Friday, July 29, 2022

🌿අතුපන්දලම යෙදීමේ චාරිත්‍රය

🦚රුහුණු මහා කතරගම දේවාලයේ  

🦚2022 ඇසළ මංගල්‍යය 

===============================

📌රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ  අලි ඇතුන් ලවා කරන තවත් සුවිශේෂී චාරිත්‍රයක් වන්නේ..අතුපන්දලම යෙදීමේ චාරිත්‍රයයි..🐘🌿 

👉දේවාලයේ ඉදිරියේ ඇති පරණ අතු පන්දලම ඉවත් කර අළුත් අතුපන්දලමක් දැමීම මෙදින සිදු කරයි. 

🌿“අතුපන්දලම” ලෙස හඳුන්වනු ලබන්නේ මහා දේවාලය ඉදිරිපස ඇති කොළ අතු යොදා සකස් කරන ලද ආවරණයයි. මෙම අතු පන්දලමට යොදන අතු වර්ෂය පුරා පවතී. අතු පන්දලමට අළුත් අතු යොදා ගන්නේ වසරකට වරක් පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේ සයවන දිනය තුලය.🌿

👉මේ සඳහා “දඹ” නැමැති විශේෂ අතු වර්ගය භාවිත කරනු ලබයි. කැළයෙන් කපා ගන්නා ලද මෙම අතු දේවාලයේ ප්‍රධාන මගුලැතු ( #කතරගම_වාසනා )පෙරටු කොට ගත් අලි ඇතුන් මාර්ගයෙන් දේවාල මලුව වෙත ගෙන එනු ලබයි. 

👉ඉන් පසු වහලය මතට එම අතු රැගෙන දෙන්නේද අලි ඇතුන්මය. මෙය දැක බලා ගැනීම සඳහා සාමාන්‍ය වර්ෂ  වලදී විශාල ජනතාවක්  දේවාල භූමියට පැමිණේ..


✍️මෙම අතුපන්දලම තුලින් මූර්තිමත් කරනු ලබන පුරාවෘත්තය මෙසේය. (ජනප්‍රවාද කතාවකි) කතරගම දෙවියන් මැණික් ගං ඉවුරේ මිනිසුන්ගේ සිත් දැන ගනු වස් තවුස් වේසයක් මවාගෙන වාසය කරන කල්හි ගැල් කිහිපයක් පැමිණ මැණික් ගඟෙන් එගොඩ වීමට නොහැකිව මෙම තාපස තුමා වෙත එම ගැල්කරුවන් ඒ බව දන්වා ඇත. එවෙලේදී ඔහු එම ගැල් කරුවන් සඳහා උදව් කර ඇත. එගොඩ වූ ගැල් කණ්ඩායම ආහාර පිළියෙල කර තාපස තුමාටත් පිළිගන්වා ඇත. පසුව තාපස තුමාගෙන් වෙන කුමන හෝ උපකාරයක් අවශ්‍යද දැයි විමසා ඇත. එවිට තමාට වාසය කිරීමට තැනක් නොමැති බව පවසා ඇත. ඒ අනුව මෙම ගැල්කරුවන් කණු හතරක් සිටුවා කොළ අතු සෙවිළි කර නිවසක් තනා දී ඇත. එම සිද්ධාන්තය සිහිපත් කිරීම සඳහා අදත් මෙම අතුපන්දලම යොදා ගන්නා බව ඉතිහාසයේ සඳහන් වේ. 


🐘ඒ වගේම අතුපන්දලම චාරිත්‍රයෙන් අනතුරුව කඩොල් ඇතුගේ දළ යුවල ප්‍රදර්ශනය මෙදිනම සිදු කරනු ලබයි.


👉එහිදී  කඩොල් ඇතාගේ දළ යුගලය රන්කොත් මාළිගයෙන් පිටතට ගෙන ප්‍රදර්ශනය කිරීමක් සිදුවේ.


👉කඩොල් ඇතා යනු දුටු ගැමුණු රජතුමාට යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා සහය දුන් හස්ති රාජයා ‍වේ. මෙම දළ යුගලය බුත්තල පාරේ ගෝනගං ආර ප්‍රදේශයේ “ඇත් දළ තැබූ ගල” යන ස්ථානයේ සඟවා තිබී ඇති අතර කඩොල් ඇතා විසින් ඇත් දළ යුගලය ගලක ඇණ සඟවා තබා ඇති බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ. එවකට දේවාලයේ තේවාව බාර ප්‍රධාන කපු මහතාට මෙම දළ යුගලය රැගෙනවිත් දේවාලයේ තැන්පත් කරන ලෙස සිහිනෙන් දන්වා ඇති බව ඉතිහාසය ශාක්ෂි දරයි.🐘


👉වසර තුනකට පසු මහජනතාව වෙනුවෙන් මෙවර කඳසුරිඳු පූජා මංගල්‍ය විවරව ඇති අතර 2022 කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ සයවන දිනයේදී මෙම අසිරිමත් අතුපන්දලම චාරිත්‍රය සවස් භාගයේ කතරගම වාසනා මගුලැතු ප්‍රමුක අලි ඇතුන්  සිදුකිරීමට නියමිතව ඇත..🐘🌿


===============================

🦚රුහුණු මහා කතරගම දේවාලය 🦚

🦚ඇසළ මහා මංගල්‍යය 2022🦚

-----------------------------------------------------------

👉ජූලි 29 - පළමුවෙනි මඟුල් මහා පෙරහැර 

👉ජූලි 30 - දෙවෙනිමඟුල් මහා පෙරහැර 

👉ජූලි 31 - තෙවෙනි මඟුල් මහා පෙරහැර

👉අගෝස්තු 01 - සිව්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 02 - පස්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 03 - සයවෙනි මඟුල් මහා පෙරහැර

(අතුපන්දලම යෙදීමේ චාරිත්‍රය)

👉අගෝස්තු 04 - සත්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 05 - අටවෙනි  මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 06 - නවවෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 07 - දසවෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 08 - එකොළොස්වෙනි මඟුල් මහා පෙරහැර සහ ගිනි පැගීමේ මංගල්‍යය 

👉අගෝස්තු 09 -  දොළොස්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 10 - දහතුන්වෙනි මඟුල් මහා පෙරහැර

👉අගෝස්තු 11 - දහතරවෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු  12 -  දිය කැපීමේ මංගල්‍යය


ඔබ සැමට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි !!!

🦚සුරිදුනි කතරගම 2022🦚

💙සත් සිත් නිවනු මැන💙

======================================

✍️🇱🇰🐘🦚☸️🕉️📸📰©️🅿️

 #ගවේෂණ #විශ්ලේෂණ #Newslk #SriLanka #මීරිගම_ඊෂණ #කතරගම_වාසනා #රුහුණු_කතරගම_දේවාලය


Sunday, May 22, 2022

ඉතිහාසය පුනරාවර්තනය වෙයිද

77 ඒ.ජා.ප ජයග්‍රහණයේ පුරෝගාමී සටහන

---------------------------------------------------------------



    1970 මාර්තු 25  දින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඩඩ්ලි සේනානායකයන් කටයුතු කිරීමෙන් 70 දශකයේ දේශපාලනය දිග හැරෙයි. මේ කාලවකවානුව වන විට ඩඩ්ලි ගේ පාලන කාලය තුළ පොල්ගොල්ල වේල්ල ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට තිබුණි. හාල් සේරුවක් නොමිලේ ලබාදුන් ඩඩ්ලි සේනානායක මහතා ගේ රජය තවත් සේරුවක් ලබාදුන්නේ සත 75 කට ය. 1970 මහමැතිවරණ යෙදී ජනතාවට ඇමතුම් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණ බලයට පැමිණි පසු හාල් සේරු දෙකම නොමිලයේ දෙන බව ප්‍රකාශ කළාය මැතිනියගේ එම පටු ප්‍රකාශය ගැන ඇතැමෙක් අභියෝගයට ලක් කරන විට සිරිමාවෝ මැතිනිය ප්‍රකාශ කළේ "හඳෙන් වුවත් හාල් සේරු දෙක ගෙනත් දෙන බවට" පොරොන්දු වීමෙනි. 


        1970 මහ මැතිවරණයේ ප්‍රතිඵල යළිත් සනාථ කළේ සහල් සේරු 2 වැනි සිල්ලර බලාපොරොත්තු මිස ජනතාවට ප්‍රතිපත්ති හෝ සංවර්ධන කටයුතු අදාල නොවන බවකි. සිව්වරක් ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුරට පත් වූ ඩඩ්ලි සේනානායක මහතා 1973 අප්‍රේල් 13 වන දින කොළඹ ඩර්ඩන්ස් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අවසන් සුසුම් හෙළීය. අප්‍රේල් මස 21 වන දින පැවති ආදාහන උත්සවයට දස ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී වූ අතර ලංකා ඉතිහාසයේ සුවිශේෂී වූ ද වැඩිම ජනතාවක් සහභාගී වූ අවමංගල්‍ය උත්සවය බවට එම අවමංගල්‍ය උත්සවය පත්විය. 

           නොමිලේ ලැබෙනවා නම් හිසේ ඇම්ම වුවද භාර ගැනීමට තරම් පහලට වැටුනු ජාතියක් බවට අප පත් වූයේ සිරිමාවෝ ප්‍රමුඛ සමගි පෙරමුණු රජය බලයට පැමිණීමට දුන් පොරොන්දු නිසාය.   

            

              මෙම කාල වකවානුව වන විට රටේ තරුණ තරුණියන් අතර විරැකියාව, ආහාර හිඟකම, මිරිස් පොලු ,සහල් පොලු, ඇඳීමට ඇඳිවත වත් නොමැති කාල වකවානුවක් බවට පත්වෙමින් තරුණ තරුණියන්ගේ අසහනය වර්ධනය වෙමින් තිබූ කාලවකවානුවක් ලෙස පෙන්වාදිය හැකිය. රුසියාවේ අධ්‍යාපනය ලැබූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයන් මේ තරුණ අසහනය මැනවින් අවබෝධ කරගෙන කාලීන අවශ්‍යතාවයක් ලෙස විප්ලවීය දේශපාලනයකට මුල පුරමින් තිබූ කාලයකි.


             ඒ.ඊ ගුණසිංහ මහතාගේ කම්කරු සංගමයෙන් දේශපාලනයට පිවිසි ආර් ප්‍රේමදාසයන් කොළඹ නගර සභාවට තේරී පත්වූ අතර 1965 දී මැද කොළඹ අසුනෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ජාතික  රජයේ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරා පසුව පළාත් පාලන අමාත්‍ය තනතුරට පත්විය. ඉන්පසු 1970 පැවැති මැතිවරණයෙන් එජාපය පරාජයට පත්වුවද මැද කොළඹ දෙවන මන්ත්‍රීවරයා ලෙස එම මැතිවරණයෙන් රණසිංහ ප්‍රේමදාස මහතා ජය ගත්තේය.


           එක්සත් ජාතික පක්ෂය 1970 දී ලැබූ පරාජය සමඟ රණසිංහ ප්‍රේමදාස මහතා "පුරවැසි පෙරමුණ" නමින් දේශපාලන සංවිධානයක් පිහිටුවාගෙන එජාපයේ නායකත්වය අභියෝගයට ලක් කරමින් කටයුතු කරමින් සිටි අවධියක් ලෙස70 දශකයේ මුල් භාගය සඳහන් කළ යුතුය.


        දැයට " බත්දුන් පියානන්ගේ" නික්ම යෑමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පැමිණි ජේ.ආර් ජයවර්ධනයන් රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට ලංකාවේ දේශපාලනය චලනය වුණු ආකාරය පිළිබඳ ප්‍රායෝගික මෙන්ම පුළුල් අවබෝධයක් ඒ වන විට ජීවිතේ සැඳෑ සමය ගත කරමින් සිටි ජූනියර් රිචඩ් ජයවර්ධන මහතාට තිබුණි.


         දේශපාලනික පරිණත බුද්ධි ලාභියකු වූ එතුමාගේ බලාපොරොත්තුව වූයේ ඔහුගේ පාලන සමය තුළදී සමෘද්ධිමත් ලංකාවක් තනා ගැනීමය. ඒ සඳහා ඔහුගේ නායකත්වය තුළ පක්ෂයෙන් බිඳී වෙන්වී ගිය කොටස් නැවත එකතු කරමින් පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් දැවැන්ත සටනකට භූමිය සකස් කළේය.


            එහි ප්‍රතිඵලයක් ලෙස 1977දී 5/6ක ජනවරමක් ලබා ගෙන ජග්‍රහණයේ කිරුළ හිසෙහි පලඳා ගත් විගස ඔහු කල්පනා කලේ සමගි පෙරමුණ රජය විසින් අවුරුදු 30කට කල් දමා තිබුණු මහවැලි යෝජනා ක්‍රමය අවුරුදු 6කින් සම්පූර්ණ කිරීමට සැලසුම් සකස් කිරීමය. ඒ සඳහා ලෝක බැංකු ආධාර සමග එංගලන්තය ජර්මනිය කැනඩාව ඇතුළු රටවල් රැසකින් විදේශාධාර ලබාගෙන මහවැලිය රන්දිය වර උතුරුමැද පලාත ඔස්සේ ත්‍රිකුණාමලයට ගෙනගොස්  බෙදාහැරීම එහි එක් පියවරකි


        යහමින් බත බුලත සුලභ කොට කුමාරතුංග මුනිදාසයන් කියූ ආකාරයට අලුත් දෑ තැනිය යුතුය, නව නිපැයුම් කළ යුතුය, එවිට භාණ්ඩාගාරයට මිල මුදල් හිඟ නොවේ. එවැනි කාර්මික නිපයුම් නිපදවීමට විදුලිය අවශ්‍ය වේ , ඒ සඳහා දිය මංපෙත් තනා මෙල්ල කොට විදුලිය නිපදවීමට ඔහුට අවශ්‍ය විය.රාජාංගනය උතුරු මැද පළාතේ කලා වැව ආශ්‍රිත ප්‍රදේශ විශේෂයෙන් ගල්නෑව වැනි ප්‍රදේශ යල මහ දෙකන්නයටම යහමින් අස්වනු ලැබෙන්නේ මහවැලි යෝජනා ක්‍රමයේ දැක්මට අනුව ය.


              ජේ ආර් ගේ ඊළඟ ඉලක්කය වූයේ විදෙස් ආයෝජකයන්ට මෙරට දොර කවුළු විවෘත කොට ඔවුන්ගේ ධනයෙන් රට ගොඩ නැගීමට තාක්ෂණය ලබාගැනීමය. ඒ සඳහා නිදහස් වෙළඳ කලාප පිහිටුවීම මගින්  මුලපිරූ ජේ ආර් කටුනායක ප්‍රදේශයේ සහ මහ කොළඹ ආර්ථික කොමිසම මගින් විදෙස් නියෝජිතයන්ට කර්මාන්ත ආරම්භ කිරීමට දිරි දුන්නේ ය.මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහයන් දැවැන්ත කර්තව්‍යයක් සිදුකර ඇති අතර තරුණ තරුණියන්ගේ විරැකියාව මුලින් උපුටා දැමීමට ඔහු කටයුතු කළේය. ඉන් නොනැවතුනු රනිල් ජාතික තරුණ සේවා සභාව දැයි තාරුන්‍යට දායාද කරමින් තරුණ තරුණියන්ගේ හැකියාවන් ඔපමට්ටම් කිරීමට තෝතැන්නක් සකස් කළේය.


            සිංගප්පූරුව මලයාසියාව වැනි රටවල් අනුගමනය කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක වී වේගවත් දියුණුවක් කරා රට යොමු කිරීම  ජේ ආර් ජයවර්ධන නම්වූ මේ පරිණත රාජතාන්ත්‍රික යාගේ අරමුණ වූවා සැකනැත. සැබැවින්ම ඵල දැරූ ඔහුගේ උත්සාහයට අනුව විදෙස් ආයෝජකයින් වෙළඳ කලාප තුළ කර්මාන්තශාලා ස්ථාපිත කළෝය එමගින් තරුණ තරුණියන්ට ඍජු රැකියා ලක්ෂයක් හිමිවිය තවත් වක්‍ර රැකියා ලක්ෂයක් ද බිහි විය.


           ලංකාවේ පිහිටීමට අනුව ඉන්දියාවට යම්කිසි ආකාරයක භූදේශපාලනික බලපෑමක් එල්ල කිරීමට තිබෙන හැකියාව හේතුකොට ගෙන අපේ රටේ ආර්ථික  පිබිදීම , දකුණු ආසියාවේ ප්‍රබල රාජ්‍යයක් බිහි වීම අසල්වැසියාගේ කැමැත්තක් තිබුණේ  නැත.


නමුත් ලාංකේය දේශපාලනයේ දීර්ඝතම යාත්‍රිකයා ලෙස ජේ ආර් ට ලංකාවේ දේශපාලන,සමාජ, ආර්ථික සංස්කෘතික ඉසව් පොහොසත් කිරීමට දැඩි උවමනාවක් සහ දැක්මක් තිබුණේය


          මේ රට සංවර්ධනය කිරීමට බාධා ලෙස තිබුණු අට අනූවක් රෝග පීඩාදිය ගැන ජේ ආර් ජයවර්ධන මහතාට ප්‍රබල අත්දැකීම් රාශියක් තිබුණේ එය එම නිසා ඔහු මූලිකවම කළේ ව්‍යවස්ථාව වෙනස් කිරීමයි. එහිදී අග්‍රාමාත්‍යවරයා කේන්ද්‍ර කර ගනිමින් තිබූ ලංකාවේ දේශපාලනය විධායක ජනාධිපතිවරයෙකු යටතට පත් කරමින් ලංකා දේශපාලනය උඩුයටිකුරු කළේය.


              1982 වන විට රට සංවර්ධන නැමැති පීල්ලේ නිරුපද්‍රිතව මෙහෙය වීමට ඔහුට හැකි වූවේය. එහි ප්‍රතිඵල මහවැලිය, නිදහස් වෙළඳ කලාප ආයෝජන හරහා මහා පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලා සහ වෙනත් කර්මාන්ත ක්‍රියාත්මක වී පෙර නොතිබූ ආකාරයට ලංකාවේ සංවර්ධන කඩයිම් පසුකර යෑමය.


             1982 ජනාධිපතිවරණයට තරඟ කොට 50% වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ ජයවර්ධන මහතා දෙවන වරටත් ලංකාවේ පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය අනතුරුව මහ මැතිවරණයක් පැවැත්වීම සාමාන්‍ය සිදුවිය යුත්තකි. එසේ නොකොට ජනමත විචාරණයක් පවත්වා එමගින් පාර්ලිමේන්තුවේ කාලසීමාව තවත් වසර පහකින් දීර්ඝ කරන ලදී


           රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ජයවර්ධන ජනාධිපතිවරයා සියලු වැර වීරිය යොදා ක්‍රියාත්මක වෙමින් සිටින විට 1983දී වාර්ගික ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර වෙමින් රට අස්ථාවර තත්ත්වයට පත්විය සියලු බාධක වලට මුහුණ දෙමින් ජයවර්ධන මහතා 1988 වනතුරු රටේ පාලන කටයුතු ගෙන ගියේය.

            ඉන්දියන් නාවික හමුදාව නැව් මගින් ආහාර ද්‍රව්‍යය අත්ඇරීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක වීමත් සමඟ අන්තර්ජාතික නීති කඩමින් ඉන්දියන් රජය ගුවනින් උතුරට ආහාර ද්‍රව්‍ය හෙලීය ඉන්දියාව ලංකාවේ අභිමානය කෙලෙසා දැමුවේ, ලංකාවේ ශිෂ්ටාචාරය ගොඩනැගීමට අශෝක අධිරාජයා කළ ඓතිහාසික මෙහෙවර යෝධ යකඩ තිරයකින් වසා දමමින් ය.


         උතුරේ කොටියාට කිරි පොවා පෝෂණය කළේ ද, පුහුණු වූයේ ද, ආරක්ෂා කළේ ද ,ඉන්දීය මහ ආණ්ඩුවේ අනුදැනුම මත තමිල්නාඩු ප්‍රාන්තයේ දී ය. නායකත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ දක්ෂයන්ට ජේ ආර් ජයවර්ධන මහතා නොමසුරුව අතදුන් පාලකයෙකු විය. 

                 එවකට අගමැතිවරයාව සිටි ආර් ප්‍රේමදාස මහතාට උදාගම් සංකල්පය ක්‍රියාත්මක කිරීමටත්, රජයේ වෙළෙඳ ඇමැතිවරයා ව සිටී ලලිත් ඇතුලත්මුදලි මහතාට මහපොළ ශිෂත්ව ප්‍රදානය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට අති විශාල මෙහෙවරක් කිරීමටත් සහ ගාමිණී දිසානායක මහතාගේ මහවැලියට ස්වර්ණභූමි ඔප්පු ප්‍රදානය කිරීමට පූර්ණ සහයෝගය ආශිර්වාදය ලබා දුන්නේය.


      1981 දී පාසල් සිසුන්ට නොමිලේ පොත් ලබාදීම ආරම්භ කළ ජයවර්ධන ජනාධිපතිතුමා ජාතියේ අධ්‍යාපන නිදහස තහවුරු කිරීමට ක්‍රියා කළේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමට නම් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය පළමුව තහවුරු විය යුතු ය ඒ අනුව වසර 12කට ආසන්න කාලයක් විධායක ජනාධිපතිවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස සේවය කළ ජයවර්ධන මහතා වර්ෂයක් පාසා එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික මහ සමුළුව, විධායක සමුළුව ඇතුළුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නොකඩවා පැවැත්වීය.


         එලෙස දේශීය වශයෙන් තහවුරු කළ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ අනගිභවනීය සේවාව මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ශ්‍රී ලංකාව බැබලවීමට අපමණ මෙහෙවරක් ඉටු කළේය කොළඹ ක්‍රමය ඊට කදිම උදාහරණයකි දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව ජපානයට දඬුවම් දීමට 

සෙන් ෆ්‍රැන්සිස්කෝ නගරයට රැස්වුණු බලවතුන්ගේ රැස්වීමේදී "නහීවේරේන වේරානි " යන බුදු වදන විග්‍රහ කරමින් වැටී තිබෙන ජපානයට නැවත ගොඩ ගැනීමට උපකාර කරන ලෙස කළ ඉල්ලීම අන්තර්ජාතික වශයෙන් පැසසුමට ලක්විය අවුරුදු 96 ආයු වළඳා ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා 1996 නොවැම්බර් පළවෙනි දින අභාවප්‍රාප්ත විය.


              එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ජේ ආර් ජයවර්ධන යුගයයි.එයට සමාන කිරීමට එදා මෙදා තුර පැවති කිසිදු රජයක් සමත් වී නැත.


      70 දශකයේ සිට බලන විට නැවත වරක් ඒ ඉතිහාසයම පුනරාවර්තනය වීමක් ගවේෂණයේ දී දැකිය හැකිය. ඉතිහාසඥයින් පවසන ආකාරයට ඉතිහාසය පුනරාවර්තනය වීමක් ඕනෑම කාලයක දැකිය හැකිය.


         එනම් 70 දශකයේ ඇති වූ ආහාර හිඟය,තරුණ අසහනය, විරැකියාව හේතුවෙන් ඇතිවූ කැරලි කෝලාහල අද වන විට දක්නට ඇත. දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය එක් මන්ත්‍රී ධූරයකට පමණක් සීමා වී ඇති අතර එජාපයෙන් බිඳීගිය සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය නම් දේශපාලන පක්ෂයක් පිහිටුවමින් පාර්ලිමේන්තුව තරණය කර ඇත.


         වර්තමානය වන විට නැවත වරක් එක්සත් ජාතික පක්ෂ     නායක   රනිල් වික්‍රමසිංහයන් 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වී ඇති අතර ඉතිහාසය නැවත පුනරාවර්තනය වීමට නම් සජිත් ප්‍රේමදාසගේ ආගමනය සිදුවිය යුතුය.


            එසේ නොමැති නම් ජේ.ආර් ජයවර්ධන . ආර්.ප්‍රේමදාස , ලලිත් ඇතුලත්මුදලි ,ගාමිණී දිසානායක රනිල් වික්‍රමසිංහ වැනි 70 යුගයේ පතාක නායකයින් හා සැසඳීමට පෙළක් නිර්මාණය විය යුතුය.

               වර්තමාන දක්ෂිණාංශික දේශපාලනය තුළ      ජේ ආර් ජයවර්ධයන් ගේ භූමිකාව රනිල් වික්‍රමසිංහයන් සිදුකරණු ලබන බව පෙනී යන අතර ඉතිරි චරිත මේ ලිපිය ලියන මා දුටුව ද, අනාගතයට එය පැවසීමට ඉතිරි කරමින් මෙම ලිපිය අවසන් කරමි.


✍️ #මීරිගම_ඊෂණ 


🌏සබැඳි-


👉කෞටිල්‍ය ගේ අර්ථ ශාස්ත්‍රය 

https://m.facebook.com/story.php?story_fbid=10220900943893877&id=1248487626


👉ජේ.ආර් ගුණසමරුව 

https://www.facebook.com/100000229720475/posts/6375314059152855/


👉මධ්‍යම අධිවේගයේ දෙවන අදියර

https://www.facebook.com/1248487626/posts/10220576264697100/


👉 බැඳුම්කර ගැටළුව සරළව https://www.facebook.com/1248487626/posts/10219042328909664/


👉යලි පුබුදමු ශ්‍රී ලංකා

https://m.facebook.com/story.php?story_fbid=10219988611846146&id=1248487626


👉රනිල්ගෙ ඇරියස් එක

https://www.facebook.com/1248487626/posts/10220070065322432/


👉ඔහුට විරුද්ධ සටන්පාඨ

https://www.facebook.com/1248487626/posts/10217805042858286/


👉රට හදන්න ඩමි ඕනද?

https://m.facebook.com/story.php?story_fbid=1212403205896477&id=322470271556446


--------------------------------------------------------------------------

 #RanilWickremesinghe #united_national_party #එක්සත්_ජාතික_පක්ෂය

ශ්‍රී ලංකා ජනරජ දිනය


         ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ 1972 මැයි 22 වනදා ය. ඒ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුවය. ඊට පෙර ලංකාවට හිමිව තිබුනේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි. ඒ අනුව ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ එක්සත් රාජධානියේ රජු හෝ රැජින හෝ වූ අතර ඔහුගේ හෝ ඇයගේ නියෝජිතයා වශයෙන් අග්‍රාන්ඩුකාරවරයෙක් කටයුතු කළේය. මේ අනුව ලංකාවේ ඇතැම් කරුණු පිලිබඳ අවසාන බලය හිමිව තිබුනේ එංගලන්තයේ ආයතනයනට ය. උදාහරණයක් ලෙස ගතහොත් ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේ එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටය. 

             1948 ලැබුණු ඩොමීනියන් නිදහසට පසු බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායකයන්ට ලංකාව ජනරජයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවක් නොවීය. මේ අතර රටේ ප්‍රධාන වාමාංශික පක්ෂ සියල්ලක්ම ලංකාව ජනරජයක් විය යුතු බවට ප්‍රකාශ කර සිටියහ. 1956 පෙරළියෙන් පසු බලයට පැමිණි බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවටද එය ඉටු කිරීමට අවස්තාවක් නොවීය. 

        ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට කටයුතු කෙරුනේ 1970 බලයට පැමිණි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුව යටතේය. මෙහිදී වාමාංශික පක්ෂවල මන්ත්‍රීන්ගෙන් විශාල කාර්යයක් සිදු කෙරුණි. ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ මූලික නිර්මාත්රූවරයා වූයේද ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාය. පාර්ලිමේන්තුව තුල රැස් වී අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ වූ යම් යම් අපහසුතා හේතුවෙන් එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජකීය විද්‍යාලයේ නවරඟහලේදී රැස් වූහ. එම රැස්වීම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරමින් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලදී. 1977න් පසු එය ජනරජ දිනය හෙවත් ජාතික වීරදිනය ලෙස නම්කල අතර වසර 2500කට කාලයක් මුලුල්ලේ පුද්ගල මූලික රාජාණ්ඩු පාලනයකට හුරුවී සිටි රාජ්‍යයකට ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩු කරණයේ නුහුරු බව අද අප අත්විඳින්නෙමු.



        1948 නිදහස දුන්නද එය පූර්ණ නිදහසක් බවට පත්කරගැනීමට එකල සිටි ඩී.එස්, ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් වැනි පාලකයන් කටයුතු නොකරන්නට ඇත්තේ නිදහස ගත්තද ප්‍රජාතාන්ත්‍රික හා පරිණත දේශපාලනයකට ලංකා රජයේ පුරවැසියන් ගොඩනැගී නොතිබීම මත වීමට පුළුවන.


         මහා බ්‍රිතාන්‍ය කිරීට පාලනයෙන් පූර්ණ නිදහසක් ලබාගෙන 2022 මැයි 22 වන දිනට වසර 50ක් ගතවන අද දින ලංකාව බංකොලොත් රාජ්‍යක් වී අවසන්ය. 

නොමේරූ අදහස් ඇති වාමවාදී දේශපාලන ක්‍රමයන් විශබීජයන් සේ ලංකා දේශපාලනය ගිලගේන ඇති නිසා, එක් පීල්ලක එක් ක්‍රමයකට රට ගොඩ නැගීමට අසීරු වී ඇත.

        ඇතැම් අවස්ථාවලදී "සුද්දා අපෙන් නිදහස් වී නොගියා නම් අපිත් දියුණු රාජ්‍යක් වනු ඇතැයි" අද තරුණ තරුණියන් කියනු මා අසා ඇත. ඔවු එය සැබෑය     

             ඕස්ට්‍රේලියාවේ,නවසීලන්තය වැනි රටවල් තවමත් මහා බ්‍රිතාන්‍ය ඩොමීනියන් නිදහස භුක්තිවිඳින රාජ්‍යන් බව ඔබ දන්නවාද..❓


✍️ #මීරිගම_ඊෂණ

Thursday, March 31, 2022

කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය

 ☝️“සෑම මිතුරකමක්ම පසුපස කවර හෝ පුද්ගලික අවශ්‍යතාවක් ඇත. එසේ නොවන මිතුරුකම් නැත. කටුක මුත් සැබෑ සත්‍යය එයයි.” - 

_______________________________


___

📌-කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය-

---------------------------------------------------


             බුද්ධ කාලීන භාරතයේ එක් සිදුවීමකින් මේ කතාවට මුල පුරමු..ගංගා නම් නදිය අසබඩ දියමන්ති ආකරයක් තිබුණි(මෙය ගංගානම් නදියේ ජලය ලෙසද කියයි). මෙම ආකරයෙන් ලැබෙන දියමන්ති සමසේ බෙදා ගන්නට වජ්ජි පුත්‍ර ලිච්ඡවින් හා අජාසත්ත රජු අතර ගිවිසුමක් තිබුණි. නොසැලකිල්ල නිසා අජාසත්ත රජු ඔහුගේ කොටස නියමාකාරයෙන් ලබා ගන්නට උත්සුක නොවීය. ඒ නිසාම ආකරයෙන් ලැඛෙන සියලූ දියමන්ති තමන් සන්තක කර ගන්නට වජ්ජීහු සමත් වූහ. දිගින් දිගටම සිදුවෙමින් පැවති මෙම අකටයුත්ත නිසා අජාසත්ත රජුට ලිච්ඡවීන් ගැන තිබුණේ දැඩි වෛරයකි. 

           යුද්ධයකින් ලිච්ඡවීන්ව පරාජය කිරිමේ දුෂ්කර බව දත් අජාසත් රජු වස්සකාර නම් තමාට ඛෙහෙවින් හිතවත් ඇමතිවරයෙක් බුදුන් වහන්සේ කරා යොමු කළේ ලිච්ඡවීන්ව පරාජය කළ නොහැකි වන්නට හේතු වූ කාරණා විමසා බලන්නට ය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලිච්ඡවීන්ව පරාජය කිරීමට නොහැකි කරුණු හතක් 

👉 සප්ත අපරිහානී ධර්ම – ගෙහැර දැක්වූහ. 

🔺නිතර නිතර එක් රැස්වීම, 

🔺සමඟියෙන් රැස්ව සමඟියෙන් ක්‍රියා කොට සමඟියෙන් විසිර යාම, 

🔺නොපැනවූ නීති නොපැනවීම සහ පැන වූ නීති කඩ නොකිරීම, 

🔺වැඩිහිටියන්ට ගරු කිරීම, 

🔺විවාහ නොවූ කුල කුමරියන්ට ආරක්ෂාව සැලසීම, 🔺වජ්ජි ජනපදයෙහි හා පිටත පූජනීය ස්ථාන වලට ගරු කිරීම, 

🔺තම ජනපදයට පැමිණෙන රහතන් වහන්සේට පහසුකම් හා ආරක්ෂාව ඇති කිරීම 

            යන කරුණු සත එම අපරිහානී ධර්මයෝ ය. මෙම සිද්ධියට අදාල කාලය ආසන්න වශයෙන් 

ක්‍රි. පූ 490 – 492 ත් අතර විය හැකිය.


🏴 වජ්ජීන්ට අනුව වස්සකාර යනු ඉතා කූඨ ඇමතියෙකි. 

🏁 අජාසත්තට අනුව වස්සකාර ඉතා ශූර ඇමතියෙකි. 

          කෙසේ වුවත් වස්සකාරට සමාන අයෙක් ඉහත සිදුවීමට පසුව, ක්‍රි. පූ 371 – 283 ත් අතර කාලයේ ජීවත් වූ “අර්ථ ශාස්ත්‍ර” කතු කෞටිල්‍ය හෙවත් චානක්‍ය ය. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය වනාහී එදා මෙදාතුර පාලකයන් වෙනුවෙන්ම ලියවුනු සවිස්තරාත්මක දේශපාලන ග්‍රන්ථයකි.

          චාන්‍යකගේ අදහස් වලට ඛෙහෙවින් සමාන අදහස් දැරූ අයෙකි, ඔහුගෙන් වසර 1800 කට පසු ඉතාලියේ ජීවත් වූ මකියාවේලි. 

👉මකියාවේලි ලියු “කුමාරයා” සහ 

👉චාන්‍යකගේ “අර්ථ ශාස්ත්‍රය” අතර

          සමානකම් මෙන්ම වෙනස්කම්ද තිබේ.


           කෞටිල්‍ය නොහොත් චානක්‍ය ගැන තොරතුරු දැක්වෙන ග්‍රන්ථයන් අතර මහාවංශය වැදගත් තැනක් ගනී. කාලයේ වැලිතලාවෙන් වැසී යන ඉන්දියාවේ කෞටිල්‍ය ගැන තොරතුරු ලෝකයාට මුලින්ම ලැඛෙන්නේ මහාවංශයෙනි. එයින්ම මහාවංශයේ වැදගත්කම මොනවට පැහැදිලි වන්නකි. ශත වර්ෂ ගණනාවක් අතුරුදන්ව පැවති කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍ර කෘතියේ තල්පත් වල ලියවුනු පිටපතක් හමුවන්නේ ක්‍රි. ව 1904 දී ය. එවක පටන් බටහිර ලෝකයා චාන්‍යක ගැන අධ්‍යයනය කරන්නට පටන් ගත්හ.


           චාන්‍යක ගැන තොරතුරු විවිධ මූලාශ්‍ර වල විවිධාකාරයට දැක්වේ. බෞද්ධ මූලාශ්‍ර වලට අනුව චානක්‍ය විරූපී අයෙකි. ඔහුගේ දත් කැඩී තිබුණි. දෙපා ඇදව පිහිටා තිබුණි. නන්ද අධිරාජ්‍යා විසින් එක්තරා අවස්ථාවකදී තමන්ව හෙළා දැකීම ගැන උරණ වූ චානක්‍ය පළායන්නේ කවදා හෝ නන්ද අධිරාජ්‍යයා බලයෙන් පහකරන බව සපථ කරමිනි. ඒ සඳහා ඔහු දෙදෙනෙකු උපයෝගී කර ගනී. එක් අයෙකු නන්දගේ පුත් පබ්බත ය. අනෙක් අය නම් පියා අහිමිව දඩයක්කාරයෙකු විසින් ඇති දැඩිකරගත් තවත් රාජකුමාරයෙකු වූ චන්ද්‍රගුප්ත(ධර්මාශෝකගෙ පියා)  ය. චානක්‍ය දඩයක්කරුවාට කහවනු දහසක් ගෙවා චන්ද්‍රගුප්තව මිළට ගත්තේ ය. මේ දෙදෙනාගෙන් රජකමට සුදුස්සා තෝරා ගැනීමට චානක්‍ය කාලයක් ගත කළේ ය.


            චානක්‍ය විසින් නූලක බැඳි සුරය බැගින් ඔවුන් දෙදෙනාගේ ගෙලෙහි බඳින ලදි. දිනක් චන්ද්‍රගුප්ත නිදා සිටියදී චානක්‍ය පබ්බතට අභියෝගයක් කළේ ය. නින්දෙන් අවදි නොකර චන්ද්‍රගුප්තගේ ගෙල බැඳි සුරය තමන්ගේ අතට ගැනීම ය, ඒ. පබ්බතට එම අභියෝගය ජය ගැනීමට හැකි නොවූයේ සුරය ගලවා ගැනීමට උත්සාහ දරන විට හදිසියේම චන්ද්‍රගුප්ත අවදි වූ නිසාය. තවත් දිනක් පබ්බත නිදාගෙන සිටි අවස්ථාවක චානක්‍ය එම අභියෝගය කළේ චන්ද්‍රගුප්තට ය. චන්ද්‍රගුප්ත ඉතා පහසුවෙන් එම අභියෝගය ජය ගත්තේ එකම එක කඩු පහරකින් පබ්බතගේ ගෙළ සිඳලීමෙනි.


               චානක්‍යගේ උපදෙස් අනුව සංවිධානය වූ චන්ද්‍රගුප්තගේ හමුදාව කිහිප වරක්ම නන්දගේ අධිරාජ්‍යයට පහර දුන් නමුත් ඒ හැම අවස්ථාවකදීම ඔවුන්ට අත් වූයේ පරාජය ය. දිනක් නගරයේ වෙස්වලාගෙන සැරිසරන චානක්‍යට දරුවෙකුට බැණ වදින මවකගේ හඬ ඇසුණි. දරුවා සිය මව දුන් කැවුමක වටේ කොටස් විසිකර මැද කොටස පමණක් අනුභව කළේ ය. මව කිපුණේ ඒ ගැනය.


“උඹත් හරියට කැවුම් කන්නේ චන්ද්‍රගුප්ත යුද්ධ කරනවා වගේ. වටේ තියන බලකොටු අල්ලාගන්නේ නැතිව එක සැරේම ප්‍රධාන බලකොටුවට ගහනවා.” මව දොස් කීවා ය.


           චානක්‍ය වහාම තම වැරුද්ද අවබෝධ කර ගත්තේ ය. ඒ අනුව ඔහු මුලින්ම අවට ගම්මාන සියතට ගත්තේ ය. අවසානයේ රාජධානියේ අගනුවර වූ පාටලීපුත්තයට පහර දී එය සියතට ගත්තේ ය.            


           චන්ද්‍රගුප්තගේ මෞර්ය රාජවංශය බිහිවන්නේ එසේ ය. චානක්‍යගේ උපදෙස් අකුරටම පිළිපැද චන්ද්‍රගුප්ත ඝාන්ධාර එනම් වත්මන් ඇෆ්ගනිස්තානය ප්‍රදේශය පාලනය කළ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සෙන්පතියන් පවා යුද්ධයෙන් පරාජය කළේ ය.


            එක අතකින් කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය අමානුෂික ය. අනෙක් අතින් ප්‍රායෝගික ය. ඒ නිසාම ඔහු අමානුෂික බුද්ධිමතෙකු බව ඇතැම් විචාරකයන්ගේ පිළිගැනීම ය. ඔහු ඉතා විවෘතව ඝාතන කළ යුතු ආකාරය, රාජ්‍යත්වය වෙනුවෙන් පවුලේ සාමාජිකයින්ව මරා දැමීම, ඔත්තුකරුවන් හැසිරවිය යුතු අන්දම, අමාත්‍යවරුන්ගේ ඔත්තු සෙවීම යනාදී කාරණා කතා කරයි. නන්ද අධිරාජ්‍යා ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ ධනය සඟවා තිබූ තැන චානක්‍ය සොයා ගනු ලබන්නේ ධීවරයෙකුගේ මාර්ගයෙනි. ධනය සොයා ගත් විගසම චානක්‍ය එම ධීවරයාව මරා දමයි.


👉 බොහෝ දෙනා චානක්‍ය මකියාවේලීට සමාන කරන්නේ රාෂ්ඨ පාලනය සම්බන්ධ ඔහුගේ මෙකී දර්ශනය නිසාය.


🔺 චරපුරුෂයන් ගෝත්‍රතුලට වැදි එහි අභ්‍යන්තර ගැටුම් ඇවිලවීමේ හැකියාව ගෙන දෙන ඊර්ෂයාව, ද්වේශය  හා වෙනත් දෑ සොයා මනා සැලසුමකින් යුතුව ඔවුන් අතර ගැටුම් ඇති කළ හැකි විෂබීජ වපල යුතුය.


🔺 ආචාර්යවරුන් සේ වෙස්වලාගෙන ඔවුන් ගෝත්‍රයේ ප්‍රධානයන් කලකොලාහලවල පැටලිය යුතුය.


🔺 චෛත්‍යයන්ට හා පූජ්‍යස්ථාන වලට ඇතුළු වන දොරටුවල රන්භාන්ඩ හා රත්රන් තබා ගෝත්‍රයේ ප්‍රධානීන් තුල ලෝබය ලියලවිය යුතුය.


🔺 පිස්සු වට්ටන රූසපුවෙන් හා තාරුණයෙන් යුත් ගණිකාවක් හෝ නර්තන ලියන් පෙන්වා ප්‍රභූන් කාමයෙන් මත්කොට මුලා කළ යුතුය.


🔺 ගනිකාවක් විසින් ගෝත්‍ර ප්‍රධානියෙකු තමා පැහැර ගැනීමට පොලඹවා විනෝද උයනක් අසල තියුණු ආයුධයකින් පහර දී හෝ වස දී හෝ තමා  පැහැර ගෙන ගිය එකා මරා දැමිය යුතුය. ඊට පසු “අර අනිකා මගේ ආදරවන්තයා මැරුවා” යැයි කියමින් ඇය කෑ ගැසිය යුතුය.


🔺තවුසකු ලෙස වෙස් වලා ගත් චරපුරුෂයෙකු රාත්‍රි කාලයෙහි යට කී ලෙස කාමයෙන් මුසපත් කරන ලද ගෝත්‍රික නායකයෙකුට ස්ත්‍රින් වසඟ කිරීමේ බලය ඇතැයි කියා වස මිශ්‍ර කළ ආලේපන දිය යුතුය. එවිට ඔහු මැරී යනු ඇත. එහි යොදවන ලද වෙනත් චරපුරුෂයන් එය තරගකාරී නායකයෙකු කල දෙයකයැයි ප්‍රචාරය කළ යුතුය.


🔺 නක්ෂත්‍රයන් හා අන්‍යයන් ලෙස වෙස්වලාගත් ඔත්තුකරුවන් රාජකුමාරයාගේ කේන්ද්‍රයේ ගැබ්වන රාජයෝග හා වෙනත් රාජලක්ෂණ ප්‍රචාරය කළයුතුය. එනයින් ගෝත්‍රයේ අවංක නායකයින් ඒ හෝ මේ රජුගේ පුත්කුමරු යටතට මෙහෙයවිය යුතුය. මෙසේ නම්මවා ගැනෙන නායකයන් වෙත රජු ගවයන්, සේවකයන් හා වෙනත් ද්‍රව්‍ය තෑගි කොට යැවිය යුතුය. මේ අයුරින් ඔවුන් දිනාගත යුතුය.


👉චානක්‍යගේ තතු මෙබඳු කරුණු කිහිපයකට පමණක් ලඝු කළ හැකි නොවේ. ඔහු රජෙකුගේ යුතුකම් සහ වගකීම් ගැනත් ඒවා නොකිරීමෙන් ඔවුන්ට විඳින්නට වන බරපතල විපාකයන් ගැනත් ඉතා ගැඹුරෙන් කතා කරයි.

 

👇 නිදසුනක් ලෙස ඔහුගේ පහත අදහස් දැක්විය හැකිය.


🔺 ඔබේ රහස් අන් අය හා ඛෙදා නොගන්න. එසේ කිරීමෙන් ඔබේ අවසානය ඔබම ළඟා කරගන්නේ ය.


🔺 සෑම මිතුරකමක්ම පසුපස කවර හෝ පුද්ගලික අවශයතාවක් ඇත. එසේ නොවන මිතුරුකම් නැත. කටුක මුත් සැබෑ සත්‍යය එයයි.


🔺 සතුරාගේ දුර්වලකම් වටහා ගන්නා තුරු ඔහු සමඟ මිතුරුව සිටිය යුතු ය.


🔺 සතුරා කෙනෙකුගේ දුර්වලතා දැන සිටිය යුතු නැත. නමුත් ඔහු සතුරාගේ දුර්වලතා දැන ගත යුතුය. ඔබ ඔබගේ සැබෑ අභිප්‍රායන් සඟවාගෙන කටයුතු කළ යුතු ය. ඉබ්ඛෙකු තම අඟ පසඟ තම කටුව තුළම සඟවා ගන්නවාක් මෙනි.


               දැන් නැවතත් අපි අජාසත්ත රජු ලිච්ඡවින්ව පරාජය කළ ආකාරය කොතෙක් දුරට චානක්‍යගේ දර්ශනය හා සමපාත වේදැයි විමසා බලමු. මේ කරුණු සවිස්තරාත්මකව සඳහන් වන්නේ ජෛන පොත පතෙහි ය. අජාසත්ත රජු ගැන ජෛන සම්ප්‍රදායට අනුව දැක්වෙන තොරතුරු හා බෞද්ධ පොත පතෙහි දැක්වෙන තොරතුරු අතර සමානකම් මෙන්ම අසමානකම්ද ඇත.


              වස්සකාර ඇමති අවුරුදු තුනක් පමණ වජ්ජි දේශයේ සරණගතයෙක් මෙන් වෙස් වලාගෙන සැරිසරමින් වෛසාලිය ආක්‍රමණයට පසුබිම සකස් කළේ ය. අවසානයේ ඉතා භයානක සටන් දෙකක් ඇවිලී ගියේ ය. කෙසේ වෙතත් වෛසාලියේ නගර දොරටු ඉතා සවිමත්ව සාදා තිබුණි. අජාසත්ත රජුට ඒවා විනිවිද යාම ඉතා අසීරු විය. දින ගණනාවක් ගත විය. තවමත් අජාසත් රජු හිටි තැනමය. අවසානයේ අජාසත්ත රජු කුල්වකාල නම් තවුසා කරා මාගන්ධිකා නම් වෛශ්‍යාව යොමු කළාය. 

           ඒ කුල්වකාලගේ අනුගාමිකාවක සේ වෙස් වලාගෙන ය. ඇයට කුල්වකාල තම වසඟයට ගත්තා ය. කුල්වකාල මහණ දිවියට සමු දී ඇය හා විවාහ විය. ඉන්පසු ඇය කුල්වකාල ජොතිශ්‍යකරුවෙකු මෙන් වෙස් ගන්වා වෛශාලයට යවා මුනිසුවාරත නම් ජෛන ශාස්තෘවරයා වෙනුවෙන් ඉදිකර තිබූ අල්තාරයක් නිසා නගරයට බොහෝ විපත්ති ඇතිවන බව ප්‍රචාරයක් කළේ ය. 

          ලිච්ඡවිහු අවසානයේ එකී අල්තාරය කඩා දමන්නට පෙළ ගැසුණෝය. ඒ අවස්ථාවේදී කුල්වකාලගේ සංඥාවකට අනුව ක්‍රියාත්මක වූ අජාසත්ත රජුගේ හමුදාව බාල, තරුණ, මහළු බව නොබලා ලිච්ඡවීන්ව සමූල ඝාතනය කළහ. 


📌අවසානයේ කේලාම්, අභූත චෝදනා ආදී නොයේක් උපක්‍රම හරහා බිඳ වැටුණු පාලනයක් යුද්ධයකින් පරාජය කිරීම ඉතා පහසු බව පසක් කරමින් අජාසත්ත ජයගත්තේ ය.


          රටක් විනාශ කිරීමට ගත වන්නේ නිර්මාණය කරන්නට යන කලයට වඩා ඛෙහෙවින්ම අඩු කාලයකි. වැඩිම කාලයක් ගත වන්නේ රටක් හොඳින් පවත්වාගෙන යාමය.ඒ නිසාම රටක් පවත්වාගෙන යාම බුද්ධිමතුන්ට අයත් ය. ඉතිහාසය දන්නා, පැරණි සම්ප්‍රදායන් පවත්වාගෙන යන්නේ ඔවුහු ය. 


📌චානක්‍යද මේ බව කියයි. ඔහු කියන්නේ රජු ඉතිහාසය හොඳින් දැන සිටිය යුතු බවය. එමෙන්ම අන් අයගේ වැරදි වලින් පාඩම් උගත යුතු බවය.


☀️ හේතුව තමන්ම වැරදි කර පාඩම් ඉගෙන ගෙන රට පාලනය කිරීමට තරම් කාලයක් ඔහු ජීවත් නොවන නිසාවෙනි.


           වස්සකාර ඇමති බුදුන් වහන්සේගෙන් විමසා සිටින්නේ ලිච්ඡවීන්ව පරජය කළ නොහැකි මන්ද යන කාරණය ය. 

🙏එවිට බුදුන් වහන්සේ දේශනා කරන්නේ සප්ත අපරිහානී ධර්ම ගැන ය. සාමාන්‍ය අයෙකු නම් එබඳු ධර්ම ඇසූ විට කරන්නේ ඒවා අපේ ජීවිතවලටත් සම්බන්ධ කරගන්නේ කෙසේද යන කාරණය නොවේ ද? 

👉එහෙත් වස්සකාර ඇමති කල්පනා කරන්නේ ලිච්ඡවීන්ගේ දියුණුවට හේතුවන එකී යහපත් ගුණාංග විනාශ කර දමන්නට සුදුසු උපක්‍රම ගැනය.

👉 එසේ නම් යටි අරමුණු නොවිමසා සප්ත අපරිහානී ධර්ම වස්සකාරට කීමෙන් වරද කර ඇත්තේ බුදුරජාණන් වහන්සේ ද ?

🙏 එය එසේ විය නොහැකි ය. 

 📌 ඒ නිසාම වස්සකාර බඳු චරිත දෙස අප බැලිය යුත්තේ කුරුළු ඇසකිනි. එනම් අහසේ සිට පොළව දෙස බලනවාක් මෙනි. එසේ බලන කල්හි අපට චානක්‍ය අර්ථ ශාස්ත්‍රයේ කියූ එක් කරුණක් ඉතා පැහැදිලිව පෙනෙන්නේ ය.

        එනම්👇

             “සෑම මිතුරකමක්ම පසුපස කවර හෝ පුද්ගලික අවශයතාවක් ඇත. එසේ නොවන මිතුරුකම් නැත. කටුක මුත් සැබෑ සත්‍යය එයයි.”      

               යන්නය.

       පසුගිය කාලවකවනුවෙ ලංකා දේශපාලනයේ සිදුවූ සිදුවීම් දෙස විචාරවත්ව බැලූ විට ඊයේ (2022 මාර්තු 28)දෙරණ 360 වැඩ සටහනේ අවසන් පැනයට වික්‍රමසිංහයන් දුන් පිළිතුර තුළ ලංකා දේශපාලනයේ තත්වය එක් උත්තරයකින් දී ඇතිබව වැටහෙනු ඇත..එක වචනෙකින් ලංකාවේ අතීත වර්ථමාන අනාගත දේශපාලනය විග්‍රහ කරපු උත්තරයක්..

🔺 -කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය-


📌සබැඳි-

🌏දෙරණ 360 අවසන් ප්‍රශ්න දෙක- 

https://m.facebook.com/story.php?story_fbid=10227709918843628&id=1537473825


🌏 දෙරණ 360 සම්පූර්ණ වැඩසටහන-

https://youtu.be/Oa2vYumvKkw


(උපුටාගැනීම් අන්තර්ජාලය ඇසුරෙනි)


✍️

#මීරිගම_ඊෂණ

Sunday, March 20, 2022

🚩එදාවේලට ඇඟවිකුණන හයිටිය


     වර්ථමානයේ හයිටි රාජ්‍යය  ලෝකයේ දුප්පත්ම රටවල් අතරන් එකක් වන අතර අධික ණය බරින් හෙම්බත්ව සිටින රටකි.හයිටියේ දුප්පත්කම කොතරම්ද කිව්වොත් හයිටි ජනතාවගෙන් මිලියන 1.9 ක්ම ආහාර හිගයෙන් පෙලේ. ඒ රටේ ජනගහනයෙන් 60% වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ දවසකට ඩොලර් එකකටත් අඩු ආදායමකිනි. ඒ නිසාම මන්දපෝෂණයත් රක්ත හීනතාවයත් හයිටියේ සුලභ රෝග බවට පත්වී ඇත. ලෝකයේ වඩාත්ම කුසගින්නෙන් බැටකන රටවල් අතරින් හයිටිය 03 වෙනි ස්ථානයේ බව සදහන්වෙයි.


     නල ජලය හෝ ලිඳකින්, නල ලිදකින් වගේ ක්‍රමයකින් පිරිසිදු වතුර ලබා ගන්න හැකියාව තියෙන්නේ හයිටියේ ජනගහනයෙන් 50%පමණි. අනෙක් ජනතාව බීමට ගන්නෙත් ගංගාවල ඇල දොල වල ජලයය. ඒ වගේම මේ රටේ ජනගහනයෙන් සියයට අසූවක් පමණ ජනතාවට නිසි සනීපාරක්ෂක පහසුකම්  නැති අතර ඒ නිසාම පාචනය වගේ බෝවන රෝග වසංගත වලත් අඩුවක් නම් නැත.


        පාසැල් යන්නට අවස්ථාව ලැබෙන්නේ හයිටියේ දරුවන්ගෙන් 50% වගේ ප්‍රතිශතයකටය. එයිනුත් 30% වගේ ප්‍රතිශතයකට පස් වෙනි පන්තියෙන් එහාට පාසැල් යන්න තරම් වත්කමක් නැත. ඒ නිසාම හයිටියේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා සාක්ෂරතාවයෙන් තොර අතර  මේ හේතුවත් එක්ක හයිටියේ දුප්පත්කම තව සියවස් ගාණක් ඉදිරියට පවතිනු ඇත.


👉නමුත් හයිටියේ මිනිස්සු මේ තරම් දුප්පත්කමින් බඩගින්නෙන් පීඩා විදින්නෙ රත්තරන් වලින්, ඛණිජ සම්පත් වලින් පිරුණු පොලවක් මත ඉදගෙන කියලා දන්නවාද.? 


          හයිටියේ දුප්පත්කම සදහටම තුරන් කර, හයිටි රාජ්‍යය ලෝකයේ ධනවත්ම රටවල් අතරට එකතු කරන්න තරම් ප්‍රමාණවත් තරමේ රත්තරන් සහ අනෙකුත් ඛණිජ සම්පත් හයිටි පොලොවේ බහුලය.

නමුත් අදූරදර්ශී පාලනයත්, දූෂණයත් නිසාම හයිටියේ දියුණුවට වැට බැඳී දිනෙන් දින වලපල්ලට වැටෙමින් පවති. කෙසේ වෙතත් ඇමරිකානු ඩොලර් බිලියන විස්සක විතර වටිනාකම් ඇති රත්තරන් සමග  ලෝහමය අමුද්‍රව්‍ය, ඛණිජ සම්පත් උතුරු හයිටියේ පොලොවේ නිදන්ගතව ඇති බව ඇස්තමේන්තුගත කර ඇති අතර ඉතිහාසය පුරාම අධිරාජ්‍යය වාදීන් විසින් හයිටියේ ඛණිජ සම්පත් සූරාකෑමට ලක්කර ඇත. 


      නිදහස් කලු රාජ්‍යයක් බවට පත් වෙන්නට පෙර මුලින්ම ස්පාඥ්ඥයත්, ඉන්පසු  ප්‍රංශයත් හයිටියේ ඛනිජ සම්පත් කොල්ලකා ඇති අතර 1970 වර්ෂයේ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනින් හයිටි රාජ්‍යය  රත්තරන් නිධි හා ගුවන් යානා තැනීමට ගන්නා ටයිටේනියම් ලෝහ ඛනිජය බහුල රටක් බවට ප්‍රකාශ කර ඇත.


             එසේ අනාවරණය සිදුකලත්  සෘජු විදෙස් ආයෝජන එරටට නොලැබුන අතර ලැබුණු විදේශ ආයෝජනත් එවකට පැවති අදූරදර්ශී රජය විසින් අත්තනොමතික ලෙස ප්‍රතික්ෂේප කර ඇත.1990 දශකයේ අග භාගයේ සිට හයිටි පොලවේ රත්තරන් සහ  ඛණිජ ද්‍රව්‍ය සෙවීම සදහා කැණීම් කරන්නට ඇමරිකානු ඩොලර් මිලියන තිහක් වටිනා ආයෝජන ගලාගෙන ආ අතර ඇමරිකානු සමාගමක් වන Newmont Ventures Limited ඒ විදිහේ එක් රත්තරන් ආකර ආයෝජකයෙක් ලෙස පෙන්වාදිය හැකිය. නමුත් ඔවුන්ටත් දෙවතාවක්ම හයිටියේ රත්තරන් සෙවීම අත්හැර දමන්නට සිදුවූ අතර එයට හේතුව වූයේ හයිටියේ ඇති දේශපාලන අස්ථාවර බවයය.  



       හයිටියේ රත්තරන් සෙවීම සදහා මුදල් ආයෝජනය කිරීම එක්තරා ආකාරයකින් සූදුවක් වගේය.. දේශපාලන අස්ථාවර භාවය, දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ ගනු දෙනු වල විනිවිද භාවයෙන් තොර වීම හේතුවෙන්ම හයිටියේ රත්රන් ගවේෂණයෙන් ලැබෙන ප්‍රතිඵල ගැන විශ්වාසයක් තියන්නට නොහැකි බව ආයෝජකයින් පවසනු දක්නට ඇත.


          මෙවැනි තත්වය මත රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ප්‍රංශ අධිරාජ්‍යවාදයෙන් මිදී නිදහස්වු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වාසය කල රටකි. නමුත් මෙහි අදූරදර්ශී හා දේශපාලන අස්ථාවරත්වය මත තමන් විසින් තමන්ම වලපල්ලට ඇද දමාගෙන ඇති බව දක්නට ඇත.


        මේ තත්වය මත හයිටිරට කොල්ලකෑමට මාන බැලූ ධනවත් රාජ්‍ය දේශපාලනික වශයෙන් හයිටිය තමන්ගේ යටත් රාජ්‍යයක්‌ කර ගැනීමට ධනවත් රාජ්‍යන් දැරූ වෑයම හයිටියේ දේශප්‍රේමී ආණ්‌ඩුව විසින් පරාජය කරනු ලැබිණි. බල ලෝභීන්ගේ හා දුෂ්ට බලවත් රාජ්‍යයන්ගේ අත පෙවීමට එරෙහි වූ දේශප්‍රේමී හයිටි නායකයෝ තම රට රැක ගැනීමටත් රටේ ස්‌වාධීනතාවය පවත්වා ගැනීමටත් වෑයම් කළහ.


            ඉහත කී බලවත් රටවල නායකයන්ගේ කෑදරකම් හා ධන පිපාසාව ඉන් සංසිඳුනේ නැත. සිද්ධ වූණේ හුදෙක්‌ හයිටි රාජ්‍ය පාලනය පෙරලා දැමීමටත් හයිටිය කොල්ලකෑමටත් ඉන් අනතුරු ව හයිටිය විනාශ කොට පලිගැනීමටත් පිඹුරුපත් සැකසීම ය. මේ සඳහා සූක්‌ෂම උපක්‍රමයන් හා උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමට ඔවුහු සැලසුම් කළහ.


             📌ඉහත කී රාජ්‍ය බලය ලබාගැනීම, එමගින් ම කොල්ලකෑම හා රට වැනසීම යන ඉලක්‌ක තුන සම්පූර්ණ කරගැනීම සඳහා ක්‍රමයෙන් ඔවුන් එලූ දැල, ඔවුන් ඇටවූ උගුල හයිටිවාසීන්ට තවමත් වැටහෙන්නේ නැත. 


       එය නොවැටහෙන සේ කටයුතු කිරීමට ජන මනස ගොඩනැගීම ද උපාය මාර්ගයේ ම කොටසකි. අවසාන විග්‍රයේ දී රට වැසියා විසින් සිය රට විනාශ කළ යුතු ය. එය විනාශයක්‌ බවට ඔවුනට නොවැටහී තිබිය යුතු ය., නැතහොත් විනාශය සංවර්ධනයක්‌ සේ රටවාසීන් විසින් ම තර්ක කොට විවාද කොට පිළිගත යුතු ය යන්න උපාය මාර්ගයේ ම කොටසකි. මේ අනුව හයිටි වාසීහු අදටත් විනාශයේ අසිරිය නරඹති. විනාශයෙහි දී ඔල්වරසන් හඬ දී කති, බොති, නටති, ගයති, වයති, විනාශයේ ආශිර්වාදය ත්‍යාග කළ දෙවියන්ට ස්‌තුති කරති.


        මෙසේ කොල්ලකෑමට නම් ඊට එකඟ වන පාලකයකු සහිත පාලන තන්ත්‍රයක්‌ බිහි කළ යුතු ය.

ලොකු ලොකු රටවල්වලට සුවච කීකරු නොවන පාලකයන් පන්නා දැමිය යුතු ය. ඔවුන්ට නැවත බලයට පත්වීමට ඉඩ නොදිය යුතු ය. ඒ සඳහා රටවාසීන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු ය.

එකී දැනුම රටට යහපත් නොවන ආක්‍රමණිකයාට යහපත් වන දැනුමක්‌ විය යුතු ය. මෙම සැලැස්‌ම ප්‍රකාරව හයිටියේ දේශප්‍රේමී රාජ්‍ය පාලනය පෙරලා ආක්‍රමණිකයාට වලිගය වනා පස්‌ස ලෙවකන ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ආක්‍රමණික ධනවත් රටවලට හැකිවිය. ඊට විප්ලවය හො සුළඟ යෑයි නම් කළා දැයි මා දන්නේ නැත. 


          ඊළඟට රට පුරා බියර් දන්සැල් ඇරිණි. සුරාසැල් නිරතුරු ව විවෘත ව තැබිණි. මුලින් ම සුරාසැල් විවෘත ව තැබීමේ කාලය දිගු කිරීමේ යෝජනාව ගෙනෙන්නට ඇත. ඊට පාර්ලිමේන්තුවාසීන් අත උස්‌සන්නට ද ඇත. හයිටියේ කාන්තාවන්ට සුරාපානය සඳහා තිබුණ තහනම ඉවත් කෙරිණි. රටපුරාම ලාබම බීම අරක්‌කු බීම බවට පත් විය. දුම්වැටි ඊට ප්‍රබල විය. (ලංකාවට පැමිණි සුද්දන්ගේ මුල් ම උපක්‍රමයක්‌ වූයේ ද මෙය ය.) මින්පසු ස්‌ත්‍රීහු ද පුරුෂයෝ ද තරුණ තරුණියෝ ද දරුවෝ ද නිරතුරුවම බීමත් ව සිටිය හ.


✳️සුරා පානය තහනම් ය යන නීතිය ඉවත් කෙරිණි. එය පාර්ලිමේන්තුවේ විප්ලවවාදී පක්‌ෂවල ද සහයෝගයෙන් තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මතවූවා දැයි මා නොදනී.


          ඉන් අනතුරු ව ආක්‍රමණිකයාට හිතවත් පාලකයින් කළේ ඉතා කුඩා ව්‍යවස්‌ථා සංශෝධනයකි. ඒ අනුව සෑම දරුවෙක්‌ ම අනිවාර්යයෙන් ම පාසල් යා යුතු ය යන කොන්දේසිය ඉවත් කෙරිණි.

ඒ සමග ම පාසල් නිළ ඇඳුම අනිවාර්යය වේ යන කොන්දේසිය ද ඉවත් කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ දහස්‌ ගණන් දරුවන් අධ්‍යාපන අත්හැර දැමීමය. පාසැල් යන්නවුන් ද නොයන්නවුන් මෙන් පෙණිනි. ළමා අයිතිවාසිකම් බල ගන්වමින් ද තරකරමින් ද ඒ පිළිබඳ දරුවන් පමණ ඉක්‌මවා දැනුවත් කරමින් ද ළමා අයිවාසිකම් පිළිබඳ පුළුල් ප්‍රචාරයක්‌ ලබා දුනි.


         දරුවන්ගේ ම යහපත උදෙසා කුඩා කුඩා දඬුවම් ද කළ ගුරුවරුන්ගේ වැඩ තහනම් කෙරිණි. ඔවුනට එරෙහි ව නඩු පැවරිණි. දරුවන්ට පක්‌ෂපාත නොවූවා වූ ද වැරදිකරුවන්ට දඬුවම් කළා වූ ද පොලිස්‌ නිලධාරීන්ගේ ද වැඩ තහනම් කෙරිණි. මින් සංතෘප්තියට පත් තරුණ දරුවෝ ද දැරියෝද වල්බූරු නිදහසේ සුවය වින්ද හ.


        නිල ඇඳුම් ද විරහිත පාසල් දරු දැරියෝ පොපියන චමත්කාරයේ ආස්‌වාදය වින්දේ මහ දවල් එළිපිට ය. සාමාන්‍යයෙන් හයිටි වාසී කාන්තාවෝ ඇඳුමට දක්‌වන්නේ අඩු උනන්දුවකි. ස්‌ත්‍රීහු ද පුරුෂයෝ ද සැම විට ම කමින්, බොමින්, නටමින්, ගයමින් විනෝදයෙන් ම කල් ගෙවති.


              සියලු ම වර්ගයේ ලිංගික වෙබ් අඩවිවල නිදහසේ සැරිසැරීමට ඉඩ ලබා දී බහුල භාවිතයක්‌ එනතුරු අඩු මිල ගණන්වලට ඒවා සැපයීම සිදුකෙරිනි. ඒ තරුණ තරුණියෝ අද මැදිවියට පත් ව සිටිති. නිරුවත ඔවුන්ට සාමාන්‍ය ය. සුරාව සාමාන්‍ය ය. මත් ද්‍රව්‍ය ද සාමාන්‍ය ය. ඒවාට එරෙහි වන නීතිය දුර්වල ය.


             එහෙත් හයිටිවාසීහු මේ විනාශයේ ආස්‌වාදය ස්‌වෙච්ඡාවෙන් විඳිති. කති, බොති, නටති, ගයති, වයති, අප රටේ සතුන්ගේ හැසිරීම මෙන් ඔවුගේ පවුල් ජීවිත ගත කිරීම ද නිදහස්‌ ය. මග දෙපස මහමග දවල් විවෘත ව ලිංගික ව හැසිරෙති. කන්න බොන්න නැතත් තමන්ගේ ආතල් එක ගනිති.ඒවා සාධාරනීකරනයද කරති.මෙසෙ කෙලවී හොම්බෙන් ගොස් සිටින ජාතිය දෙස ඔවුන් බලන්නෙ පොර මානසිකත්වයෙනි නමුත් ඒ දෙස විමතියෙන් බලන්නෝ හුදෙක්‌ විදේශිකයෝ වෙති.


             කුමන්ත්‍රණ සැලැස්‌මේ ඊළඟ යෝජනාව වූයේ අඩුමිලට සෞඛ්යට අහිතකර ආහාර ලබාදීමය.එහි ප්‍රථිපලය මේ වන විට ගැහැනු සුවිශාල වට්‌ටක්‌කා ගෙඩි මෙන් ස්‌ථූලභාවයෙන් පෙළෙති. පිරිමිහු ද තරබාරු ව සිටිති. අඩි හයක්‌ ව පමණ උස ව සිටි නිරෝගී ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක්‌ සහිත හයිටිවාසීන්ගෙන් අති බහුතරයක්‌ දියවැඩියාවෙන් ද හෘදරෝගවලින් ද අස්‌ථි දුර්වලතාවයෙන් ද පෙළෙති.


           කණගාටුවට තවත් කරුණක්‌ නම් 90% කට අධික පිරිසක්‌ ඒඩ්ස්‌ රෝගීන් වීම ය. වයසින් අවුරුදු 100 කට ආසන්න කාලයක්‌ දීර්ඝායුෂ වින්ද හයිටිවාසීන්ගේ අද ආයු කාලය අවුරුදු 45 ක්‌ 50 ත් අතර වේ. නිරෝගී ජාතියකට සිදු වූ විපත. හිතුවක්‌කාර අදූරදර්ශී අස්ථාවර දේශපාලන ක්‍රමෝපායන් නිසා අද හයිටිය යනු මිහිපිට අපායකි.


        මේ කී සියල්ල අපට දැනට ද ආගන්තුක නමුත් ඇතැම් කාරනා පුරුදු ගතියක් හිතට දැනෙනු ඇත.ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් මේ සශ්‍රීක දිවයින තුල තිබෙන්නේ මොනවාදැයි මා අතිශෝක්තියෙන් නොකියමි.මේවනවිට අපවෙත ආදරයෙන් උකසට ගෙන ණයදුන් වරායන්,භූමිය , වෙනත් මර්මස්ථාන චීනයට සින්නවීමට ආසන්නව පවතින කාලයක ශ්‍රී ලංකාවේ සිද්ධ වෙමින් පවතින්නේ කුමක්‌දැයි දකින්නට මේ බඳු වූ පූර්වාදර්ශ ඉතා වටී. 


✍️ #මීරිගම_ඊෂණ

Friday, March 11, 2022

මංගල හස්තියා

 🇱🇰ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ   

👑අභිනව මංගල හස්තියා..

---------------------------------------------

📌මංගල හස්තිරාජයා සබැඳි ඉතිහාසය

          ශ්‍රී ලංකාවේ කුල 10කට අයත් අලි ඇතුන් දිවි ගෙවන බවට පැරැණ්නන්ගේ විශ්වාසය විය.කලාවන, ගංගය, තබර, පිංගල, පණ්ඩල, මංගල, ගණ්ඩ, හේම, උපෝසථ, සද්ධන්ත එම කුලයන් වන අතර #සද්ධන්ත කුලය උසස් ම කුලය ලෙස හැදින්වේ.

           අතීතයේ පටන් මෙරට අලි ඇතුන් සංස්කෘතික හා ආගමික වශයෙන් විශාල වැදගත්කමක් අත්පත් කොට ගෙන ඇත. විජය රජුගෙන් ඇරඹි සිංහල රාජවංශයේ වනයෙන් අල්ලා ගත් ඇතෙකු හීලෑ කිරීම අරම්භය කුමන රජෙකුගේ කාලයේ ආරම්භ වූවා දැයි මහාවංශයේ නිශ්චිතව සදහන් කර නොමැත. නමුත් විටින් විට ඉන්දීය කුමාරිකාවන් සරණපාවා ගත් රජවරුනට දෑවැදි ලෙස රන්, රිදී, මුතු, මැණික් සමග හීලෑ අලි ඇතුන් ද ලැබී ඇති බවට විවිධ අවස්ථා වල සදහන් වේ.

           සිංහල රාජාවලිය පුරාම රාජකීය මංගල හස්තියාට රාජධානියේ සුවිශේෂී ස්ථානයක් හිමිව තිබූ බව පෙනේ. උරුමකරුවෙකු නොමැති ව රජු මියගිය විට දී අරාජික වන රටට නව පාලකයෙකු තෝරා ගැනීම රාජකීය මංගල හස්ති රාජයා විසින් සිදු කළ බව ඉතිහාසයේ සදහන් වේ. රාජකීය මංගල හස්තිරාජයා පිට නැගි රජු වීදි වල සැරිසැරූ බවත් රාජකීය උත්සව සදහා මංගල හස්තියා යොදාගත් බවත් ඉතිහාසය පුරා සදහන් වන අතර රාජකීය ඇත්ගාල පිළිබදව ද ඒ ආකාරයට ම සටහන් ඇත.

     මංගල හස්තීන් සම්බන්ධ රසවත් පුවත් සිංහල රාජාවලිය පුරා ඇසිය හැක. ක්‍රි.ව.37 දී ඉලනාග රජුගේ රාජ පාලනයට එරෙහි වූ රටවැසියන් කැරළි ගැසීමට පෙළඹුණි. රජු තිසා වැවේ ජල ස්නානය කරමින් සිටින අතර රාජ්‍ය බලය අල්ව ගත් සතුරන් රජුව සිරකරනු ලැබිය මෙහිදී රජුගේ බිසවගේ අනු දැනුම ඇතුව රාජකිය ඇතු මෙහෙයවා රජුව සිරකරතබාගෙන සිටි සිරගෙය කඩා රජුට පැනයාම සදහා කටයුතු සලස්වා ඇත මලය රටින් නැව් නැගී රජු තුන් අවුරුද්දකට පසු සේනාව ගෙන රුහුණු රට අකුරුගොඩ නම් නැව් තොටෙන් ගොඩ බැස ඇත. අකුරුගොඩ යන ස්ථානය අද සීනිගම දෙවොල ඇති ස්ථානය බවට‍ මතයක් ඇත පසුව සටන් කර රාජ්‍ය බලය ලබාගත් බව සදහන්වේ මගුල් ඇතුට කෘතගුණ සැලකීමක් ලෙස ඇතා සිටි පෙදෙස ජනපදයක් ඇති කොට එය හස්තු බෝග නමින් නම් කල බව පැවසේ.

        ඉතිහාසයේ සදහන් වන ඉහළ ම ජනතා ප්‍රසාදය දිනාගත් මංගල හස්තියා දුටුගැමුණු රජුගේ කඩොල් මගුල් ඇතු ය. එළාර රජුගේ මංගල හස්තියා වන මහා පබ්බත ඇතා පිළිබදව ද ඉතිහාසයේ බොහෝ තැන් වල සදහන් වේ. කඩොල් ඇතු යුද්ධයේ දී ක්‍රියා කළ අකාරයත් ඔහුගේ චරිත ලක්ෂණත් ඉතිහාසගත ග්‍රන්ථවල ඉහලින් වර්නනා කොට ඇත. පුරාවෘත්තයන්ට අනුව රාවණා රජුට ගර්ජන නමින් මංගල හස්තියෙකු සිට ඇත.

        දෙවෙනි පෑතිස්‌ රජු මහමෙව්නා උයන සඟ සතු කොට පිදීමේදී මගුල් ඇතා ලවා නගුලකින් මායිම් ලකුණු කල අන්දම මහා වංශයේ විස්තර වන අතර දඹුලු විහාරයේ බිතුසිතුවම් වල සිතුවම් කර ඇත පොළොන්නරුවේ රජ කල මහා පැරකුම්බා රජු ද අලාහන පිරිවෙනට ගම්බිම් පවරා දීමේදී මෙලෙස කටයුතු කල බවට‍ චුල වංශයේ සදහන් වේ.

         1 වන කාශ්‍යප නොහොත් සිගිරි කාශ්‍යප රජු 18 අවුරුද්දක් ගෙවී ගිය තැනදී සොහොයුරා වන මුගලන් කුමරු සේනා ගෙන යුද්ධයට පැමිණ ඇත මේ අතර මගුල් ඇතු පිට නැගී යුද්ධය සදහා පැමිණි කාශ්‍යප රජු සිය ගමන් මගේ ඉදිරියෙන් තිබු මඩ වගුරක් මගහැරීම සදහා එයට පිටු පා එය මගහැර යාම සදහා මගුල් ඇතු හැරවිය මෙහිදී රජු පරාජය දැක පසු බසින බව සිතු සේනාව හිස් ලු අත දිවිය සතුරා අතට පත් වීමට වඩා සිය දිවි තොර කරගැනීම යහපතක් ලෙස සිතු රජු මගුල් ඇතු පිට සිටියදීම කඩුවෙන් ගෙල සිදගත්තේය .        

📌මෑත ඉතිහාසය

----------------------------

       වර්ථමානය වනවිට  සම්ප්‍රධායනුකූලව සධාතුක කරඬුව වැඩම කළ යුත්තේ එහී පූජනීයත්වය හා ගෞරවය ආරක්ෂා කෙරෙන පරිදිය. ඒ සඳහා තොරා ගන්නා හස්ති රාජයෙකුට හත්වැදුම් පොළ පිහිටා තිබිය යුතුය. එනම් සතර පා, හොඩය, ලිංගය හා වලිගය භූමිය ස්පර්ශ වන ආකාරයෙන් පිහිටීමයි.එපමණක් නොව මෙවැනි මංගල ඇත් රජකු වෙත පුළුල් කුඹුතල, පුළුල් පිට, උදාර ලීලාව හා තේජාන්විත දළ යුග්මය ආදී ගුණාංගද පිහිටිය යුතු වේ

                දළදා මාලිගාවේ ගජනායක නිලමේ, කාරියකෝරාල හා ඇතුන් සම්බන්ධ කටයුතු කරන අනෙකුත්  සියළු දෙනා එක්ව මෙවැනි ලක්ෂණ වලින් සමන්විත හස්තිරාජයෙකු තේරීමට කටයුතු කරති. විශේෂයෙන් පරිණත වයසට එළඹි ඇතෙකු මේ සඳහා තෝරා ගනී.

               ඉතිහාසයේ ඇසළ පෙරහැර සඳහා මංගල හස්තියා තේරීමේ දී රජුගේ නිල ගමන් බිමන් සඳහා යොදා ගත් මඟුල් ඇතා හා යුධ කටයුතු සඳහා යෙදවූ ඇතුන් ඒ සඳහා තෝරා ගනු ලැබුයේ නැත.

              රජුගේ ඇත් පන්තියේ ඒ වෙනුවෙන්ම ඇතෙකු වෙන්කිරීම සිදු කෙරිණි. සිය හාම්පුතා සම්බන්ධ ලැදියාව, ප්‍රචණ්ඩ ඇතෙකු නොවීම, මිනිසුන් මරා නොතිබීම ආදී කාරණා ද මංගල ඇත් රාජයෙකු තේරීමේ දී සැලකිල්ලට ගනු ලැබේ දළදා පෙරහැර සධාතුක කරඬුව වඩම්මන ඇතුන් හත්වැදුම් පොළ පිහිටා ඇති ඇතුන් විය යුතුයැයි සම්මතයවන අතර ඊට අමතරව පුළුල් කුඹස්තලය, පුළුල් පිට ,උදාර ගමන් විලාශය සහ තේජාන්විත දළ යුග්මයද සලකා බැලේ.

              කිත්සිරිමෙවන් රජ දවස තෙක් දිවෙන දළදා පුරාණයේ මුල්ම දළදා වහන්සේ වැඩමවූ ඇතු ලෙස 🚩අයිරාවණ නම් ඇතෙකු ඉතිහාස ගත වී ඇත. ඉන් පසු සතුරු ආක්‍රමණ නිසාවෙන් මෙම ඇතුන් පිලිබඳ පමණක් නොව දළදා පෙරහැර පිලිබඳ ඉතිහාසය ද සැඟව යයි.

             නූතන දළදා පෙරහැර ඉතිහාසය විමසද්දී එහි අපට මුණ ගැසෙන සධාතුක කරඬුව වැඩමවූ

🚩පළමු ඇතු ලෙව්කේ වලව්වේ ඇතු ය. 

🚩 මාතලේ වෑගඩපොල වලව්වේ ඇතු  

🚩පානබොක්කේ වළව්වේ දළ කොට ඇතු

🚩මහයියාවේ රත්වත්ත වලව්වේ ගෝමර ඇතු 

🚩ඉඩම්පිටියේ ඇතු.

        නූතන මංගල හස්තීන් ලෙස ඉතිහාසගතව ඇති අතර ඉඩම්පිටියෙ මංගල හස්තියා ගෙන් පසුව


🚩 බෝසත් රාජා

---------------------------- 

               සධාතුක කරඩුව වැඩමවූ ඇත්තු අතර සුවිශේෂී තැනක් හිමි කරගත් දළදා මාලිගාවේ ඇත් පන්තියේ රාජා ඇතු ඉන් පසුව එම සත් කාර්‍ය්ය දීර්ඝ කාලයක් ඉටුකොට තිබේ.1937 වසරේ සිටම මැනවින් එම කාර්‍ය්ය ඉටුකල රාජා 1986 වසරේ අසනීප වන තෙක්ම එම වගකීම දරා තිබේ.


🙏1986 වසරේ අගෝස්තු 26 වනදා ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම විධායක ජනාධිපති ජේආර් ජයවර්ධනයන් විසින් 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු මංගල හස්තියා ලෙසත් ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්ති නායක බෝසත් රාජා ජාතික වස්තුවක් බවට නිල වශයෙන් ප්‍රකාශ කළේය.එතැන් පටන් ශ්‍රී දළදා කරඬුව වඩම්මන්න ජේෂ්ඨතම මංගල හස්තියා

☸️ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මගුල් ඇතු ලෙස ප්‍රකාශ වූ අතර මුල්වරට එම භාග්‍ය උදාවූ බෝසත් රාජා ඇතු එවන් ඇගයීමක් ලද ලොව දෙවන හස්තියා ලෙස ඉතිහාස ගතවී ඇත. (පළමු තැන කෙන්යාවේ "අහමඩ්" හස්තියාට හිමිවේ.)


🐘බෝසත් රාජා ඇතුගෙන් පසුව 

🚩හෙයියන්තුඩුවේ රාජා, 

🚩මිල්ලන්ගොඩ රාජා , 

🚩වෑවලදෙණියේ ඇතු , 

🚩ගංගාරාමයේ නවම් රාජා, 

🚩රත්නපුර මහ සමන් දේවාලයේ ඇතා 

🚩මාළිගාවේ ඇත් පන්තියේ නායක ඉන්දි රාජා ඇතුද එම සත්කාර්‍ය්ය ඉටුකර තිබේ. 

🚩එහෙත් මාළිගාවේ බෝසත් රාජා ඇතුගෙන් පසු වැඩිම වරක් කරඬුව වැඩමවූ මෙන්ම වැඩිම ගෞරව ආදරය දිනාගත් හස්ති රජු ද වන්නේ නැදුන්ගමුවේ රාජාය. බෝසත් රාජාට පසු වැඩිම ගෞරව ආදරය හිමිකරගත් නැදුන්ගමුවේ විජය රාජා මංගල හස්ථියාගේ අභාවයත් (2022/03/07)සමඟ


👉ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව මංගල හස්තියා ලෙස නම් වන්නෙ,

👉වර්ථමාන(2021) උප ප්‍රධාන මංගල හස්තියා ලෙස නැදුන්ගමුවේ රාජට කටයුතු කළ 

ශ්‍රී දළදා කරඬුව වැඩම වීම හා ඉහත සඳහන් මගුල් ලකුණු වලින් පරිපූර්ණ 

👉රුහුණු මහා කතරගම දේවාලයේ

වාසනා හස්තියාය.

👑  2022 වසරේ සිට ඉදිරියට 

ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මංගල හස්තියා ලෙස කතරගම වාසනා කිරුළු පළඳින්නෙය.


📌අභිනව ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කතරගම වාසනා ඇත් රජු

----------------------------------------------------------------------

          නැදුන්ගමුවේ විජය රාජා ඇත්රජුගෙන් පසු එම තනතුර හිමි වන්නෙ කතරගම මහ දෙවොලට අයත් වාසනා ඇතුටය.1978 වර්ෂයේදී විමලා කන්නන්ගර මැතිනිය විසින් රුහුණු මහා කතරගම දේවාලය පූජා කොට ඇති අතර එතැන් පටන් අද දක්වාම මෙම ඇතු රුහුණු මහා කතරගම දේවාලය බාරයේ සිටියි. ඉතා ආකර්ෂණීය මෙන්ම තේජන්විත පෙනුමකට සහ අලංකාර දල යුවලකට හිමිකම් කියන වාසනාට දැනට වයස අවුරුදු 48 ක් උසින් අඩි 11ක් පමණ වේ.


          රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දින 15 ම තනිවම දේවාභරණ වැඩම කිරීමේ කාර්‍ය ඉටු කරයි. මහ නුවර ඇසළ පෙරහැර මංගල්‍යයයටද නැතුවම බැරි  ඇතකු ලෙස වාසනා හැදින්විය හැකිය. වසර 14 පසු වාසනා හස්තියා 2019 වසරේ මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැරේ සදාතුක කරඩුව වැඩවීම විශේෂත්වයකි. අලි භාෂාව පමනක් නොව අප සාමාන්‍ය එදිනේදා කතා කිරීම සඳහා භාවිතා කරන භාෂාව හොඳින් වටහා ගන්නා මොහු තියුණු බුද්ධියක් ඇති පිංවත් හස්තියෙකි.

 

               බුදුවීමට පෙරුම්පුරන බෝසත්වරුන්ගෙ ආත්ම භවයන් ලෙස සැලකෙන මගුලැතකු වීමේ භාග්‍ය මෙවර කතරගම වාසනා ඇතුට හිමිවී ඇත.

බෝසත් රාජාට, නැදුන්ගමුවේ විජය රාජා වැනි රටක් වන්දනාමාන කළ,ආදරය ගෞරව කළ පරිනත ඇතෙකු ලෙසත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මංගල හස්තියා ලෙස දළදා වහන්සේට පුද පූජා පවත්වා පිං රැස් කරගැනීමට හැකි ඇත් රජෙකු ලෙසත් හීලෑ දළ ඇතුන් 100කට පමන සීමා වී ඇති යුගයක ලක්දිව හස්තිරාජ පරපුර ලෝව පතල කරමින් චිරාත් කාලයක් වැජඹේවායැයි ගෞරව ආදරයෙන් යුතුව පතමි...



(සියලු දත්ත අන්තර්ජාලය ඇසුරෙන් හා මා විසින් සොයාගත් තොරතුරු එක්තැන් කර සකසන ලද ලිපියක බවත්,ඕනෑම අයෙකුට දැනුමට යමක් එකතු වෙවායි පතමි)


🌏සබැඳි - 

👉2021 ඇසල මංගල්‍ය- මංගල හස්ථීන්-

https://m.facebook.com/story.php?story_fbid=10219824290018203&id=1248487626


👉රජ තුන්කට්ටුව -

https://m.facebook.com/story.php?story_fbid=10220811837506273&id=1248487626


👉 නැදුන් මුහුණ දුන් අවසන් අභියෝගය -

https://www.facebook.com/1248487626/posts/10219896699508395/


👉 නැදුන්ගමුවේ විජය රාජා -

https://m.facebook.com/story.php?story_fbid=10220810166984511&id=1248487626


👉වාසනාට ත්‍රස්ත ප්‍රහාර දෙකක්-

https://www.facebook.com/1248487626/posts/10219918783380478/


✍️_________________

#මීරිගම_ඊෂණ #කතරගම_වාසනා #මංගල_හස්තියා

Friday, July 23, 2021

හිරිකිත දේශපාලනය සමඟ යහන්ගතවන වැඩවර්ජන.....

 📌වර්ජන පවත්වන්නේ වැටුප් වැඩිකිරීමක්, අක්‍රමිකතාවකට නිසි පියවර නොගැනීමක් වැනි හේතු මත පාලකයන්ට කිසියම් තර්ජනයක් එල්ල කර අවශ්‍ය දේවල් දිනාගැනීමේ වුවමනාවෙන් වුවද, ඒ ක්‍රියාවන් හේතුවෙන් රජයට අපහසුතාවක් ඇති නොවෙන්නේ ඔවුන් පොදු සේවා භාවිත නොකරන බැවිනි.


මැති ඇමති වරුන් හා රජයේ වගකිව යුතු නිලධාරීන් මහමග යාම් ඊම් කරන්නේ සැප පහසු වාහනවලය. තදබදයකදී වුවත් ඔවුන්ගේ නිල බලය පෙන්වා එතැනින් ඉවත් වෙන්නට පුළුවන. එහෙත් දහදුක් විඳගෙන සේවයට යනෙන සාමාන්‍ය මිනිසුන්ට බස් රිය හා දුම්රිය හැරුණු විට වෙනත් විසඳුමක් නැති හෙයින් කුමන ක්‍රමයකින් හෝ පොදු ප්‍රවාහන සේවාවල පිහිට පතන්නට සිදු වේ. ඒ අතින් බලන විට රටේ පොදු ජනයාට එරෙහිව යන්නේ ඒ පොදු ජනයා අතරම සිටින පුද්ගලයෝය. 

 📌දියුණු රටවල වැඩවර්ජනය කලාව

2018 වසරේ ජපානයේ ඔකයාමා නගරයේ බස් රථ රියැදුරෝ වැඩ වර්ජනයක යෙදුණාහ. නගරයේ සේවයට එක්වූ නව බස් රථ සේවයක් නිසා තමන්ගේ රැකියා සුරක්ෂිතතාව අනතුරට වැටී ඇතැයි තීරණය කළ රියැදුරෝ ඒ වෙනුවෙන් පෙනී සිටින මෙන් තම බස් සමාගමෙන් ඉල්ලීමක් කළ ද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. ඔවුන්ගේ අවසාන තුරුම්පුව වූයේ වර්ජන ක්‍රියාමාර්ගයකට ගමන් කිරීම ය. එහෙත් විශේෂත්වය වූයේ එය බස් මගීන්ට වඩාත් හිතකර වූ අපූරු වර්ජනයක් වීම ය. ජපානය තුළ ලංකාවේ මෙන් කොන්දොස්තරවරු දක්නට නොමැත. බස් රථයට ගොඩවන දොරටුව අසල ම මුදල් ගෙවීමේ යන්ත්‍රයක් පිහිටුවා තිබේ. බස් මගියා තම මුදල හෝ මුදල් ගෙවීමේ කාඩ්පත භාවිත කරමින් ෙම් යන්ත්‍රයෙන් ටිකට්පතක් ලබාගැනීම සාමාන්‍ය සිරිතයි. වර්ජන දිනයේදී ෙම් යන්ත්‍රය රෙදි කඩකින් වසා මගීන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීමට ඔකයාමා රියැදුරෝ කටයුතු කළහ. සුපුරුදු පරිදි නියමිත වේලාවට බස් ධාවනය කරමින්, සුපුරුදු බස් නැවතුම්වල බස් රථය නවතමින්, සුපුරුදු සේවාව ක්‍රියාත්මක කළ ද එ් සේවය වෙනුවෙන් මුදල් ගැනීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ.  

📌වර්ජන කලාව 

         මෙය තරමක ආගන්තුක එමෙන් ම අපූරු වැඩවර්ජනයකි. ඉන් බස් මගීන් කිසිවකුගේ දෛනික ජීවිතයට ගැටලුවක් එල්ල නොවුණි; සැබවින් ම එය ඔවුන්ට තිබුණාට ද වඩා හොඳ තත්ත්වයකි. වර්ජනය නිසා අපහසුවට පත් වූයේ බස් සමාගම ය. තම සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කළ ද ඒ වෙනුවෙන් කිසිදු ආදායමක් නොලැබී යෑම බස් සමාගමට යෙන් ලක්ෂ ගණනක පාඩුවක් එක්කරන්නට ඇති බවට සැකයක් නැත. කෙසේ නමුත් කැපී පෙනෙන ම කරුණ වන්නේ, වැඩවර්ජනය සඳහා රියැදුරන් පෙලඹවූ බස් හිමියන් ඉලක්ක කරගත් මේ වර්ජනයේදී බස් මගීන් ඉලක්ක නොකර ගැනීමට බස් රියැදුරන් තුළ පැවති සද්භාවයයි. මේ නයින් බලද්දී අනෙකුත් බොහෝ අංශ මෙන්ම වර්ජන ක්ෂේත්‍රය හා සැසඳීමේදී ද ලංකාව සිටින්නේ ජපානයට වඩා ගව් ගණනක් පිටුපසිනි. වර්ජනයේදී ආරවුලට හෝ මතභේදයට පත්වන දෙපාර්ශ්වය අතරමැදට තුන්වැනි පාර්ශ්වයක් ලෙස සාමාන්‍ය ජනතාව ඈඳා ගැනීම ලංකාවේ බොහෝ වෘත්තීය සමිතිවල පුරුද්ද බවට පත්ව තිබේ. ලංකාවේ ආණ්ඩු පාලනය තුළ ගැබ් ව පවතින සුබසාධකවාදී පාලන ක්‍රමය ඊට හේතුවන්නට ඇත. එහෙත් සාමාන්‍ය ජනතාව දඩමීමා කරගත් වැඩ වර්ජනයක් ශිෂ්ට සම්පන්න කවර හෝ සමාජයක් තුළ අනුමත කළ හැක්කක් නොවේ. 

 📌මෙවැනි අපූරු වර්ජන ක්‍රමවේද ක්‍රියාත්මක කළ එක ම පිරිස ජපන් බස් රියැදුරන් පමණක් නොවේ. ග්‍රීසියේ පෙලොපොනේසියානු යුද්ධ සමයේදී ඇතෑන්ස් නුවර කාන්තාවෝ යුද්ධයට එරෙහිව වෙනස් ම වර්ජනයක් දියත් කළහ. එ් යුද්ධය නවත්වා සාම සාකච්ඡා අරඹන තෙක් තම ස්වාමි පුරුෂයන් සමඟ යහන්ගත වීම ඔවුහු ප්‍රතික්ෂේප කිරීමයි. 

 📌එවැනිම අවස්ථාවක් මෑතකාලීන ව ලයිබීරියාවෙන් ද වාර්තා විය. 2003 වසරේදී එරට බහුතර කාන්තාවෝ තම ස්වාමි පුරුෂයන් සමඟ යහන්ගත වීම වර්ජනය කළේ එරට වෙළාගෙන පැවැති සිවිල් යුද්ධය නතර කරන ලෙස ඉල්ලමිනි. ඒ වර්ජනය සාර්ථක වූ අතර සිවිල් යුද්ධය නතරවීමෙන් නොනැවතී එ් වර්ජනයට මුලපිරූ එලන් ජොන්සන් ලයිබීරියාවේ පමණක් නොව මුළු අප්‍රිකා මහාද්වීපයේ ම පළමු ජනපතිනිය බවට පත්වූ අතර නොබෙල් සාම ත්‍යාගය පවා දිනාගන්නට සමත් වූවාය. 

 📌1970 වසරේදී එක්සත් ජනපදයේ තැපැල් සේවකයෝ මහා වැඩවර්ජනයක් දියත් කළහ. ඔවුහු ද සියලු ලිපි බෙදීමේ කටයුතුවලින් බැහැරව සිටිය මුත් දිළිඳු ජනතාව වෙනුවෙන් රජය නිකුත් කරන සුබසාධක චෙක්පත් රැගත් ලිපි බෙදීමේ කටයුත්තෙහි දිගටම නිරතවී සිටියහ. 

 📌එක් අවස්ථාවකදී ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයකදීද වර්ජන හේතුවෙන් මෙසේ නොමිලේ මගීන් ප්‍රවාහනය කර තිබේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පොදු බස් සේවය පුද්ගලිකකරණය කිරීමට ගත් තීරණයකට විරෝධය දැක්වීම සඳහා පොදු බස් රියැදුරන් විසින් නොමිලේ මගීන් ප්‍රවාහනය කරමින් වර්ජනයක් කරන ලදී. පොදු බස් සේවාව පෞද්ගලීකරණය කරන්නට උත්සාහ ගත් රජයට විරුද්ධව ඔවුහු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹුණහ. 

 📌සිඩ්නි නගරය අවට ඩිපෝ 12ක පමණ රියැදුරෝ සහ කොන්දොස්තරවරු එකතු වී නිදහස් ප්‍රවාහන දිනයක් ප්‍රකාශයට පත් කර, ඔවුන්ගේ බස් රථවල මුදල් ගෙවන කාඩ් යන්ත්‍ර ක්‍රියා විරහිත කළහ. රජය එම ක්‍රියාමාර්ගය ගන්නට හේතුවු කරුණ වශයෙන් කියා තිබුණේ පොදු බස් සේවාව පිළිබඳව කර තිබුණු චෝදනා ගොන්නකි. බස් රථ ධාවකයන්ගේ වෘත්තීය සමිතියේ අදහස වූයේ බස් සේවාව පුද්ගලිකකරණය නිසා ප්‍රවාහන ගාස්තු ඉහළ යනු ඇති බවයි. 

 📌ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ බස් රියැදුරෝද මෙවැනිම වර්ජනයක් සිදුකළෝය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ වැටුප් වැඩි කිරීමයි. මෙම වර්ජනය සඳහා එරට දුම්රිය, හා ට්‍රෑම් රථ සංගම්ද එකතු වී සිටියත්, නොමිලේ ප්‍රවාහනය සිදුකළේ බස් රථවල පමණි. නමුදු එහි පාලනාධිකාරිය කියා සිටියේ එම වර්ජනයෙන් කවුන්සිලයට කිසිදු හානියක් නොවෙන බවයි. ඊට හේතුව වශයෙන් ඔහු සඳහන් කළේ පොදු ප්‍රවාහන සේවාවලින් ලැබෙන ආදායම් සියල්ල රජයට යැවෙන නිසා, ආදායම අහිමි වීමේ බර, බදු ගෙවන්නන් මත පැටවෙනු ඇති බවය.

 📌ඕස්ට්‍රේලියාවේ වේගයෙන්ම වර්ධනයවන නගරයක් වන මෙල්බර්න් නගරයේ දිනකට සෑහෙන දුම්රිය ගමන් වාර ප්‍රමාණයක් සිදු වේ. එහි දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය වී ඇත. එය රජයට වාසිදායක නමුත් දුම්රිය සේවකයන්ට හා මගීන්ට එකසේ අවාසිදායකය. නියමිත වෙලාවට ගමනාන්තයට ළඟා නොවුනහොත් දුම්රිය රියැදුරන්ට දඩ ගෙවීමට සිදු​වන නිසා ඔවුහු අතරමග හමුවෙන නැවතුම් කිහිපයක් මග හැර ගමන් කරති. එක් රියැදුරෙක් පමණක් නොව, බොහෝ රියැදුරන් මෙසේ කාලය ඉතිරි කරගැනීමට උත්සුක වෙන බැවින් එම නැවතුම්වල සිටින මගීන් හට අසාධාරණයක් සිදු වේ. 📌වසර ගණනාවකට පෙර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේද මෙවැනි නොමිලේ ගමන් සහිත දුම්රිය වර්ජනයක් පැවැත්විණි. එහෙත් එම රටවල වර්ජන මෙසේ දින ගණන් ඇදෙන්නේ නැත. පෙර දැන්වූ දවසක පැය දෙක තුනක් හෝ වරු කිහිපයක් උපරිම වර්ජන කාල සීමාවකට යටත් වේ. යම් හෙයකින් වර්ජකයෝ අතිශය අසාධාරණ ලෙස කටයුතු කරන්නට උත්සාහ ගත හොත් එම රටවල රජය මැදිහත්වී අර්බුද දුර දිග යා නොදී විසඳති. 

 ❤️වර්ජන නොහඳුනන ජපන්නු 

මේ සියල්ලට ම ඉහළින් ජපානය යනු වැඩ වර්ජන සාර්ථකව ජයගත් රටකිග එනම් වැඩ වර්ජනය කිරීම නම් සංකල්පය පවා අතික්‍රමණය කළ ජාතියකිග එහෙත් ජපානයේ අතීතයද අපේ වර්තමානය මෙන්ම කිළුටු වූවකි. 1974 වසරේදී ජපානය වැඩ වර්ජන 9ල581කට මුහුණ දී තිබුණු අතර ඊට සම්බන්ධ වුණු මුළු සේවක සංඛ්‍යාව ලක්ෂ 32කට වැඩි විය. එහෙත් මේ වනවිට ජපානය තුළ වාර්ෂිකව සිදුවන වැඩවර්ජන සංඛ්‍යාව පනහකට හැටකට සීමා වී තිබේ. බොහෝ ජපන් තරුණ තරුණියන් වැඩවර්ජනයක් පිළිබඳ අසා හෝ නොමැත. ජපනුන් එවැනි වෙනසකට මුල පුරා ඇත්තේ ක්‍රමානුකූල ව ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු කාර්යක්ෂමතාව තම ඉහළ ම අගය බවට පත්කරගනිමින් ගොඩනැඟී ලොව දෙවැනි හොඳ ම ආර්ථිකය දක්වා ඉහළට නැඟි ජපානය වැඩවර්ජන යනු තම රට ආපස්සට අදින බලවේගයක් බව හැත්තෑව දශකයේ සිට ම හොඳින් අවබෝධ කරගෙන තිබුණි. ඒ අනුව පාරිභෝගිකයා දෙවියා ය යන අදටත් අපේ රටේ නොමැති ව්‍යාපාරික සංස්කෘතියක් එරට තුළ මෝරා වැඩෙන්නට පටන් ගත්තේ මීට දශක තුන හතරකට ඉහතදී ය. එනිසා තමන්ට යම් මුදලක් ගෙවන පාරිභෝගිකයා; ‘මහජනතාව‘ අපහසුවට පත්කිරීම යනු වරදකට වඩා පාපයක් යන හැඟීම ජපන් සමාජය තුළ මුල් බැසගෙන ඇත යන්න ජපාන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන හිෆුමි ඔකුනුකිගේ අදහසයි. 👉ජපානය අත්හදා බැලූ තවත් දෙයක් තිබේ. එනම් සේවක හුදෙකලා කිරීමෙන් කම්කරු ආරවුල් මතභේද හමුවේ වෘත්තීය සමිතිය වෙනුවට අධිකරණය තෝරාගැනීමේ අවස්ථාව කම්කරුවාට හිමිකර දීමයි👈. ඒ හරහා එක් සිද්ධියක් වෙනුවෙන් මුළු මහත් කර්මාන්තයක් ම අඩපණ වීම වෙනුවට අදාළ සිදුවීමට සාධාරණයක් ඉෂ්ට වේ. තව ද ජපානය ස්ථීර පදනමට වඩා තාවකාලික සහ අර්ධ කාලීන පදනමින් රැකියා පිරිනැමීම දිරිගැන්වීමත් සමඟ වෘත්තීය සමිති වඩා සේවකයන් රොදබැඳීම ද අඩුවී ගොස් තිබේ. 

 🛑වැඩවර්ජනයෙන් එළියට පනින සාහසිකත්වය 

📍යහපාලන රජය සමයේ ව්‍යද්‍යවරුන් කළ වැඩවර්ජනයේදී, දීමනා වැඩි කරගැනීම, තමන්ගේ දරුවන්ට ජාතික පාසල් ඉල්ලීමේ සිට රටේ වෙෙළඳ ගිවිසුම් නීතිය සකස් කිරීම වැනි තම විෂයය පථයට ගෑවී හෝ නොමැති කරුණු ද ඇතුළත් ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් ඔවුහු වැඩ වර්ජනයක් දියත් කර තිබේ. දොස්තරලාගේ අර්බුදය ඇත්තේ ආණ්ඩුව සමඟ ය. නැතහොත් ආණ්ඩුවේ ඇමැතිවරු කිහිපදෙනකු සමඟ ය. නමුත් උපහාසය වන්නේ ඊට වන්දි ගෙවන්න සිදුව තිබෙන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලයක වරුවක් පෝලිමේ සිට බෙහෙත් ගන්නට කටු කන ජනතාවට වීම ය. දොස්තරලාගේ ‘ලොජික්’ එක එතරම් දුප්පත් විය. 

 📍යහපාලන රජය කාලසීමාව මෙන්ම මීට මාස කිහිපයකට ඉහත මුළු රට ම අඩපණ කළ තැපැල් වර්ජනයක් අපි අත්දුටිමු. තැපැල් සේවය සම්පූර්ණයෙන් ම අකර්මණ්‍ය වූ අතර ඒ හරහා බොහෝදෙනකුට ආර්ථික පාඩු ඇතිවූ බව ද අත්දැකීමෙන් දනිමු. මන්ද තැපැල් කන්තෝරු හරහා බෙදෙන ලිපි සියල්ල ‘සුව දුක්’ විමසා තැපෑලට දමන ලිපි නොවේන බැවිනි. සුවදුක් විමසීමට දැන් ජනතාවට ටෙලිෆෝන්, ඊමේල් මෙන්ම වට්ස්ඇප්, වයිබර් තිබේ. තැපෑල අද බොහෝවිට භාවිත කෙරෙන්නේ රාජකාරි මට්ටමේ කටයුතු සඳහා පමණි. ඉදින් තම ක්‍රෙඩිට් කාඩ්පත් බිල සති ගණනක් ප්‍රමාද වී පැමිණ දහස් ගණන් දඩ ගෙවූවන් ද විදුලි බිල්පත,ජල බිල්පත ප්‍රමාද වීම නිසා කරදරයට ලක්වූවන් ද වෙනත් ව්‍යාපාරික ලිපි ප්‍රමාද වීම නිසා ව්‍යාපාර අවස්ථාවන් ගිලිහී ගියවුන් ද සංඛ්‍යාවෙන් අති මහත්ය. 

 📍මීට වසර දෙකකට පමණ ඉහත දුම්රිය හිටිහැටියේ මහ දවාලේ වැඩ වර්ජනයක යෙදුණි. වැඩ වර්ජනයක යෙදෙන්නේ නම් අඩුම තරමේ දිනකට පෙර ඒ ගැන ජනතාව දැනුවත් කර ඔවුන්ව අපහසුතාවට පත් නොවන ලෙස එය ක්‍රියාත්මක කිරීම වෘත්තීය සමිති වල වගකීමකි; එය සාමාන්‍ය සම්ප්‍රදායයි. එහෙත් දැන් දැන් වෘත්තීය සමිති යනු රස්තියාදුකාරයන්ගේ තිප්පොළක් බවට පත්ව තිබේ. ඔවුන් වැඩ වර්ජනය කරන්නේ තමන් හැර සෙසු සමාජයෙන්ම පළිගැනීමේ අදහසින් යන්න මෙවැනි සාහසික වැඩවර්ජන වලින් මනාව ඔප්පු වී තිබේ. ජනතාව පත්වන අපහසුතාවයේ තරම තුළින් තමන්ගේ වැඩ වර්ජනයේ සාර්ථකත්වය කිරා මනින කුජීත තත්ත්වයකට බොහෝ වෘත්තීය සමිති ඇද වැටී තිබේ. ජපානයේ බස් රියැදුරන් තුළ ඇති සද්භාවය ලංකාවේ තැපෑලට, දුම්රියට මතු නොව දොස්තරලාට නැත්තේ ද එනිසා ය. 

 📌👉මේ කුජීත වර්ජන ක්‍රමයෙ අලුත්ම බිල්ල නම් ගුරුසේවයයි.වර්ථමානයේ සිදුවන මෙම තත්වයෙන් පීඩාවට පත්වන්නෙ නිදහස් අධ්‍යාපනයෙ පහස ලබන අන්ත දුගී දුප්පත් අසරණ දරුවන් වීම කොතරම් සෝචනීයද... අතීතයෙ දේවත්වයෙන් සැලකූ උත්තරීතර වෘත්තිය පාදඩ දේශපාලුවන් විසින් ගුරු වරුන් කාලකන්නින් බවට හංවඩු ගැසීමට පාරකැපූයෙ මේ අසික්කිත වර්ජන රටාවය. ________________________________________________ 

❤️🖋️👉හිරිකිත වෘත්තීය අරගල වලින් මිදෙමු... පාලකයාට රිදෙන අහින්සකයා (පාලිතයා)නොතැලන අරගල රටාවක් හදමු👈 

----------------------------------------------------------------------------- 

 📌👉ලෝකයේ සංවර්ධිත රටවල ප්‍රවාහන වර්ජන කරන්නේ බොහෝ විට නොවිසඳුණු පරිපාලන ගැටලු විසඳා ගැනීමටය. එම වර්ජන වැඩි ප්‍රමාණයකට හේතුවන්නේ වෘත්තිකයන්ට සසිදුවෙන අසාධාරණකම්ය. එසේ වුවද, අසාධාරණකම් ගැන කියමින් වසරකට දෙතුන් වරක් වර්ජනය කරන්නේ ද නැත. දේශපාලන පගා ගෙන, ගැටලුව නොවිසඳී තිබියදීම වර්ජන අවසන් කරන්නේද නැත. 👈

 🛑👉ඒ සියල්ලට වඩා වැදගත් කරුණ වන්නේ දේශපාලන වාසි තකා උසිගැන්වීම් මත වර්ජන නොකිරීමයි. ලංකාවේ ජරාජීර්ණ පක්ෂ දේශපාලනය මේ සඳහා වගකිව යුතුය.👈

🛑 ලෝකයේ හැම රටකම වැඩ වර්ජන කෙරෙතත්, ලංකාවේ තරම් හැමදෙයටම වර්ජනය කරන රටක් ලෝකයේ නැතිව ඇතිය. කිසියම් ඉල්ලීමක් සපුරා ගැනීම සඳහා වෘත්තීය සමිති සාමාජිකයෝ මහමගට බැස, නැතහොත් ගමනාගමනය කඩාකප්පල් කරමින් ආත්මාර්ථකාමී ලෙස හැසිරෙති. දහස් ගණනක් මිනිසුන්ගේ දෛනික කටයුතු වලට බාධා කරමින් කරන වැඩ වර්ජනවලින් හානි සිදුවෙන්නේ සාමාන්‍ය ජනයාටයි. 👉😔උපහාසයට කරුණ නම් මෙසේ වර්ජනය කරන්නෝද, වර්ජනයෙන් පීඩනයට පත් වෙන්නෝද යන දෙපාර්ශ්වයම සාමාන්‍ය පන්තියේ මිනිසුන් වීමයි. ඔවුහු පාලකයන්ගේ කීමට හෝ වෙනත් වාසි තකා තමන්ගේම පංතියේ මිනිසුන්ට එරෙහි වන්නෝය. 👈😭 

 🙏🙏🙏🙏🙏 

අවසානයෙ කිවයුතු වන්නෙ වාම වාදී සාමාන්‍ය ජනයා තලාපෙලන වර්ජන සම්ප්‍රදායෙන් මිදි... පාලකයාට රිදෙන ලිබරල්වාදී (සුභසාධන)අරගල ක්‍රමයකට මුල පිරීමට කාලය එළඹ ඇති බව පෙන්වාදිය යුතුය... 



👇🙏🙏🙏👇 

#මීරිගම_ඊෂණ