🇱🇰ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
👑අභිනව මංගල හස්තියා..
---------------------------------------------
📌මංගල හස්තිරාජයා සබැඳි ඉතිහාසය
ශ්‍රී ලංකාවේ කුල 10කට අයත් අලි ඇතුන් දිවි ගෙවන බවට පැරැණ්නන්ගේ විශ්වාසය විය.කලාවන, ගංගය, තබර, පිංගල, පණ්ඩල, මංගල, ගණ්ඩ, හේම, උපෝසථ, සද්ධන්ත එම කුලයන් වන අතර #සද්ධන්ත කුලය උසස් ම කුලය ලෙස හැදින්වේ.
අතීතයේ පටන් මෙරට අලි ඇතුන් සංස්කෘතික හා ආගමික වශයෙන් විශාල වැදගත්කමක් අත්පත් කොට ගෙන ඇත. විජය රජුගෙන් ඇරඹි සිංහල රාජවංශයේ වනයෙන් අල්ලා ගත් ඇතෙකු හීලෑ කිරීම අරම්භය කුමන රජෙකුගේ කාලයේ ආරම්භ වූවා දැයි මහාවංශයේ නිශ්චිතව සදහන් කර නොමැත. නමුත් විටින් විට ඉන්දීය කුමාරිකාවන් සරණපාවා ගත් රජවරුනට දෑවැදි ලෙස රන්, රිදී, මුතු, මැණික් සමග හීලෑ අලි ඇතුන් ද ලැබී ඇති බවට විවිධ අවස්ථා වල සදහන් වේ.
සිංහල රාජාවලිය පුරාම රාජකීය මංගල හස්තියාට රාජධානියේ සුවිශේෂී ස්ථානයක් හිමිව තිබූ බව පෙනේ. උරුමකරුවෙකු නොමැති ව රජු මියගිය විට දී අරාජික වන රටට නව පාලකයෙකු තෝරා ගැනීම රාජකීය මංගල හස්ති රාජයා විසින් සිදු කළ බව ඉතිහාසයේ සදහන් වේ. රාජකීය මංගල හස්තිරාජයා පිට නැගි රජු වීදි වල සැරිසැරූ බවත් රාජකීය උත්සව සදහා මංගල හස්තියා යොදාගත් බවත් ඉතිහාසය පුරා සදහන් වන අතර රාජකීය ඇත්ගාල පිළිබදව ද ඒ ආකාරයට ම සටහන් ඇත.
මංගල හස්තීන් සම්බන්ධ රසවත් පුවත් සිංහල රාජාවලිය පුරා ඇසිය හැක. ක්‍රි.ව.37 දී ඉලනාග රජුගේ රාජ පාලනයට එරෙහි වූ රටවැසියන් කැරළි ගැසීමට පෙළඹුණි. රජු තිසා වැවේ ජල ස්නානය කරමින් සිටින අතර රාජ්‍ය බලය අල්ව ගත් සතුරන් රජුව සිරකරනු ලැබිය මෙහිදී රජුගේ බිසවගේ අනු දැනුම ඇතුව රාජකිය ඇතු මෙහෙයවා රජුව සිරකරතබාගෙන සිටි සිරගෙය කඩා රජුට පැනයාම සදහා කටයුතු සලස්වා ඇත මලය රටින් නැව් නැගී රජු තුන් අවුරුද්දකට පසු සේනාව ගෙන රුහුණු රට අකුරුගොඩ නම් නැව් තොටෙන් ගොඩ බැස ඇත. අකුරුගොඩ යන ස්ථානය අද සීනිගම දෙවොල ඇති ස්ථානය බවට මතයක් ඇත පසුව සටන් කර රාජ්‍ය බලය ලබාගත් බව සදහන්වේ මගුල් ඇතුට කෘතගුණ සැලකීමක් ලෙස ඇතා සිටි පෙදෙස ජනපදයක් ඇති කොට එය හස්තු බෝග නමින් නම් කල බව පැවසේ.
ඉතිහාසයේ සදහන් වන ඉහළ ම ජනතා ප්‍රසාදය දිනාගත් මංගල හස්තියා දුටුගැමුණු රජුගේ කඩොල් මගුල් ඇතු ය. එළාර රජුගේ මංගල හස්තියා වන මහා පබ්බත ඇතා පිළිබදව ද ඉතිහාසයේ බොහෝ තැන් වල සදහන් වේ. කඩොල් ඇතු යුද්ධයේ දී ක්‍රියා කළ අකාරයත් ඔහුගේ චරිත ලක්ෂණත් ඉතිහාසගත ග්‍රන්ථවල ඉහලින් වර්නනා කොට ඇත. පුරාවෘත්තයන්ට අනුව රාවණා රජුට ගර්ජන නමින් මංගල හස්තියෙකු සිට ඇත.
දෙවෙනි පෑතිස් රජු මහමෙව්නා උයන සඟ සතු කොට පිදීමේදී මගුල් ඇතා ලවා නගුලකින් මායිම් ලකුණු කල අන්දම මහා වංශයේ විස්තර වන අතර දඹුලු විහාරයේ බිතුසිතුවම් වල සිතුවම් කර ඇත පොළොන්නරුවේ රජ කල මහා පැරකුම්බා රජු ද අලාහන පිරිවෙනට ගම්බිම් පවරා දීමේදී මෙලෙස කටයුතු කල බවට චුල වංශයේ සදහන් වේ.
1 වන කාශ්‍යප නොහොත් සිගිරි කාශ්‍යප රජු 18 අවුරුද්දක් ගෙවී ගිය තැනදී සොහොයුරා වන මුගලන් කුමරු සේනා ගෙන යුද්ධයට පැමිණ ඇත මේ අතර මගුල් ඇතු පිට නැගී යුද්ධය සදහා පැමිණි කාශ්‍යප රජු සිය ගමන් මගේ ඉදිරියෙන් තිබු මඩ වගුරක් මගහැරීම සදහා එයට පිටු පා එය මගහැර යාම සදහා මගුල් ඇතු හැරවිය මෙහිදී රජු පරාජය දැක පසු බසින බව සිතු සේනාව හිස් ලු අත දිවිය සතුරා අතට පත් වීමට වඩා සිය දිවි තොර කරගැනීම යහපතක් ලෙස සිතු රජු මගුල් ඇතු පිට සිටියදීම කඩුවෙන් ගෙල සිදගත්තේය .
📌මෑත ඉතිහාසය
----------------------------
වර්ථමානය වනවිට සම්ප්‍රධායනුකූලව සධාතුක කරඬුව වැඩම කළ යුත්තේ එහී පූජනීයත්වය හා ගෞරවය ආරක්ෂා කෙරෙන පරිදිය. ඒ සඳහා තොරා ගන්නා හස්ති රාජයෙකුට හත්වැදුම් පොළ පිහිටා තිබිය යුතුය. එනම් සතර පා, හොඩය, ලිංගය හා වලිගය භූමිය ස්පර්ශ වන ආකාරයෙන් පිහිටීමයි.එපමණක් නොව මෙවැනි මංගල ඇත් රජකු වෙත පුළුල් කුඹුතල, පුළුල් පිට, උදාර ලීලාව හා තේජාන්විත දළ යුග්මය ආදී ගුණාංගද පිහිටිය යුතු වේ
දළදා මාලිගාවේ ගජනායක නිලමේ, කාරියකෝරාල හා ඇතුන් සම්බන්ධ කටයුතු කරන අනෙකුත් සියළු දෙනා එක්ව මෙවැනි ලක්ෂණ වලින් සමන්විත හස්තිරාජයෙකු තේරීමට කටයුතු කරති. විශේෂයෙන් පරිණත වයසට එළඹි ඇතෙකු මේ සඳහා තෝරා ගනී.
ඉතිහාසයේ ඇසළ පෙරහැර සඳහා මංගල හස්තියා තේරීමේ දී රජුගේ නිල ගමන් බිමන් සඳහා යොදා ගත් මඟුල් ඇතා හා යුධ කටයුතු සඳහා යෙදවූ ඇතුන් ඒ සඳහා තෝරා ගනු ලැබුයේ නැත.
රජුගේ ඇත් පන්තියේ ඒ වෙනුවෙන්ම ඇතෙකු වෙන්කිරීම සිදු කෙරිණි. සිය හාම්පුතා සම්බන්ධ ලැදියාව, ප්‍රචණ්ඩ ඇතෙකු නොවීම, මිනිසුන් මරා නොතිබීම ආදී කාරණා ද මංගල ඇත් රාජයෙකු තේරීමේ දී සැලකිල්ලට ගනු ලැබේ දළදා පෙරහැර සධාතුක කරඬුව වඩම්මන ඇතුන් හත්වැදුම් පොළ පිහිටා ඇති ඇතුන් විය යුතුයැයි සම්මතයවන අතර ඊට අමතරව පුළුල් කුඹස්තලය, පුළුල් පිට ,උදාර ගමන් විලාශය සහ තේජාන්විත දළ යුග්මයද සලකා බැලේ.
කිත්සිරිමෙවන් රජ දවස තෙක් දිවෙන දළදා පුරාණයේ මුල්ම දළදා වහන්සේ වැඩමවූ ඇතු ලෙස 🚩අයිරාවණ නම් ඇතෙකු ඉතිහාස ගත වී ඇත. ඉන් පසු සතුරු ආක්‍රමණ නිසාවෙන් මෙම ඇතුන් පිලිබඳ පමණක් නොව දළදා පෙරහැර පිලිබඳ ඉතිහාසය ද සැඟව යයි.
නූතන දළදා පෙරහැර ඉතිහාසය විමසද්දී එහි අපට මුණ ගැසෙන සධාතුක කරඬුව වැඩමවූ
🚩පළමු ඇතු ලෙව්කේ වලව්වේ ඇතු ය.
🚩 මාතලේ වෑගඩපොල වලව්වේ ඇතු
🚩පානබොක්කේ වළව්වේ දළ කොට ඇතු
🚩මහයියාවේ රත්වත්ත වලව්වේ ගෝමර ඇතු
🚩ඉඩම්පිටියේ ඇතු.
නූතන මංගල හස්තීන් ලෙස ඉතිහාසගතව ඇති අතර ඉඩම්පිටියෙ මංගල හස්තියා ගෙන් පසුව
🚩 බෝසත් රාජා
----------------------------
සධාතුක කරඩුව වැඩමවූ ඇත්තු අතර සුවිශේෂී තැනක් හිමි කරගත් දළදා මාලිගාවේ ඇත් පන්තියේ රාජා ඇතු ඉන් පසුව එම සත් කාර්‍ය්ය දීර්ඝ කාලයක් ඉටුකොට තිබේ.1937 වසරේ සිටම මැනවින් එම කාර්‍ය්ය ඉටුකල රාජා 1986 වසරේ අසනීප වන තෙක්ම එම වගකීම දරා තිබේ.
🙏1986 වසරේ අගෝස්තු 26 වනදා ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම විධායක ජනාධිපති ජේආර් ජයවර්ධනයන් විසින්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු මංගල හස්තියා ලෙසත් ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්ති නායක බෝසත් රාජා ජාතික වස්තුවක් බවට නිල වශයෙන් ප්‍රකාශ කළේය.එතැන් පටන් ශ්‍රී දළදා කරඬුව වඩම්මන්න ජේෂ්ඨතම මංගල හස්තියා
☸️ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මගුල් ඇතු ලෙස ප්‍රකාශ වූ අතර මුල්වරට එම භාග්‍ය උදාවූ බෝසත් රාජා ඇතු එවන් ඇගයීමක් ලද ලොව දෙවන හස්තියා ලෙස ඉතිහාස ගතවී ඇත. (පළමු තැන කෙන්යාවේ "අහමඩ්" හස්තියාට හිමිවේ.)
🐘බෝසත් රාජා ඇතුගෙන් පසුව
🚩හෙයියන්තුඩුවේ රාජා,
🚩මිල්ලන්ගොඩ රාජා ,
🚩වෑවලදෙණියේ ඇතු ,
🚩ගංගාරාමයේ නවම් රාජා,
🚩රත්නපුර මහ සමන් දේවාලයේ ඇතා
🚩මාළිගාවේ ඇත් පන්තියේ නායක ඉන්දි රාජා ඇතුද එම සත්කාර්‍ය්ය ඉටුකර තිබේ.
🚩එහෙත් මාළිගාවේ බෝසත් රාජා ඇතුගෙන් පසු වැඩිම වරක් කරඬුව වැඩමවූ මෙන්ම වැඩිම ගෞරව ආදරය දිනාගත් හස්ති රජු ද වන්නේ නැදුන්ගමුවේ රාජාය. බෝසත් රාජාට පසු වැඩිම ගෞරව ආදරය හිමිකරගත් නැදුන්ගමුවේ විජය රාජා මංගල හස්ථියාගේ අභාවයත් (2022/03/07)සමඟ
👉ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව මංගල හස්තියා ලෙස නම් වන්නෙ,
👉වර්ථමාන(2021) උප ප්‍රධාන මංගල හස්තියා ලෙස නැදුන්ගමුවේ රාජට කටයුතු කළ
ශ්‍රී දළදා කරඬුව වැඩම වීම හා ඉහත සඳහන් මගුල් ලකුණු වලින් පරිපූර්ණ
👉රුහුණු මහා කතරගම දේවාලයේ
වාසනා හස්තියාය.
👑 2022 වසරේ සිට ඉදිරියට
ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මංගල හස්තියා ලෙස කතරගම වාසනා කිරුළු පළඳින්නෙය.
📌අභිනව ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කතරගම වාසනා ඇත් රජු
----------------------------------------------------------------------
නැදුන්ගමුවේ විජය රාජා ඇත්රජුගෙන් පසු එම තනතුර හිමි වන්නෙ කතරගම මහ දෙවොලට අයත් වාසනා ඇතුටය.1978 වර්ෂයේදී විමලා කන්නන්ගර මැතිනිය විසින් රුහුණු මහා කතරගම දේවාලය පූජා කොට ඇති අතර එතැන් පටන් අද දක්වාම මෙම ඇතු රුහුණු මහා කතරගම දේවාලය බාරයේ සිටියි. ඉතා ආකර්ෂණීය මෙන්ම තේජන්විත පෙනුමකට සහ අලංකාර දල යුවලකට හිමිකම් කියන වාසනාට දැනට වයස අවුරුදු 48 ක් උසින් අඩි 11ක් පමණ වේ.
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දින 15 ම තනිවම දේවාභරණ වැඩම කිරීමේ කාර්‍ය ඉටු කරයි. මහ නුවර ඇසළ පෙරහැර මංගල්‍යයයටද නැතුවම බැරි ඇතකු ලෙස වාසනා හැදින්විය හැකිය. වසර 14 පසු වාසනා හස්තියා 2019 වසරේ මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැරේ සදාතුක කරඩුව වැඩවීම විශේෂත්වයකි. අලි භාෂාව පමනක් නොව අප සාමාන්‍ය එදිනේදා කතා කිරීම සඳහා භාවිතා කරන භාෂාව හොඳින් වටහා ගන්නා මොහු තියුණු බුද්ධියක් ඇති පිංවත් හස්තියෙකි.
බුදුවීමට පෙරුම්පුරන බෝසත්වරුන්ගෙ ආත්ම භවයන් ලෙස සැලකෙන මගුලැතකු වීමේ භාග්‍ය මෙවර කතරගම වාසනා ඇතුට හිමිවී ඇත.
බෝසත් රාජාට, නැදුන්ගමුවේ විජය රාජා වැනි රටක් වන්දනාමාන කළ,ආදරය ගෞරව කළ පරිනත ඇතෙකු ලෙසත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මංගල හස්තියා ලෙස දළදා වහන්සේට පුද පූජා පවත්වා පිං රැස් කරගැනීමට හැකි ඇත් රජෙකු ලෙසත් හීලෑ දළ ඇතුන් 100කට පමන සීමා වී ඇති යුගයක ලක්දිව හස්තිරාජ පරපුර ලෝව පතල කරමින් චිරාත් කාලයක් වැජඹේවායැයි ගෞරව ආදරයෙන් යුතුව පතමි...
(සියලු දත්ත අන්තර්ජාලය ඇසුරෙන් හා මා විසින් සොයාගත් තොරතුරු එක්තැන් කර සකසන ලද ලිපියක බවත්,ඕනෑම අයෙකුට දැනුමට යමක් එකතු වෙවායි පතමි)
🌏සබැඳි -
👉2021 ඇසල මංගල්‍ය- මංගල හස්ථීන්-
https://m.facebook.com/story.php?story_fbid=10219824290018203&id=1248487626
👉රජ තුන්කට්ටුව -
https://m.facebook.com/story.php?story_fbid=10220811837506273&id=1248487626
👉 නැදුන් මුහුණ දුන් අවසන් අභියෝගය -
https://www.facebook.com/1248487626/posts/10219896699508395/
👉 නැදුන්ගමුවේ විජය රාජා -
https://m.facebook.com/story.php?story_fbid=10220810166984511&id=1248487626
👉වාසනාට ත්‍රස්ත ප්‍රහාර දෙකක්-
https://www.facebook.com/1248487626/posts/10219918783380478/
✍️_________________
#මීරිගම_ඊෂණ #කතරගම_වාසනා #මංගල_හස්තියා
No comments:
Post a Comment