Friday, May 29, 2020

මේ බව මුගලන්ටත් කියන්න...

 "පුවතක්- අදින් මාස හයකට පමණ අසන්න කාලයක නල්ලතන්නියේ සිරිපා අඩවියේ හමුවූ දුර්ලභ කළු කොටියා පසුගියදා මද්දට හසු වී සිදු වී තිබූ තුවාල හේතුවෙන් මිය ගොස් ඇත.. එම දුර්ලභ සත්වයා බේරා ගැනීමට වන සංරක්ෂණ වෛද්‍යවරු දැඩි උත්සහයක් දැරූ බවත් පැවසේ.. එම ඉතා කණගාටුදායක පුවත සමඟ ලංකාවේ කළු කොටින්ගේ අවසානය බොහෝ විට මෙය වීමට හැකිය." 
අපකොතනක සිරවීද 
අපගේ වෙනස් වියයුතු තැන් කොතනද යන්න අප හරිහැටි අවබොධ කරගෙන සිටියිද. මෙයට වගකිවයුතු මද්ද ගැසූ පුද්ගලයාට නියමිත දඬුවම කුමක් විය හැකිද.. මහාපරිමාණ වංචා දූෂණ කළ උන්ගෙ දඩයද අපදුටුවෙමු.මේ වටිනා සත්වයාගෙ අගය රුපියල් පනහක් සීයයක් වනු ඇත... වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත ශක්තිමත් කරනවානම් මුගලන්,ගල්ගමුව දළපූට්ටුවා වැනි කතිකාවක් ගොඩනැගූ ගාතන මෙන්ම 2019 ඔක්තොබරය කළුකළ ඇතින්නියන් ගාතනය වැනි හඬක් නොමැති ප්‍රානීන්ට සාධාරණක් ඉටුකළ හැකිවනු ඇත. වෙසක් පුන් පොහෝ දින වෙඩි පහරින් මියගිය මිනිසාගෙ පරම මිතුරා යැයි උදම් අනන සත්ත්වයාද.පොසොන් පොහොය පෙනිපෙනී තිබියදී මෙලොව හැරයන නල්ලතන්නියෙ කළුවාද අපගේ භක්තිමත් ආගම්වාදය මනාව කියාපාන සාධකය. මෙලොව වසන සතුන්ගෙන් මිනිසා තරම් උතුම් මෙන්ම පාහර සත්වයෙක්ද තවත් නැත.බුදුන්වහන්සෙ, ක්‍රිස්තුස්වහන්සේ ,ශිව දෙවියන්, නබි නායක තුමන් වැනි ශ්‍රේෂ්ඨ මිනිස්සුන් වාසය කල මේ පොළොතලයෙ සත්වයින්ට කෙතරම් ආදර කරුණාවක් දැක්වූවොද.. අවාසනාවක මහත නම් ඒ මහා පුරුෂයන්ගෙ අනුගාමිකයන්, බැතිමතුන් යැයි පුරාජේරු දොඩවන කාලකන්නි මිනිසුන් සමස්ථ මිනිස් සංහතියටම නිගා කරමින් සිදුකරන මේ ක්‍රියාවන් හට දිනක සොබාදහමෙන් වන්දි ගනු ඇත.. 
 මාස දෙකක් නිවාස අඩස්සියෙ සිටි මේ මිනිස් සත්වයන් නිදහස් වි දින කීයද.. 
 "අප දියුණුයි දියුණුයයි උදම් ඇණුවාට අප තවමත් නොදියුණු ගල්යුගයෙ මිනිසුන් වෙමු. ඔබව රැක ගැනීමට නොහැකි වූ මාද අයත්වන මේ මිනිස් සංහතිය පිළිබඳ අප්‍රමාණ කණගාටුවක්, කලකිරීමක් ඇති මුත් ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටිමි....
නුඹ වැනි නිහඬ ජීවිත ගැන හඬක් එක් කරන සැමට ස්තූතිවන්ත වෙමි. නැවත වරක් මෙවන් නින්දිත මිනිස්සුන් නැති තැනක ඉපදේවායි ප්‍රාර්ථනා කරමි.

සුභ ගමන් කලු මිත්‍රයා...මේ බව මුගලන්ටත් කියන්න.."

 -ඊෂණ-

Saturday, November 30, 2019

කෛරාටික දේශපාලනය ඩැහැගන්නා තරුණ්‍යයෙ හසරැල්ල

  ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අති විශිෂ්ට වූ සුවාසුදහසක් ධර්මස්කන්ධය අතරින් පන්සිල් පද පහ සිංහල බෞද්ධයා අතර නිරතුරුවම භාවිතයේ පවතින මුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනුයේ අතලොස්සක් පමණ වූ කොට්ඨාසයක් පමණි .තාරුණ්‍ය ගැන කතා කරන විට බුදුදහම පිළිබඳව සදහනක් වන්නේ මන්දැයි ඔබ සිතනවා විය හැක. මන්ද ලොව්තුරු බුදු දහමලො ශ්‍රේෂ්ඨතම දර්ශනය ලෙස සියලු දාර්ශනිකයින් මතවාදීන් අවිවාදයෙන් පිළිගෙන ඇත . උන්වහන්සේ සරකාණි සූත්‍රයේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන ලෙස එනම් එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කරන ලෙස සරකානි සිටු පුත්‍රයාට බුදුන් වහන්සේ දේශනා කළ සේක .මෙම ලිපියේ අන්තර්ගතය බොහෝදුරට වත්විමන් ශ්‍රී ලාංකේය තාරුණ්‍ය විචක්ෂණශීලී මනසකින් දේශපාලනය දෙස බැලිය යුතු බව පවසමි.

ලංකා දේශපාලනය තාරුණ්‍යයේ ආකල්ප සමග එකට මුසුවී දුරාතීතයේ පටන්   ශ්‍රී ලාංකික තරුණ්‍ය යේ හොඳට මෙන්ම නරකට ද බලපා ඇත . තරුණයන්ගේ නිර්මාණශීලීත්වයත් ,
ලේ කකියන උද්වේගකර මනසත් දේශපාලකයා එදා සිට තමන්ගේ බලය ස්ථාපිත කිරීම උදෙසා ඉතාමත් නිර්ලජ්ජිත ලෙස භාවිතා කළ බව සඳහන් කළ යුතුය .ලංකාවෙහි මැතිවරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක වූ විසි වෙනි සියවසෙහි දෙවැනි දශකය කුල පදනම සලකා බලා සමාජීය ඥානයකින් තොරව මහජන නියෝජිතයින් තේරීපත් වූ අවධියකි 1912 පැවති මැතිවරණයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා පොන්නම්බලම් රාමනාදන් තේරීපත් වූයේ බහුතර සිංහල ඡන්දදායකයන්ගේ ඡන්දයෙන් 1919 දී ආරම්භ කරන ලද ලංකා ජාතික සංගමයෙහි බහුතර සිංහල ජාතිකයන්ගෙන් සමන්විත වූ අතර එහි ප්‍රථම සභාපතිවරයා ලෙස පත්වූයේ පොන්නම්බලම් අරුණාචලම්ය. තවද එකල දේශපාලනයට මෙන්ම තාරුණ්‍යට ද අවශ්‍ය වූයේ රටේ ජාතිකත්වය ආරක්ෂා කරමින් කිරීට විජිතයෙන් නිදහස ලබාගැනීමය. එදා සිටි ජාතික නායකයින් මෙම තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන රට තුළ ජාතික සංගමය මෙන්ම හලාවත සංගමය ,කුරුණෑගල සංගමය ,යාපනය සංගමය ආදි තරුණ සංගම් මෙන්ම තරුණ බෞද්ධ සංගම් තරුණ හින්දු සංගම් මෙන්ම තරුණ මුස්ලිම් සංගම්ද ඇති කරමින් එදා ජාතික අරගලයකට තාරුණ්‍ය මෙහෙයවූයේ ප්‍රශස්ත අන්දමිනි.
1948 නිදහස ලබා ගැනීමත් සමග නැවත වරක් ජාතිකවාදී අදහස් කෙමෙන් කෙමෙන් තමන්ගේ බලය ස්ථාපිත කර ගැනීම සඳහා දේශපාලකයින් භාවිතා කිරීම දක්නට ලැබුණු කරුණක් වෙයි. 

ජාතිවාදය පසෙක තබා කුල වාදය මුල්කරගෙන ලංකා දේශපාලනය ඉදිරියට ගෙන යාමට එවකට දේශපාලකයින් අරඹා තිබුණු සමයක තාරුණ්‍ය තුල හටගෙන තිබූ යුගය්වෙ අවශ්‍ය තාවයක් ලෙස සමානාත්මතාවයෙන් යුතුව සියලු වෘත්තීන්ට ගරුකිරීම යන සංකල්පය මත පිහිටමින් ගමින් ගම දොරින් දොර තරුණ හදවත් තුළ පවසමින් තිබූ ඔවුන්ගේ අවශ්‍යතාවය 1956දී එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකයන් නිසි ආකාරයෙන් ම අවබෝධ කරගනිමිනි සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය පෙරටු කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් එක්සත් ජාතික පක්ෂයෙන් බාදී ගොස් නව පක්ෂයක් පිහිටුවා වමේ ප්‍රබලතම බලවේගය බවට පත්වෙමින් ලංකාවේ අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.
එදා එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ව බෝධ කරගත් ඒ තාරුණ්‍යයේ අවශ්‍යතාවය තමන්ගේ බලය ස්ථාපිත කිරීමේ යතුර ලෙස පාවිච්චි කරේ ඉතාමත් තීක්ෂණ අයුරිනි.
මා මෙය සඳහන් කරන්නේය ලංකා ඉතිහාසයේ විශේෂිතම අවස්ථා කිහිපයක් ඇසුරෙන් තාරුණ්‍යයේ අවශ්‍යතාවය දේශපාලනික කෛරාටිකකම් වලට හසුවන අන්දම පෙන්වා දීමටය.
මීළඟට 1970 දශකය පමණ වනවිට තාරුණ්‍ය තුල නැවත වරක් විරැකියාව ,නවදේශපාලන මානයකට රට ගෙනයෑම වර්තමාන භාෂා භාවිතයෙන් කිව්වොත් system change එකකට එකල තාරුණ්‍යය ද යත්රුනදැරුවේ ය එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ අධ්‍යාපනය හදාරමින් සිටි ලංකාවේ අග්‍රගණ්‍ය බුද්ධිමතෙකු වන්නට අවස්ථාවක් තිබූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයන් ලංකා තාරුණ්‍යයේ අවශ්‍යතාවය වටහා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ගොඩනැඟී තිබූ සමාජවාදී සාම්ප්‍රදායික දේශපාලනික පක්ෂ වෙනුවට තාරුන්නයේ සිත් ඇදබැඳ ගන්නා  විමුක්ති අරගලයක් පෙරටු කරගනිමින් නව  ප්‍රවාහයකට ආරම්භය ලබා දුනි එහි අවසන් ප්‍රතිඵලය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් ප්‍රථම වරට විමුක්ති අරගල කාමීන් මර්දනය කිරීම අරඹන ලදී. ඉන් පසු බිහි වූ ජේ ආර් ජයවර්ධන රජය සිංහල විමුක්තිකාමීන් උදෙසා තරුණයින්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ජාතික තරුණ සේවා සභාවවැනි ආයතන පිහිටුවමින් තරුණයින්ගේ සුබසිද්ධිය උදෙසා ඔවුන්ගේ නායකත්ව අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීම සඳහා මාවත් විවර කර දෙන ලදී එක් අන්තයක් එසේ සිදු වන විට උතුරේ අනිත් අන්තයෙන් ජාතිවාදය ආරම්භ වී තිබිනි.

දෙමළ තරුණයින්ගේ අවශ්‍යතාවය හඳුනාගත් දෙමළ දේශපාලන නායකයින් දශක ගණනාවක් පුරාම සිංහලයාගෙන් දමිළයන්ට සිදු වූ දේශපාලනික කෙනෙහෙලිකම් මත තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ගොඩනැංවීම උදෙසා දමිල තාරුන්‍යයේ ඉහත කී අවශ්‍යතාවය ප්‍රයෝජනයට ගනිමින් එල් ටී ටී ඊ සංවිධානය ආරම්භ කිරීම සඳහා දමිළ තරුණයින්ට අවශ්‍ය දේශපාලනික සහය ලබා දුන්නේය .එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ශ්‍රී ලාංකිකයින් වසර තිහකට වැඩි කාලයක් ජනවාර්ගික කුරිරු යුද්ධයකට හසුවෙමින් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට තවදුරටත් ශ්‍රී ලංකාව පත් කරන ලදී. 

කෙමෙන් කෙමෙන් දේශපාලනික උගුල් වලට හසු වූ ශ්‍රී ලාංකීය තාරුණ්‍යය වර්තමානය වන විට ද දේශපාලඥයින්ගේ රාටික භාවය අවබෝධ කරගෙන නොතිබීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අවාසනාවක් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමාන තත්ත්වය උඩ 2015 වසරේදී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය උඩු යටිකුරු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ එකල තරුණයාට අවශ්‍ය වූ වෙනස සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙසය එනම් මහින්ද රාජපක්ෂ රජය තුළ තිබූ වංචා දූෂණ
හොරමැරකම් සඳහා විරෝධය පාමින් තාරුණ්‍යට කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් රට තුළ උද්ගත වෙමින් තිබුණු වානුවක එයට විකල්ප සොයමින් සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ සටනට යොමු කරවන්නේ තාරුන්‍යයේ සිත්සතන් තුළ යුගයේ අවශ්‍යතාවයක් බවට පත්වී තිබූ හොර මැරකම් වලින් තොර රටක් බිහි කිරීම යන තරුණ අවශ්‍යතාවය මල්ඵල ගන්වනු පිණිසය.
නැවත වරක් තාරුණ්‍යට කොකා පෙන්වමින් එම බිහිවූ යහපාලන රජය අල්ලපු හොරෙක්වත් දූෂණ-වංචා වක් වත් රටට හෙළි කළේ නැත.
ඉන්පසු මුලුමහත් ලෝකය පුරාම පැතිරෙමින් තිබූ පරිසර ආරක්ෂා කිරීම පරිසරය සුරැකීම යන තරුණ යුගයේ අවශ්‍යතාවය තේරුම් ගත් පරාජය වූ රාජපක්ෂ වරුන් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අවශ්යතාවය බවට විල්පත්තු වනෝද්‍යානයේ සංහාරය කරළියට ගෙනාවේය. එහිදී එම සංහාරයට මුල්වු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහයෝගය දෙන කිසිදු දේශපාලනික පක්ෂයකට චන්දය දෙන්න එපා යැයි මතවාදයක් ලංකාව පුරාම පැතිර වීය .

අවසානය්දී ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ ලංකාවේ තාරුණ්‍ය නැවත වරක්රැවටීමකට ලක් කරමින් විල්පත්තුව වෙනුවෙන් පෙනී සිටි සමස්ත ශ්‍රී ලාංකික තාරුන්‍යය මහා පාවාදීමකට ලක් කළේය. මෙම ලිපිය සකසන මොහොත වනවිට වර්තමාන තාරුන්‍යයේ දිශා නතිය යොමු වෙමින් තිබෙන්නේ පරිසර අලංකරනය පරිසර සුන්දරත්වය වර්ධනය යන තරුණ්‍යයේ නර්මාණ ශීළී සිතැඟි උදෙසාය.
තාරුන්‍යයේ මෙම නිර්මාණශීලී අවශ්‍යතාවය කෛරාටික දේශපාලනඥයින්ගේ අවියක් බවට කෙමෙන් කෙමෙන් පත්වෙමින් ඇත. මෙම හසරැලි රැලි බවට පත්වී කැරලි බවට පත්ව තරුණ්‍යයේ උසස් සාතුවිලි තිඹිරිගෙය තුළම මියයන්නෙ අසික්තකිත දේශපාලනය අතපෙවීම මතය. 
මෙම කරුණ හරියාකාරයෙන් අවබෝධ නොකරගන්නා තාක්කල් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අවස්ථාවාදී දේශපාලකයාන්ගේ වහල්බාවයට ගොදුරු වීම නොවැලැක්විය හැක. මෙම තත්ත්වයට  හේතුව නම් ශ්‍රී ලාංකීය තරුණ්‍යය මොළයෙන් නොව හදවතින් ක්‍රියාත්මක කරන සිතුවිලි මත පදනම්ව කටයුතු කරන තරුණ සමාජයක් වීම මෙයට මූලිකම හේතුවයි.
ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ සරකානි සූත්‍රයේ දේශනා කරන ලද යෝනිසෝ මනසිකාරයෙන් යුතුව නොඑසේනම් එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කරන විචක්ෂණශීලී තරුණ පරපුරක් ශ්‍රී ලංකාද්වීපයේ බිහිවේවායි ප්‍රාර්ථනා කරමින් මෙම සටහන මෙසේ තබමි.

Thursday, February 28, 2019

ජනාධිපති ඒබ්රහම් ලින්කන් තම පුතාගේ ප්‍රධාන ආචාර්යතුමාට යෑවූ ලිපිය

මෙම ලිපිය ඇමරිකා එක්සත් ජනපදයේ 16වන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ විශිෂ්ට රාජ්‍ය නායකයකුවන  වන ඒබ්රහම් ලින්කන් විසින් තම පුතා ප්‍රථම වරට පාසල් යන අවස්ථාවේ පාසලේ ප්‍රධාන ගුරුවරයාට ලියූ ලිපියකි. මෙය අධ්‍යාපනය තුලින් සත්‍ය වශයෙන්ම ලැබිය යුතු වටිනා කරුණු රාශියක් ඇතුලත් මේ ලිපිය සර්වකාලීන ලියවිල්ලක් ලෙස වර්තමානයේදීත් පළිගනී. මෙය කියවිය යුතුම ලිපියකි.

ඔබ මා පුතණුවන්ට ඉගැන්විය යුතු දෑ එමටය. මා දන්නා පමණින් ඉන් සමහරකි මේ.

මිනිසත් බව ලත් මුත් සියල්ලෝම සත් ගුණවත් නොවන බවත්සත්දම් නොදන්නෝ බවත් මා පුතුට පහදා දෙන්න.

කපටින්සැමහට එරෙහිව නැගී සිටින වීරයන් ඇත. දෝත පුරා බැංකු තර කරන පාලක නිහීනයන්ට පාඩම් ඉගැන්වීමට ඇප කැප වූ නායකයන්ද ඇති බව මා පුතනුවන්ට කියා දෙන්න.

සතුරුකම් කරන දුදනන් පරයා කලණ මිතුදම් රකින සුදනන් ඇති බව උගන්වන්න.

අහස් කුසේ නිදහසේ පියාසරකරන සියොතුන් හිරු කිරණින් ඔද වැඩුණු මී මැස්සන් නිල්වන් මිටියාවත බබලවන වනමල ආදිය නරඹමින් ඒ තුල සැගවුණ සදාකාලික අභිරහස් ඉගි මගින් ඉගෙන කුල්මත් වීමටද කාලය මිඩංගු කරන්න

පාසල් විභාග වලින් අසමත් වීම වංචාවෙන් සමත් වීමට වඩා නම්බුකාර බවත් යුක්ති යුක්ත බවත් අගයන්න.

නිරවද්‍ය තම මතයට කොයි කවුරු අව කැපුවත් අදිටනෙන් එල්බ සිට නිවැරද්දම තහවුරු කිරීම පිණිස දිරි දෙන්න.

මෙත් කුළුණෙන්ද සැර වැරෙන්ද හික්මිය යුත්තන් සිටින බව පහදා දෙන්න.

අනුකරණය කොපමණ පලදායී වුවත් ආත්ම ශක්තියේ අගය අමිල බවත් උගන්වන්න.

අන් මනු වදන් මැන කිරා බලා සත් වදන් සමග උරගා බලා හොද නරක වෙන් වෙන්ව පෙරා හොද දේ පමණක් ඇගයීමට උගන්වන්න.

දුකේදී පවා සිනාසීමට උගන්වන්න හැකි නම් මැනවි.

වැඩි කල් ගතවුවත් තම වෑයමෙන් උපයා ගත් සොච්චම උරුම වූ දායාදයට වඩා නම්බුකාර බව හැකි නම් උගන්වන්න.

පරාජය පිළිගැනීම මෙන්ම ජය පැන් බීමටත් උගන්වන්න.

ඔබට හැකි නම් අව්‍යාජ සිනහවේ රහස උගන්වන්න. 

අයුතු බලපාන තක්කඩියන් මැඩලීම වඩා පහසු බව ඉක්මනින් වටහා ගන්නට ඉඩ සලස්වන්න.

පොත පතෙහි සැගවුණ රමණීය සුන්දරත්වය උරා බොන හැටි හැකිනම් කියා දෙන්න.

කදුළක් හෙලීම ලැජ්ජාවක් නොවන බව පවසන්න.

සමච්චලය මායිම් නොකරන්නටත් චාටු පැසසුමෙන් නොරැවයෙන්නටත් දිරි දෙන්න.

ශ්‍රම ශක්තිය හා ඥානය වැඩි මිලට තක්සේරු වන මුත් ළබැදියාව සහ ආත්ම ගරුත්වය සැමදා අමිල බවත් ම පුතණුවන්ට පහදා දෙන්න.

බෙරිහන් දෙන සටන් පාඨවලට කන් නොදී හද තුළ කා වැදී ඇති සත්‍යන් වෙනුවෙන් සටන් වදින්නට ම පුතණුවන් හික්මවන්න.

ඔවුට කරුණාවෙන් සලකන්න. වැඩි ආදර සැලකුම් නොදක්වන්න. ඉස්තරම් වානේ පදම් වන්නේ ගිණියම් උදුණකිනි. ඉවසීමෙන් ඔහු නිර්භීත විය යුතුය.

සැමදා සිතතුල රැව් දෙන සත්ගුණ ඇදහීමෙන් පොදු මානව බැතිදම් ලියලන බව ඒත්තු ගන්වන්න.

මෙය ඉතා බැරෑරුම් අපේක්ශාවකි. හැකි පමණින් ඉටු කරන්න. මගේ පුතා ඉතා විනීත දරුවෙකි.

Saturday, January 5, 2019

ජාතික උරුමයක් වු ත්‍රිපිටකය

අද දිනය 2019 ජනවාරි 05
බෞද්ධ අප හට ඉතා මත් වැදගත් දිනයක්..
ක්‍රි.පූ. 1 වන සියවසේ වළගම්බා රජ දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ ඓතිහාසික අවස්ථාවට පසුව වර්ෂ 1956දී ත්‍රිපිටකය පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කළ බවත් ඉන් අනතුරුව එළැඹෙන ඓතිහාසික වැදගත්ම අවස්ථාව
අද ..........
බුදු දහම ලෝකවාසී ජනතාවටත් අනාගත පරපුරටත් නිවැරැදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යෑම සඳහා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්වන දිනයයි

''සබ්බ දානං ධම්ම දානං ජිනාති''

තවද වහරක්වාදින් ඇතුළු යම් කොටසක්
තම අභිමතය පරිදි  විකෘති කරගත්තා වු විවිධ අරුත් නිරුක්ති සැපැයු අති උතුම් ත්‍රිපිටකයම අමු අමුවෙමු වෙනස් කරගත්තා වු දිගු කාලයක් ලංකාවේ මිනිසුන්හට විකෘති දේශනාවන් දේශනා කිරිමට යොමු වු කාල සීමාවන් පැවතුණි..

බුදුන් උපන් දේශය ලංකා⁣ව යැයි ද ඉතිහාසය වෙනස් කර අති උතුම් ජය ශ්‍රි මහා බෝධිය පවා කපා දැමිය යුතු යැයි  සමාජ මතයන් ගොඩ නැගිමට ඔවුන් උත්සුකවන බව පැහැදිළියි.

එවන් පසුබිමක විකෘති දේශනාවන්ට එරෙහිව විකෘති කරන ලද ඉතිහාසයට එරෙහිව සමාජ මාධ්‍යජාලවන් හි නිදි වර්ජිතව එම දුර්මතයන් ඉවත් කිරිමට වෙහෙස වු නිවැරදි ධර්මය වෙනුවෙන් වෙහෙස වු සැමගේ එක් උත්සහයක් හි ප්‍රතිඵළ ලැබිම සතුටුවිය යුතුයි.

සමාජ ජාලාවන්හි අමතරව ප්‍රායෝගිකව නිතිමය තත්වයන් තුළ රටේ ත්‍රිපිටකට ජාතික උරුමයන්  කරලිමට කටයතු කරන ලද විභජ්ජවාදය ඇතුළු සමස්ත උතුම් සංඝරත්නයට  පාදනමස්කාර පූර්වක ස්තුතිය පුදකර  සිටිමු.

තෙරුවන් සරණයි
ඊෂණ

Tuesday, October 9, 2018

නුඹ... තෝ.... බං.....

තො
මාත් එක්ක
එකට
රවුන් ගැහැවුව
කයිය ගැහැවුව
වැඩ කලා
රන්ඩු උනා
තරහ උනා
බං
උඹ උඹේ පාරෙ යනව
මම මගේ පාරෙ යනව
ඒත තනි උනහම
උඹ නැති අඩුව
පුරවන්න අමාරුයි බං
ඉස්සර
උඹටත් නිමාඩු
මටත් නිමාඩු
අද
උඹ ඉන්නකොට මම නැ
මම ඉන්නකොට උඹ නැ
දෙන්නම ඉන්නකොට වෙලාව නැ
නුඹේ
පළවෙනි ගමන
ගොඩක් දුක හිතුන
එනව කියද්දි ගොඩක් සතුටුයි වගේම
යනව කියන දවසට
එදාවගේම අදත්
ඒ වෙනස
ඒ විදියටම දැනෙනව....
මොනව කරන්නද
එදා තිබුනු නිදහස
මට නැ
අද
නුඹ ගාවටවෙලා තනිරකින්න
වසන්තයත් එක්ක
ඔබ එනකන්
මම බලං ඉන්නව...
සුබ ගමන්
මගේ යාළුව.......



Saturday, June 23, 2018

අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ......


වසර 2000ක්
එක් දර්ශනයක්
අනගිබවනීය දේශයක්
පරංගි,ලන්දේසි ඉංග්‍රිසි විනාශකල යුගයක්
සිව් සියවසක් තුළ නැතිවූ දර්ශනයක්
තුන් නිකායක් තුළ ගොඩ නැගූ සියවසක්
දර්ශනයක් ආගමක් වූ වසර 70වක්
දර්ශනය ජීවමාන කළ උතුම් වු සම්බුද්ධ චීවරයත්
අවියක්වූ දශකයක්
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ......

වසර 2500 කට එහා ගිය ලොවක් පිළිගත් දර්ශනයක් ඇත්නම් ඒ බුද්ධ දර්ශනය පමණි. සෑම ආගමක්ම නීති පනවා මිනිසා සුමගට ගැනීමට වෙර දරණවිට බුද්ධ දර්ශනය තුළ එය වටහාදී අවභෝධයෙන් වරදින් මිදිමට මිනිසා ගේ විඥ්ඤාණය අවදි කරවීම තුළින් වරදින් මුදවාගනියි.භික්ෂුවකගේ විනය ගැන කථාකිරිමට අපහට කිසිදු අයිතියක් නැත.එය බුද්ධ දර්ශනයයි නමුත් බුද්ධ දර්ශනය  දිනෙන් දින ඇද වැටෙන ප්‍රපාතයෙන් මුදවාගැනීම අප සතු යුතුකමක් වග දැනේ.එහෙයි මේ සටහන මෙසේ තබමි.
සම්බුද්ධ පරිනිර්වානයෙන් පසුව දේහය ආදහනයට පෙර සුභද්‍රනම් භික්ෂුවක් කරන ලද ප්‍රකාශය නිසා පළමු ධර්ම සංඝායනා පවත්වන්නට යෙදුනෙ අතර.මේ ආකාරයෙන් බෞද්ධ ඉතිහාසය පුරාවටම යෙදුන ධර්ම සංඝායනා යම් යම් භික්ෂුන් වහන්සේලාගේ විවිධ ක්‍රියා හේතුවෙන් පවත්වන ලද්දේය.තවද බුද්ධ දේශනාවේ පටන් ආශාවන්ගෙන් මිදීම අත්හැරිම මේ සියළු සංඝායනාවන්ගේ අවසාන ප්‍රථිපලය විය.
බුදුරදුන් ජීවමානව වැඩවෙසෙන සමයේ සොලොස්මහ ජනපදයන්හි රාෂ්ට්‍ර පාලනයට බමුණන් සහභාගි උවද,බෞද්ධ භික්ෂුන් වරදක් ඇතොත් ඒ වරද පෙන්වා දී විපාක අවභොධ කර දුන්නේය.ශාඛ්‍ය කෝලීය දෙවංශයේ යුද්ධයේදී බුදුන් වහන්සේ එක්පසක්වත් නොගෙන කටයුතු කලේ බුද්ධ දර්ශනයේ වටිනාකම තම පිරිසට අවභොධ කරමිනි.
විජයාගමනයෙන් පසු ශක්‍ර දේවෙන්ද්‍රයාගේ අන පරිදි පැමිනි විශ්ණු දෙවියන් විජය කුමරුගේ අත පූනනූලක් ගැටගසා සම්බුද්ධ ශාසනය පවතින එකම රටෙහි පැවැත්මට ජනපද පිහිටුවන්නට අශිර්වාද කලෝය.ඉදින් දෙවනපැතිස් රජුදවස ලංකාරාජ්‍ය ප්‍රථම වරට බුදුසසුනට පූජාකරමින් බුද්ධ දර්ශනය ලංකා රාජ්‍යතුළ ධර්ම විජය කෙරිනි. දෙවෙනි පැතිස් රජුගේ මුණුබුරෙකු වූ දුටුගැමුණු රජු විසින් රත්නමාලී දාගැබ ඉදිකිරීමත් සමග එතේක් පැවති තෙර්වාදී බුදුදහම මහාවිහාරය කේන්ද්‍රකරගනිමින් රාජ්‍යපාලනයට අණුශාසනා කරමින් කටුයුතු කලේය.
අනතුරුව දුටුගැමුණු රජගේ මුණබුරෙකුවූ වලගම්බා රජුදවස මහායාන බුදුදහම කරපින්නාගත් අවස්ථාවාදී වෛතුල්‍යවාදී භික්ෂුන්ගේ ආගමනය සිදුවූයේ අබේගිරි වාසී භික්ෂුපරපුරක් ලංකා රාජ්‍යතුළ ඇතිකරමිනි එසේ ඇතිවූ ව්‍යවසනය තුළින් තෙර දහම යටගොස් මහා විහාරය කඩාවැටුනි.නැවතත් වලගම්බා රජු සත්‍ය අවභොධ කරගත් පසු රාජ්‍ය අණුග්‍රහය සහිතව සුපිරිසිදු තේරවාදී බුදුදහම ලංකා රාජ්‍යය බබලවන්නට කටයුතු යොදන ලදී.ඉන් අණතුරුව නැවතත් මහසෙන් රජ දවස සංඝ මිත්‍ර නම් දකුණු ඉන්දියාණු සම්භවයක් සහිත භික්ෂුවක් තේරවාදී බුදුදහමට රාජ්‍ය අණුග්‍රහයද සහිතව මරුපහරක් එල්ලකලෝය.එයද වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් තෙර දහම විනාශකර පෘතක්ජන භික්ෂුව කරළිය පෙරලි කරයුගයක් බව ඉතිහාසාය සාක්ෂි දරයි. පෙර පරිදිම මහසෙන් රජ එය නිවැරදි කලේය. මෙසේ රාජ්‍ය පාලනයට භික්ෂුන්ගේ ආගමනය පැමිණි සැම අවස්ථාවකදීම සුපිරිසිදු තේරවාදී බුද්ධ දර්ශනයට මරු පහරවල් වලට ලක්විය.එසේ වූයේ තෙර දහම තුළ වු අල්පේච්ච තන්හාව ප්‍රහින කිරිම ආදී ගුනයන් පෘතක්ජන භික්ෂුව ප්‍රතික්ශේප කළ හෙයිනි.
එසේ ඇදුණු තෙර දහම ලංකා රාජ්‍ය නිසි මග යවමින් අපට අනණ්‍යවූ සංස්කෘතියක් ගොඩ නැගුවේය.පාලකයා මණුශ්‍යවාදී පාලකයෙක් කලෝය.යහපත් මණුශ්‍ය ගුණාංග සාමාන්‍ය ජනතාවට ප්‍රගුණ කලෝය.ඉදින් නොනැවතුනු සංඝ පරපුර සාහිත්‍ය මග ඔස්සෙ ලක් සමාජය සුමගට යැවුහ. ඉන් අනතුරුව ඇතිවූ බටහර අක්‍රමනයන් සමග  පෘතුගීසි ලන්දේසි ඉංග්‍රිසී පාලන සමයන්තුළ බෞද්ධ දර්ශනය නැත්තටම නැති කලෝය. මසට ලොල්, මතට ලොල් ආශාවන්ගෙන් පිරුණ සමාජයකට සිංහල ජාතිය තල්ලුකලෝය. බුද්ධ දර්ශනයෙන් ඇත්වූ සිංහල ජන සමාජය ආශාවන් ප්‍රහින කරනවා වෙණුවට ආශාවන් තව තවත් ලංකරගත්තොය. බුද්ධ දර්ශනය ආරක්ෂාව සදහා ගනින්නාන්සේලාගේ ආගමනය සිදුවූයේ මේ කාලවකවනුව තුළය, ඔවුන් පාදිලි තුමන්ලාමෙන් විවාහ වූහ, සාමාණ්‍ය ජන ජීවිතයක් ගෙවුහ, දිනෙන් දින මෙසේ පිරිහෙන බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට වැලිවිට අසරණ සරණ  ශ්‍රි සරණංකර සංඝරාජ හිමියන් ප්‍රමුක මහා සංඝරත්නය විටින් විට මුල් තැන ගත්හ.
ඒ අනූව සියම් දේශයට එක් අවස්ථාවකදී මහාවිහාරික භික්ෂූන් ගොස් සිදුකළ උපසම්පදාවක් හේතුවෙන් එහි තෙර දහම පැවතීම නිසා සරණංකර සංඝරාජහිමියන්ගේ ආරාධනයේන් සියම්දේශයෙන් වැඩම කළ උපසම්පදා භික්ෂුන් ලක් සසුනට නැවත උපසම්පදාව ලබා දුන්හ.ඒ අනූව සියම් මහා නිකාය බිහිවු අතර එහි රදලයන් පමණක් මහන කරගත්හ. මෙසේ භික්ෂු සාසනයේ තවත් පිරිහීමේ දොරටුවක් විවරකරගත් අතර ඉන් අනතුරුව රාමඤ්ඤ මහා නිකායත් අමරපුර මහා නිකායත් අවස්ථා ගණනාවකදී ලංකා රාජ්‍යයට උපසම්පදාව රැගෙන ආවේ කුළ පදනම මතය. අවාසනාවක මහත නම් සුපිරිසිදු තේරවාදී බුද්ධ දර්ශනය තුළ  කුළ මල ආගම් ජාති පිළිබද කිසිදු උස්පහත් බවක් ඇති නොකලොය.පහත් කුළවල සුනීති සෝපාක පටන් රාහුල ආනන්ද වැනි ශත්‍රියයෝද මහණදම් පිරූහ.
නමුත් ලක්දිව බුදුදහම පිරිහිම අවාසනාව මෙම යුගයේදී ආරම්භ විය.සියවස් හතරක් මුළුල්ලේ විනාශවූ තේරවාදය නිවැරදි ලෙස නැවත ස්ථාපිත කරවිමට නොහැකිවූයේ 1948 තෙක් පැවති බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රය නිසාය.ඉංග්‍රිසින්ද මෙම නිකායන්ට උල්පන්දන් සැපයු අවස්ථාද ඉතිහාසය සාක්ෂි දරනු ඇත.එය එසේ සිදුවුයේ බුද්ධ ශාසනයට තිබු ඇල්ම නිසා නොව මෙය තව තවත් පිරිහුමට යනු දැකීමේ අභිලාශයෙනි. ආශාවන්ගෙන් පිරුණු භික්ෂු සමාජයක් මේ කාලවකවාණුවතුළ ගොඩ නැගුණු අතර ඔවුන් රාජ්‍ය පාලනය සම්බණ්ධ වන්නේ සග වෙද ගුරු ගොවි කම්කරු පංචමාහා බලවේගයත් සමගින්ය.
එසේ දේශපාලන මඩගොහොරුවට ඇදුණු භික්ෂුන් වහන්සේ ආශාව ප්‍රහීන කරණවා වෙණුවට තවතවත් ආශා සයුරේ ගිලෙමින් සැපසම්පත් පසුපස හඹාගියෝය.සිව් සියවසක් ගෙවුනු තැන විනාශ මුඛයට තල්ලුවූ සග පරපුර විනාශ වීමට තවත් වරදක් පාලකයාගෙන් සිදුවිය,එනම් විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් මහා විහාර විශ්ව විද්‍යල බවට පත් කර ඒතුළට භික්ෂුන් සමග ශිෂ්‍යවන් ඇතුළත් කලොය.වර්ථමාන භික්ෂුව මාර්ගඵල අවභෝධ කරගෙන නැත ඔවුන් පෘතක්ජන භික්ෂූන්ය. ඔවුන් පහසුවෙන් ආශාවෙහි බැදෙන්නොය. සියළු විදි සටන්වලට යන රට වෙනුවෙන් පෙරට එන සංඝ නායකවරු ඔවුන් තේරපුත්ථාභය පරපුරේ බව පසක් කරන්නට වෙර දරන අතර තේරපුත්තාභය තෙරුන් සිව්රෙන් මිදී ගිහියෙකු ලෙස දුටුගැමුණු සේනාවේ මහ සෙනෙවියකු ලෙස සටන්කොට යුද්ධය අවසන්වු පසු නැවතත් මහනදම් පුරා මාර්ගඵල අවබෝධකරගත් භික්ෂුවක් බව වත්මන් සග පරපුර අමතක කලෝය.
මේ පරිසරය උඩ වර්ථමාන සම්බුද්ධ ශාසනය පරිහානියට පත්විම නොවැලක්විය හැකිය.මේ වනවිට අභිධර්ම පිටකය අතහැර ධර්මදේශනාකරන මෛත්‍රි බුද්ධ වන්දනාව සිදුකරණ හිමිවරුන් බිහිවි ඇත.තම තමුන්ගේ වාසියට ධර්ම දේශනා සිදුකරණු ලබති.තවත් භික්ෂුන් පිරිසක් දේශපාලන අතකොළු බවට පත්වී ඇත.ඇතමුන් බුද්ධත්වය ලබා මාර්ගඵල අවභෝධකරගත්සෙ හැසිරෙති. තවත් පිරිසක් බුදධ චිවරය අවියක් කරගත්තො වුහ,මේ අයුරින් දිනෙන් දින පිරිහෙන්නෙ සම්බුද්ධ ශාසනය නොවේද.
අද දේශපාලන කරලියතුළ සිටින මන්ත්‍රි පට්ටම් සහිත හිමිවරුන්ට එදිරිව වාග්ප්‍රහාර එල්ලවනු දක්නට ඇත,සංඝ්‍යවහන්සේගේ ගරුත්වය එතනම බිදවැටි ඇත.ජාතියේ නාමයේන් ජන මත හදන්නට වෙරදරන හිමිවරුන් ඇත. එහෙත් කිසිවකු ආකල්ප සංවර්ධනයක් ගැන කථාකරන්නෙ නැත.දේශපාලන කරලිය තුළ ෙ සසුනට නිසි තැන හිමිවි නැත.ඔවුන් සග පරපුර ආරක්ෂක බැමිබවට පත්කරගෙන ඇත.
කාලය එළඹ ඇත උතුම් සම්බුදධ දේශනාවේ අනාගත වංශ දේශනාවට  අනූව තව වසර 2500ක් අපහට  ඉතිරිව ඇත.වත්මන් පාලකයාට වගකිමක් ඇත එනම් සුපිරිසිදු තෙර දහම ලංකාද්වීපය තුළ ස්ථාපිත කිරිමය.ඒ සදහා ධර්ම සංඝායනාවක අවශ්‍යතාවය මතුව ඇත.බුදධ චීවරය අවියක් නොව මුදුන්මල්කඩක් බවට පත් කිරීමත්,සංග්‍යවහන්සේලා දේශපාලනයෙන් ඉවත් කර දේශපාලකයාට ඉහළින් ගෞරව ලැබෙන තැනකත් පිහිටුවීමටත්, බුද්ධ චීවරය දරා සිටින පෘතහ්ජන පුද්ගලයාට තම ශිලය ආරක්ෂාකිරීමට උපකාර කිරීම සම්සථ බෞද්ධයන්ගේ වගකිමක් කරවීමත්,ආදී කරුණු ස්ථාපිත නොවුවහොත් උතුම්වූ තෙර දහමත් සම්බුද්ධ ශාසනයත් නැතිවීයාම වැලැක්විය නොහැක.තව වසර 2500 ක් තෙවරක් බුදුන් වැඩි දේශයතුළ තෙවරක් බුදුන්ට පුජාකළ දේශයතුළ ආරක්ෂා කිරීමේ උත්තරීතර වගකීම යුතුකම සිංහල ජාතිය සතුව ඇත. හෙළය මෙය අවභොධකර නොගෙන කටයුතු කරන තාක් මේ විනාශයෙන් සම්බුදධ ශාසනය ගොඩගත නොහැක. 
 සෙනෙවි ඊෂණ

Sunday, April 15, 2018

ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයෙකුලෙස..

මීරිගම වලව්වත්ත ගම්ප්‍රදේශ කරගෙන නගරයත් අසල්වාසි ඔබ සමග වෙසෙමින් වසර 26ක් පුරාවටම අපේ ගම්තුළ ඇති සංවර්ධනය දකින මා අදින් වසර 28 කට පමන පෙර මීරිගම ප්‍රෙ දේශයේ දි පියා ගුවන් හමුදා නිළදාරියෙක් සහ මව විදුහල්පතිනියකගේ පුත්‍රයා ලෙස ජන්ම ලාබය ලැබුවෙමි. ඔවුන් ඇසුරේ හොද නරක සමාජයේ ජීවත්විය යුතු ආකාරය තමන්ට හැකි අයුරින් අන් අයට උදවු උපකාර කළයුතු ආකාරය උගත්තෙමි. මගේ පියා ශ්‍රි ලංකා ගුවන් හමුදා නිළධාරියෙක්ව සේවයේ නියැලෙමින් සිටි අවධියේදී 1994 ජනවාරි 14 දි මීගමුව ඒත්තුකාලේදී සිදු හදිසි අණතුරකින් තවත් ගුවන් සගයින් සිව්දෙනෙකු සමග මෙළොව හැර ගියේ මට යන්තම් අවුරුදු 04 ලබන විටදීය.

 මීරිගම වලව්වත්ත ප්‍රදේශයේ පදිංචියට එන්නෙ ඉන් අනතුරුවය.මේ අසීරු වට පිටාවත් සමග විශාල ප්‍රශ්ණ රාශියකට මගේ මව මුහුණදුන්නෙ උගත් කමේ වටිනාකම මා හට අවභෝධ කරමිනි. එහෙත් වැන්දබු කාන්තාවක සමාජයෙන් අද මෙන්ම එදත් කිසිදු පිළි සරණක් හිමි නොවුනේ මා හට ජීවිතය ගැන කියාදෙමිනි.එය එම සියළු අභියෝගයන්ට මුහුණ දෙමින් මාද හදාවඩා ගනිමින් තම ජීවිත සටන ගෙන ගියේ ඇය ලද අධ්යාපන පන්නරය හිස මත තබාගනිමිනි.

මේ කාලවකවාණුව තුළ මා මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්පනය හදෑරීමට ඇතුල්වුයේ බාධක රැසක් හමුවේ විම තවත් විශේෂත්වයකිනි. එවකට පාසල් මට්ටමේ ජයග්‍රහණ රැසකට උරදී පාසලට කීර්තිනාමයක් අත්කර දුන් අතර විද්‍යලීය බාලදක්ෂ සමුහයද නියෝජනයකරමින් සමාජයට වැඩදායි පුද්ගලයකු වන්නට පෙරමු තනාගන්නා ලදි. එයින් පසු මිරිගම ඩී.එස් සේනානායක විදුබිමට පිවිසි මා විද්‍යලිය සංස්කෘතික නර්තන කණ්ඩායමේ නායකත්වයගෙන සේනානායක විදුබිමෙන් පිටවනතුරු එහි අනගි සේවාවක් සිදුකරමින් පාසලට ජයග්ර්හන රැසක් ගෙදිමට කටයුතු කළෙමි. තවද කණිෂ්ඨ ශිෂ්‍ය නායකයකු ලෙස මගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යවන් හට නායකත්වය දෙමින් ඔවුන හට නිවැරදි මාවතේ ගමන්කිරීමට අවශ්‍යස ශක්තිය ධෛර්ය නිබදව ලබාදුනිමි. විද්‍යාලියීය පාපාන්දු කණ්ඩායම තුළින් ක්‍රිඩා ජයග්‍රහණහන රැසකට පාසල වෙනුවෙන් කටයුතු කලෙමි. අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව ගණිත අංශයෙන් උසස්පෙළ හැදෑරිම සදහා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයට පිවිසි මා එහි ගගණ විද්‍යා සංගමය නියෝජනය කරමින් එහිදි ද මගේ ශක්ති පමනින් මගේ සේවය ලබාදුනිමි. විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමත් මළල ක්‍රිඩා සංචිතයත් නියෝජනය කරමින් ජයග්‍රහන රැසක් උරුමකරදිමට හැකිවිම මාගේ පසල් ජීවිතයේ ලද භාග්‍යක් ලෙස සලකමි. මෙම කාල වකවාණුව තුළ මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහාවිහාරස්ථානය ඇසුරුකරමින් ලද දහම් අධ්‍යාපනය සමාජයට හිතකර පුද්ගලයකු මා තුළින් ගොඩ නැගීමට පසුතලයක් වුවා නිසැකය. 
           උසස්පෙළ හැදෑරීමෙන් පසු ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව අයතනෙයේ (NIBM) පරිඝණක ඩිප්ලෝමාව හා උසස් ඩිප්ලෝමාව හදාරීම ආරම්භ කලෙමි.මෙම කාලය වන විට කුඩා කළ පටන් මා හටත් මගේ පවුලටත් මුහුණ දීමට සිදුවූ දුක් කම් කටොලු පිළිබද සිත තුළ කුඩා වසුතු බීජයක් තැන්පත්වී තිබූනි.ඒ ඔස්සේ පාසල් ජීවිතයෙන් ඇරඹි සමාජ සේවා කටයුතු ගම්පහ ලියෝ සමාජය හරහාත් මීරිගම ශාසනවර්ධන පිරිවෙන් යෞවන සමාජය හරහාත් සක්‍රියව ක්‍රියාවට නංවමින් අධ්‍යාපනය සමග සමාජ මෙහෙවරද ඉටු කිරිමට ආරම්භය සනිටුවන් කලෙමි.මට සිදුවු අකටයුතු කම් අසදාරන කම් තවත් අයෙකුටු, කිසිම හවු හරණක් නැති අයෙකුට නොවන්නටත් එවන් අය හට ශක්තියක් වන්නටත් මා ස්ථිරව අදිටන් කරගනිමින් ක්‍රියා කළෙමි. 
           උසසස් අධ්‍යාපනයට පිවිසි කාල වකවාණුව තුළ රටේ පැවති අවිචාර දේශපාලන සංස්කෘතියට විරුද්ධ ජාතික යොවුන් පෙරමුණ හරහා කතිකාවතක් නිර්මාණය කරමින් එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන අත්පොත් තබන මා බාහිර උසස් අධ්‍යාපනය හදාරණු ලබන ශිෂ්‍ය ප්‍රජාව එක්තැන් කරමින් එහි ආරම්භක ලේකම්ධුරයටපත් උනෙමි. එහෙත් කිසදු දේශපාලන පවුල් පසුබිමක් නොවු මට ශක්තියක් වීමට කිසිවකු නොසිටියේය.එදා තිබූ වීදි සටන් තුළ පෙරමුණ ගනිමින් යම් තාක් දුරට දේශපාලන පන්නරයක් ලබාගතිමි.මෙහිදී මා හට යොවුන් පෙරමුනේ සිටි ජ්‍යේෂ්ඨයින්ගෙන් මහත් සහයක් ලැබුණි. ජාතික දේශපාලන කරලියේ පෙරළි සිදුකරණ අතරතුර නීතිමය ගැටළු කිහිපයකට මුහුණදුන් අවස්ථාද අදද සිහියට එනවිට සියුම් අඩම්බරයක් සිත තුළ උපදින්නෙ නිරායාසයෙනි. අණතුරුව 2012 වසරේදී එක්සත් ජාතික පක්ෂ ජාතික යොවුන් පෙරමුණෙහි ක්‍රියාකාරි කමිටු සාමාජිකයකු ලෙස වත්මන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් අතින් පත්විම් ලද මා උසස් අධ්‍යාපන කටයුතු නිමවිමත් සමග මීරිගම සක්‍රිය දේශපාලනයට පිවිසියේ “මගෙන් මගේ ගමට වැඩක් වියයුතුයි“ යන අරමුණ පෙරදැරිවය.
                 එහෙත් දේශපාලනය දැන සිටියත් කිසදු පිළිවෙලක් නොතබූ සමයක අයුරක් නොමැති දේශපාලන ගමනක නියැලෙමින් සිටි මාහට 2012 වසරේදී මිරිගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක උදේන විජේරත්න මැතිතුමන්ගේ නායක්තවය යටතේ මීරිගම දේශපාලනයට පිවිසීමට භාග්‍ය උදාකර ගතිමි. මගේ දේශපාලන දිවියේ පියාතුමන් ලෙස එතුමා මා හට නිවැරදි මග කියාදෙමින් දේශපාලනයේ මහත්මාගති ප්‍රගුණ කරමින් මීරිගම තරුණයන් හට සේවය කිරීමට අනගි තරුණ නායකයකු ලෙස කටයුතු කිරීමට එතුමන්ගේ තරුණ කටයුතු ලේකම් වරයා ලෙස පත්විම් ලදිමි.මෙහිදි මට මුලකුරු හරි ආකාරව කියවන ලද්දේ මිරිගම හිටපු සභාපති පියතිල මහාතා විසිනි.මීරිගම සමස්ථ දේශපාලනය කෙසේ සිදුවන්නේද ජාතික දේශපාලනය තුළ හැසිරෙන්නෙ කෙසේද ආදි දේශපාලන ක්‍රම මා හට නිරතුරුව කියාදෙමින් මගේ ගුරුවරයා ලෙස ගුරු මුෂඨියෙව්තොරව සියල්ල පහදා දුන්නෙ නිහතමානි ජ්‍යේෂඨයෙකු ලෙසිනි. ඉන් අනතුරුව සක්‍රිය දේශපාලනයේ කටුකොහොල් මැද ඉදිරියට ඇදුනු මා. 2014 වර්ශයේ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදි මාහට පැවරුණු වගකිම් නිසි ආකාරව ඉටු කරමින් මැතිවරණ කොට්ඨාශය තුළ සුවිශේෂි චරිතයක් බවට පත්විමට වට පිටාව සකසාගිතිමි.
          අණතුරුව 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණ තවත් සංදිස්ථානයක් බවට පෙරළුනේ ජීවිතය දේශපාලනය එකට යාකරමිනි.ක්‍රියාකාරී පාක්ෂිකයින් අතලොස්සකට කොටුවූ කාල වකවාණුවක දස දෙනෙකු කරන කාර්ය මා හිස මතට වැටුනේන් ඒ සියල්ල ඉටුකිරීමේ හැකියාව මා සතු වුයෙන් එම අභියෝග සියල්ල මා බාරගත්තෙ ඉතාමත් සතුටිනි.විටෙක ඡන්ද පොළ නියෝජිතයකු ලෙසත්, විටෙක ලෙකම් වරයෙකු ලෙසත්, විටෙක් පොස්ටර් ගසන්නකු ලෙසත්, පරිඝණක තාක්ෂණ ශිල්පියෙකු ලෙසත් මා කටයුතු කල ආකාරය පිළිබදව සිහිපත්වන්නෙ අදටද මා තුළ අභි මානයක් එක් කරමිනි.
දේශපාලන පවුල් පරිසරයෙකින් තොරව දේශපාලනයට පිවිසි මා 2018 පළාත්පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නෙ වර්තමානයේ මීරිගම යෞවන සමාජ ප්‍රාදේශිය සම්මේලනයේ උපදේශකවරයෙකු ලෙසත් එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් යොවුන් ලේකම් වරයා ලෙසත් කටයුතු කරමින් සිටින අවදියකය.මා හට පැවරුණු වගකිම් සමුදාය මැනවින් ඉටුකරමින් ඒ තුළින් සමස්ථ ආසනය පුරාවටම එක්සත් ජාතික පාක්ෂිකයන් හට වටිනාකම්ක් ලබාදිමට මාහට හැකිවිම පිළිබදව සතුටු වන්නෙමි.
                     ගම්/දිස් මීරිගම මැතිවරණ බළ ප්‍රෙද්ශයේ 13 ඉදිපරපේ කොට්ඨාශය නියෝජනය කරමින් අප කණ්ඩායම තුළ සිටින ලාබාලතම අපේක්ෂකයා වශයෙන් තරග වැදුනු මා හට ඇතැම්අවස්ථාවන්හිදි මගේ ඉදිරිගමන පසු බෑස්විමට කටයුතු සැලසු අවස්ථා නැතුවාම නොවුනි.එය සමස්ථ දේශපාලන කරළියතුළ සිදුවන එක් සිදුවිම් මාලාවක් බව පසක් වූයේ ජ්‍යේෂඨයන් මා හට කළ ගුරු හරුකම් තුළිනි.2018 02 10වන දින පැවැත් උනු පළාත් පාලන මැතිවරණයෙන් මා පරාජය උවත් නව මැතිවරණ ක්‍රමය තුළ මා හට සමස්ථ ආසනයම නියෝජනය කරමින් මිරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු ලෙස අවස්ථාවක් හිමි වූයේ දෛවය යන්නෙහි නැවත අරුත මා හට පසක් කරමිනි.ඒ අනූව 2018 මාර්තු මස 24 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පර්ලිමේන්තුවේ ගරු කථානායක දේශබණ්ධු කරු ජයසුරිය මැතිතුමන්ගේ සොයුරු එම්.කුමාර ජයසුරිය මැතිතුමන් හා මීරිගම එක්සත්ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ගරු බස්නාහිර පළාත්සභා මන්ත්‍රි උදේන විජේරත්න මැතිතුමන් ඉදිරියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයෙකු ලෙස දිවුරුම් දි 2018-04-02 දින පැවති මංගල සභාවාරය සදහා සහභාගි වෙමින් තවත් එක් ගමන් මගක ආරම්භයක් සනිටුහන් කරමි.මේ සදහා මා හට වචනයෙන් ,ක්‍රියාවෙන් ,ශ්‍රමයෙන් ඇප උපකාර කළ අය කෘතඥතා පුර්වකව සිහිපත් කරමින් මතක සටහනක් මෙසේ තබමි.