ජන දුක් අදෝනා මැද්දේ මර නින්දේ
සිටි අය අවදි වී ලං වූ විට චන්දේ
අයියෙ අක්කෙ පෙම්බර මාමේ නැන්දේ
කියමින් කකුල් දෙක අල්ලා ගෙන වැන්දේ
පක්ස පක්ස නොව මනාප පොරේ වැටී
එකම පක්ෂයේ අය ඇන ගනිති ගුටි
සමහර වටින ජීවිත කර ගනිති කෙටි
අම්මප මෙහෙව් රටකට ගිය කලක හැටි
තාප්ප ගස් ගල් කණු වල පෝස්ටර
දත් තිස් දෙකම පෙන්නයි තොල් ඈත් කර
පිස්තෝලය තෙක් දුර යයි කෝන්තර
මිනිසුන් තුළින් මතුවේ ගති වනන්තර
Saturday, October 15, 2011
මා මියගිය දිනයක
මා මියගිය දිනයක
මළගමට නුඹ ආවොත්
අන්තිම කැමති පත්‍රය ඇති,.
හැමදාම නුඹට ලියුම් එව්ව
"මළවුන්ගේ අවුරුදු දා" පොත ඇතුලෙම,
මතක ඇතුව බලාපන්,
වටින කියන කිසිදෙයක් නෑ,.
අන්තිම වතාවට දෙන්නට,
ලියලා ඇති නුඹේ නමට,
බිඳුන මගේ හදවත.
පුළුවන් නම්,
කැලි එකතු කර බලාපන්
තවම ඇති නුඹේ රූපය,.
අන්තිම වතාවට මම දැකපු,.
කෑලි කැඩුනත්
ආදරේ සුවඳ ඇති තවමත්
මුළු හිතම පුරවලා
නුඹේ නමට පවරපු,
නුඹ ගිය මොහොතේම
නතර වුන හද ගැස්ම නම්
යලිත් ගැහෙනවා ඇති,
නුඹේ නම කියමින්,.
මළගමට නුඹ ආවොත්
අන්තිම කැමති පත්‍රය ඇති,.
හැමදාම නුඹට ලියුම් එව්ව
"මළවුන්ගේ අවුරුදු දා" පොත ඇතුලෙම,
මතක ඇතුව බලාපන්,
වටින කියන කිසිදෙයක් නෑ,.
අන්තිම වතාවට දෙන්නට,
ලියලා ඇති නුඹේ නමට,
බිඳුන මගේ හදවත.
පුළුවන් නම්,
කැලි එකතු කර බලාපන්
තවම ඇති නුඹේ රූපය,.
අන්තිම වතාවට මම දැකපු,.
කෑලි කැඩුනත්
ආදරේ සුවඳ ඇති තවමත්
මුළු හිතම පුරවලා
නුඹේ නමට පවරපු,
නුඹ ගිය මොහොතේම
නතර වුන හද ගැස්ම නම්
යලිත් ගැහෙනවා ඇති,
නුඹේ නම කියමින්,.
ඔයා දැක්ක මුල් දවසේ.....
ඔයා දැක්ක මුල් දවසේ ඉදන්
මං ඔයාට කොච්චර ආදරේ කරාද...
මටත් හොරා මගෙ හිත ඔයා ලගම නැවතෙද්දි
ඔයාට ලංවෙන්න මං බය වුන්නෑ කවදාවත්...
එදා ඉදන් මං ඔයාගෙන් ඇත් වුන්නෑ කවදවත්...
ඔයාගෙ ලගින්ම ඉදන් දුක සතුට බෙදාගෙන
ඔයා මගෙම කරගත්තා...
අපි යළුවො වගෙ ජිවිතේ බෙදාගත්ත
ඒ සුන්දර දවස් අපේ ජිවිත වලට ලංවෙද්දි
මං ගොඩාක් සතුටු වුනා...
ජිවිතේ බෙදාගෙන දුක කියන්න කවුරුත්
නැති වෙද්දි මට ලොකු තනිකමක් දැනෙනවා...
ආපහු ඒ අතිතෙට යන්න පුළුවන් නම්...
ආපහු අපිට එහෙම ඉන්න පුළුවන් නම්...
මං ඔයාට කොච්චර ආදරේ කරාද...
මටත් හොරා මගෙ හිත ඔයා ලගම නැවතෙද්දි
ඔයාට ලංවෙන්න මං බය වුන්නෑ කවදාවත්...
එදා ඉදන් මං ඔයාගෙන් ඇත් වුන්නෑ කවදවත්...
ඔයාගෙ ලගින්ම ඉදන් දුක සතුට බෙදාගෙන
ඔයා මගෙම කරගත්තා...
අපි යළුවො වගෙ ජිවිතේ බෙදාගත්ත
ඒ සුන්දර දවස් අපේ ජිවිත වලට ලංවෙද්දි
මං ගොඩාක් සතුටු වුනා...
ජිවිතේ බෙදාගෙන දුක කියන්න කවුරුත්
නැති වෙද්දි මට ලොකු තනිකමක් දැනෙනවා...
ආපහු ඒ අතිතෙට යන්න පුළුවන් නම්...
ආපහු අපිට එහෙම ඉන්න පුළුවන් නම්...
Subscribe to:
Posts (Atom)