Friday, June 16, 2017

ප්‍රමාදය පසුතැවිමට හේතු නොවේ


එදා අප්‍රෙල් මාසෙ ඉරිද දවසක් (දිනේ මතක නෑ මතක විදියට 2007 අප්‍රෙල් 06 වගේ) වැලිවේරිය කාන්ති ක්‍රිඩාංගනයේ මැරතන් තරගය.කලින් දවසෙ පාන්දර වෙනකන් ගේම් ගහල නිදියන්න යද්දි තමයි මතක්උනේ පහුවදා මැරතන් එක කියල.බැග් එකට ශොටයි ස්කිනියයි දාල ප්ලාස්ටර් රොලත් දාල නිදාගත්ත.ග්‍රව්න්ඩ් එකේ උදේ 7 වෙද්දි ඉන්ඩ ඔන..සුපුරුදු පරිදි නැගිට්ට වුනේ 6.30ට වැඩේ පදිරි.වැලිවේරියට පැයබාගෙන් යන්න බැනෙ අතඇරිය..වැලිවේරියෙ ඩයිනමික් ක්ලබ් එකෙ සංවිධාන ශක්තියෙන් කරපු මේ තරගාවලිය ගම්පහ දිස්ත්‍රික් ආදුනික මැරතන් කරුවන් සදහා විශේෂ තරගයක් තිබුන..මම යන්න ගියේ ඒකට..එතන ගම්පහ දිස්ත්‍රික්කෙ කොල්ලො ගොඩක් හිටිය ... එදා තරගය ඔපනින් එකට ආවේ මහාමාර්ග අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පා.ම ජේරාජ් ඇමතිතුමා...එදා අපිට උසස්පෙළ පන්ති දවසක් අකමැත්තෙන් උනත් මැරතන් එක පැත්තක තියල කොහොම හරි ට්‍රයිකරල 7ට්‍රේන් එකේ මම දුශ්ෂන්ත සර්ගේ පන්තියන්න ගියා.. ගම්පහින් බැහැල ක්ලාස් එකට යන්න කැරකෙනකොට එකේක් දුවගෙන ආව .. පැන්න ගමන් එළ එළ උඹටත් වැඩේ මිස්උනාද කියල.. මාත් කිව්ව ගත් කටටම ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල ස්ටොරිය කිවුව.. ඒක අහල අරු ඇහැවුවෙ නැතැ ඇයි උඹ දන්නෙ නැද්ද සූසයිඩ් ඇටෑක් එකක් ගියා කියල... මැරතන් එකට යන්ඩ බැරි උන එකට දුකින් හටියෙ.. ඒ කාලෙ ඕව හොය හොයා ගියෙ. කොටින්ම කිව්වොත් උනක් තිබ්බෙ.. මැරතන් ෆුට්බොල් මැච් පුදුම උනක්... අරු කිව්ව නිව්ස් එකත් එක්ක හිත කඩා වැටුන වගේ...එතන මම දන්න ආදරේ කරපු ගොඩක් ක්‍රිඩයො හිටිය විශේෂයෙන්ම කරුණාරත්න සර් (කරුසර් - අන්තිමට තියෙන්නෙ එයාගෙ පොටො එක) ඒ වගේම ජ්‍යෙෂ්ඨ අයියල කීපදෙනෙක් ඒ ප්‍රහාරයෙන් අපිට නැති උනා...කුරිරු ත්‍රසථවාදයත් මෙලේච්ච දේශපාලන සංස්කෘතියත් එකට කලවන් උණු ප්‍රහාරයක් කියල දේශපාලනේ පරිනත වෙනකොට ටික ටික ඒත්තු ගියා.කොහොම උනත් රටට වටිනා සම්පත් බොහොමයක් නැති උනා..ඔය ගිය හැම ගමණකම විශේෂත්වය හොර ගමන්.. කාලයක් තිබුණ රෑට ඇදුම්මල්ලයි බූට් 2කයි අම්මට හොරෙන් එළියෙ හංගල පහුවදාට මැච්වලට යනව...ඒ හැමදේකින්ම ඉගෙන ගත්තෙ ජීවත්වෙන්න..  ප්‍රමාදය පසුතැවිමට හේතුවෙ ... කියන එක වැරදියි කියල හිතුනෙ එදා....හැමදාම දෛවය සරදම් කලාට එදා මම දිහා බැළුව..

Thursday, June 1, 2017

ප්‍රකාශිත ආදරයට වඩා අප්‍රකාශිත අදරය සුන්දරයි ද...

              අද මම පරන දිනපොතක් හොයද්දි අදට වසර දහයකට කලින් පරණ දිනපොතක් හමු උනා . ඒ කාලෙ තමයි ටිකක් හිටපු පරිසරයෙන් මිදිල ව්නෝදයට බර කල වකවානුවකට මුලපුරපු කාලයක්.සෙනසුරාද උදේට භෞතික විද්‍යාව..ඒකෙන් පස්සෙ ගෙදර ..අයේ ඉරිද..උදේ සංයුක්ත ගණිතය හවස රසායනික විද්‍යාව... උදේ පන්ති යනව .. හවසට ආයේ කෙමෙස්ට්‍රි ...එක්කො කට්ටිය සෙට්වෙලා හවස වලක් බහිනව.. 2006 අවුරුද්ද ඉගෙනගත්ත 2007 ටිකක් විතර කෙලඋන අවුරුද්දක්.. ඔය අතරෙ අපට පස්සෙ සෙට් එකට අළුත් පන්ති පටන් අරන් තිබුන... මම ඉරිදට පන්ති ඉවරවෙලා ගෙදර අවේ හවස 6.05 නුවර කෝච්චියේ.. අපේ සෙට් එක හරිම විනෝද කාමී සෙට් එක්ක .. පන්ති ඉවර වෙලා පහට ස්ටේශන් එකට අවහම රටේ තියෙන පල් හැලි දෙසනව නැත්නම් එකේක් අල්ලගනෙ බයිට් කරනව.දවසක් පන්ති ඉවරවෙලා මම කලින් ස්ටේශන් එකට එනකොට අපට පස්සෙ අළුතින් පන්ති ආපුසෙට් එකේ ළමයෙක් දැක්ක. මම විතරයි ඇවිත්  හිටයේ අනිත් අය කවුරුත් හිටියෙ නෑ.. අදහස් ප්‍රකාශ කරන්න එකේකවත් හිටියෙනැ..
       කොහොම හරි මට නිකමට වගේ ඒ ළමය දිහා බැළුන. හිතාගන්න අමාරුයි මාර අමුතු හැගිමක් ඒක නිකන් කරන්ට් එක වැදුන වගේ. කථානොකර හිටියා.. මොකද අපේ උන් දැක්කොත් මව එදා උන්ගේ කෑමවේල වෙන හින්ද...කොහොම හරි ටිකක් වෙලා යද්දි ඒ ළමය යාළුවෙලා ඉන්න පිරිමි ළමය ආව... මටත් ගානක් නෑ ..සෙට්වෙලා කට්ටියත් එක්ක ගෙදර ආව..ඒ එදා රැ මට මත්කවෙන්නෙම අර සින් එක.. අරගෙන මතක හිටින්න කියල ලිවිවා ඩයරියේ..හිතට වැදුන දවසක්..



       ඊටපස්සෙ හුගක් දවස්වලට ඒ ළමය මම දැක්ක.අනුන්ගේ කූඩු වලට ගල්ගහල පුරුද්දක් තිබුනෙ නෑ.ඒ නිසා ඒක හිතේ තැන්පත්වෙලා තිබුන තනිවෙල අනන්ත හිතෙන් ආදරේ විදින්න ඇති. එහෙම්ම උසස්පෙළත් ඉවරවෙලා සෙකන්ඩ්ශයි කරද්දි අපි රිවිශන් ගම්පහ නැණික් එකේ කෙමෙශ්ට්‍රි ක්ලාස් යද්දි  අපේ ක්ලාස් එකට ඒ ළමයත් ආව..ඒවගේ මම යන යන තැනදි හුගක්වෙලාවට අහම්බෙන් වගේ හම්බුනා...ඒත් මට ඒ ලමයව නොට් උනාට එයාට මාව නෝට් නැ.. කොහොම කොහොම හරි කොළඹ ක්ලාස් යන්න සෙට් උනාට පස්සේ ඒ පළවෙනි දවසෙත් මට ඒ ළමයව හම්බුනා.. ඒ යන ගමනෙදි හුගක් වෙලාවට ඒ ළමය මට හම්බුනා ... දැන් කොහොම හරි එයා මගෙ හොදම යාළුවෙක්. එතනින් එහාට මෙ කථාව කියන්න ගියොත්වැඩේ කචල් වෙනව... කවද හරි මෙතනින් එහාට ඒ කථාව කියන්න හම්බුනොත් කියනව කාලය ගෙවිල ගියත් ජීවිත කථා ගොඩක් වෙනස්වෙලා ගියත්, කොච්චර දුරට අපි සමාජයේ ඉදිරියට ගියත්...අදටත්  හිතේ තියෙන ඒ ආදරේ එහෙම්මමයි... ඒත් කවදාවත් ඒ ආදරය ප්‍රකාශ කරන එකක් නෑ.. මොකද ඒ වගේ හොදම යාළුවෙක් ආයෙ හම්බෙන්නෙ නැති නිසා...ඇත්තටම අවුරුදු දහයක් ගෙවිල ගිහින් දෛවය කියන්නෙ පුදුම දෙයක් කියල ආයෙ සැරයක් මට තේරුනා... දැන් ඉතින් අහන්ඩ එපා කවුද ..කින්ද මන්ද...
ප්‍රකාශිත ආදරයට වඩා අප්‍රකාශිත අදරය සුන්දරයි...

“නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විද පුරුදු ඇති
සුසුම් සුවද දැනුනා
මට සුසුම් සුවද දැනුනා....

පෙර කිසිදා ඔබ හමුවී නැති බව
ඉදුරා කියත හැකි
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති....//


නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා...

භවයෙන් භවයට පැතුම් පතාගෙන
ඔබ මා ආවාදෝ
ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
අප මෙහි හමු වීදෝ..//

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා...

Friday, January 23, 2015

වෛශාඛ්‍ය මංගල්‍යෙය හෙළ දිව මංපෙත තුළ අසිරිමත් කරවූ සහෘද සිතුවිල්ල


      ක්‍රි.පූ 547 දී විජය රජතුමා වෙසක් දිනය ජාතික රාජ දේශපාලන දිනය බවටද,ක්‍රි.පූ 161 දී දුටුගැමුණු රජතෙමේ එම දිනය ජාතික අධ්‍යාත්මික සහ  ආගමික දිනය බවට ද පත් කළේය.සියවස් පහක් මුළුල්ලේ යටගොස් තිබු වෛශාඛ්‍ය මංගල්‍යෙය  ක්‍රි.ව 1912 දී ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා වෙසක් සිරිත යළි ජීවමාන කොට කිරීට විජිතයේ රාජ අනුහසින් සම්මත කළේය.බහුවිධ ආගමික ලෝක එකමුතුව වු එක්සත්ජාතීන්ගේ අනුමැතියෙන් වෙසක් සිරිත ක්‍රි.ව.2002 ලක්ෂමන් කදිරගාමර් අමාත්‍යවරයා ලෝක සිරිතට උරුම සිරිත කළේය.මෙලෙස සිංහල සහෘදයන් දෙදෙනෙකුද ද්‍රවිඩ සහෘදයන් දෙදෙනෙකුද  වෙසක් සිරිත අසිරිමත් කර ඇත්තෝය.අප සිදුකොට ඇත්තේ ඔවුහු මතුකළ උරුම පාදම මත පහන් සැල්විම ,සෞකොළ ඇලවිම ,භක්තිගී ගැයීම,හෝ වෙසක් පත් යැවිමවත් නොවේ නම් ඔළුබක්කන් නටවා දන්සැල් දිමය,එහෙත් ඉතිහාසය තුළට වැද නිර්මාණය කළෝ ඔවුනමය.
       එබැවින් මෙවන් බද්ධ ප්‍රේමය සහිත මචංලා වර්ග දෙකකට එකට එක්විමට තවත් නිමිත්තක් කුමකටද?....තවදුරටත් ජාතිවාදය වපුරණ කැනහිලුන් මේ යතාර්ථය දැක විඥ්ඥාණිකව සිතිය යුතුය... සිංහලයන් වෙසෙන බෞද්ධ එකම රට මේ පිනබිම නම් සිහළුන් බුදුධහමත් හෙළයත් රැකිය යුත්තේ හුදෙක් කුහක ජාතිවාදයෙන් නොවේ එය ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්විය යුතු මංපෙතක් විය යුතුය.අවස්ථාවාදි දේශපාළුවන්ගේ අතකොළු බවට පත්වන ජාතිවාදය , අවිඥ්ඥාණික තරුණ සිත් මිලේච්චත්වයට පොළඹවා  ගිනි දැල් නැගුණු අවස්ථා මැත ඉතිහාසය තුළ සුළබ නිමිත්තක් බව නොඅනුමානය..
             වෛශාඛ්‍ය මංගල්‍යෙය හෙළ දිව මංපෙත තුළ අසිරිමත් කරවූ සහෘද සිතවිල්ල මෙය නම් අප ගමන් කරණුයේ අදුරේ මැණිකක් සොයන යුගයක නොවේද... මෙය වසර 2600ක් මුළුල්ලේ ගොඩ නැගුණක් මිස මගේ කිමට කිසිවෙකුට අයිතියක් නැත.... මෙය අපේ පිණ්බම නොවේද ,එය ගොඩනැගීම අපේ යුතුකම නොවේද ... 

Wednesday, August 8, 2012

ආදරය සහ අමරණීයත්වය..........




                   ප්‍රේමයේ මිණුම් දණ්ඩ ලෙස සැලකෙන්නේ අනෙකාගේ හදවතට සමීප විය හැකි ප්‍රමාණයයි.එය මෙතුවක් කල් තමන්  පිළිබදව නොදත් යම් රහසක් තවකෙකු විසින් අනාවරණය කරගැනීමක් බදුය.පිරිමියෙක් නම් ස්ත්‍රී නිමිත්තකගේද  ස්ත්‍රියක් නම් පුරුෂ නිමිත්තකගේද වැඩි අවධානයකට ලක්වන විට තමා තුළද දැඩි ආත්ම විශ්වාසයක් හටගනී.එපමණක් නොව එම ආත්ම විශ්වාසය කරණකොටගෙන එකී පුද්ගලයාට තව තවත් ප්‍රිය වන්නට රූපයෙන්ද හැසිරීමෙන්ද  උනන්දුවේ.අනෙකාද එසේමය .ඔහු/ඇය කැමති දේ, මා කිරිමත්, මා කැමති දේ ඔහු/ඇය කිරීමත් තුළ ඇතිවන මානසික එකගතාව එක්තරා මොහොතක දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් නිර්මාණය වීමට තුඩු දේ.

                         
                  ලාංකීය සමාජය තුළ මෙසේ පෙම් සබදතාව ඇරඹිදා පටන් ‍පෙම්වතිය පෙම්වතාගෙන් විමසන්නේ විවාහ වන්නේ කවදාද යන්නයි.ආදරය ලබාගෙන අත්පත් කරගැනීමට පමණක් නොව, ඒ කී තැනැත්තා තමාටම හිමි කරගැනීමට වෙර දරන්නේ ආදරය ආත්මාර්තකාමී නිසාද?.
ආදරය ගැන තරම් කවි කතාන්දර ලියැවුණු වෙනත් තේමාවක් නැති තරම්ය.ඒ තරම්ම ආදරය විවිධාකාර බැවිනි.බොහො යෞවන යෞවනියන් තම ප්‍රේමය නීත්‍යානුකූල වශයෙන් හිමිකර ගැණීමට වෙරදරන්නේ ඔහු/ඇය තමා හැරදා යතැයි යන බිය නිසාවෙනි.එහෙත් ඔබත් මෙසේ සිතන පෙම්වතෙක් නම් ඔබ අනිවාර්යෙන්ම ඇය ගැන සෝදිසිවයන් සිටිනු නිසැකය.සෑම විටම සැකයෙන්ම ඇය ගැන සෝදිසි‍යෙන් සිටිණු නිසැකය.සෑම විටම සැකයෙන් ඇය දෙස බලනු නොඅනුමානය.දවස අවසානයේ ඇගෙන් දෛනික කටයුතුවල ලැයිස්තුවක්ගෙන ඒවා ඇයට හොරෙන් විමසා බලන්නේය යන සත්‍ය ඔබට  අදාළය.එපමණකින් නොනැවතී ඔබ ඇයට යම් යම් දේ කරන්න එපා,යම් යම් පුද්ගලයන් ඇසුරු කරන්නට එපා යැයි තහංචි පනවන්නෙකු විය හැකිය .එය ඔබගේ පැත්තෙන් සාදාරන වුවත් ඇගේ පාර්ශවයෙන් අසාදාරණය. ඒ ඔබ ආත්මාර්තකාමී ලෙස ඇයව ඔබට නතුකර ගැනීමට උත්සහ දරන්නෙක් මිස ඇයට නියමාකාරයෙන් ආදරය කරන්නෙක් නොවන නිසාය.ඒ අනූව බලන කළ ඇය ,ඔබගෙන්  ලැබෙන ආදරය සම්බන්ධයෙන් කනස්සළුවන බවනම් නිසැකය විටෙක ඇයට ඔබ මහත් කරදරයක් වේ.එහෙත් ඒබව ඇය ඔබට නොකියනා බැවින්.මම එය කියමි.ආදරය කළ යුතුය.ආදරය ආරක්ශාකල යුතුය.ඇය ගැන සොයා බැලිය යුතුය.එහෙත් එය යුතුකමක් ලෙස මිස ඇය සිරකාරියක් සේ සලකා ඇයට බලපෑම් කිරීමේ අරමුනින් නොවේ.එ හෙත් පැනය වන්නේ ඇයත් ඔබත් ආදරය කරයි නම් ඇය ගැන මෙසේ බිය වන්නේ කුමකටද යන වගයි.




         ආදරය යනු නිවනසේය.ආත්මාර්ථකාමීත්වය හෝ තෘෂ්ණාවෙන් කතාරවු විට එහි සුන්දරත්වය වැඩි වැඩියෙන් හිතට දැනේ.පුහුදුන් මිනිසාට එතරම් තෘෂ්නාවෙන් මිදීමට නොහැකි වුවත් යම් තරමකට හො ඔබට වින්දනිය අත්දැකීමක් වේ.ආදරය යනු සැබැවින්ම හදවතට සුවදෙන හැගීමකි.මුළු හිතම හිස්කර  ආදරයෙන් හදවත පුරවාගත හැකි නම් බොහෝ කාලයක් සතුටින ජිවත් විය හැක.ලොකයේ සුන්දර ආදර කතා සෑම එකක්ම අත්පත් කර ගැනීමෙන් කෙළවර වු ඒවා නොවේ.අහිමි විම තුළ ඔවුන් ගේ ආදරය ශේෂ වී වර්තමානය දක්වාම පවත්නේය.රෝමියෝ ජුලියට් ආදිය පෙම් කතා අමරණීය වන්නේ එහෙයින්ය.
අත්පත් කර ගැනීමත් සමග ආදරය කිරීම කෙරෙහි වූ උනන්දුව ක්‍රමයෙන් වියැකි යන බැවින් හොදම උපරිම ආදරය ලද හැක්කේ නොලැබී සිටින විටදීය. ඒ තුළ ඇතිවන උද්වේග කර  උනන්දුවම ආදරය තව තවත් තීව්‍රභාවයට පත් කරයි.





                 ආදරය යනු ස්වාර්ථය පිණිස නොව පරාර්ථය උදෙසා ය. ආදරයේ මිහිරියාව විදින්නට නම් විරහවක් නොවෙනස් යම් හෝ දුරක තැබිය යුතුය.හිඩැස් පිරවිම කෙරෙහි මිනිස් මනසෙහි පවතින උත්තේජනාත්මක මේහෙයවීම අපරිපූර්න ලෝකය පරිපූර්ණ ලොකය කිරිමට දරන අසාර්තක උත්සාහයකි.එසේ වුවත් ඔබ ඇගෙන් මදක් දුරස්ව සිටියහොත් ආදරයේ මිහිරියාව වෙනදාටත් වඩා ඔබගේ හදවතට සමීපව දැනෙනු ඇත. “මා දකින පරිදි විශිෂ්ටතම ආදරයේ ශේෂයන් දැක ගැනීමට විරහ වු පෙම්වතුන්ගේ ආදරය උගත යුතුය”. ඇමරිකාණු ජාතික නවකථා කරුවකු වන  Nicholas Sparks ගේ  Note Book,Dear John    ආදී නවකතාවන්හි  එකිපෙම්වතුන්ට සිය ආදරයේ හිමිකාරිත්වය ලැබෙන්නේ‍ බොහෝ කලක් ඇවෑමෙන්ය. Note Book  නවකතාව මෙතරම් සංවේදී වන්නේ, මරණාසන්‍න කාලවකවානුවේදි දැන හදුනාගත් නමුත් ඒ ආදරය අත්පත් වන්නේ මරනයද සමග බැවිනි.එහෙත් ඒ මොහොත වනතුරුත් අතීත ආදරයේ මතකය ඔවුන් ජිවත් කල අතර ,හිමිවිමේ සංතෘෂ්ටිය විදගනිමින් ඔවුහු මරණය වැලද ගත්හ.එය හුදු කතාන්දරයක් පමනක් නොවේ. එවැනි සත්‍ය ආදර වෘතාන්ත වශයෙන්ම මෙලොව පවතින බව සත්‍යක්ම වේ.
                  ඔබ සැබවින්ම ආදරය කරයිනම් ඔබේ පෙම්වතිය දෑස මානයේ ඇගේ ලෝකයේ ජිවත් කරන්න.ඇය ඔබට හිමි නම් ඇය ඔබ කරා එනු ඇත.එසේ නොවුවද ඔබේ ආදරය මේ විශ්වය තුළ අමරණීයත්වයට පත්ව ඔබ හදේ ඉමිහිරි මතකයක් වනු ඇත.දුක් නොවන්න.එය වනහී  ඔබ අත්පත් කර ගැනිම  අභිබවා වින්දනය කරන්නාවු පරමානන්දනයයි........

Tuesday, June 5, 2012

‎..................පදක්කම ......................


අප්පච්චි 

ඔයාට ලැබුන 

පදක්කම 

සාලේ එල්ලලා තියනවා.

“වීර විභූෂණ ”කියලා

ලොකුවට ලියලා

................

අම්මා

දවසට දෙතුන් පාරක්

අඩනවා

ඔයා දිහා 
බලාගෙන

.....................
කරේ තියන් ලුණු ගෙනියන්න

ඉපනැල්ල උලාකන

හරක් පැටව් බලන්න

මාව එක්කගෙන යන්න

ඔයා නැතුව

මට මොකටද

සීයක් තිබුනත්

ඒ වගේ පදක්කම්

.................





Friday, March 2, 2012

ලබ්බට තිබ්බ අත පුහුලට තැබීමේ කලාව

තිලෝගුරු අප ගෞතම බුදුරජානණ් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි චුල්ල ධනුර්දර ජාතකය වදාල සේක.මෙම ජාතක කථා වස්තුව ජාතක කථා පොතෙහි 362 කථාවයි.කවුරුත් දන්නන විදියට කියනව නම්   මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සුප්‍රකට මනමේ නාටකයයි. ඒ ක්‍රි.පු 6 වන ශතවර්ෂයටත් කලින් සිදුවුණු සිදුවිමක්.ඒ කියන්නේ අපි ශිෂ්ඨාචාර ගතවෙන කාලෙ වෙච්ච සින් එකක්.
                මේ කථාව කෙටියෙන් කියනව නම්  ම‍නමේ කුමාරය ඒ කාලේ හැටියට සියළුශිල්ප කෙල පැමිණි රණශූරයෙක්. ම‍නමේ කුමාරිය දිසාපාමොක්  ඇදුරු තුමාගේ කුඩාම දූ කුමරිය.කුමරා ශිල්ප නිමකොට බරනැසට යන හදන වෙලාවේ  කුමාරිය කුමාරය‍ට සරණ බණ්දනය කරනව.හරියට අද කාලේ මගුලක් තින්දු කරණව වගේ.අභිශේකය සදහා මනමේ කුමාරය කුමරියත් එක්ක තක්සලාවෙන් පිටවෙන්නේ ගණ වනාන්තරය මැදින්.මේ යන අතරදි විවිධ ගනයේ සිදුවීම් පෙළකට මොවුන් මුහුණ දෙනව.එකි නෙකා නිසි අයුරින් තේරුම් ගන්නවා. බර ණැසට ඔන්න මෙන්න තියෙද්දි වනාන්තර ප්‍රාද්ශයකට අදිපතිවු එක් වැදි රජෙක් මොවුන්ගේ ගමන හරස් කපණව.සියළු සටන් අවස්ථාවලින් කුමාරය ජය ගන්නව.අවසන ඇතිවන ද්වන්ද සටනෙදි එක කඩුවක් පමණක් ඇති නිසා එය සමසේ බෙදිමේ වාරය කුමරිය‍ට ලැබෙනව.එතනදි මනමේ කුමාරිය කුමරුට අසිපත් කොපුවත් වැද්දට අසිපතත් දෙනව.අන්තිමට කුමාරය සෙට්ට පොච්චිවෙනව.කුමරිය වැද්දට ලව් කියල කියනව. හැබැයි වැද්දෙක් උනත් හොද මොළයක් තිබුණු ඩයල් එකක්.පොරට තේරෙණව මේ ගෑණි  කවද හරි තව මොකේක් හරි ආවොත් මට වෙන්නෙත් කුමාරයට උන දේ තමයි කියල.දෙක තුණක් කියල මාරු වෙලා යනව. කුමාරිට දැන් අල්ලපු වතත් නෑ පය ගහපු වතත් නැ.මෙන්න මෙක තමයි සින් එක. මේ වගේ කථාවක් තමයි විජය කුවේණි කථා පුවතත්.කුවේණි පරපුරට ලංකා රාජ්‍ය පවා අහිමි වෙනව.‍
                මේ  කථාව සෑහෙන අතීතයක් එක්ක පැහැදිලි වර්ථමානයක් තියෙන කථාවක්. උදේ හවස බස් එකේ කොච්චි යේ යන ඔන කෙනෙකු‍ට මේවාගේ මනමේ, විජය කුවේණි වගේ කථා අහන්න ලැබෙනව.එතකො‍ට මේ වැරැද්දම අපේ යාළුවෙක් කලොත් අපි මොනවද කරන්නේ.
එයා ඉතින් අරයට දැන් කැමති නැත්නම් අහවලා එක්ක යාළුඋනාට මොකද වෙන්නේ.  එතකොට අපේ යාළුව හරි මනමේ කමාරි වරදියි.එහෙම කියනව නම් මනමේ කුමාරිත් හරි වෙන්න  ඕන.මොකද කුමාරයට කැමති නැති නිසානෙ වැද්දට කැමති උනේ.     අපි යාළුවො විදියට මේ වගේ අවස්ථා වලදි නිවැරදි තීරණ ගතයුතුයි.මන්ද ප්‍රාග් ‍ෛඑතිහාසික යුගයේ සිදුවුණු සිදුවිම් තවමත් වෙනවනම්. මේ සමාජය තවමත් දියුණු නෑ. එය නිවැරදිව අවබොධ කර ගත යුතුයි.
                පෙර ලිපියෙහි සදහන් කළ ආකරය‍ට
නමුත් මෙහිදී ඇය හෝ ඔහු තම පවතින ආදරයේ වැරදි දකින්නේ නව ‍චරිතයක් වේදිකාවට පැමිණි විට නම්.මෙය සාදාරනය කල හැකිද.....පවතින ආදරයේ අඩුපාඩු තවකෙකු චරිතයක් වීමට පෙර දැකිය හැකිනම්  කොපමණ අගෙනේද.එවිට යම් ගැවළු ඇත්නම් හොදම විසදුම ලෙස  ආදරය බිද හෙලීම වරදක් නොවේ යයි මම සිතමි.මන්ද එය විචක්ෂණශිලී බිද වැටීමක් වන හෙයිනි.තවද එය අවස්ථාවාදි තිරනයක් නොවන බැවිනි.” ‍ තව කෙනෙකු නිසා ආදරයක් බිද හෙලිය හැකිනම් ඇය හො ඔහු ආදරය යන සුමිහිරි හැගීම හරි හැටි නොහදුනයි. සැමවිටම ලාබ ප්‍රයොජන තකා ආදර යන වචනය භාවිතා කරයි.
                අනෙක් කරුණ දෙදොනකු ගේ අතරට පැමිනෙන තෙවන පාර්ශවය (නැත්නම් මනමේ නාටකයේ වැද්දාගේ චරිතය) පැහැදිලිවම තේරුම් ගත යුත්තේ තමාට වඩා මොනව හරි හොද කෙනෙක් නැවත ආවොත්  තමාවත් ප්‍රතික්ශේප වන බව එනම් එවන් මනමේ කුමරිය වැනි චරිත ලබ්බට තියපු අත තමයි පුහුලට තියන්නෙත් කියන කරුන සිහි තබා ගත යුතුය......අප සැම විටම මිතුරකු වුවත් වරදක් කරනවනම් එය වැරදියි කිමට හුරු විය යුතුය.අප බෞතික වශයෙන් කොපමණ දියුණු වුවත් මෙවන් කරුණු වලදී සැමවිටම නිවැරදි පැත්ත දැකිය යුතුය.නැත් නමි කිසිවිට අප මානසික වශයෙන් දියුණු වන්නේ නැත. ඔබ කරන කියන දේ ගැන මදක් සිතන්න.....