
මේ කියන්න යන්නෙ පාපන්දු
බූට් ගැනවත් හමුදා බූට් ගැනවත්
නොවෙයි.යොවුන් සමාජය තුළත් තරුණ සමාජය තුලත් නිතැතින්ම සවනේ වැකෙන ලව් බුට්
ගැන,නැතහොත් අදර බිද වැටීම් පිළිබදවයි.පෙර ලිපියේ මා සදහන් කල පරිදි අනවබොදය නිසා
ඇතිවන ආදර සබදතා සැමවිටම පාහේ බිද වැටීමට ලක්වේ.පවතින්නෙ සුළුතරයක් පමනි.
තරුණයෙකු
හො තරුණියක දුටු පමනින් ,ඇයගේ මන බදිනා රු සපුවටත් හො ඔහුගේ දේහස්වාභාවටත්
වශීකෘතවී ඇතිවන ආදරයේදී එකිනෙකා තුළ හට ගන්නා සිතුවිළි වල ස්වාභාවය පරස්පර වීමෙන් කෙටිකලකදී බිද වැටේ.තවද තමන්ට
වඩා දෙහශ්රියෙන් උසස් පෙම්වතියක් හො පෙම්වතකු සිටිමෙන් නිතැතින්ම ඔහු තුළ හො ඇය
තුල සැකය නමති පිලිලය උපදී.මෙය උත්සන්න වන අවස්ථාවේදීද සබද තාවය බිද වැටීම
සිදුවෙ.ඔහු හො ඇය වටා සිටින අය තුල ඇතිවන ඊර්ෂාව නමැති දනුව මගින් නිකුත් වන කේලම්
නැමති සැරය නිසාත් ආදර බිද වැටිමි සිදුවෙන අවස්ථා අනන්තවත් අප දැක ඇත. මේවැනි අවස්ථා වලදී ඇතිවන බිද වැටිම් love boots ලෙස සමාජය නිතැතින්ම හදුන් වයි.
අප සමාජීය වශයෙන් කොපමන්
දියුණුයි කියා පැවසුවද අප දියුනු වි නැත. පන්ති පරතරය ,කුලවාදය,ජතිභේද, ආගම් භේද මේ
හේතූන් බොහොවිට ආදර සබදතා උදෙසා
බලපානා ප්‍රධන පවුරුවේ.තිලොගුරු
බුදුරජානන් වහන්සේ ප්‍රමුක ලොව තුල පවත්නා සියළු ආගම් වල ශාස්තෘන් වහන්සේලා මේ සමාජ
රටාවෙ වරද පිළිබදව බොහෝ දේශනා ඉදිරිපත් කර ඇත.නමුත් අප නමට ඒ ඒ ආගම් භක්තිකයින් වුවද කිසිවිටක ඒ ධර්මයන්
පිළි නොපදින්නෙමු.මේ කරුණ නිසා බොහෝ ආදර
සබදතා බිද වැටෙයි.තවද උසස් අධ්‍යපනයට පිවිසෙන අවස්ථාවලදී තමාට වඩා පහල අධ්‍යාපන
ස්ථරයක තමපෙම් සහයකයා හො සහයිකාව සිටිනවානම් ඉහත අවදානමට ලක්වේ.සරසවි වරම් ලබන
පෙම්වතියන් සිටින බොහො පෙම්වතුන් මෙය අද්දුටු සත්‍යකි.මිල මුදල් හා යාන වාහන වනි දෑ පිළබදව ආකල්ප ඇති ඇතමුන් ගේ ආදර චින්තනයත් ඒ ඔස්සේ දිවයයි.ආදර සබදතා ඉදිරිපිට තිබෙන ප්‍රභලතම පවුර වන්නේ
දෙමව්පියන්යයි ඇතැම් නවකථා ඔස්සේත් රූපවාහිණී නට්‍ය ඔස්සේත් ගෙන හැර දක්වයි.

මොන අවස්ථාව වුවත් ආදරයේ ඇති ප්‍රේමය ආලය සෙනෙහසේ සුන්දරත්වය ට අභියොග කිරිමෙන් ආදරය නම් ”විකසිත පිණි
බිදුවේ පහස ලබන ලොව ජනප්‍රියම පාවරණය” මුකුලිත
පිණිබිදුවක් නොවේද......මදක් සිතන්න.
Wow it'z awesome...good luck dr!!!
ReplyDelete