Sunday, January 15, 2012

පියානණි.....ඒ දිනය කෙසේ අමතක කරන්නද මම

1994.01.14 දිනය කෙසේ අමතක කරන්නද මම..ඔබ ඇයත් මාත් තනිකර ගොස් අදට වසර දහඅටක් ගතව ඇත.ඔබ තුරුලේ ගෙවුනු සිව් වසර ජීවන ගමනේ නිමේශයක් වුවද ඒ සුවද ඔබ සිහිවන මොහොතක් මොහොත් පාස මටදැනෙයි.එදා ඔබත් ඔබ සමග ගිය ඒ සොදුරු සගයින් සිවුදෙනාත් ලකඹරට කල මෙහෙය මාතෘභුමිය තුල රැව්පිළි රැව් දුන්නේ ශොකයේ රාවයද සමගිනි..නමුදු ලකඹරට අද එම අඩුව පිරවී හමාරය..ඒ සොදුරු අතීතයේ මිහිරියාව , දයාබරත්වය ‍ඔබ අප හටපෑ සෙනෙහස මතකයන් අතර සැරිසරුවද අප සමග ඔබ නැති අඩුව අප හට කසේ පුරවන්නද. ඔබ මා ගතින් තනිකලද...මා තනිවන මොහොතක් මොහෙතක් පාසා තවමත් ඔබ මා ළග සිටින වග හැගීයන්නේ ඒ මතකයන් අතරින් ජීවිතය පිළිබද නව අරුතක්ද සමගිනි.එ හෙයින් ඔබ මට සදා අමරණීය වීරවරයාය.......ඔබට නිවන්සුව ලබෙන තෙක් ජාති ජාතිත් මාගේම පියනන් වේවා....

Saturday, December 17, 2011

වෙනස

ප්‍රෙමය සහ විවාහය වෂයෙහිලා ගැහැණු පිරිමි අතර සදාතනික අරගලය අප කොතෙකුත් දැක ඇත.පිරිමි සහ ගැහැනු යනු ජීව විද්‍යාත්මකව වෙනස් දෙකොට්ඨාශයක් බව බැලූබැල්මට පෙනේගනමුත් ගැහැනු සහ පිරිමි අතර ඇති මානසික  වෙනස් කම් බැලූ බැල්මට නොපනේ. බොහො දෙනාට ඒ පිළිබදව නිසි අවබොධයක් නැත.ඒ අනවබොධය නිසාම ගැහැනුන් සහ පිරිමින් අතර සදාතනික අරගලය පවතී.මේ නිසා බටහිර සංස්කෘතිය තුල සිදුවන විවාහයන්ගෙන් 50% කටත් වඩා වැඩි ප්‍රමානයක් කෙළවර වන්නේ දික්කසාද වලිනි.එසේ ඇතිවන බොහෝ අරගලවලට හේතුව වන්නේ ගැහැනියගේ හෝ පිරිමියාගේ පෞද්ගලික වරදක් නොව  ගැහැනියගේ හො පිරිමියාගේ  මනසෙහි ඇති ස්වාභාවික ජීව විද්‍යත්මක ස්වරූපය අනෙකා විසින් නිකි ලෙස හදුනා නොගැනීමයි ................. 

Monday, October 24, 2011

උචි‍තොන්නතිය......


සත්වයෙක් පරිසරයට ගැලපෙන්නෙ නැත්නම්,එම සත්වයා එම පරිසර පද්දතියෙන් ඉවත් විය යුතුයි.එසේ නැත්නම් පරිසරය වෙනස් විය යුතුයි.පෘථිවිය ඇති වීමෙන් පසු කිසිදිනක සත්වයාට ගැලපෙන විදියට පරිසරය වෙනස් වී නැත,පරිසරයට අනූව සත්වයා අනුවර්තනය වි ඇත....එසේ නම් සත්වයා අනුවර්තනය විය යුතුය නැත්නම් ඉවත් විය යුතුය..කිසිදිනක මේ සත්වයා අනුවර්තනය නොවේ එසේනම්.ඔහු ඉවත් විය යුතුයි.......එයයි විශ්ව සත්‍යය...

Thursday, October 20, 2011

මිතුරානෙණි......

           අවුරුදු විසිතුනක්.......මේ කාලය ජීවිතෙන් හරියටම හතරෙන් එකක් කියලයි කියන්නේ.ඇයි දන්නවද මම මේක කියන්න,මේ කාලය ඇතුලතදි මට යාළුවො හිටිය සිය දහස් ගානක්..නමුත් ඒ යාළුවන් ගෙන් අද වෙද්දි ඉතිරි වෙලා ඉන්නෙ කියෙන් කීදෙනාද.සමහරු මාව ආස්‍රේ කලේ වාසියට ,තව කට්ටියක් උනුත් වලේ මාත් වලේ හින්ද,තවත් සමහරු  හිනහවෙන්න ,..තව පතොල වගේ කට්ටියත් හම්බුනා.ඔය යාළුවො අතරින් බොහොම ටික දෙනයි සෑබෑ යාළුවො හිටියෙ...කියන්න සතුටුයි ඒ ටික අදටත් ඉන්නව..කොහොම උනත් අදටත් මට වාසියට ඉන්න යාළුවො හම්බෙනව..
       අද මම කීයටවත් හිතපු නැති යළුවෙක් මට දේශනයක් දුන්න...ඇත්තටම ඒක මගේ බොක්කටම වැදුනා..යාළුවො කියන්නෙ මොන වගේ අයද කියල අද මට හිතුන...මම බලා පොරොත්තු වුන විදහෙ යාළුවෙක් එයා.ඇත්තටම පොර අපිට උගන්න ඩයල් එකක්.ඒ වගේ යාළුවො හැමදාම නෑ හම්බෙන්නේ.දැනට මම එහෙම අය දකල තියෙන්නෙ තුන් දෙනයි..මේ අයියත් එකක හතරයි...මම මේක උඹට කියන්නෙ එකෙන්ම..උඹ වගේ යාළුවො සදා වාසනාවන්...
    තෑන්කස් මචං.... 




Tuesday, October 18, 2011

ලක් මෑණියනි......

මිහි මාතවගේ අමරනීය දුවනිය
මා සාදාදරනීය ලක් මෑනියනි
වසර දෙදහස් හාරසිය පනහක්...
සොදුරු ජාතියක ඔබ දුවා දරුවන් ලෙස
අප ඔබ හා ආවෙමු
තවද නොනැවතී ඉදිරියට යන්නෙමු
ඒ ආ මගෙහි අප ගුණදම් පෝෂනය කළ
තිලොගුරු බුදු පියානන්ගේ දර්ශනය මහත්ය..
සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් ‍
ඔබ තුමියගේ අභිමානය සේ සලකන්නෙමු..
ඒ අභිමානය දෙගුන තෙගුන කරනු වස්
දෙමළ මුස්ලිම් සොයුරු ජාතීන් අප සමග දැන් ඇත...
ඒ නිමල අතීතයෙදි ‍දේශප්‍රෙමී දූ පුතුන් සියදස්
ඔබ ස්වයීරීබාවය ‍‍බෞමික අකණ්ඩත්වය රැක හමාරය
දැන් ශ්‍රේෂ්ඨ සාහිත්‍යත්,තාකෂනයත්,වෛද්‍ය ශාස්ත්‍රයත්...
කෙල පැමිනි සූසැටකලාවන්ද ඔබ දු පුතුන් සතුව ඇත
නමුදු අප අතීතයේ මිහිරි මෙන්ම අමිහිරි සිහිවටන නැතුවාද නොවේ
පෘතුගිසි,ලන්දේසි,ඉංග්‍රිසි අප දන එබ්බවුයේ
අප සංස්කෘතියට මරු පහරක්ද සමගිනි
ඔවුන් අප බෞතිකව දියුනු කලද
අප අධ්‍යත්මය ගොඩනැගුවේ නැත
ඒ පහරින් අද කිරීටයෙන් නිදහස ගෙන
වසර හැට තුනක් වුවද අප හට
ජාතියක් විලස නැගිටීමේ හැකියාව නැතිකොට ඇත
නැවත අප හට එක්සත්ව එක්සිත්ව
ඔබතුමිය ගේ වරුණ ලොවට හඩගා කීමට
ශ්‍රි ලංකික දූ පුතුනට වරයක් දුන මැනවි
එවිට අප ඔබගේ ශ්‍රී නමය චිරාත් කලක්
මේ විශ්වයේ බබලවන බවට සපත කරන්නෙමු...

Monday, October 17, 2011

1).පොර ටොක්ස්......

නොහැකි උනත් අනුනට ගරහන්න එපා
තම මිම්මෙන් වෙනෙකෙකු දෙස බලනු එපා
වන සිව්පාවකු ලෙස හැසිරෙන්න එපා
මිතුරකු වුවත් පිස්සකු වෙන්න එපා

-සෙනෙවි ඊෂණ-
තමාට නොහැකි දේ වෙනෙකෙකු කලද ඔහු තමා මෙන් යැයි සිතා පල් කිරීම අද සමාජයේ දක්නට ලබෙන අඩුවකි.වන සතුනුත් මෙසේ එකිනෙකා ගේ හැකියාවට ගරහති.එසේ කරන්නා මානසික ලෙඩෙකු ලෙස සැලකේ. සැම විටම අනුන්ව අගයන්න හුරුවන්න.එවිට ඔබටද වටිනා කමක් ලැබෙනු ඇත..

හිම හංසියේ......

හරිත නිම්නයේ ඈත කෙලවරක විල්තෙරේ
ලතාවකට සරිසරන හිම හංසියේ
ඔබ රුසිරින් විල්තෙරද බැබළුනේ
ඔබ නයණයෙන් මල් දම් විසිරුනේ
ප්‍රේමය කිම දැයි ලොවට පෙන්වුයේ
ඔබයි හිම හංසියේ....
මිතුරු වෙස් ගත් රකුසන්
බලයි නික්මෙන තුරු විල තෙරෙන්
ඔබ ප්‍රියයා එනතුරු නිලඹරෙන්
නොයනු මැන විල් මායිමෙන්...
මා රාජයා වුවද වන තීරයේ
මා මෘගයෙකි ඔබ හංසියකි මේ ජීවිතේ
ඔබ සොදුරු බව මා හදයි විදුයේ
නමුදු ඒ මියුරු බව මා හට හිමි නොවේ
තවම මා සොයමි ප්‍රියාවිය මගේ
නෑ තවම මට ඈ හමු වුනේ
හමුවුනු දිනෙක මේ වනතීරයේ
කියනෙමි නුඹෙ වරුන විල්තේරේ....