👉පැසිස්ට්වාදය වූ කලි රාජ්‍යයේ ප්‍රභවය පිළිබඳ න්‍යායක් නොවේ.එය රාජ්‍යයේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය පිළිබඳ අදහසක් ඉදිරපන් කරන මතයකි. අර්බස්ට් මර්කියුලිස් මෙය හදුන්වන්නේ ධනවාදයේ නිශේධනය ලෙසයි.
👉ප්‍රථම ලෝක සංග්‍රාමයෙන් අන්ත පරාජයටපත් ජර්මනියට වර්සේල්ස් ගිවිසුම හේතු කොටගෙන ජයග්‍රාහී රටවලට අති විශාල යුධ වන්දියක් ගෙවීමට සිදු විය.ජර්මනියට සහාය දුන් ඉතාලිය සහ ස්පාඤ්ඤ යන රටවලට ද මෙම ගිවිසුමේ අහිතකර ප්‍රතිපල භුක්ති විදීමට සිදු වූ අතර තූලනය නොකළ හැකි
උද්ධමනයක් ලෙස ආර්ථික අර්බුධය පෙනී සිටියේ ය.
👉ආර්ථික අර්බුධය හේතු කොට ගෙන පැනනැගි සමාජ අසමතුලිත තාවයට ධනවාදයෙන් පිළිතුරක් සැපයිය නොහැකි වූ අතර
එතෙක් ක්‍රියාත්මක වූ ලිබරල් ප්‍රජාත්‍රන්තවාදයට එරෙහිව
🔺වාමාංශික හා
🔺දක්ෂිණාංශික පැසිස්ට් වශයෙන්
දේශපාලන බලවේග දෙකක් නිරිමාණය විය.
👉අසහනයට පත් සමාජයේ පහළ ස්ථර වල ජන කොටස් වාමාංශික ව්‍යපාරය වටාත්
👉 ආර්ථික අර්බුධයෙන් වියරු වැටුණු ඉහළ ධනපති පන්තිය පැසිස්ට් ව්‍යාපාරය වටාත් එක් වුහ.
🔺වාමාංශික ව්‍යාපාරය විප්ලවවාදී නොවීම, දුර්වල දේශපාලන උපාය මාර්ග අනුගමනය කිරීම ආදිය හේතු කොටගෙන අසාර්ථක විය.
🔺නායකත්වයේ ආකර්ෂණයබව, සංවේදී සටන්පාට, සමාජයේ සෑම ජන
කොටසකට ම ආමන්ත්‍රණය කිරීම, අසහනයට පත් ධනේෂ්වර පන්තියට කරනලද සුවිශේෂී ඇමතීම යන කරුණු නිසා වාමාංශික ව්‍යාපාරය යටපත් කොට පැසිස්ට් ව්‍යාපාරය මතුවිය.
👉පැසිස්ට්වාදී දේශපාලන
මතවාදයේ න්‍යායාචාරය වරුන් අතර
1.ෆෙඩ්‍රික් නිට්ශේට්
2.හෙගල්
3.රෝසන් බර්ගර්
4.විල්ප්‍රඩ් පැරඩෝ
👉වැන්නන්ගේ අදහස් මෙම පැසිස්ට්වාදය පෝෂණය වීම සඳහා බොහෝ සේ ඉවෙහල් වී ඇත. හෙගල් ඉදිරිපත් කළ විඥානවාදී අදහස් පදනම් කොට ගෙන රාජ්‍ය දේවත්වය තරම් උත්තරිතර තත්වයට පත් කොට ඇති අතර රාජ්‍ය පාලකයා වෙත ද අධිමානුෂිකතත්වයක් ආරෝපණය කොට ඇත.
👉පාලකයා “සර්වතෝ භද්‍රය” සකලවිධ උතුම්
ගුණාංග වලින් යුක්ත ය.
🔺ඥනවන්න බව,
🔺ගුණ ගරුකබව,
🔺මානව දයාව,
🔺රණ ශූරත්වය,
🔺වීරත්වය,
🔺දේශප්‍රේමීත්වය ඔහු සතු ය.
🔺ඔහු අකාරිශනීය චේ.
🔺ඔහු වන්දනීය වේ.
රාජ්‍යයේ සෑම මාධ්‍යයක් ම පැසිස්ට් පාලකයා හොඳ කණ්ඩායම පිලිබඳ ඉහත
පුද්ගලාදී වන්දනයෙහි යෙදිය යුතු ය.
👉මෙම ක්‍රියාකාරීන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තීන්හි කැපී පෙනුණු ලක්ෂණ කිහිපයකි.
1. රාජ්‍ය හා ජාතිය සර්වසම ලෙසැලකීම
2. ජාතිවාදය ඉස්මතූ කිරීම.
3.බුද්ධියට වඩා හැගීම් වලට
ආමන්ත්‍රණය කිරීම හා ප්‍රචාරණ ශක්තිය
4. දැඩි විනය ගරුක බව
🔺 පැසිස්ට් වාදී රාජ්‍යයක රාජ්‍ය හා පුරවැසියන් අතර සබඳතාව.
1. පුද්ගලයා පෙනී සිටින්නේ රාජ්‍ය වෙනුවෙනි.
2.ව්‍යවස්ථාවක් නීතියක් මෙම පාලනය යටතේ නොපවතින අතර පාලකයා හෝ කණ්ඩායම පවසන දෙය නීතිය වන්නේය.
3. සාමාන්‍ය ජනතාව පාරිභෝගිකයන් පමණි.
4. පාලකයා කිසිවිටෙක ජනතාවට වග කීමට බැඳී නැත
5. රාජ්‍ය නග්න බලයට ප්‍රශ්න කිරීමකින් තොරව යටත් වැසියා අවනත විය යුතුය
6. පුරවැසියාට නිදහස අයිතිවාසිකම් සමානාත්මතාව යන නැත.
7.වෙනත් මත දරන්නන් හිංසනය හා මරදනය උතුම් ක්‍රියාවකි
8. මානව දයාව බියගුළු දෙයකි
9. ජාතීන් අතර සමගිය සදාචාර වෙනත් සංස්කෘතීන් සියල්ල පිළිකුල් කරයි.
10. දේශපාලන විනිවිද භාවයක් නැත.
11. ඔවුන් හැර වෙනත් කිසිදු දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීමට නොහැක.
👉 මෙවැනි කරුණු පැසිස්ට්වාදී දේශපාලනය තුළ දක්නට ඇති ලක්ෂණයන්ය.
👉 මෙහි ඇති අවාසනාවන්තම කරුණ නම් නීතියෙන් පිට ව්‍යවස්ථාපිත බලයෙන් පිට, මෙය ක්‍රියාවට නංවන පුද්ගලයා හෝ කණ්ඩායම මිනිසුන්ගේ ආශාවන් වශ්‍යතාවයන් ස්පර්ශ කරමින් බලය ලබා ගැනීමට අරගල කරයි.
👉 බොහෝවිට මෙම දේශපාලන නියාය අනුගමනය කරනු ලබන්නේ ඒකාධිපති පාලකයන් හෝ වෙනත් රැඩිකල් මත දරණ කණ්ඩායම් විසිනි.
👉 ඇඩොල්ෆ් හිට්ලර්, මුසලෝනි, පොල්පොට්, ගඩාෆි වැනි දේශපාලන නායකයින් මෙන්ම තලෙයිබාන්, අල්කයිඩා, එල්ටීටීඊ ,
අයි එස් අයි එස් වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් අනුගමනය කරනු ලබන්නේ ද මෙම දේශපාලන ක්‍රමයයි.
📚 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ දේශපාලන විද්‍යා විෂය ඇසුරින් සකසන ලද ලිපියකි.
✍️📚📰🌏🇱🇰 #මීරිගම_ඊෂණ
#SriLanka #තිත්ත_කථා #RanilWickremesinghe