මිහි මාතවගේ අමරනීය දුවනිය
මා සාදාදරනීය ලක් මෑනියනි
වසර දෙදහස් හාරසිය පනහක්...
සොදුරු ජාතියක ඔබ දුවා දරුවන් ලෙස
අප ඔබ හා ආවෙමු
තවද නොනැවතී ඉදිරියට යන්නෙමු
ඒ ආ මගෙහි අප ගුණදම් පෝෂනය කළ
තිලොගුරු බුදු පියානන්ගේ දර්ශනය මහත්ය..
සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත්
ඔබ තුමියගේ අභිමානය සේ සලකන්නෙමු..
ඒ අභිමානය දෙගුන තෙගුන කරනු වස්
දෙමළ මුස්ලිම් සොයුරු ජාතීන් අප සමග දැන් ඇත...
ඒ නිමල අතීතයෙදි දේශප්‍රෙමී දූ පුතුන් සියදස්
ඔබ ස්වයීරීබාවය බෞමික අකණ්ඩත්වය රැක හමාරය
දැන් ශ්‍රේෂ්ඨ සාහිත්‍යත්,තාකෂනයත්,වෛද්‍ය ශාස්ත්‍රයත්...
කෙල පැමිනි සූසැටකලාවන්ද ඔබ දු පුතුන් සතුව ඇත
නමුදු අප අතීතයේ මිහිරි මෙන්ම අමිහිරි සිහිවටන නැතුවාද නොවේ
පෘතුගිසි,ලන්දේසි,ඉංග්‍රිසි අප දන එබ්බවුයේ
අප සංස්කෘතියට මරු පහරක්ද සමගිනි
ඔවුන් අප බෞතිකව දියුනු කලද
අප අධ්‍යත්මය ගොඩනැගුවේ නැත
ඒ පහරින් අද කිරීටයෙන් නිදහස ගෙන
වසර හැට තුනක් වුවද අප හට
ජාතියක් විලස නැගිටීමේ හැකියාව නැතිකොට ඇත
නැවත අප හට එක්සත්ව එක්සිත්ව
ඔබතුමිය ගේ වරුණ ලොවට හඩගා කීමට
ශ්‍රි ලංකික දූ පුතුනට වරයක් දුන මැනවි
එවිට අප ඔබගේ ශ්‍රී නමය චිරාත් කලක්
මේ විශ්වයේ බබලවන බවට සපත කරන්නෙමු...