පරණ දිනපොතක් හමු උනා . ඒ කාලෙ තමයි ටිකක් හිටපු පරිසරයෙන් මිදිල ව්නෝදයට බර කල වකවානුවකට මුලපුරපු කාලයක්.සෙනසුරාද උදේට භෞතික විද්‍යාව..ඒකෙන් පස්සෙ ගෙදර ..අයේ ඉරිද..උදේ සංයුක්ත ගණිතය හවස රසායනික විද්‍යාව... උදේ පන්ති යනව .. හවසට ආයේ කෙමෙස්ට්‍රි ...එක්කො කට්ටිය සෙට්වෙලා හවස වලක් බහිනව.. 2006 අවුරුද්ද ඉගෙනගත්ත 2007 ටිකක් විතර කෙලඋන අවුරුද්දක්.. ඔය අතරෙ අපට පස්සෙ සෙට් එකට අළුත් පන්ති පටන් අරන් තිබුන... මම ඉරිදට පන්ති ඉවරවෙලා ගෙදර අවේ හවස 6.05 නුවර කෝච්චියේ.. අපේ සෙට් එක හරිම විනෝද කාමී සෙට් එක්ක .. පන්ති ඉවර වෙලා පහට ස්ටේශන් එකට අවහම රටේ තියෙන පල් හැලි දෙසනව නැත්නම් එකේක් අල්ලගනෙ බයිට් කරනව.දවසක් පන්ති ඉවරවෙලා මම කලින් ස්ටේශන් එකට එනකොට අපට පස්සෙ අළුතින් පන්ති ආපුසෙට් එකේ ළමයෙක් දැක්ක. මම විතරයි ඇවිත්  හිටයේ අනිත් අය කවුරුත් හිටියෙ නෑ.. අදහස් ප්‍රකාශ කරන්න එකේකවත් හිටියෙනැ..
       කොහොම හරි මට නිකමට වගේ ඒ ළමය දිහා බැළුන. හිතාගන්න අමාරුයි මාර අමුතු හැගිමක් ඒක නිකන් කරන්ට් එක වැදුන වගේ. කථානොකර හිටියා.. මොකද අපේ උන් දැක්කොත් මව එදා උන්ගේ කෑමවේල වෙන හින්ද...කොහොම හරි ටිකක් වෙලා යද්දි ඒ ළමය යාළුවෙලා ඉන්න පිරිමි ළමය ආව... මටත් ගානක් නෑ ..සෙට්වෙලා කට්ටියත් එක්ක ගෙදර ආව..ඒ එදා රැ මට මත්කවෙන්නෙම අර සින් එක.. අරගෙන මතක හිටින්න කියල ලිවිවා ඩයරියේ..හිතට වැදුන දවසක්..



       ඊටපස්සෙ හුගක් දවස්වලට ඒ ළමය මම දැක්ක.අනුන්ගේ කූඩු වලට ගල්ගහල පුරුද්දක් තිබුනෙ නෑ.ඒ නිසා ඒක හිතේ තැන්පත්වෙලා තිබුන තනිවෙල අනන්ත හිතෙන් ආදරේ විදින්න ඇති. එහෙම්ම උසස්පෙළත් ඉවරවෙලා සෙකන්ඩ්ශයි කරද්දි අපි රිවිශන් ගම්පහ නැණික් එකේ කෙමෙශ්ට්‍රි ක්ලාස් යද්දි  අපේ ක්ලාස් එකට ඒ ළමයත් ආව..ඒවගේ මම යන යන තැනදි හුගක්වෙලාවට අහම්බෙන් වගේ හම්බුනා...ඒත් මට ඒ ලමයව නොට් උනාට එයාට මාව නෝට් නැ.. කොහොම කොහොම හරි කොළඹ ක්ලාස් යන්න සෙට් උනාට පස්සේ ඒ පළවෙනි දවසෙත් මට ඒ ළමයව හම්බුනා.. ඒ යන ගමනෙදි හුගක් වෙලාවට ඒ ළමය මට හම්බුනා ... දැන් කොහොම හරි එයා මගෙ හොදම යාළුවෙක්. එතනින් එහාට මෙ කථාව කියන්න ගියොත්වැඩේ කචල් වෙනව... කවද හරි මෙතනින් එහාට ඒ කථාව කියන්න හම්බුනොත් කියනව කාලය ගෙවිල ගියත් ජීවිත කථා ගොඩක් වෙනස්වෙලා ගියත්, කොච්චර දුරට අපි සමාජයේ ඉදිරියට ගියත්...අදටත්  හිතේ තියෙන ඒ ආදරේ එහෙම්මමයි... ඒත් කවදාවත් ඒ ආදරය ප්‍රකාශ කරන එකක් නෑ.. මොකද ඒ වගේ හොදම යාළුවෙක් ආයෙ හම්බෙන්නෙ නැති නිසා...ඇත්තටම අවුරුදු දහයක් ගෙවිල ගිහින් දෛවය කියන්නෙ පුදුම දෙයක් කියල ආයෙ සැරයක් මට තේරුනා... දැන් ඉතින් අහන්ඩ එපා කවුද ..කින්ද මන්ද...
ප්‍රකාශිත ආදරයට වඩා අප්‍රකාශිත අදරය සුන්දරයි...

“නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විද පුරුදු ඇති
සුසුම් සුවද දැනුනා
මට සුසුම් සුවද දැනුනා....

පෙර කිසිදා ඔබ හමුවී නැති බව
ඉදුරා කියත හැකි
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති....//


නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා...

භවයෙන් භවයට පැතුම් පතාගෙන
ඔබ මා ආවාදෝ
ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
අප මෙහි හමු වීදෝ..//

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා...

Friday, January 23, 2015

වෛශාඛ්‍ය මංගල්‍යෙය හෙළ දිව මංපෙත තුළ අසිරිමත් කරවූ සහෘද සිතුවිල්ල


      ක්‍රි.පූ 547 දී විජය රජතුමා වෙසක් දිනය ජාතික රාජ දේශපාලන දිනය බවටද,ක්‍රි.පූ 161 දී දුටුගැමුණු රජතෙමේ එම දිනය ජාතික අධ්‍යාත්මික සහ  ආගමික දිනය බවට ද පත් කළේය.සියවස් පහක් මුළුල්ලේ යටගොස් තිබු වෛශාඛ්‍ය මංගල්‍යෙය  ක්‍රි.ව 1912 දී ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා වෙසක් සිරිත යළි ජීවමාන කොට කිරීට විජිතයේ රාජ අනුහසින් සම්මත කළේය.බහුවිධ ආගමික ලෝක එකමුතුව වු එක්සත්ජාතීන්ගේ අනුමැතියෙන් වෙසක් සිරිත ක්‍රි.ව.2002 ලක්ෂමන් කදිරගාමර් අමාත්‍යවරයා ලෝක සිරිතට උරුම සිරිත කළේය.මෙලෙස සිංහල සහෘදයන් දෙදෙනෙකුද ද්‍රවිඩ සහෘදයන් දෙදෙනෙකුද  වෙසක් සිරිත අසිරිමත් කර ඇත්තෝය.අප සිදුකොට ඇත්තේ ඔවුහු මතුකළ උරුම පාදම මත පහන් සැල්විම ,සෞකොළ ඇලවිම ,භක්තිගී ගැයීම,හෝ වෙසක් පත් යැවිමවත් නොවේ නම් ඔළුබක්කන් නටවා දන්සැල් දිමය,එහෙත් ඉතිහාසය තුළට වැද නිර්මාණය කළෝ ඔවුනමය.
       එබැවින් මෙවන් බද්ධ ප්‍රේමය සහිත මචංලා වර්ග දෙකකට එකට එක්විමට තවත් නිමිත්තක් කුමකටද?....තවදුරටත් ජාතිවාදය වපුරණ කැනහිලුන් මේ යතාර්ථය දැක විඥ්ඥාණිකව සිතිය යුතුය... සිංහලයන් වෙසෙන බෞද්ධ එකම රට මේ පිනබිම නම් සිහළුන් බුදුධහමත් හෙළයත් රැකිය යුත්තේ හුදෙක් කුහක ජාතිවාදයෙන් නොවේ එය ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්විය යුතු මංපෙතක් විය යුතුය.අවස්ථාවාදි දේශපාළුවන්ගේ අතකොළු බවට පත්වන ජාතිවාදය , අවිඥ්ඥාණික තරුණ සිත් මිලේච්චත්වයට පොළඹවා  ගිනි දැල් නැගුණු අවස්ථා මැත ඉතිහාසය තුළ සුළබ නිමිත්තක් බව නොඅනුමානය..
             වෛශාඛ්‍ය මංගල්‍යෙය හෙළ දිව මංපෙත තුළ අසිරිමත් කරවූ සහෘද සිතවිල්ල මෙය නම් අප ගමන් කරණුයේ අදුරේ මැණිකක් සොයන යුගයක නොවේද... මෙය වසර 2600ක් මුළුල්ලේ ගොඩ නැගුණක් මිස මගේ කිමට කිසිවෙකුට අයිතියක් නැත.... මෙය අපේ පිණ්බම නොවේද ,එය ගොඩනැගීම අපේ යුතුකම නොවේද ... 

Wednesday, August 8, 2012

ආදරය සහ අමරණීයත්වය..........




                   ප්‍රේමයේ මිණුම් දණ්ඩ ලෙස සැලකෙන්නේ අනෙකාගේ හදවතට සමීප විය හැකි ප්‍රමාණයයි.එය මෙතුවක් කල් තමන්  පිළිබදව නොදත් යම් රහසක් තවකෙකු විසින් අනාවරණය කරගැනීමක් බදුය.පිරිමියෙක් නම් ස්ත්‍රී නිමිත්තකගේද  ස්ත්‍රියක් නම් පුරුෂ නිමිත්තකගේද වැඩි අවධානයකට ලක්වන විට තමා තුළද දැඩි ආත්ම විශ්වාසයක් හටගනී.එපමණක් නොව එම ආත්ම විශ්වාසය කරණකොටගෙන එකී පුද්ගලයාට තව තවත් ප්‍රිය වන්නට රූපයෙන්ද හැසිරීමෙන්ද  උනන්දුවේ.අනෙකාද එසේමය .ඔහු/ඇය කැමති දේ, මා කිරිමත්, මා කැමති දේ ඔහු/ඇය කිරීමත් තුළ ඇතිවන මානසික එකගතාව එක්තරා මොහොතක දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් නිර්මාණය වීමට තුඩු දේ.

                         
                  ලාංකීය සමාජය තුළ මෙසේ පෙම් සබදතාව ඇරඹිදා පටන් ‍පෙම්වතිය පෙම්වතාගෙන් විමසන්නේ විවාහ වන්නේ කවදාද යන්නයි.ආදරය ලබාගෙන අත්පත් කරගැනීමට පමණක් නොව, ඒ කී තැනැත්තා තමාටම හිමි කරගැනීමට වෙර දරන්නේ ආදරය ආත්මාර්තකාමී නිසාද?.
ආදරය ගැන තරම් කවි කතාන්දර ලියැවුණු වෙනත් තේමාවක් නැති තරම්ය.ඒ තරම්ම ආදරය විවිධාකාර බැවිනි.බොහො යෞවන යෞවනියන් තම ප්‍රේමය නීත්‍යානුකූල වශයෙන් හිමිකර ගැණීමට වෙරදරන්නේ ඔහු/ඇය තමා හැරදා යතැයි යන බිය නිසාවෙනි.එහෙත් ඔබත් මෙසේ සිතන පෙම්වතෙක් නම් ඔබ අනිවාර්යෙන්ම ඇය ගැන සෝදිසිවයන් සිටිනු නිසැකය.සෑම විටම සැකයෙන්ම ඇය ගැන සෝදිසි‍යෙන් සිටිණු නිසැකය.සෑම විටම සැකයෙන් ඇය දෙස බලනු නොඅනුමානය.දවස අවසානයේ ඇගෙන් දෛනික කටයුතුවල ලැයිස්තුවක්ගෙන ඒවා ඇයට හොරෙන් විමසා බලන්නේය යන සත්‍ය ඔබට  අදාළය.එපමණකින් නොනැවතී ඔබ ඇයට යම් යම් දේ කරන්න එපා,යම් යම් පුද්ගලයන් ඇසුරු කරන්නට එපා යැයි තහංචි පනවන්නෙකු විය හැකිය .එය ඔබගේ පැත්තෙන් සාදාරන වුවත් ඇගේ පාර්ශවයෙන් අසාදාරණය. ඒ ඔබ ආත්මාර්තකාමී ලෙස ඇයව ඔබට නතුකර ගැනීමට උත්සහ දරන්නෙක් මිස ඇයට නියමාකාරයෙන් ආදරය කරන්නෙක් නොවන නිසාය.ඒ අනූව බලන කළ ඇය ,ඔබගෙන්  ලැබෙන ආදරය සම්බන්ධයෙන් කනස්සළුවන බවනම් නිසැකය විටෙක ඇයට ඔබ මහත් කරදරයක් වේ.එහෙත් ඒබව ඇය ඔබට නොකියනා බැවින්.මම එය කියමි.ආදරය කළ යුතුය.ආදරය ආරක්ශාකල යුතුය.ඇය ගැන සොයා බැලිය යුතුය.එහෙත් එය යුතුකමක් ලෙස මිස ඇය සිරකාරියක් සේ සලකා ඇයට බලපෑම් කිරීමේ අරමුනින් නොවේ.එ හෙත් පැනය වන්නේ ඇයත් ඔබත් ආදරය කරයි නම් ඇය ගැන මෙසේ බිය වන්නේ කුමකටද යන වගයි.




         ආදරය යනු නිවනසේය.ආත්මාර්ථකාමීත්වය හෝ තෘෂ්ණාවෙන් කතාරවු විට එහි සුන්දරත්වය වැඩි වැඩියෙන් හිතට දැනේ.පුහුදුන් මිනිසාට එතරම් තෘෂ්නාවෙන් මිදීමට නොහැකි වුවත් යම් තරමකට හො ඔබට වින්දනිය අත්දැකීමක් වේ.ආදරය යනු සැබැවින්ම හදවතට සුවදෙන හැගීමකි.මුළු හිතම හිස්කර  ආදරයෙන් හදවත පුරවාගත හැකි නම් බොහෝ කාලයක් සතුටින ජිවත් විය හැක.ලොකයේ සුන්දර ආදර කතා සෑම එකක්ම අත්පත් කර ගැනීමෙන් කෙළවර වු ඒවා නොවේ.අහිමි විම තුළ ඔවුන් ගේ ආදරය ශේෂ වී වර්තමානය දක්වාම පවත්නේය.රෝමියෝ ජුලියට් ආදිය පෙම් කතා අමරණීය වන්නේ එහෙයින්ය.
අත්පත් කර ගැනීමත් සමග ආදරය කිරීම කෙරෙහි වූ උනන්දුව ක්‍රමයෙන් වියැකි යන බැවින් හොදම උපරිම ආදරය ලද හැක්කේ නොලැබී සිටින විටදීය. ඒ තුළ ඇතිවන උද්වේග කර  උනන්දුවම ආදරය තව තවත් තීව්‍රභාවයට පත් කරයි.





                 ආදරය යනු ස්වාර්ථය පිණිස නොව පරාර්ථය උදෙසා ය. ආදරයේ මිහිරියාව විදින්නට නම් විරහවක් නොවෙනස් යම් හෝ දුරක තැබිය යුතුය.හිඩැස් පිරවිම කෙරෙහි මිනිස් මනසෙහි පවතින උත්තේජනාත්මක මේහෙයවීම අපරිපූර්න ලෝකය පරිපූර්ණ ලොකය කිරිමට දරන අසාර්තක උත්සාහයකි.එසේ වුවත් ඔබ ඇගෙන් මදක් දුරස්ව සිටියහොත් ආදරයේ මිහිරියාව වෙනදාටත් වඩා ඔබගේ හදවතට සමීපව දැනෙනු ඇත. “මා දකින පරිදි විශිෂ්ටතම ආදරයේ ශේෂයන් දැක ගැනීමට විරහ වු පෙම්වතුන්ගේ ආදරය උගත යුතුය”. ඇමරිකාණු ජාතික නවකථා කරුවකු වන  Nicholas Sparks ගේ  Note Book,Dear John    ආදී නවකතාවන්හි  එකිපෙම්වතුන්ට සිය ආදරයේ හිමිකාරිත්වය ලැබෙන්නේ‍ බොහෝ කලක් ඇවෑමෙන්ය. Note Book  නවකතාව මෙතරම් සංවේදී වන්නේ, මරණාසන්‍න කාලවකවානුවේදි දැන හදුනාගත් නමුත් ඒ ආදරය අත්පත් වන්නේ මරනයද සමග බැවිනි.එහෙත් ඒ මොහොත වනතුරුත් අතීත ආදරයේ මතකය ඔවුන් ජිවත් කල අතර ,හිමිවිමේ සංතෘෂ්ටිය විදගනිමින් ඔවුහු මරණය වැලද ගත්හ.එය හුදු කතාන්දරයක් පමනක් නොවේ. එවැනි සත්‍ය ආදර වෘතාන්ත වශයෙන්ම මෙලොව පවතින බව සත්‍යක්ම වේ.
                  ඔබ සැබවින්ම ආදරය කරයිනම් ඔබේ පෙම්වතිය දෑස මානයේ ඇගේ ලෝකයේ ජිවත් කරන්න.ඇය ඔබට හිමි නම් ඇය ඔබ කරා එනු ඇත.එසේ නොවුවද ඔබේ ආදරය මේ විශ්වය තුළ අමරණීයත්වයට පත්ව ඔබ හදේ ඉමිහිරි මතකයක් වනු ඇත.දුක් නොවන්න.එය වනහී  ඔබ අත්පත් කර ගැනිම  අභිබවා වින්දනය කරන්නාවු පරමානන්දනයයි........