හරිත නිම්නයේ ඈත කෙලවරක විල්තෙරේ
ලතාවකට සරිසරන හිම හංසියේ
ඔබ රුසිරින් විල්තෙරද බැබළුනේ
ඔබ නයණයෙන් මල් දම් විසිරුනේ
ප්‍රේමය කිම දැයි ලොවට පෙන්වුයේ
ඔබයි හිම හංසියේ....
මිතුරු වෙස් ගත් රකුසන්
බලයි නික්මෙන තුරු විල තෙරෙන්
ඔබ ප්‍රියයා එනතුරු නිලඹරෙන්
නොයනු මැන විල් මායිමෙන්...
මා රාජයා වුවද වන තීරයේ
මා මෘගයෙකි ඔබ හංසියකි මේ ජීවිතේ
ඔබ සොදුරු බව මා හදයි විදුයේ
නමුදු ඒ මියුරු බව මා හට හිමි නොවේ
තවම මා සොයමි ප්‍රියාවිය මගේ
නෑ තවම මට ඈ හමු වුනේ
හමුවුනු දිනෙක මේ වනතීරයේ
කියනෙමි නුඹෙ වරුන විල්තේරේ....
:) අපිටද උඹ රකුසන්ය කිව්වෙ... හා හා කමක් නෑ මචෝ. හැබැයි අපි නං බලන් ඉන්නෙ උඹ විල්තෙරට වෙලා ඒ හංසිගෙ වරුනෙ අපිටත් කියනකං හරිය...
ReplyDeleteඅම්ම ගහයි...මම ඒ කාලේ ඉදන් හෙවුවෙ සිංහ දේනුවක්...හංසයො නෙවෙයි බං...හම්බෙන එකී හම්බුනහම..අම්ම කන්ෆම් කරපු ගමන් උබට තමයි කියන්නෙ..ඉස්සෙල්ලාම....
ReplyDelete