Sunday, October 16, 2011

සොදුරු සිහිනය

ඒ සවුම්‍ය රාත්‍රියේ අදුරු සෙවනැලි මකාලූ
සදරැස් දහරින් මුලුලොවම එකළු කල සද කුමරියසේ
ඔබගේ සොදුරු බවවින් මගේ දිවිය එකළු කල
ඒ සදාදරනීය වසර කිහිපය අමරනීයය...
එනමුදු ඔබ එකළුකල ඒ දිවිය
ඔබම වනගත කලේ ප්‍රේමය හුදෙක් වචනයකට සීමා කරමින
ඒ වනයතුළ එදා මා තනිවිය...
ඔබ මා තනිකර ගියද
මා දෛවය මා සමගය
අද නැවතවරක් ඔහු මට
සරදම් කිරීමට සැරසෙයි
ඒ තවත් සිහින කුමරියකට
අත වැනීමට මා හද සූදානම් කරමිනි..
එනමුදු ‍මෙවර මම
ඔබගේ වැනි සද රැස් නොසොයන්නෙමි..
ආදරයට ආදරයත්
විෂ්වාසයට විෂ්වාසයත්
සුන්දරත්වයට සුන්දරත්වයත්
ඇති දෙවුදුවක් සොයමි..
එය එසේ කරන්නේ
සියළු සුන්දර කතුන් චපල නොවන බව
ඔබට හැගවීමටය....
මෙය තවත් එක් සොදුරු සිහිනයක්...................

මා උපන් දා........

දිවි දුන් මා හට පොවමින් සෙනෙහස් දිය කලතා
සවියෙන් පෙරමග දකිමින් යන්නට නැණ පාදා
සිහිනෙන් වුවද හඩනා විට දුවවිත් මා නළවා
අදවන් දිනෙක නමදිමි අම්මේ පළමුව ඔබේ දෙපා

සෙවනැලි මැකෙන රෑ තුන්යම සෙවනැල්ල වෙලා
මැසිවිලි නොකර මා හින්දා බැරි බර කර තබලා
ඉවසිලි වන්ත කම දිවියට ඉස බෝසත් ගුණ මවලා
පියාණනි අවසර කරනට ඔබෙ දෙපතුල පිණිපා

කටු කොහොලින් පිරි ගොරසැඩි මාවත ගමන යන
නෙතු නිති යොමා හදුනා යහපත හැමදා කියා දෙන
සතු හැම දැනුම ලොභ නැති සිත පෙරටුව දන් පුදන
විදු නැණ පාදවා මා හැදු ගුරුවරු වදිනෙමි බැතින

කැකුළු මල් පිපී සුවදින් නැළවෙන ලස්සන හිමිදිරි උදයේ
කුරුලු පැටව් තිදෙනෙකු ලෙස අප නිවසේ එක්වී සිටියේ
සොයුරු පෙමින් වෙලෙමින් අත් අල්ලා සිටි පෙර සතොසේ
සයුරු ඉමෙන් අද එන මිහිරිම පැතුමක සුපුරුදු ස්වරය ඇසේ

සැපට දුකට ඉරයි හදයි සේ පායා
සිතට සතුට දෙන දේ නිබදව පුරවා
කදුල සුසුම පිස සැමවිට සිනහව කැදවා
යහළු යෙහෙළි සුබ පැතුමන් එක් කෙරුවා

තෑගි බොහොම ලබන දිනේ - සිත සන්තෝෂයෙන් පිරේ
හිරු බසිනා හැන්දැවේ - මෙය මට අද සිහි වුයේ

තව වසරක් හනි හනිකට
ගෙවී ගොසින් හොර හොරාට
පොදි බෑද හොයනා සතුටට
කල් මදිවෙයි හෙට දිනයට

බෝ මැඩ හිද සිල් සුවදින් සිත් පහදා
සිතිවිලි යට කොට වැලි මළුවේ පාගා
මැසිවිලි නිතර කියනා සිත සිර කරලා
හෙට දින ලොව දිනමි ගැට සේරම ලිහලා

අපි ගියා දෝ මන්දා....

කාත් කව්රුත් නොහදුනන මඟ හිනාවක් රන්දා
දෑත් පටල ඇවිද ගිය දුර වැඩි වුනිද මන්දා
හැරෙන්නට බැරි මගක යන්නට හයිය හිත් රන්දා
නොයිද නැවතී හැරී නොබලා හිටියදෝ මන්දා

පරව ගිය අපේ මතකය දන්නේ නැති හින්දා
ඉතුරුවුණු අවසන් හිනාවට අයිතියක් නැතිදා
කඳුළු සඟවා ඔය කතාවල ආදරේ තවරා
දුරක පියඹා සැඟව යමු දැන් නොහදුන්න ලෙසිනා

සෙවන දී තුරු මුදුන් පිස ගෙන හැමුවදෝ මන්දා
සුසුම් වැල් සිඹ දුලි සුළගින් හුස්ම දුන් හින්දා
හිරිපොද මකා හිරිකඩ වැදී පෙඟුණු හිත් සඟවා
ඉගිලුනිය නොනැවතී කාලය අතරමඟ රන්දා

සමහර පිරිමි කසාද බඳින්නේ නැතුව බල්ලො හදන්නෙ ඇයි........? මෙන්න ඒකට හේතු.....

1. මිනිහා පරක්කු වෙන තරමට ඒක දකින්න ආසාවෙන් ඉන්නෙ බල්ලා වීම.

2. ඔබේ බල්ලාට වෙන බල්ලෙකුගේ නමින් කතා කරාට උට නෝටිස් නොවීම.

3. ඔබේ බඩු බාහිරාදිය බිම විසුරුවා දමා යන තරමට බල්ලාට ආතල් වීම.

4. බල්ලාගේ දෙමාපියන් කිසිදිනක බල්ලා සොයා නො ඒම.

5. ඔබ හයියෙන් කෑගහන තරමට බල්ලාට ෆුල් ෆන් වීම.

6. ඕනෑ වෙලාවක ඕනෑම මගුලකට රෙඩි පිට සිටීම.

7. මිනිහා බීලා ඉන්න විට බල්ලාට ඒක ඉන්ට්‍රස්ටින් කාරනාවක් වීම.

8. මිනිහාව මහ රෑ නින්දෙන් ඇහැරවා “මම මැරුනොත් ඔයා වෙන බල්ලෙක් හදාගන්නවද? ” වැනි ගොන් ප්‍රශ්න නෑසීම.
9. බල්ලාට/බැල්ලීට පැටවුන් ලැබුන විට පත්තරේ ඇඩ් එකක් දමා විකිනිය හැකි වීම.

10. මිනිහාගේ ලඟින් තව බල්ලෙකුගේ සුවඳක් ආවොත් බල්ලාට එය හෙන ඉන්ට්‍රස්ටින් වීම.

11. බල්ලා ගෙදරින් යන විට ගෙදර තියෙන බඩු වලින් බාගයක් ඔතාගෙන නොයාම.

Saturday, October 15, 2011

ජන දුක් අදෝනා.....

ජන දුක් අදෝනා මැද්දේ මර නින්දේ
සිටි අය අවදි වී ලං වූ විට චන්දේ
අයියෙ අක්කෙ පෙම්බර මාමේ නැන්දේ
කියමින් කකුල් දෙක අල්ලා ගෙන වැන්දේ

පක්ස පක්ස නොව මනාප පොරේ වැටී
එකම පක්ෂයේ අය ඇන ගනිති ගුටි
සමහර වටින ජීවිත කර ගනිති කෙටි
අම්මප මෙහෙව් රටකට ගිය කලක හැටි

තාප්ප ගස් ගල් කණු වල පෝස්ටර
දත් තිස් දෙකම පෙන්නයි තොල් ඈත් කර
පිස්තෝලය තෙක් දුර යයි කෝන්තර
මිනිසුන් තුළින් මතුවේ ගති වනන්තර

මා මියගිය දිනයක

මා මියගිය දිනයක
මළගමට නුඹ ආවොත්
අන්තිම කැමති පත්‍රය ඇති,.
හැමදාම නුඹට ලියුම් එව්ව
"මළවුන්ගේ අවුරුදු දා" පොත ඇතුලෙම,
මතක ඇතුව බලාපන්,
වටින කියන කිසිදෙයක් නෑ,.
අන්තිම වතාවට දෙන්නට,
ලියලා ඇති නුඹේ නමට,
බිඳුන මගේ හදවත.
පුළුවන් නම්,
කැලි එකතු කර බලාපන්
තවම ඇති නුඹේ රූපය,.
අන්තිම වතාවට මම දැකපු,.
කෑලි කැඩුනත්
ආදරේ සුවඳ ඇති තවමත්
මුළු හිතම පුරවලා
නුඹේ නමට පවරපු,
නුඹ ගිය මොහොතේම
නතර වුන හද ගැස්ම නම්
යලිත් ගැහෙනවා ඇති,
නුඹේ නම කියමින්,.

ඔයා දැක්ක මුල් දවසේ.....

ඔයා දැක්ක මුල් දවසේ ඉදන්
මං ඔයාට කොච්චර ආදරේ කරාද...
මටත් හොරා මගෙ හිත ඔයා ලගම නැවතෙද්දි
ඔයාට ලංවෙන්න මං බය වුන්නෑ කවදාවත්...
එදා ඉදන් මං ඔයාගෙන් ඇත් වුන්නෑ කවදවත්...
ඔයාගෙ ලගින්ම ඉදන් දුක සතුට බෙදාගෙන
ඔයා මගෙම කරගත්තා...
අපි යළුවො වගෙ ජිවිතේ බෙදාගත්ත
ඒ සුන්දර දවස් අපේ ජිවිත වලට ලංවෙද්දි
මං ගොඩාක් සතුටු වුනා...
ජිවිතේ බෙදාගෙන දුක කියන්න කවුරුත්
නැති වෙද්දි මට ලොකු තනිකමක් දැනෙනවා...
ආපහු ඒ අතිතෙට යන්න පුළුවන් නම්...
ආපහු අපිට එහෙම ඉන්න පුළුවන් නම්...