Sunday, April 2, 2023

සොක්‍රටීස් (ක්‍රි.පූ 470 - 399)

 -


---------------------------------------------------------------------------

👉"තාර්කිකව හා ගැඹුරුව හිතන පුද්ගලයන්ට

ඡන්දය භාවිතයට අවසර දිය යුතුයි"

----------------------------------------------------------------------------

                        සොක්‍රටීස් මහා දාර්ශනිකයෙකු වුවද, කිසිදු රැකියාවක් නොකළ තම හිතවතුන්ගෙන් යැපුන පුද්ගලයෙකි.සොක්‍රටීස් පැවසූ දාර්ශනික වදන් ලියා තැබුවේ ඔහුගේ ප්‍රධාන ගෝල ප්ලේටෝ විසිනි.මුලින් කී  සොක්‍රටීස් ගේ මරණ දණ්ඩනයට ආසන්න කාලයේ ප්ලේටෝද සිටියේ දැඩි සේ ගිලන්වය.(චිත්‍රයේ වම්පස පුටුවක වාඩිවී සිටින්නෙ ප්ලේටෝ)සමහර විට තම ගුරුවරයාට පැනවූ අසාධාරණ දඬුවම ගැන ඔහු අතීශයින්ම සංවේදී වීමෙන් රෝගාතුර වූවා විය හැක.


          සොක්‍රටීස්ට මරණ දඬුවම  පැනවීමට ආසන්න මාසය තුළ බොහෝ සාමාන්‍ය ජනතාව ඔහු සමඟ   සාකච්ඡාවේ යෙදෙන්නට අවස්ථාව ලබා ගත්හ.එහෙත් මේ කාලසීමාව  තුළ පවසන ලද ඉතා වැදගත් දේ ප්ලේටෝගේ ලේඛන තුළ සඳහන් නොවන්නේ ඔහු මුලින් කී අසනීපයෙන්  පෙළෙමින් සිටි බැවිනි.

           සොක්‍රටීස් ගේ මරණ දඬුවම මසෙකින් පමණ පමා කිරීමට සිදුවූවේ,එවකට රාජ්‍ය උත්සවයක් වූ ක්‍රීට් දූපතේ ඇපලෝ දෙවිඳුන් පිදීමේ උත්සවයට සහභාගී වනු පිණිස මලින් සැරසූ නැවක් ඇතෑන්ස් සිට ක්‍රීට් දූපත දක්වා ගමනේ යෙදෙන අතර ,එම උත්සවය අවසාන වී නැව ආපසු පැමිණෙන තුරු කිසිවෙකුටත් මරණ දණ්ඩනය ලබා නොදීමේ චාරිත්‍රයයි.

                සොක්‍රටීස් ගේ අවසාන මොහොත හා සබඳින තවත් වැදගත් සිදුවීමක් ඇත. එනම් තම ජීවිතයේ අවසාන විනාඩි ගනන තුල ඔහුට සිහිපත් වූ ණය ගණදෙනුවක් පිළිබඳව ය.ඔහු තම හිතවතෙකුගෙන් ණයක් ලෙස කුකුළෙක් ගෙන තිබුණි .මේ අවසාන මොහොතේ  තමා වටා සිටි පිරිස අතුරින්, එක් මිත්‍රයෙකු ඇමතූ සොක්‍රටීස් ඔහුගෙන් ඉල්ල සිටියේ, තමා වෙනුවෙන්, මුලින් කී කුකුළාගේ ණය ගණුදෙනු ව පියවා දමන ලෙසයි.


👉සොක්‍රටීස්  ගේ ගෝලයා ප්ලේටෝ වන අතර ප්ලේටෝගේ ගෝලයා වන්නේ ඇරිස්ටෝටල්ය.ලොව පසිඳු රණකාමියෙකු වූ මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ඇරිස්ටෝටල් ගේ ගෝලයෙකි.

       [සොක්‍රටීස්>ප්ලේටෝ>ඇරිස්ටෝටල්]

           සොක්‍රටීස්ගේ මරණයෙන් පසු ඉබාගාතේ ඇවිද ගිය ප්ලේටෝ, පසුකාලීනව ඇක්වයිනාස් අධ්‍යාපන ආයතනය ඇතිකර විශාල විද්‍යාර්ථීන් පිරිසක් බිහි කළේය.


👉සොක්‍රටීස්ගේ පෙරහන් තුන....


සොක්‍රටීස් පවසා ඇත්තේ යමක් තම මුවින් පිට කිරීමට පෙර පහත පරිද්දෙන් පෙරහන් තුනකින් එය ප්‍රේරණය කර පිට කරන ලෙසයි.

👉තමන් ප්‍රකාශ කරන්නේ සත්‍යමද?

👉තමන් ප්‍රකාශ කරන්නේ යහපත් දෙයද?

👉තමා ප්‍රකාශ කරන්නේ ප්‍රයෝජනවත් දෙයක්ද?


👉ඔහුගේ ප්‍රසිද්ධ කියමනක් වූවේ 

           "ඇතැන්ස් නගරය කුසීත අශ්වයෙක් බවත් තමා ඊට විදින ඇට මැස්සා"බවත් ය.


            සොක්‍රටීස් ක්‍රි.පූ.470 -399විසූ අතර ඔහු පැවසූ දේ ගැන ලිඛිත සටහන් තබා නොගත්තේය.එය කරනු ලැබුවේ ඔහුගේ ගෝල ප්ලේටෝ විසිනි.පසු කාලීනව ග්‍රීක දාර්ශනික සිසරෝ පැවසුවේ සොක්‍රටීස් අහසේ තිබූ දර්ශනය මහ පොලොවේ පැල කල බවයි. සොක්‍රටීස් ගේ හොඳම ගෝලයා ප්ලේටෝ සොක්‍රටීස් පිළිබඳව අසීමිත ගෞරවයෙන් සිටියේය.

             සොක්‍රටීස් වරෙක තමා හඳුන්වා ගත්තේ, "ඇට මැස්සෙකු" ලෙසය. ග්‍රීක වහල් හිමි සමාජය අශ්වයෙකු මෙන් නිඳි කිරමින් ලැග සිටින විට, තමා ඇට මැස්සෙකු ලෙස පැමිණ ඒ කම්මැලි අශ්වයා අවදි කල බව ඔහු පැවසීය. 


             ඔහුගේ මරණයට මොහොතකට පෙර සොක්‍රටීස් විසින්...,

                  👉"අශ්වයෙකුට වඩා ඇටමැස්සෙකු ශක්තිමත් බව මගේ මරණයෙන් පසුව නුඹලාට ඒත්තු යනු ඇත..!" යැයි කියා සිටියේය. 


               ලෝකය පුරා බොහෝ විප්ලවවාදීන් "ඇට මැස්සා" යන නම අන්වර්ථ නාමයක් ලෙස භාවිතා කලේ ඉන් පසුවය. EL Voinich විසින් රචිත මාහැඟි විප්ලවවාදී සාහිත්‍ය කෘතිය "ඇට මැස්සා" නමින් නම් කිරීමටද එය හේතුවුවා විය හැක.


☝️ප්‍රජාතන්ත්‍රවාදය සොක්‍රටීස්ගේ ඇසින්

 

        දේශපාලනයේ ජයග්‍රහණයක් ලෙස සලකන ‘ප්‍රජාතන්ත්‍රවාදය’ අපට ලැබුනේ පැරණි ග්‍රීසියේ ඇතැන්ස් පුර රාජ්‍ය තුලිනුයි. වයස 18ට වැඩි සෑම පුද්ගලයෙක්ටම ඡන්දය භාවිතයට අවසර ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසයි. පැරණි ග්‍රීසිය තුලම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මතයන් ඉදිරිපත් කල දාර්ශනිකයන් සිටියි. 

           සොක්‍රටීස් සංවාද කිරීමට ප්‍රිය පුද්ගලයෙකු වූ අතර තමන්ගේ අදහස් තමන්ම නැවත ප්‍රශ්න කරමිනි තමන්ගේම අදහස් ස්වයං විචාරයකට ලක් කළේය.


              සොක්‍රටීස්ගේ ගෝලයා වුනු ප්ලේටෝගේ පොත් වල සැමවිටම දක්නට ඇත්තෙ සොක්‍රටීස්ගේ සංවාද. දාර්ශනික අදහස් රචනා ලෙස සටහන් නොකර සංවාද ආකාරයටය. ප්ලේටෝගේ රිපබ්ලික් කියන පොතේ හයවන කොටසේ සොක්‍රටීස් ඇඩිමැන්ටස් නම් පුද්ගලයෙක් එක්ක කරනලද සංවාදයක් මෙසේ සඳහන් වෙයි..


👉🏿සොක්‍රටීස්:-

නැවකින් මුහුදේ සංචාරයක් යෑමට සිතනවානම් ඒ නැවේ කපිතාන් විදිහට තෝරාගන්නේ ඕනෑම කෙනෙක් ද? එහෙම නැත්නම් නාවික ගමනාගමන පිලිබඳ පළපුරුදු අයෙක් ද?


👉🏼ඇඩිමැන්ට්ස්:- 

අනිවාර්යෙන්ම නාවික ගමනාගමනය ගැන පළපුරුදු අයෙක්.


👉🏿සොක්‍රටීස්:- 

එහෙනම් ඕනෑම වැඩිහිටි පුද්ගලයෙක් රටේ පාලනයට සුදුසුයි කියලා අපි තෝරා පත්කරගන්නේ ඇයි?


          සොක්‍රටීස් මෙතනදී අරගන්නේ සරල නමුත් ප්‍රබල තර්කයකි. ඡන්දයක් භාවිතා කිරීම කුඩා කල පටන් ක්‍රමානුකූලව ඉගැන්විය යුතු දෙයක් මිස අහඹුවක් නොවිය යුතුයි. මෙතනදි ඡන්දයක් භාවිතා කිරීම කියලා අදහස් කලේ ඡන්දයෙන් තෝරා පත්කරගන්නේ මොනවගේ පුද්ගලයෙක්ද කියන කාරණාවයි. 

                 👉තෝරාගන්නේ මොනවගේ පුද්ගලයෙක් ද කියන දැනුම හරිහැටි නොමැති පුද්ගලයන් ඡන්දය භාවිතා කිරීම නාවික දැනුමක් නැති පුද්ගලයෙක්ට කුණාටුවක දී නැවක් බාරදුන්නා හා සමානයි.👈


                     මේ කියන කාරණය කෙතරම් බරපතල කාරණයක් ද යන්න සොක්‍රටීස්ට ඔහුගේ ජීවිතයේ අවසානයේ දී හොදාකාරව ම තේරුම් ගත්තෙය.

                   ක්‍රි.පූ. 399 දී ‘ඇතැන්ස් හි තරුණයන්ගේ මනස දූෂණය කිරීම’ යන චෝදනාව යටතේ සොක්‍රටීස්ට නඩුවක් ගොනු වෙනවා. අවසානයේ දී ඇතැන්ස් වැසියන් 500කගෙන් යුතු ජූරියක ඡන්දයක් පවත්වනවා සොක්‍රටීස් චෝදනාවලට වැරදිකරු ද? නිවැරදිකරු ද? කියලා බලන්න. අවාසනාවකට 58% ක් තමන්ගේ ඡන්දය භාවිතා කරන්නේ සොක්‍රටීස් වැරදිකරු බව කීමට. ඒ අනුව සොක්‍රටීස් මියයන්නේ හෙම්ලොක් නැමැති වස පානය කිරීමෙනි.

                   ජනතාව තුලින් සුළුතරයකට පමණක් ඡන්දය භාවිතයට අවසර දිය යුතුයි කියන මතයේ සොක්‍රස්ටීස් හිටියේ නැත. 


☝️තාර්කිකව හා ගැඹුරුව හිතන පුද්ගලයන්ට ඡන්දය භාවිතයට අවසර දිය යුතුයි යැයි ඔහු පැවසීය. 

          ඡන්දය උපතින් ඇති අයිතියක් ලෙස තිබෙන කාලයක තාර්කික හා ගැඹුරුව හිතන පිරිසක් බිහි කරන්න හැකියාව තිබෙන්නෙ අධ්‍යාපනය තුලින් පමණි. නමුත් දැන් තියෙන තරඟකාරී අධ්‍යාපනය තුල තාර්කික පිරිසක් බිහිවීම හීනයක්ම පමණි.


             සොක්‍රටීස් තමන්ගේ ශ්‍රාවකයන්ට පවසන්නෙ ඡන්දයක් උදෙසා රසකැවිලි වෙළෙන්දෙක් හා වෛද්‍යවරයෙක් අතර සංවාදයක් ගැන හිතන්න යනුවෙනි...


👉🏿රසකැවිලි වෙළෙන්දා: 

                බලන්න, මාත් සමග තරඟකරන්න ඉන්න පුද්ගලයා ඔබට නිතර වේදනාවන් දෙනවා. නිතර බීමට අකමැති තිත්ත පානයන් දෙනවා. අරක කන්න එපා මේක කන්න එපා කියලා කියනවා. ඔහු නිතර ඔබට සංග්‍රහයන් පවත්වන්නෙත් නැහැ.


👉වෛද්‍යවරයා: 

                 මම ඔබට වේදනාවන් ලබා දෙනවා. බීමට තිත්ත පානයන් ලබා දෙනවා. කෑමට තහංචි දමනවා. නමුත් ඒ ඔබගේම හොදට.


☝️එසේ පවසා අවසානයෙ-

            "ඔබ හිතනවාද මේ දෙදෙනා අතරින් මිනිසුන් වෛද්‍යවරයාව තෝරාගනියි කියා. කොහෙත්ම නැහැ. මොකද ඔහුගේ අරමුණ තේරුම් ගන්න තරම් තාර්කික පුද්ගලයන් මේ සමාජයේ නැත යයිද, සොක්‍රටීස් පවසා ඇත.

            සියලු දෙයින් සර්ව සම්පූර්ණ යුටෝපියානු සමාජයක් බිහි කිරීම කල නොහැකි දෙයක්. නමුත් අඩුම තරමින් විනාශය අවම කිරීම හෝ කල හැකියි. ප්‍රජාතන්ත්‍රවාදී ව සියලු දෙනාට ඡන්දය භාවිතයට අවසරය දුන්නත් ඒත් සමගම එන අධ්‍යාපනය අමතක වුනා. ඒ නිසා අපි වැඩිපුර පත්කරගන්නේ රසකැවිලි වෙළෙන්දෝ."

                 යැයි සොක්‍රටීස් පවසා ඇත.....


👉සොක්‍රටීස්ට මරණීය දණ්ඩනය නියම කල මොහොතේ විනිශ්චයකාරවරුන්, ප්‍රභූන්, රැස්ව සිටි ජනයා අමතා දේශනයක් කිරීමට තරම් ඔහු තුල නිරවුල් මානසිකත්වයක් තිබිණි. 

            🫱"අනිවාර්යයෙන් සිදුවිය යුතු දේ සඳහා සිත එකඟ කරගන්න මැතිඳුනි "

            යන්න පැවසුවේ සොක්‍රටීස් ගේ වදකයාය.

සොක්‍රටීස් හට සියතින්ම වස බඳුන ගෙන පානය කිරීමට සිදු වූවේ සත්‍ය ප්‍රකාශ කිරීමේ වරදටය.

සොක්‍රටීස් වරද කරු කලේ 500කට අධික ජූරි සභාවක් මඟින් වරද කරු කිරීමෙනි. සමාව ගැනීමෙන් ඒ මරණ දඬුවම ලිහිල් කරගත හැකිව තිබුණත් ඔහු එසේ නොකලේය.....


👉එහිදී ඔහු මෙසේ පවසා ඇත.


            "මා මරණයට නියම කල මනුෂ්‍යයිනි. මම නුඹලාට අනාවැකියක් කීමට කැමැත්තෙමි. මා දැන් ඉන්නේ මරණයට ළංවය. මරණයට ළංවූ මිනිසුන්ට අනාවැකි කිව හැක. මගේ ඝාතකයන්ට මා කියන අනාවැකිය නම්, මා මෙලොවින් චුත වූ වහාම නුඹලා මට දුන් දඬුවමට වඩා අතිශයින් කුරිරුවූ දඬුවම් ඔබට අත්වන බවයි.

            මිනිසුන් මැරීම මඟින් නුඹලාගේ අදමිටු ජීවිතය අනුන්ගේ දෝෂාරෝපණ වලින් වළක්වා ගත හැකියයි ඔබ සිතනවා නම්, එය මහා වැරදීමකි. එය ගෞරවාන්විත හෝ ගැලවීමේ ක්‍රමයක් නොවනු ඇත. උත්තරීතර ක්‍රමය වන්නේ, අනුන් දුබල කිරීම නොව, තමන් වඩා යහපත් බවට පත් කර ගැනීමය."


🫱සොක්‍රටීස් තමාට දඬුවම වශයෙන් ලැබූ, හෙම්ලොක් නම් වස බඳුන සියතින්ම ගෙන පානය කිරීමට සුදානම් වන මොහොතේ මෙසේ කියන්නේය...,

                 "වෙන්ව යාමේ කාලය පැමිණ ඇත. අපි අපගේ වෙනස් දිශා වලට යමු..! මා මරණයටත්, ඔබ ජීවත් වීමටත්ය. අනෙක් ලෝකයේදී අයුතු ලෙස මරණයට පත් කල උන් හා මම කතා කරන්නෙමි. තවද, මගේ ඥානගවේෂණය තව දුරටත් කරගෙන යන්නෙමි. ඒ ලෝකයේදී කිසිවෙකු අප ජීවත්වන සමාජය පිළිබඳ ප්‍රශ්න කිරීම හේතුවෙන් මරණයට පත් නොකරනු ඇත. ඇත්තෙන්ම නැත..! ඒ මක් නිසාද යත්, කියා ඇති දේ සත්‍ය නම්, මා ඔබට වඩා ප්‍රීතිමත්ව සිටිනු පමණක් නොව, මා අමරණීයද වනු ඇත...."


🖼️පින්තූරය - මේ සිතුවෙමෙන් දැක්වෙන්නේ සොක්‍රටීස් සත්‍ය කීමේ  වරදට වස බඳුනක් සියතින්ම ගෙන පානය කිරීමට සැලැස්වීමෙන් වදයට භාජනය කළ අවස්ථාවයි-

සොක්‍රටීස්ගේ මරණය - Jacqes-Louis David (1787)]

📌උපුටාගැනීම් - අන්තර්ජාලය ඇසුරෙනි...


✍️  #මීරිගම_ඊෂණ

Tuesday, February 21, 2023

📌පැසිස්ට් වාදය යනු කුමක්ද ❓


👉පැසිස්ට්වාදය වූ කලි රාජ්‍යයේ ප්‍රභවය පිළිබඳ න්‍යායක්‌ නොවේ.එය රාජ්‍යයේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය පිළිබඳ අදහසක්‌ ඉදිරපන්‌ කරන මතයකි. අර්බස්ට්‌ මර්කියුලිස්‌ මෙය හදුන්වන්නේ ධනවාදයේ නිශේධනය ලෙසයි.

 

👉ප්‍රථම ලෝක සංග්‍රාමයෙන්‌ අන්ත පරාජයටපත්‌ ජර්මනියට වර්සේල්ස්‌ ගිවිසුම හේතු කොටගෙන ජයග්‍රාහී රටවලට අති විශාල යුධ වන්දියක්‌ ගෙවීමට සිදු විය.ජර්මනියට සහාය දුන්‌ ඉතාලිය සහ ස්පාඤ්ඤ යන රටවලට ද මෙම ගිවිසුමේ අහිතකර ප්‍රතිපල භුක්ති විදීමට සිදු වූ අතර තූලනය නොකළ හැකි

උද්ධමනයක්‌ ලෙස ආර්ථික අර්බුධය පෙනී සිටියේ ය.



👉ආර්ථික අර්බුධය හේතු කොට ගෙන පැනනැගි සමාජ අසමතුලිත තාවයට ධනවාදයෙන්‌ පිළිතුරක්‌ සැපයිය නොහැකි වූ අතර 

                එතෙක්‌ ක්‍රියාත්මක වූ ලිබරල්‌ ප්‍රජාත්‍රන්තවාදයට එරෙහිව

🔺වාමාංශික හා 

🔺දක්ෂිණාංශික පැසිස්ට්‌ වශයෙන්‌

දේශපාලන බලවේග දෙකක්‌ නිරිමාණය විය.


👉අසහනයට පත්‌ සමාජයේ පහළ ස්ථර වල ජන කොටස්‌ වාමාංශික ව්‍යපාරය වටාත්‌

👉 ආර්ථික අර්බුධයෙන්‌ වියරු වැටුණු ඉහළ ධනපති පන්තිය පැසිස්ට්‌ ව්‍යාපාරය වටාත්‌ එක්‌ වුහ. 


🔺වාමාංශික ව්‍යාපාරය විප්ලවවාදී නොවීම, දුර්වල දේශපාලන උපාය මාර්ග අනුගමනය කිරීම ආදිය හේතු කොටගෙන අසාර්ථක විය.

🔺නායකත්වයේ ආකර්ෂණයබව, සංවේදී සටන්පාට, සමාජයේ සෑම ජන

කොටසකට ම ආමන්ත්‍රණය කිරීම, අසහනයට පත් ධනේෂ්වර පන්තියට කරනලද සුවිශේෂී ඇමතීම යන කරුණු නිසා වාමාංශික ව්‍යාපාරය යටපත්‌ කොට පැසිස්ට්‌ ව්‍යාපාරය මතුවිය.


👉පැසිස්ට්වාදී දේශපාලන

මතවාදයේ න්‍යායාචාරය වරුන්‌ අතර


1.ෆෙඩ්‍රික් නිට්ශේට්

2.හෙගල්

3.රෝසන් බර්ගර්

4.විල්ප්‍රඩ් පැරඩෝ


👉වැන්නන්ගේ අදහස්‌ මෙම පැසිස්ට්වාදය පෝෂණය වීම සඳහා බොහෝ සේ ඉවෙහල්‌ වී ඇත. හෙගල්‌ ඉදිරිපත්‌ කළ විඥානවාදී අදහස්‌ පදනම්‌ කොට ගෙන රාජ්‍ය දේවත්වය තරම්‌ උත්තරිතර තත්වයට පත්‌ කොට ඇති අතර රාජ්‍ය පාලකයා වෙත ද අධිමානුෂිකතත්වයක්‌ ආරෝපණය කොට ඇත.


👉පාලකයා “සර්වතෝ භද්‍රය” සකලවිධ උතුම් 

ගුණාංග වලින්‌ යුක්ත ය. 

🔺ඥනවන්න බව, 

🔺ගුණ ගරුකබව, 

🔺මානව දයාව, 

🔺රණ ශූරත්වය, 

🔺වීරත්වය, 

🔺දේශප්‍රේමීත්වය ඔහු සතු ය. 

🔺ඔහු අකාරිශනීය චේ. 

🔺ඔහු වන්දනීය වේ. 

            රාජ්‍යයේ සෑම මාධ්‍යයක්‌ ම පැසිස්ට්‌ පාලකයා හොඳ කණ්ඩායම පිලිබඳ ඉහත

පුද්ගලාදී වන්දනයෙහි යෙදිය යුතු ය. 


👉මෙම ක්‍රියාකාරීන්‌ අනුගමනය කරන ලද ප්‍රතිපත්තීන්හි කැපී පෙනුණු ලක්ෂණ කිහිපයකි.


1. රාජ්‍ය හා ජාතිය සර්වසම ලෙසැලකීම

2. ජාතිවාදය ඉස්මතූ කිරීම.

3.බුද්ධියට වඩා හැගීම්‌ වලට

ආමන්ත්‍රණය කිරීම හා ප්‍රචාරණ ශක්තිය

4. දැඩි විනය ගරුක බව

🔺 පැසිස්ට් වාදී රාජ්‍යයක රාජ්‍ය හා පුරවැසියන් අතර සබඳතාව.


1. පුද්ගලයා පෙනී සිටින්නේ රාජ්‍ය වෙනුවෙනි.

2.ව්‍යවස්ථාවක් නීතියක් මෙම පාලනය යටතේ නොපවතින අතර පාලකයා හෝ කණ්ඩායම පවසන දෙය නීතිය වන්නේය.

3. සාමාන්‍ය ජනතාව පාරිභෝගිකයන් පමණි.

4. පාලකයා කිසිවිටෙක ජනතාවට වග කීමට බැඳී නැත

5. රාජ්‍ය නග්න බලයට ප්‍රශ්න කිරීමකින් තොරව යටත් වැසියා අවනත විය යුතුය

6. පුරවැසියාට නිදහස අයිතිවාසිකම් සමානාත්මතාව යන නැත.

7.වෙනත් මත දරන්නන් හිංසනය හා මරදනය උතුම් ක්‍රියාවකි

8. මානව දයාව බියගුළු දෙයකි

9. ජාතීන් අතර සමගිය සදාචාර වෙනත් සංස්කෘතීන් සියල්ල පිළිකුල් කරයි.

10. දේශපාලන විනිවිද භාවයක් නැත.

11. ඔවුන් හැර වෙනත් කිසිදු දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීමට නොහැක.

👉 මෙවැනි කරුණු පැසිස්ට්වාදී දේශපාලනය තුළ දක්නට ඇති ලක්ෂණයන්ය.


👉 මෙහි ඇති අවාසනාවන්තම කරුණ නම් නීතියෙන් පිට ව්‍යවස්ථාපිත බලයෙන් පිට, මෙය ක්‍රියාවට නංවන පුද්ගලයා හෝ කණ්ඩායම මිනිසුන්ගේ ආශාවන් වශ්‍යතාවයන් ස්පර්ශ කරමින් බලය ලබා ගැනීමට අරගල කරයි.


👉 බොහෝවිට මෙම දේශපාලන නියාය අනුගමනය කරනු ලබන්නේ ඒකාධිපති පාලකයන් හෝ වෙනත් රැඩිකල් මත දරණ කණ්ඩායම් විසිනි.

👉 ඇඩොල්ෆ් හිට්ලර්, මුසලෝනි, පොල්පොට්, ගඩාෆි වැනි දේශපාලන නායකයින් මෙන්ම තලෙයිබාන්, අල්කයිඩා, එල්ටීටීඊ , 

අයි එස් අයි එස් වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් අනුගමනය කරනු ලබන්නේ ද මෙම දේශපාලන ක්‍රමයයි.


📚 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ දේශපාලන විද්‍යා විෂය ඇසුරින් සකසන ලද ලිපියකි.

✍️📚📰🌏🇱🇰 #මීරිගම_ඊෂණ 

 #SriLanka #තිත්ත_කථා #RanilWickremesinghe

Thursday, September 1, 2022

📌අවුරුදු 74ක සාපය කිව්වට ඒක උනේ කෝහොමද දන්නවද ❓




🌎ඒක දැනගන්න කලින් මේ ටිකත් කෙටියෙන් දැනගන්න ...

👉 ලෝක ඉතිහාසයේ ,දේශපාලන ඉතිහාසයේ යුග පහක් ගැන කථාකරනවා.ඇරිස්ටෝටල් දේශපාලන විද්‍යාවේ පියා වගේම,ප්ලේටෝ,චානාඛ්‍ය හෙවත් කෞටිල්‍ය, වගෙ ආදිතම දාර්ශනිකයින්ගෙන් පටන් අරන් විවිධ පාලන ක්‍රම විවිධ මතවාද වලින් පෝෂණය වෙලා ,ග්‍රීක,රෝම යුගවලින් පස්සෙ අඳුරු යුගය නැත්නම් මධ්‍යතන යුගය එනවා.,

දේවවරම්වාදය සමාජ සම්මුතිවාදය,සමාජ විකාශනාත්මක වාදය වගේ විවධ දේශපාලන ක්‍රම මේකාලෙදි අත්හදා බැලෙනවා.. 


👉රුසියන් විපලවයත් එක්ක කොමියුනිට්ස් දේශපාලනය එලියට එනවා,ඊට ටිකකාලෙකට පස්සෙ කාර්මික විප්ලවයත් එක්ක සීග්‍ර නැගිටීමක් වෙනවා.. කාලයක් ගතවෙනකොට අර වහලා ස්වාමියා කියන කතන්දරයම ධනපති පන්තිය හා නිර්ධන පන්තිය කියලා කොටස් දෙකකින් විකාශනය වෙනවා.... ඔන්න ඔතනින් පස්සෙ අර කොමියුනිට්ස් දේශපාලනයට මුල් උන ඇති නැති පරතරයත් එක්ක අඳුරු යුගය ඉවරවෙලා නූතන යුගයට එළඹෙනවා.


👉ඔය අතරේදි ලිබරල් වාදය වගේ අලුත් දේශපාලන ක්‍රම එලියට එනවා.. ඒ නිදහස් මතත් එක්ක.. අර පෙර කී කාර්මික විප්ලවයෙන් පටන්ගත්තු පන්ති පරතරය මුල් කරගෙන නව දේශපාලන ක්‍රම දෙකක් බිහිවෙනවා..

📍ධනපති පන්තිය සමඟ ඒකාධිපති පාලන ක්‍රමයත් එක්ක ඉස්සරහට යන පැසිස්ට් වාදයත් 

📍නිර්ධන පන්තිය එක්ක යන වාමාංශික දේශපාලනයත් බිහිවෙනවා.. 


👉වාමාංශික දේශපාලනය කෙලින්ම මාක්ස්වාදයත්,කොමියුනිට්ස්වාදයත් එක්ක පෝෂණය වෙනවා, පැසිස්ට් වාදය ධනවාදයත් කොමියුනිට්ස් වාදයත් එක්ක ගොඩනැගෙනවා.. 

මම හිතනව දේශපාලන විකාශනය ගැන යම් අවබෝධයක් ඇතිවෙන්න ඇති කියලා.


👉ඊටපස්සෙ නූතන යුගයෙදි ඔයා කිව්ව විදිහට රාජ්‍යයන් බිහිවෙනවා.. වාමවාදී දේශපාලනය භයානක නෑ..අවුල තියෙන්නෙ රාමුවකට කොටු වෙලා යන දේශපාලන ක්‍රමයක්.. ලිබරල් දේශපාලනය එහෙම රාමුවකට කොටුවෙන්නෙ නෑ..

 

👉වාමාංශික දේශපාලනයෙදි ස්ව්‍යංපොෂිත ආර්ථිකය ගැන කථාකරනවා.. වවාගෙන කන එක ස්ව්‍යංපොෂිත ආර්ථිකය නෙවෙයි..ඒක ස්ව්‍යංපොෂිත කෘෂිකර්ම.. අපිට ස්ව්‍යංපොෂිත ආර්ථිකයක් හදාගන්න පුළුවන් ද? උදාහරණයක් කිව්වොත් කොම්පියුටරෙ මදර්බෝඩ් එකේ අයිසී වල ඉඳන් අපිට නිශ්පාදනය කරන්න පුළුවන් ද..එච්චර භූමියක් අපිට තියෙනවද,අපේ වගේ රටකට ඒක ප්‍රායෝගික නෑ.. චීනය රුසියාව වගේ රටවල් වලට ඒක ගැටලුවක් නෑ,භූමිය වගේම ස්වභාවික සම්පත් ඕනතරම් තියෙනවා.. 

👉අපිට ගෝලීය ආර්ථිකය එක්ක ඉස්සරහට යනවනම් නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය නැත්නම් ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අවශ්‍යයි.. 


📌රාජ්‍ය නායකයා විධායකය

👉 මීළඟට හොඳම කෑල්ල තමයි 1948න් පස්සෙ1972 වෙනකන් නිදහස් තීරණ ගන්න පුළුවන් උනත් රටේ රාජ්‍ය නායකයා විදිහට පත්උන ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය මහරැජිනට වගකිව යුතුය තිබුනා,හරියට අද  ඕස්ට්‍රේලියාව නවසීලන්තය වගේ රටවල් විදිහට.ඒ වාසිය ගැන ඔබම හිතන්න.( #sඊw) එතකොට ඔය කියන 74 සාපෙට එන්ගලන්තය මහරැජිනත් කොටස්කාරයෙක්..😂


👉1978 කලින් වෙච්ච දේ තමයි..ඔය කියන සමාජවාදී රාජ්‍ය කරනය යටතේ ටීවී,කැසට් ලෝකේ පාවිච්චි කරනකොට අපි පත්තර කියෙව්වෙ, 78න් පස්සෙ දුරකථන රූපවාහිනී,අන්තර්ජාල,මේ එකී මෙකී නොකී හැමදේම ආවේ විවෘත්ත ආර්ථිකය එක්ක.. බොරු නම් සීයලා ආච්චිලගෙන් අහලා බලන්න..


📌ඔය කියන 74 සාපේ හැදුන හැටි 


👉කරුමෙ කියන්නෙ විවෘත්ත ආර්ථිකය භාවිතා කරපු ලිබරල් දේශපාලනය කරපු එජාපය අවුරුදු 17යි තිබුනෙ.ඒකාලේ කර්මාන්ත ආයෝජන කලාප(BoI),වගේ සීග්‍ර කර්මාන්ත දියුණුවක් උනා.


👉1994න් පස්සෙ ආයෙ වාමාංශික දේශපාලනය කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂය එනවා, ඒ අයට විවෘත ආර්ථිකය පැත්තක තියලා ඒ අයගේ ස්ව්‍යංපොෂිත ක්‍රමයට යනවා.එතනින් පස්සෙ කර්මාන්ත ශාලා 600කට වැඩිය වැහෙනවා ඒකාලෙ.


👉ඊට පස්සෙ 2002 රනිල් ගන්නවා යලි පුබුදමු ශ්‍රීලංකා ගෙනත් ආයෙ පටන්ගන්නවා ගද්දිම කෙලවෙලා යනවා 2004.. 


👉ඊට පස්සෙ ජ.වි.පේ හා ශ්‍රී.ලංනිපය එකතුවෙලා ගේනවා මහින්ද ඒ දේශපාලනය පුද්ගලමූලික පැසිස්ට්වාදයත් වාම වාදයත් කලවං උන වෙනම දේශපාලනයක්.. 2005 - 2015 ට්‍රිලියන 11 ණය කන්දක් ගන්නවා,නය ගත්තට නිශ්පාදන නෑ.ආදායම් නෑ. ඉතින් කලවෙලා යනවා.


👉2015 පස්සෙ රනිල් v2025 සැලැස්ම ගේනවා 2025 වෙද්දි ණය ඉවරකරන්න.. ඊට පස්සෙ කොටසකට රට බේරගන්න ඕන වෙනවා.. අර ලිබරල් ආර්ථික සැලැස්ම සම්පූර්ණයෙන්ම නතර කරනවා,එල්ආර්ටී, වගේ ආයෝජන නතරවෙනවා, දැං ණය ගෙවාගන්න බැරි රටක් වෙලා බංකොලොත්... 


📌 විවරණය

👉ප්‍රාග්ඓතිහාසික රාවනා යුගයෙ ඉඳන් ලංකා කියන්නෙ වෙළඳ මධ්‍යස්ථානයක්.විකිනීම හා බදුදීම කියන්නෙ දෙකක්.. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක කරන විදිහ යි.. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක කරන විදිහ යි දෙකක්.. 


👉ඒකියන්නෙ.. 1959 ඉඳන් 1977 වෙනකන් මේ රටේ තිබුනෙ සමාජවාදී රජයන්.. තෙල් ජනසතු කලා කෙලවෙලා ම ගියා.. ලංකාවේ තිබුන කැල්ටෙක්ස් එක සිංගප්පූරුවේ ගිහින් ඉන්දු පැසිපික් කලාපයට ම අද තෙල් බෙදනවා.. එක උදාහරණයක් විතරයි ඕක..ඔය ක්‍රමය අවුරුදු 18ක් තිබුනා අන්තිමට කන්න බොන්න නැති,මිරිස්පොලු,හාල් පොලු රෙදියාරෙ,වගේ තත්වෙකට 77 වෙද්දි වැටිලා තිබුනා.විරැකියාව නිසා ජවිපේ 70,71 කැරැල්ල ඇතිඋනා. ඒ ක්‍රමය වෙනස් කරලා තමයි විවෘත්ත ආර්ථිකය ගේන්නෙ.. 


👉සමාජවාදී ආර්ථිකයෙන් බැට් කාලා විවෘත්ත ආර්ථිකයට ඇවිත් වාමවාදී ආර්ථිකයකට ආයෙ පාරක් එතෙන්න යන්න බෑනේ..


👉බදුදීම උදාහරණයක් කිව්වොත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි 90ක්(හරිගාන මතකනෑ) බදුදීලා තියෙනවා අයිඕසී එකට.ගිවිසුම ප්‍රකාරව අවුරුදු 35කින්(99 අවුරුදු බදු කියලා නෑදැං) නැවත ලංකාවට හම්බෙනවා.. ඒ හම්බෙන්නෙ ඒ කාලසීමාව ඉවරවෙද්දි තියෙන තාක්ෂණය සහ අපිට ප්‍රතිසංස්කරණය කරගන්න බැරුව තිබුන තෙල් ටැංකි තොගයක් එක්ක..


👉කැල්ටෙක්ස් එක ගිවිසුම ඉවරවෙන්න තිබුණෙ 2028 සපුගස්කන්ද පිරිපහදුව එදා රජයට නොගත්තනම්. ඉන්දුපැසිපික් කලාපයේ තියෙන ලොකුම තෙල් පිරිපහදුව අපේ පරම්පරාවට ලැබෙන්නෙ... 


👉අපිට මේ කිසිදේක ප්‍රතිලාභ නැතිවෙන්න පුළුවන් හැබැයි රනිල් කරන වැඩෙන් එක් කාලසීමාවක සම්පූර්ණ තාක්ෂණයක් එක්ක අපිට කරගන්න බැරිඋන නඩත්තු කරන්න බැරි උන ආයතන ගණනාවක් අනාගත පරපුරට ලැබෙයි.. අපිට සපුගස්කන්ද නැතිවෙලා තෙල් පෝලිම්වල අද හිටියට අනාගතේ ඉන්න උන්ට දියුණු රටක් ලැබෙයි.. 


👉ප්‍රතිව්‍යුහගත කිරීම කථා කරන්නෙ බහුතරයක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ..

අපි එතනින් වෙනස්.. ඉන්දුපැසිපික්( උදා ඉන්දියාව,තමිල්නාඩුව) සමාජය ඇතුලේ ඒ දේ කරන්න බෑ.. හේතුව තමයි පොදු ප්‍රවාහනයක ගිහින් බලල පෞද්ගලික බස් එකක ගිහින් බැලුවනම් මිනිස්සු හැසිරෙන විදිහ බලන්න පුළුවන්..  එහෙම කරනවනම් ආකල්ප වෙනසක් ඇති කරන්න ඕන මුලින්ම.. 

👉පහසුම දේ තමයි නීතිරීති පද්ධතියක් ඇතුලේ පෞද්ගලික ආයතනයක අවුරුදු 35ක් යන එක එතකොට අර ආකල්ප වෙනස නිකම්ම ඇතිවෙනවා.. 


👉සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යනම් පොහොට්ටුව පත්කරගත්නම් කරන්න දෙන්න ඕන.. කන්න බොන්න නැතුව පාරට බහින්න හොඳනෑ.. 

ආ මේකනේ මේ කරන්නෙ කියලා අවුරුදු 10ක් 15ක් කට්ට කාගෙන හිටියනං හරි.. 


👉නමුත් ඔලුගෙඩියි මූනුයි මාරු කරලා ආයෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලනවා.. මොංගල් ද ඩාලිං.. එහෙනං ගෝටා තියාගත්තනම් ඉවරනේ.


👉ඔන්න ඕකයි මේ රටට උනේ... රටතුළ ක්‍රියාත්මක උන දේශපාලනය ආර්ථික ප්‍රතිපත්ති දන්නෙ නැතිව ඌ හොඳනැති නිසා මූ ගේනවා.. මූ හොඳ නෑ කියලා වෙන එකෙක් ගේනවා.. කියලා රට්ටු කරපු ගොං වැඩේ ප්‍රථිපල තමයි මේ විඳින්නෙ.. 

👉ඕක තමයි 1910 මැකලම් ආණ්ඩුකාරයා කිව්වෙ.. මේ රටේ ජනතාවට සර්වජන චන්ද බලය පාවිච්චි කරන්න තරම් දැනුමක් නෑ කියලා..


✍️මේ රට ගොඩ ගන්නනම් කරන්න තියෙන්නේ අවුරුදු 20කට 30කට නොවෙනස්වන ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් හදලා.

විවෘත්ත ආර්ථිකයත් එක්ක ඉදිරියට යන වානිජ නිෂ්පාදන ආර්ථික ක්‍රමයක් ඇතිකරන එක.

රනිල්ගෙ ඊළඟ සැලසුම් ඒක.. මොකද ආපහු පරණ තැනට යන්න බෑ.. 


📌මේක කියෙව්වනම් රටට මොකක්ද උනේ කියලා තේරෙන්න ඇති.. කරුණාකරලා බොරුවට 74ක් ගැන අවලාද තියන්න එපා.. රටේ තියෙන දේශපාලන,ආර්ථික ක්‍රම ගැන හයක් හතරක් නොදැන..තහඩුවටයි,මහනමැශිමටයි,සිමෙන්ති කොට්ටෙටයි.. චන්ද දීපුවගේ විපාක.. මිසක් ඔය කියන පට්ටපල් බොරුව නෙවෙයි... එහෙම කියනවනම් ඔය 74 ඇතුලේ අවුරුදු 54ක්ම කරලා තියෙන්නේ ඒ අය උද්ගෝෂණ,අවුරුදු 2කක් චන්ද්‍රිකාව,තව අවුරුදු 2කක් මහින්දට කඩේ ගිහින් ඒ අයට බලේ අරන්දීපු එක .. අවබෝධයෙන් දේශපාලනය කථාකරන්න.එහෙම උනොත් රටක් ඉතුරු වෙයි.නැත්නම් හරි තට්ටුව හොයාගන්න බැරුව තට්ටු මාරු කරකර ඉඳියි.


✍️ #මීරිගම_ඊෂණ

Saturday, July 30, 2022

ලිබරල්වාදී මතය


🏛️ලිබරල්‌ වාදය...-

-----------------------------

👉ඉංග්‍රීසි භාෂාවේ Liberty නම්‌ වූ පදය තුලින්‌ ලිබරල්‌ යන වාග්‌ සංකේතය නිර්මාණය චූ අතර liberty යන ඉංග්‍රීසි පදයේ සංකේතාත්මක අර්ථය වන්නේ “නිදහස"යන්නයි. එමනිසා මිනිසාගේ නිදහස පිළිබඳව අවධාරණය කිරීම සඳහා භාවිත කරනු ලබන න්‍යායක්‌ ලෙස ලිබරල්‌ වාදය ප්‍රකට විය. ලිබරල්‌ වාදය තුළ මානවයාගේ දේශපාලන, ආර්ථික , සමාජීය ආදී සියලුම අංශයන්හි නිදහස අගය කළබව පෙනේ.


👉“ලිබරල්‌ වාදය යනු ධනේෂ්වර ආර්ථිකයට අදාල පැවැත්ම තහවුරු කරන අවස්ථාවාදී දේශපාලන මතවාදයක්‌ ලෙසයි.”-මාක්ස් වාදීන්-👈



🏛️ලිබරල්‌ වාදයේ ආරම්භය...

-------------------------------------------------

👉ලිබරල්‌ වාදය ස්ථිර වශයෙන්ම ආරම්භ වූ කාලය පිළිබදව අදහස්‌ දැක්වීමක්‌ කල නොහැකි අතර ලිබරල්‌ වාදය යම්‌ සංවිධානාත්මක අයුරන්‌ ඇරඹීමට පටන්‌ ගනුයේ 16 ~ 17 සියවස්‌ වලදී බව ජොන්‌  ලොක්ගේ අදහස්‌ වලින්‌ පැහැදිලි වේ.


👉“ලිබරල්‌ වාදය යනු කුමක්‌ දැයි පැහැදිලි කිරීම පහසු නැත, සරලචම එය මානසික ආකල්පයක්‌ වශයෙන්‌ සැලකිල්ලට ලක්‌ කිරීම වඩාත්‌ උචිත වේ,”

-හැරල්‌.ජේ.ලැස්කි -👈


👉“15 වන සියවස තුල බිහිවු නිදහස්‌ අදහස්‌ මාලාව ලිබරල්‌ වාදයයි,”-මහාචාර්ය ගානර්-👈


🏛️ රාජ්‍යය ප්‍රභවය සම්බන්ධ ලිබරල්‌ වාදී මතය..

---------------------------------------------------------------------------

👉රාජ්යය ක්‍රමික සමාජ විකාශනයක ප්‍රථිඵලයකින්‌ බිහිවූ බව ලිබරල්‌ වාදයේ මුලික පිළිගැනීම චේ. එය සත්‍ය ලෙසම සමාජ විකාශනාත්මක න්‍යාය ගුරුකොට ගත්‌ න්‍යායක්‌ ලෙස පෙනේ.


🏛️රාජ්‍යයේ ස්වාභාවය

--------------------------------------

👉රාජ්‍යයේ ස්වාභාවය අනුව ලිබරල්වාදී මතය ප්‍රධාන අවධීන්‌ 03 කට බෙදේ.


📌1. සම්භාව්‍ය ලිබරල්වාදී රාජ්‍ය අවධිය - නිරිබාධවාදී රාජ්‍ය

📌2.නූතන ලිබරල්වාදී රාජ්‍ය අවධිය - 

සුබසාධක රාජ්‍ය

📌3.නව ලිබරල්වාදී රාජ්‍ය අවධිය - 

අවම රාජ්‍ය


🏛️01.සම්භාච්‍ය ලිබරල්වාදී රාජ්‍ය අවධිය - 

නිර්බාධවාදී රාජ්‍යය

-----------------------------------------------------------------

👉19 හා 20 වන ශතවර්ෂ වල සම්භාව්‍ය ලිබරල්‌ වාදී අවධිය ලෙස හදුන්වා දිය හැක. සියවස්‌ ගණනාවක්‌ පුරා යුරෝපයේ ක්‍රියාත්මක වූ රාජාණ්ඩුවාදී පාලන ක්‍රමය ක්‍රමයෙන්‌ පරිවර්ථනය වීමත්‌ සමග බටහිර ලොව ජනතාවට අවශ්‍යය වූයේ රාජ්‍ය මැදිහත්‌ වීම්‌ අවම පාලන ක්‍රමයක්‌ නිර්මාණය කර ගැනීමටය. විශේෂයෙන්ම මෙම සම්භාව්‍ය ලිබරල්‌ වාදය මගින්‌ පුද්ගලයාගේ නිදහස සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ට විය. එය දෙයාකාරයකි.


📌පෞද්ගලික නිදහස

📌ආර්ථික නිදහස


👉මේවා රාජ්‍ය පාලනයකින්‌ හෝ මැදිහත්‌ වීමකින්‌ තොරව පවත්වා ගැනීමට අවශ්‍ය විය. මෙකී අරමුණු සාධනය කරගැනීම සඳහා දේශපාලනික වශයෙන්‌ සම්භාව්‍ය ලිබරල්වාදී මතය ඉදිරිපත්‌ චන අතර ආර්ථික වශයෙන්‌ නිර්බදවාදී සංකල්පය බිහිවිය.


📌සම්භාව්‍ය ලිබරල්‌ වාදයේ න්‍යයාත්මක

ප්‍රවේශය.

---------------------------------------------------------------------------


👉මේ සඳහා ඇඩම්‌ ස්මිත්‌, ජෝන්‌ ලොක්‌, චාල්ස්‌ ඩාවින්‌, තෝමස්‌ මෝල්තස්‌, හර්බට්‌ ස්පෙන්සර්‌, ජෙරම්‌ බෙන්තම්‌,ආදීන්ගෙ මේ පිළිබඳ අදහස් අධ්‍යනය වැදගත්‌ වෙයි.


👉“ස්වාභාවික ජීවිතය මගින්‌ සෑම මිනිසකුම ජීවිතය, දේපල, නිදහස පිළිබද අයිතීන්‌ තහවුරු කරගත්‌ අතර ආණ්ඩුව සමග ගිවිසුමකට එළඹුණේ "එම අයිතීන්‌ උල්ලංගනය කරන පුද්ගලයන්ගෙන්‌ තමා ආරක්ෂා කරනවාය" යන කොන්දේසිය මතය. ඒ නිසා එම කාර්ය හැර වෙනත්‌ කාර්යයක්‌ කිරීමට රාජ්‍යයට නොමැත. රාජ්‍යය කලයුත්තේ නීතිය හා සාමය සුරැකීම පමණි,”-ජෝන්‌ ලොක්‌ -👈


 👉“මස්‌ වෙළෙන්දෙකු, වයින්‌ පෙරන්නෙකු හෝ බේකරි හිමියෙකු ගත්‌ විට පාර්භෝගිකයාට හොදම භාණ්ඩ සැපයිය යුතුය.නමුත්‌ ඔවුන්‌ එසේ කරනුයේ පාර්භෝගිකයාගේ යහපත නිසා නොව වෙළඳපල තුල පවත්නා අදෘෂ්‍යමාන හස්ථයක්‌ ඔවුන්‌ මෙහෙයවන නිසාය,එසේ කිරීමට වෙළඳපල ආර්ථිකය විසින්‌ පොළඹවනු ලැබේ,රාජ්‍ය විසින්‌ කල යුත්තේ එයට අත නොදමා අදෘෂ්‍යමාන හස්ථයට තම භූමිකාව කරගෙන යාමට අවශ්‍ය කොන්දේසිය වන නීතිය හා සාමය සුරැකීම පමණි,”-ඇඩම්‌ ස්මිත්‌- (ජාතීන්ගේ ධනය ග්‍රන්ථය)👈


👉“වැටුප්‌ මගින්‌ ජනතාවගේ බෝවීම පාලනය කල හැක, ඉහල වැටුප්‌ තුලින්‌ ජන සංඛ්‍යාවේ වර්ධනයද , පහළවැටුප්‌ තුලින්‌ ජන සංඛ්‍යාව පහළ යාමද කෙරෙහි ද බලපායි,”-මෝල්තස්‌ (population theory) ජනගහන න්‍යාය -👈


📌නිර්බාධවාදී රාජ්‍යයක ලක්ෂණ,

---------------------------------------------------------


1.පුද්ගල වාදය 

👉පුද්ගලයන්‌ වශයෙන්‌ සෑම අයෙකුම අතර සමානාත්මතාවයක්‌ පවතී. මානවයන්‌  ස්වාභාවයෙන්ම යහපත්‌ හා විචාරාත්මක අය නිසා රාජ්‍යය මගින්‌ පුද්ගල නිදහස සීමා නොකළ යුතුය.


2.රාජ්‍යය නීතිය හා සාමය පමණක්‌ රැකීම,

👉රාජ්‍යය නීතිය හා සාමය පමණක්‌ සුරකිමින්‌ රාත්‍රී පොලිස්‌ භටයකුගේ කාර්ය ඉටුකරලීම පමණක්‌ ප්‍රමාණවත්‌ බව ඔවුන්ගේ විග්‍රහය විය.


3.ව්‍යවස්ථානුකූල වාදය,

👉ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනුව රට පාලනය කළ යුතු බව මෙමගින්‌ අවධාරණය කෙරේ.


4.ස්වාභාවික අයිතිවාසිකම්‌ පිළිබඳ මතය,

👉අනුල්ලංගනීය අයිතිවාසිකම්‌ මුල්ම වරට තහවුරු කරන ලද්දේ ජෝන්‌ ලොක්‌ විසිනි. රාජ්‍ය්‍යයය බිහිවීමට ප්‍රථම කාලයේදී පචා මිනිසුන්‌ පීවිතය , දේපල, නිදහස ආදී අයිතීන්‌ හිමිකරගත්‌ බව මෙයින්‌ අවධාරණය කරන ලදී.මෙසේ පැවති අයිතීන්‌ සුරක්ෂිත කිරීම රාජ්‍යයේ මූලික වගකීම බවට ඔහු පෙන්වාදිනි.


5 වෙළඳපල බලවේග මගින්‌ ආර්ථිකය හැසිරවීම,

👉සම්භාව්‍ය ලිබරල්‌ වාදීන්‌ පෙන්වා දෙන්නේ වෙළඳපල තුල අදෘෂ්‍යමාන හස්ථයකින්‌ ආර්ථිකය මෙහෙය වන අතර එයට රාජ්‍යය මැදිහත්‌ වීම නොකළ යුතු බවයි.


📌රාජ්‍යයේ ස්වාභාවය හා කාර්ය භාරය..

--------------------------------------------------------------------

👉සම්භාව්‍ය ලිබරල්‌ වාදී මතයතුළ රාජ්‍යයේ ප්‍රධානතම වගකීම හා කාර්යභාරය බවට පත්වුයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි. වෙනත්‌ කාර්යයක නියැලීම රාජ්‍යය තුලින්‌ ඔවුන්‌ බලාපොරොත්තු නොවීය. එම පදනම නිසාවෙන්‌ මෙම රාජ්‍යය පොලිස්‌ රාජ්‍යය ලෙසද හදුන්වයි.


👉“සම්භාව්‍ය ලිබරල්‌ වාදය තුල රාජ්‍යය රාත්‍රී මුරකරුවකුගේ කාර්යය ඉටුකරයි,”-ජෝන්‌ ලොක්‌ -👈


👉නීතිය හා සාමය ආරක්ෂා කිරීම පමණක්‌ සිදු කරන නිසා රාජ්‍යයේ කාර්යභාරය පොලිස්‌ නිලධාරියකුගේ කාර්යයට සමාන වේ”-මහාචාර්ය ගානර්-👈


📌නිර්බාධවාදී රාජ්‍යයේ බිදවැටීම.

------------------------------------------------------


👉ධනවාදයේ නැගීම හා කාරීමික විප්ලවය,

👉නෛතික සීමාවන්ගේ දුබලතාවය,

👉මාක්ස්වාදයේ සංවිධානාත්මක වර්ධනය,

👉ලෝක යුද්ධ අත්දැකීම,

👉දුප්පත්බව, විරැකියාව, මන්ද පෝෂණය ආදී සංකීර්ණ ගැටලු,


🏛️02.නූතන ලිබරල්වාදී රාජ්‍ය අවධිය - 

සුබසාධක රාජ්‍යය.

--------------------------------------------------------------

📌20 වන සියවස මැදභාගය පමණ වන විට නූතන ලිබරල්‌ වාදය පිළිබඳ අදහස හෙවත්‌ සුබසාධක රාජ්‍ය සංකල්පය පිළිබඳ අදහස ජනිතවිය, පුරවැසියන්ගේ සුභසිද්ධිය ස්වකීය මූලික කාරිය බවට පත්කරගත්තාවූ රාජ්‍යය සුබසාධක රාජ්‍ය ලෙස සාමාන්‍යෙයන්‌ අර්ථ විවරණය කළ හැක. විශේෂයෙන්ම සුබසාධක රාජ්‍යන්‌ තුල සෞඛ්‍ය, අධ්‍යපනය, යටිතල පහසුකම්‌, ආපදා කළමණාකරනය, සමාජ සේවා යනාදියට රාජ්‍යය මැදිහත්වීම දැකගත හැකිය. 

👉රාජ්‍යය තරග විනිසුරුවරයෙකු සේ පසකටවී නිරීක්ෂණය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර තරඟය කරනා ක්‍රීකයකුවියයුතුබව අදහස් විය.රාජ්‍ය තරඟ කරමින්‌ පොදු ජනතාවගේ සමාජ යහපත සඳහා අවශ්‍යය ආර්ථික, සමාජීය වශයෙන්‌ අවශ්‍යය ක්‍රියාමාර්ග ගන්නාඒජන්තවරයෙකු ද විය යුතු බව නව ලිබරල්‌ වාදීන්ගේ විග්‍රය විය. සුබසාධක රාජ්‍ය යන පදය ප්‍රථමයෙන් 

යොදාගනු ලැබුවේ අගරදගුරු ටෙම්පල්‌ (Archbishop Templ) විසින් Citizen and Churchmen යන අධ්‍යනය තුලයි. ඔහුට අනුව සමාජයේ දිළිදුකම , නූගත්කම, බෝවන රෝග, බේබදුකම හා අපිරිසිදුකම වැනි

ව්‍යවසන තුරන්‌ කිරීමට රාජ්‍ය අවශ්‍යය බව පෙන්වා දෙනු ලැබීය.විලියම්‌ හොබ්ටෙන්‌ පෙන්වා දෙන්නේ

එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රවාහයන්‌ දෙකක්‌ විසින්‌ සුබසාධක රාජ්‍ය(The Welfare State )පැන නගින

බවයි.


👉දරදඩු පුද්ගල වාදයක්‌ ලෙස

👉කොමියුනිසිට්‌ වාදයේ සංකලනයක්‌ ලෙස,


📌සුබසාධක රාජ්‍යයේ වර්ධිත අදියර..

-------------------------------------------------------------


📍පළමු අදියර ( පොදු සේවා )

👉නිදහස්‌ අධ්‍යපනය, සෞඛ්‍යය, දිළිදු සහන, විදුලිය, ප්‍රවාහන , මහාමාර්ග, ජලය, හදිසි ආපදා, අරමුදල්‌


📍දෙවන අදියර ( රාජ්‍යය ච්යාපාර)

👉ආර්ථික ගැටලු නිරාකරණය කිරීම සදහා ඇති මහා කර්මාන්ත රාජ්‍යයේ පාලනය යටතේ පවත්වාගෙන යාම.


📍තෙචන අදියර (සේවක සුබසාධනය)

👉අවම වැටුප්‌, විශ්‍රා වැටුප්‌, අතිකාල දීමනා, පැය 08ක සේවා මුරය, සේවක නිවාඩු, වැඩබිමේ ප්‍රගතිය,

සේවක සුරක්ෂිත බව වැනි කරුණු දෙස අවධානය යොමු කිරීම.


📍සිව්වන අදියර (දේශපාලන, සිවිල්‌)

👉නිදහස්‌ හා සාධාරණ මැතිවරණ, ස්වාධීන අධිකරණ, ස්වාධීන ජනමාධ්යය, මූලික අයිතිවාසිකම්‌, නීතියේ

ආධිපත්යය, පක්ෂ දේශපාලනය, සමානාත්මතාවය ඇදිය.


📌සුබසාධක රාජ්‍යයක ලක්ෂණ.

-----------------------------------------------------

📍ආර්ථික අභිවෘද්ධිය සදහා මෙන්ම ඒමගින්‌ ඇතිවන ප්‍රතිලාභ ජනතාව අතර බෙදූ හැරීමට රාජ්‍යඝෘජුවම මැදිහත්‌ වීම,

📍ආර්ථික කළමනාකරණය රාජ්‍යය විසින්‌ මැදිහත්ව ඉටු කිරීම,

📍පෞද්ගලික අංශ විසින්‌ අඩු අවධානයක්‌ දක්වන හෝ අවධානයක්‌ නොදක්වන අංශ සම්බන්ධයෙන්‌ රාජ්‍ය මැදිහත්වීම.

📍සමාජ සුබසාධන කාර්යයන්‌ හා සංරක්ෂණ කාර්යයන්‌ ක්‍රියාවට නැංවීම,

📍සමාන පුරවැසියන්‌ හා සමාන ඉඩප්‍රස්ථාව යන පදනම මත රාජ්ය්‍ය ආර්ථික, දේශපාලනික, සමාජීය

කාරයයන්‌ කළමනාකරණය කිරීම,


📌සුබසාධක වාදයට දාර්ශනික ප්‍රවේශය...

----------------------------------------------------------------------


👉“සමාජ නොදැනුවත්බව හෙවත්‌ මෝහය, දිළිඳු බව, මත්පැන්‌ භාවිතය යන භයානක උපද්‍රච දුරු කිරීමට රාජ්‍යමැදිහත්‌ විය යුතුය.-ටී.එච්.ග්‍රීන්-👈


👉“ළමා අධ්‍යාපනය, වහල්බවින්‌ මිදීම, ශ්‍රම සූරාකෑම වැළැක්වීම, චැඩබිම්වල ප්‍රමිතිය, වැටුප්‌ නීර්ණය ආදී අංශවලට රාජ්‍යය මැදිහත්‌ විය යුතුය,”-ජෝන්‌ ස්ටුවර්‌ මිල්‌ -👈


👉"සමානාත්මතාවය හා නිදහස අතර පවතින්නේ අතිශය සමීප සබදතාවයකි, නිදහස හා ඉඩප්‍රස්ථාවන්‌ , ආදායම හා ධනය, ස්ව්‍යයං ගරුත්වය(Self-esteem) යනාදී සෑම සමාජ භාණ්ඩයක්ම සියලු දෙනාටම එකහා සමානව

බෙදියා යුතුය,”-ජෝන්‌ රෝල්ස්‌ -👈


📌රාජ්‍යය මගින්‌ ඉටුකළ යුතු ප්‍රධාන කරුණු 02 ක්‌ ඔවුන්‌ පෙන්වාදෙයි.


👉01. සමාජයේ මූලික මිනිස්‌ අවශ්‍යතාවවන ආහාර, නිවාස, ඇදුම්‌, සෞඛ්‍යය හා අධ්‍යපනය සපුරාගත නොහැකි කොටස්‌ වලට සහනාධාර වශයෙන්‌ සැපයීම,

👉02 සමාජයේ පොදු යහපතට අදාල නීති පැනවීම,


📍දෙවන ලෝක මහා සංග්‍රාමයෙන්‌ පසු කාලය තුල බිහිවන තුන්වන ලොව රටවල පැවති අතිශය සංකීරණ ගැටලු තුරන්‌ කිරීම සඳහා සුබසාධක වාදය අවශ්‍යය වූ අතර ඒ අනුව නූතන ලිබරල්‌ වාදය යටතේ වැඩියෙන්ම පාලනය කරන රාජ්‍යය හොඳම රාජ්‍යය ලෙස සලකනු ලැබීය,


🏛️03.නව ලිබරල්වාදී රාජ්‍ය අවධිය - 

අවම රාජ්‍ය

------------------------------------------------------------


👉අවම රාජ්‍යය සංකල්පය පිළිබඳ අදහස බිහිවන්නේ 20 වන ශතවර්ෂය අගභාගය තුලයි.අවම රාජ්‍යය යනු අඩුවෙන්ම පාලනය කරන රාජ්‍යය හොදම රාජ්යය ලෙසයි,මේ අනුව අවම රාජ්‍යය ක්‍රමය සුබසාධක රාජ්‍ය ක්‍රමයෙන්‌ පියවරක්‌ පිටුපසට ගිය නිර්බාධවාදී රාජ්‍යය ක්‍රමයෙන්‌ පියවරක්‌ ඉදිරියට ආ එම රාජ්‍යයන්‌ දෙකට අතරමැදි මට්ටමේ සිටින රාජ්‍ය ක්‍රමය වේ.එම රාජ්‍ය ක්‍රමයේ මූලිකම ලක්ෂණය වන්නේ රාජ්‍යයේ කාර්යභාරය හැකිලීමකට ලක්‌වීමයි. 

👉රටේ ආර්ථික ක්‍රියාවලියෙන්‌ රාජ්‍ය බොහෝ දුරට ඈත්‌ කර තැබීම හා ජනතාවගේ සුබසාධන කාර්යයන්‌ කපා දැමීමයි. මෙහිදී රාජ්‍ය අංශය තුළ පවතින සමහර නිෂ්පාදන හා බෙදාහැරීම්‌ පෞද්ගලික අංශය වෙත පවරා දීමක්‌ කරනු ලබන අතර රාජ්‍යය යටතේ පවතින ව්‍යයාපාර නව රාජ්‍යය

කළමනාකරණ මූලධර්ම යටතේ ප්‍රතිව්‍යහ ගත කරන ආකාරයක්‌ දැකිය හැක.


📌අවම රාජ්‍යය බිහිවීමට හේතු..

------------------------------------------------------

👉සුබසාධක වාදය යටතේ රාජ්‍යයට දැරීමට සිදුවන අධික වැය නිසාවෙන්‌ එය අධික වියදම්‌ සහිත

ආයතනයක්‌ විය, එම හේතුව තුල සුබසාධක සංකල්පය අර්බුදයකට ලක්‌ වීම,

👉පෞද්ගලික අංශයට නොවැදගත්‌ කර්මාන්ත අංශවලට වැඩි ආයෝජන කිරීම නිසාවෙන්‌ එම ආයෝජන අසාර්ථක වීම,

👉රාජ්‍යය ආයෝජනයන්‌ තුල වර්ධනය වූ වංචාව, දූෂණයහමුවේ රාජ්යයේ ආර්ථික පැවැත්ම අර්බුදයකට ලක්‌ වීම,


📌අවම රාජ්‍යයක ලක්ෂණ......

--------------------------------------------------

👉01. පෞද්ගලීකරණය,

👉02.විනිවිධ භාවය.


 📍ප්‍රජාතාන්ත්‍රික ස්වරූපය වර්ධනය වීම.


👉01. රාජ්‍යය කළමනාකරුවකුගේ භූමිකාව පමණක්‌ ඉටුකිරීම,

👉02.රාජ්‍යය සුබසාධක කටයුතු කප්පාදුවට ලක්කිරීම,


📌අවම රාජ්‍යයට දාර්ශනික ප්‍රවේශය

------------------------------------------------------------

👉මහාචාර්ය කේන්ස්‌, මිල්ටන්‌ ජරීමාන්‌ ( ධනවාදය ආ නිදහස යන ආර්ථික දර්ශනය), රොබට්‌ නොසික්‌, ජෝන්‌ රෝල්ස්‌ , ෆැන්සිස්‌ ෆුකුයාමා ආදී දාර්ශනික මතවාද වලින්‌ අවම රාජ්‍යය සංකල්පය පෝෂණය විය.


📌ලිබරල්‌ වාදය පිළිබඳ ඇගයීමක්‌,

---------------------------------------------------------

👉රාජ්‍යය සම්බන්ධ ලිබරල්වාදී මතයේ මුලික හරය වන්නේ “ රාජ්‍යය වූ කලි මිනිසුන්‌ විසින්‌ තම පොදු යහපත ඇතිකර ගැනීම සඳහා පිහිටුවාගත්‌ මානව සංවිධානයක්‌ වන බවයි " මෙම අදහස ග්‍රීකයුගයේ ජීවත්වූ ප්ලේටෝ,ඇරිස්ටෝටල්ගෙන්‌ පටන්ගෙන මේ දක්වා ජීවත්වූ සෑම ලිබරල්‌ වාදියෙකුම පිලිගෙන ඇත. මිනිසුන්‌ ශීලාචාර සමාජ ජීවිතයක්‌ ගතකිරීම ආරම්භ කිරීමෙන්‌ පසුව තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට සංවිධානය වීමට පටන්‌ ගත්හ. එසේ ආරම්භවන සංවිධානය වන ක්‍රියාදාමයේ අවසාන හා උත්තරීතර අවස්ථාව වන්නේ රාජ්‍යයක්‌ වශයෙන්‌ සංවිධානය වීම බව ලිබරල්වාදී මතය වේ. 

👉ඒ අනුව රජ්‍යය යනු මිනිසාගේ සමාජ හැසිරීමේ නොවැලැක්විය හැකි ප්‍රතිඵලයකි.


📌රාජ්‍යයේ ආරම්භය.

-------------------------------------

👉ලිබරල්වාදී මතයට අනුව රාජ්‍යයේ ආරම්භය කවදා වූයේදැයි නිශ්චිතව කිව නොහැකිය. ලිබරල්‌ වාදීන්‌ ප්‍රකාශ කරනුයේ වර්තමාන ජාතික රාජ්‍ය ක්‍රමය ද්රඝකාලීන සමාජ විකාශනයක ප්‍රතිඵලයක්‌ වන බවයි. ඔවුන් සමාජ විකාශනාත්මක වාදී මතය පිළිගනු ලබන අතර ග්‍රීක නාගරික රාජ්‍යය ක්‍රමයෙන්‌ ආරම්භවී රෝම,මධ්‍යතන,වැඩවසම්‌, යුග හරහා නූතන ජාතික රාජ්‍යය ඇතිවුබව පිළිගනී. ඒ අනුච රාජ්‍යයේ ආරම්භය සම්බන්ධයෙන්‌ ලිබරල්‌ වාදීන්‌ පිළිගනු ලබන්නේ සමාජ විකාශනාත්මක වාදී මතයයි.

👉එක්‌ ජාතියකට එක්‌ රාජ්‍යයක්‌ (One Nation One State) යන පදනම මත නූතන ජාතික රාජ්‍යය බිහිවූ අතර එය නිශ්චිත භූමිය,ආණ්ඩුව, ජනගහනය, ස්වාධිපත්‍යය යන අංග ලක්ෂණ වලින්‌ යුක්ත බව ද ඔවුන්‌ පිළිගනී.


📌විකාශනය

------------------------

👉ලිබරල්වාදීන්‌ රාජ්‍යයේ විකාශනය සම්බන්ධයෙන්‌ ඉදිරපත්‌ කරනුලබන අදහස බොහෝදුරට සමාජ

විකාශනාත්මක වාදීන්ගේ අදහසට සමාන චේ. මේ අනුව නූතන ජාතික රාජ්‍යය ක්‍රමය දක්වා දිගු ඓතිහාසික ගමනක නියැලී සිටින බව පෙන්වා දෙයි. (සමාජ චිකාශනාත්මක වාදය බලන්න.) එසේම නූතන ජාතික රාජ්‍යයේ ආර්ථික මුහුණුවර වෙනස්‌ වීම සමඟ ද රාජ්‍යය විකාශනය වු බව ඔවුන්‌ විග්‍රහ කරයි.


📍නූතන ජාතික රාජ්‍යය ආරම්භයේදී රාජ්‍යය නිර්බාධවාදී ප්‍රතිපත්තිය සමග ද,

📍කාර්මික විප්ලවයෙන්‌ පසුව ධනවාදයේ නැගීමත්‌ සමඟ සුබ සාධක ප්‍රතිපත්තිය නිසාවෙන්‌ ද,

📍1870 දශකය ආරම්භයත්‌ සමග ඇති වූ අවම රාජ්‍යය සංකල්පය නිසාවෙන්ද

👉රාජ්‍යය විකාශනයට නව අර්ථයක්‌ එක්‌ වූ බව පෙන්වා දෙයි.


📌ස්වාභාවය

----------------------


👉රාජ්‍යයේ ස්වාභාවය සම්බන්ධයෙන්‌ ලිබරල්වාදීන්‌ දරන මතය වනුයේ රාජ්‍යය වූකලි මිනිසුන්‌ පොදු

යහපත ලඟා කර ගැනීම සඳහා පිහිටුවා ගනු ලැබු සමාජ සංස්ථාවක්‌ බවයි.


👉"ප්‍රීතිමත්‌ හා ගෞරවාන්විත ජීවිතයක්‌ ගත කිරීමේ අරමුණින්‌ මිනිසුන්‌ විසින්‌ පිහිටුවාගත්‌ සමාජ සංවිධානයරාජ්‍යය වේ,”-ඇරිස්ටෝටල්‌ -👈


📍එනම්‌ රාජ්‍යයේ මූලික කාරිය විය යුත්තේ එම අරමුණ ඉටුකර දීමයි. ලිබරල්‌ වාදීන්‌ දක්වන ආකාරයට විවිධ ගතිගුණ , අදහස්‌ , හැසිරීම්‌ රටාවන්‌ , ඕනෑ එපාකම්‌ සහිත ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්‌ වාසය කරනා සමාජයක පෞද්ගලිකවත්, පොදුවේත්‌ තම අභිවෘද්ධිය ඇති කර ගත හැක්කේ පොදු පාලනයක්‌ ඇති කිරීම තුලිනි. රාජ්‍යය නීති පනවනුයේද එම අරමුණ සහිතවයි. එම නීති පුරවැසියන්ට පීඩාවක්‌ නොවියයුතු වන අතර එසේ සාදනු ලබන නීති වලට අවනත වීමද පුරවැසි යුතුකමක්‌ බව ලිබරල්‌ වාදීහු පෙන්වා දෙති.


📌අනාගතය

-----------------------


👉රාජ්‍යය යනු මිනිසාගේ සමාජ පැවැත්ම සදහා අවශ්‍යම ආයතනයක්‌ වන අතර රාජ්‍යයේ මග

පෙන්වීමකින්‌ තොරව මිනිසුන්ට තම ජීවිත සුඛිත මුදිත කර ගැනීමට නොහැකි බව ලිබරල්‌ වාදීහු පෙන්වා දෙති.එබැවින්‌ මිනිසුන්‌ මිහිපිට ජීවත්වනතාක්‌ උපතේ සිට මරණය දක්වා වූ සියලුම කාර්යයන්‌ වලට රාජ්‍යය සම්බන්ධ වෙමින්‌ මහජන සුබසාධනයක්‌ ඇතිකළ යුතු බව පිළිගනී. 


👉ලිබරල්‌ වාදීන්‌ පෙන්වා දෙන්නේ මිනිස්‌ සමාජයේ ජීවත්‌ වන සියලු මිනිසුන්‌ එකට එක්තැන්‌ කොට පොදු පිළිවෙතකට හැසිරවීම සඳහා රාජ්‍යය අත්‍යවශ්‍ය බවයි.නමුත්‌ කාලීන අවශ්‍යතා අනුව පොදු යහපත උදෙසා රාජ්‍යය ක්‍රියා කරන ආකාරය වෙනස්විය

හැකි වූවද රාජ්‍යය වර්තමානයේ මෙන්ම අනාගතයේ දීද එවැනිම වෙනස්කම්‌ වලට බඳුන්වෙමින්‌ ඉදිරියට යනු ඇත. 

👉කුමන වෙනස්කම්‌ සිදුවුවද මිනිසුන්‌ මිහිපිට වෙසෙනතාක්‌ රාජ්යය පචතින බව ලිබරල්‌ වාදීන්‌ අවධාරණය කරයි.

🛑ඔවුන්‌ කොමියුනිස්ට්‌ වාදීන්‌ මෙන්‌ රාජ්‍යයෙන්‌ තොර සමාජයක්‌ අපේක්ෂා නොකරයි.


🏛️ලිබරල්‌ රාජ්‍යයක ලක්ෂණ.

------------------------------------------------

📍පෞද්ගලික නිදහස, අයිතිවාසිකම්‌, හා සමානාත්මනාවය ආරක්ෂා කිරීම.

👉පුද්ගලයකුගේ ගෞරවනීයභාවය ආරක්ෂා කළ හැක්කේ ඔහුට නිදහසේ ජීවත්‌ වීමට සුදුසු පරිසරයක්‌ ඇතිකිරීම තුලින්‌ පමණක්‌ බව ලිබරල්වාදීන්‌ අවධාරණය කරයි.මේ සඳහා සමාජය තුල පුද්ගල නිදහස, අයිතිවාසිකම්‌,සමානාත්මතාවය ආදී ගුණංග තහවුරු කිරීමටත්‌, ආරක්ෂා කිරීමටත්‌ අදාල පියචර රාජ්‍යය විසින්‌ ගතයුතුය.මෙයට අමතරව සමාජය තුල ජීවත්වන සෑම පුරවැසියකුටම තම අභිවෘද්ධිය සඳහා කටයුතු කිරිමට සමාන ඉඩ ප්‍රස්ථාවන්ද ලබාදිය යුතු බව ලිබරල්වාදීහු පෙන්වා දෙති.


📍 නීතියේ ආධිපත්‍ය.

👉නීතියේ ආධිපත්‍යය යන සංකල්පය ලිබරල්වාදී රාජ්‍යයක්‌ තුළ දක්නට ලැබෙන තවත්‌ එක්‌

වැදගත්‌ මූලධර්මයකි. එමගින්‌ පාලකයින්‌ හා පාලිතයින්‌ සියලු දෙනා නීතිය ඉදිරියේ එක සමාන සැලකීමකට බඳුන්වන බව පෙන්වා දෙන අතර පාලකයින්‌ අභිමත අයුරින්‌ නීති තම සුඛ විහරනය සදහා යොදාගත නොහැකි බව පෙන්වා දෙයි. නීතියේ ආධිපත්‍යය මගින්‌ පාලකයින්ට යම්‌ ආකාරයකට හෝ සංවරණයක්‌ ඇතිකළ හැකි නිසා එමගින්‌ ජනතාවගේ නිදහස , අයිතිවාසිකම්‌ තහවුරුවන බව පෙන්වා දෙයි.


📍ව්‍යවස්ථානුකූල වාදය

👉ලිබරල්‌ රාජ්‍යයක පාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්‌ මත රදා පැවතිය යුතු බව ලිබරල්‌ වාදීන්‌ පෙන්වා දෙයි. ව්‍යවස්ථානුකූල පාලනයක්‌ තුල පාලකයාගේ බලය නිශ්චිත වූ රාමුවකට සීමා වන නිසා ඒ තුලින්‌ පාලකයින්‌ අත්තනෝමතික භාවයට පත්වීම වැලකෙයි. එම තත්වය තුල ජනතාවගේ අයිතිවාසිකම්‌ සුරක්ෂිත වන බව ලිබරල්‌ වාදීහු පෙන්වා දෙති.


📍දේශපාලන නිදහස

👉ලිබරල්වාදී සමාජයක පුද්ගලයාගේ දේශපාලන සවිඥානිකත්වය පුරවැසියන්ට දේශපාලන

නිදහසක්‌ ලබා දිය යුතු බව ලිබරල්වාදීන්‌ පිළිගනී. ඒ යටතේ තමන්ගේ අභිමතය පරිදි දේශපාලන මතයක්‌

දැරීමට, තරගකාරී දේශපාලනයේ නියැලීමට, තමන්‌ අභිමත නියෝජිතයෙකුට ඡන්දය ලබාදීමට, පක්‍ෂ

දේශපාලනයේ නියැලීමට, නිදහස්‌ හා සාධරණ මැතිවරණ වලට සහබාගී වීමට, දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන්‌ (Political Vileness) තොර වීමට, ආදිය නිදහසක්‌ පුරවැසියාට හිමිවිය යුතු බව ලිබරල්‌ වාදීන්‌ පෙන්වා දෙයි.


📍නිදහස්‌ ජනමාධ්‍ය

👉වර්තමානයේ ජනතාවට තොරතුරු දැනගැනීමට හැකි ආකාරයක්‌ ලෙස ජනමාධ්‍යය හදුන්වා දිය

හැක. ලිබරල්වාදී සමාජයක්‌ තුළ මාධ්‍ය නිදහස රාජ්‍යය විසින්‌ තහවුරු කොට පවත්වාගෙන යායුතු බව ඔවුන්‌ පිළිගනී. අනවශ්‍යය බලපෑම්‌ කිරීම්‌ , මැදිහත්‌ වීම්‌ ආදිය මෙහි ප්‍රතික්ෂේප කරන අතර ජනතාවට සැබෑ තොරතුර දැනගැනීමේ අයිතිය ලිබරල්‌ වාදය තුලින්‌ තහවුරු කරයි.


📍අධිකරණ ස්වාධීනතාවය

👉ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ බලපෑමෙන්‌ ව්‍යත්පන්න වූ අධිකරණයක්‌ පවත්වාගෙන යායුතු බව ලිබරල්‌ වාදීන්‌ පෙන්වා දෙයි. මේ යටතේ විනිසුරුවරුන් පත්කිරීම , ඉවත්‌ කිරීම හා ඔවුන්ගේ සේවයේ ස්ථිරභාවය රටේ මුලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම සහතික කර තිබීම මගින්‌ අධිකරණ ස්වාධිනත්වය තහවුරු කල හැකි බව ලිබරල්‌ වාදීන්‌ පෙන්වා දෙයි. එසේම අධිකරණයට අපහාස කිරීම,අධිකරණ කටයුතු වලට මැදිහත්වීම දඩුවම්‌ ලැබිය හැකි වරදක්‌ බවට සඳහන්‌ කර තිබීම ආදිය ලිබරල්වාදී රාජ්‍යයන්‌ තුල නූතනයේදී දැකිය හැකිවේ.


📍බලපෑමේ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය

👉බලපෑම් කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයද ලිබරල්වාදී රාජ්‍යයක්‌ තුල දැකියහැකි ප්‍රධාන

ලක්ෂණයකි. ආණ්ඩුවක්‌ විසින්‌ අනුගමනය කරන දේශපාලන, සමාජ, ආර්ථික ප්‍රතිපත්ති වලින්‌ ජනතාවට සිදුවන හානිකර තත්වයන්‌ වලක්වා ගැනීම සදහාත්‌ මහජන මතය හැඩගස්වමින්‌ ආණ්ඩුවට බලපෑම්‌ කිරීමේ ඇති හැකියාවත්‌ නිසාවෙන්‌ නූතන ලිබරල්වාදී රාජ්‍යයක්‌ තුල බලපෑමේ කණ්ඩායම්‌ වල ක්‍රියාකාරීත්වය වඩාත්‌ කැපී

පෙනේ.


📍නියෝජන ආණ්ඩුක්‍රම පැවතීම

👉ලිබරල්වාදී රාජ්‍යයක ජනතාවගේ අභිමතය පරදි තෝරා පත්කර ගනු ලබන ආණ්ඩුවක්‌ පැවතීමද

එහි මූලික ලක්ෂණයකි. එනම්‌ ආණ්ඩුවේ සුජාතභාවයේ ඇති වැදගත්කම මෙහි දී අවධාරනය කෙරේ. සර්වජන ඡන්ද බලය යටතේ නිදහස්‌ හා සාධරණ මැතිවරණ තුලින්‌ මහජනතාව තම නියෝජිතයන්‌ තෝරාපත්කර ගැනීමට මේ හරහා ඉඩ ප්‍රස්ථාව උදාවෙයි.


📍යහපාලනය

👉ලිබරල්වාදී රාජ්‍යයක පවතින තවත්‌ එක්‌ ප්‍රධාන ලක්ෂණයක්‌ ලෙසට යහපාලනයක පැවතීම

හදුන්වා දිය හැක. දූෂණ අක්‍රමිකතා චලින්‌ තොරව හා රාජ්‍යය සේවය දේශපාලනීකරනයකින්‌ තොරව ක්‍රියාත්මක වීම මෙහි දී අපේක්ෂා කෙරේ. එසේම මේ සඳහා ස්වාධින අධිකරණයක පැවැත්මද තිබිය යුතු බව ලිබරල්වාදීන්‌ අවධරණය කරයි.


📍වගකීම්‌ සහිත ආණ්ඩුව

👉නියෝජන සිද්ධාන්තයේ පදනම මත මහජනතාව තෝරාගත්‌ නියෝජිතයන්ගෙන්‌ සැදුම්ලත්‌ ආණ්ඩු වූකලි වගකීම්‌ සහගතව තම යටත්වැසියා කෙරෙහි කටයුතු ඉටුකිරීම මෙමගින්‌ අර්ථවත්‌ කෙරේ, ලිබරල්වාදී රාජ්‍යයක ජනතාවගේ යහපත උදෙසා ක්‍රියාකිරීම ආණ්ඩුවට පවතින වගකීම මෙහිදී අවධාරණය කෙරේ.


👉මේ ආකාරයට ලිබරල්වාදී රාජ්‍යයක ලක්ෂණ සංශිප්තව පෙන්වාදිය හැක.


🏛️ ලිබරල්වාදී මතයේ සාරාංශය..

-------------------------------------------------------


📌රාජ්‍යය වූ කලි පොදු යහපත උදෙසා පිහිටුවා ඇති පොදු සමාජ සංවිධානයක්‌ වන බව.

📌රාජ්‍යය අනෙකුත්‌ සමාජ සංවිධානවලට වඩා උත්තරීතර බව.

📌රාජ්‍යයකින්‌ තොරව පුරවැසියාට හෝ මුලුමහත්‌ සමාජයටම අභිවෘද්ධියක්‌ ලගාකරගත නොහැකි බව.

📌රාජ්‍යය ප්‍රධානතම අරමුණ වන්නේ පොදු සමාජ යහපත සැලසීම වචන අතරම පුරවැසි නිදහස හා

අයිතිවාසිකම්‌ සුරක්ෂිත කිරීමයි.

📌පොදු අභිවෘද්ධිය සඳහා සෑම පුරවැසියෙකුම තම සමාජ යුතුකම්‌ හා වගකීම්‌ ඉටු කල යුතුබව.

📌රාජ්‍යය ස්වාධිපති බලය ගුරුකොට ගත්‌ සමාජයේ ඇති එකම ආයතනය වන අතර එතුලින්‌ පුරචැසියන්‌

විශේෂීකරණයකට ලක්‌ නොකළ යුතු බව.


🛑ලිබරල් වාදය පිළිබඳ මාක්ස්වාදී විවේචනය....

---------------------------------------------------------------------------


👉“ලිබරල්වාදය යනු ධනේශ්වර ආර්ථිකයේ අදාල පැවැත්ම තහවුරු කරන අවස්ථාවාදී හා කපටි දේශපාලන මතවාදයක්‌ බවයි,-කාල්‌ මාක්ස්‌ -👈


👉“සුබසාධනය යනු ධනේශ්වර නිරුවත වසා තබන දුහුල්‌ කඩතුරාවකි,-කාල්‌ මාක්ස්‌ -👈


=======================================

✍️අ.පො.ස උසස් පෙළ දේශපාලන විද්‍යා විෂය

ඇසුරින් සකසන ලද ලිපියකි.

 

🌏සබැඳි- පැසිස්ට්වාදය

https://m.facebook.com/story.php?story_fbid=450920780372804&id=100063646586179


=======================================

✍️🌏🏛️📸📰🗺️💻📱

 #ගවේෂණ #SriLanka #මීරිගම_ඊෂණ

Friday, July 29, 2022

🌿අතුපන්දලම යෙදීමේ චාරිත්‍රය

🦚රුහුණු මහා කතරගම දේවාලයේ  

🦚2022 ඇසළ මංගල්‍යය 

===============================

📌රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ  අලි ඇතුන් ලවා කරන තවත් සුවිශේෂී චාරිත්‍රයක් වන්නේ..අතුපන්දලම යෙදීමේ චාරිත්‍රයයි..🐘🌿 

👉දේවාලයේ ඉදිරියේ ඇති පරණ අතු පන්දලම ඉවත් කර අළුත් අතුපන්දලමක් දැමීම මෙදින සිදු කරයි. 

🌿“අතුපන්දලම” ලෙස හඳුන්වනු ලබන්නේ මහා දේවාලය ඉදිරිපස ඇති කොළ අතු යොදා සකස් කරන ලද ආවරණයයි. මෙම අතු පන්දලමට යොදන අතු වර්ෂය පුරා පවතී. අතු පන්දලමට අළුත් අතු යොදා ගන්නේ වසරකට වරක් පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේ සයවන දිනය තුලය.🌿

👉මේ සඳහා “දඹ” නැමැති විශේෂ අතු වර්ගය භාවිත කරනු ලබයි. කැළයෙන් කපා ගන්නා ලද මෙම අතු දේවාලයේ ප්‍රධාන මගුලැතු ( #කතරගම_වාසනා )පෙරටු කොට ගත් අලි ඇතුන් මාර්ගයෙන් දේවාල මලුව වෙත ගෙන එනු ලබයි. 

👉ඉන් පසු වහලය මතට එම අතු රැගෙන දෙන්නේද අලි ඇතුන්මය. මෙය දැක බලා ගැනීම සඳහා සාමාන්‍ය වර්ෂ  වලදී විශාල ජනතාවක්  දේවාල භූමියට පැමිණේ..


✍️මෙම අතුපන්දලම තුලින් මූර්තිමත් කරනු ලබන පුරාවෘත්තය මෙසේය. (ජනප්‍රවාද කතාවකි) කතරගම දෙවියන් මැණික් ගං ඉවුරේ මිනිසුන්ගේ සිත් දැන ගනු වස් තවුස් වේසයක් මවාගෙන වාසය කරන කල්හි ගැල් කිහිපයක් පැමිණ මැණික් ගඟෙන් එගොඩ වීමට නොහැකිව මෙම තාපස තුමා වෙත එම ගැල්කරුවන් ඒ බව දන්වා ඇත. එවෙලේදී ඔහු එම ගැල් කරුවන් සඳහා උදව් කර ඇත. එගොඩ වූ ගැල් කණ්ඩායම ආහාර පිළියෙල කර තාපස තුමාටත් පිළිගන්වා ඇත. පසුව තාපස තුමාගෙන් වෙන කුමන හෝ උපකාරයක් අවශ්‍යද දැයි විමසා ඇත. එවිට තමාට වාසය කිරීමට තැනක් නොමැති බව පවසා ඇත. ඒ අනුව මෙම ගැල්කරුවන් කණු හතරක් සිටුවා කොළ අතු සෙවිළි කර නිවසක් තනා දී ඇත. එම සිද්ධාන්තය සිහිපත් කිරීම සඳහා අදත් මෙම අතුපන්දලම යොදා ගන්නා බව ඉතිහාසයේ සඳහන් වේ. 


🐘ඒ වගේම අතුපන්දලම චාරිත්‍රයෙන් අනතුරුව කඩොල් ඇතුගේ දළ යුවල ප්‍රදර්ශනය මෙදිනම සිදු කරනු ලබයි.


👉එහිදී  කඩොල් ඇතාගේ දළ යුගලය රන්කොත් මාළිගයෙන් පිටතට ගෙන ප්‍රදර්ශනය කිරීමක් සිදුවේ.


👉කඩොල් ඇතා යනු දුටු ගැමුණු රජතුමාට යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා සහය දුන් හස්ති රාජයා ‍වේ. මෙම දළ යුගලය බුත්තල පාරේ ගෝනගං ආර ප්‍රදේශයේ “ඇත් දළ තැබූ ගල” යන ස්ථානයේ සඟවා තිබී ඇති අතර කඩොල් ඇතා විසින් ඇත් දළ යුගලය ගලක ඇණ සඟවා තබා ඇති බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ. එවකට දේවාලයේ තේවාව බාර ප්‍රධාන කපු මහතාට මෙම දළ යුගලය රැගෙනවිත් දේවාලයේ තැන්පත් කරන ලෙස සිහිනෙන් දන්වා ඇති බව ඉතිහාසය ශාක්ෂි දරයි.🐘


👉වසර තුනකට පසු මහජනතාව වෙනුවෙන් මෙවර කඳසුරිඳු පූජා මංගල්‍ය විවරව ඇති අතර 2022 කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ සයවන දිනයේදී මෙම අසිරිමත් අතුපන්දලම චාරිත්‍රය සවස් භාගයේ කතරගම වාසනා මගුලැතු ප්‍රමුක අලි ඇතුන්  සිදුකිරීමට නියමිතව ඇත..🐘🌿


===============================

🦚රුහුණු මහා කතරගම දේවාලය 🦚

🦚ඇසළ මහා මංගල්‍යය 2022🦚

-----------------------------------------------------------

👉ජූලි 29 - පළමුවෙනි මඟුල් මහා පෙරහැර 

👉ජූලි 30 - දෙවෙනිමඟුල් මහා පෙරහැර 

👉ජූලි 31 - තෙවෙනි මඟුල් මහා පෙරහැර

👉අගෝස්තු 01 - සිව්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 02 - පස්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 03 - සයවෙනි මඟුල් මහා පෙරහැර

(අතුපන්දලම යෙදීමේ චාරිත්‍රය)

👉අගෝස්තු 04 - සත්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 05 - අටවෙනි  මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 06 - නවවෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 07 - දසවෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 08 - එකොළොස්වෙනි මඟුල් මහා පෙරහැර සහ ගිනි පැගීමේ මංගල්‍යය 

👉අගෝස්තු 09 -  දොළොස්වෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු 10 - දහතුන්වෙනි මඟුල් මහා පෙරහැර

👉අගෝස්තු 11 - දහතරවෙනි මඟුල් මහා පෙරහැර 

👉අගෝස්තු  12 -  දිය කැපීමේ මංගල්‍යය


ඔබ සැමට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි !!!

🦚සුරිදුනි කතරගම 2022🦚

💙සත් සිත් නිවනු මැන💙

======================================

✍️🇱🇰🐘🦚☸️🕉️📸📰©️🅿️

 #ගවේෂණ #විශ්ලේෂණ #Newslk #SriLanka #මීරිගම_ඊෂණ #කතරගම_වාසනා #රුහුණු_කතරගම_දේවාලය


Sunday, May 22, 2022

ඉතිහාසය පුනරාවර්තනය වෙයිද

77 ඒ.ජා.ප ජයග්‍රහණයේ පුරෝගාමී සටහන

---------------------------------------------------------------



    1970 මාර්තු 25  දින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඩඩ්ලි සේනානායකයන් කටයුතු කිරීමෙන් 70 දශකයේ දේශපාලනය දිග හැරෙයි. මේ කාලවකවානුව වන විට ඩඩ්ලි ගේ පාලන කාලය තුළ පොල්ගොල්ල වේල්ල ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට තිබුණි. හාල් සේරුවක් නොමිලේ ලබාදුන් ඩඩ්ලි සේනානායක මහතා ගේ රජය තවත් සේරුවක් ලබාදුන්නේ සත 75 කට ය. 1970 මහමැතිවරණ යෙදී ජනතාවට ඇමතුම් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණ බලයට පැමිණි පසු හාල් සේරු දෙකම නොමිලයේ දෙන බව ප්‍රකාශ කළාය මැතිනියගේ එම පටු ප්‍රකාශය ගැන ඇතැමෙක් අභියෝගයට ලක් කරන විට සිරිමාවෝ මැතිනිය ප්‍රකාශ කළේ "හඳෙන් වුවත් හාල් සේරු දෙක ගෙනත් දෙන බවට" පොරොන්දු වීමෙනි. 


        1970 මහ මැතිවරණයේ ප්‍රතිඵල යළිත් සනාථ කළේ සහල් සේරු 2 වැනි සිල්ලර බලාපොරොත්තු මිස ජනතාවට ප්‍රතිපත්ති හෝ සංවර්ධන කටයුතු අදාල නොවන බවකි. සිව්වරක් ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුරට පත් වූ ඩඩ්ලි සේනානායක මහතා 1973 අප්‍රේල් 13 වන දින කොළඹ ඩර්ඩන්ස් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අවසන් සුසුම් හෙළීය. අප්‍රේල් මස 21 වන දින පැවති ආදාහන උත්සවයට දස ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී වූ අතර ලංකා ඉතිහාසයේ සුවිශේෂී වූ ද වැඩිම ජනතාවක් සහභාගී වූ අවමංගල්‍ය උත්සවය බවට එම අවමංගල්‍ය උත්සවය පත්විය. 

           නොමිලේ ලැබෙනවා නම් හිසේ ඇම්ම වුවද භාර ගැනීමට තරම් පහලට වැටුනු ජාතියක් බවට අප පත් වූයේ සිරිමාවෝ ප්‍රමුඛ සමගි පෙරමුණු රජය බලයට පැමිණීමට දුන් පොරොන්දු නිසාය.   

            

              මෙම කාල වකවානුව වන විට රටේ තරුණ තරුණියන් අතර විරැකියාව, ආහාර හිඟකම, මිරිස් පොලු ,සහල් පොලු, ඇඳීමට ඇඳිවත වත් නොමැති කාල වකවානුවක් බවට පත්වෙමින් තරුණ තරුණියන්ගේ අසහනය වර්ධනය වෙමින් තිබූ කාලවකවානුවක් ලෙස පෙන්වාදිය හැකිය. රුසියාවේ අධ්‍යාපනය ලැබූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයන් මේ තරුණ අසහනය මැනවින් අවබෝධ කරගෙන කාලීන අවශ්‍යතාවයක් ලෙස විප්ලවීය දේශපාලනයකට මුල පුරමින් තිබූ කාලයකි.


             ඒ.ඊ ගුණසිංහ මහතාගේ කම්කරු සංගමයෙන් දේශපාලනයට පිවිසි ආර් ප්‍රේමදාසයන් කොළඹ නගර සභාවට තේරී පත්වූ අතර 1965 දී මැද කොළඹ අසුනෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ජාතික  රජයේ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරා පසුව පළාත් පාලන අමාත්‍ය තනතුරට පත්විය. ඉන්පසු 1970 පැවැති මැතිවරණයෙන් එජාපය පරාජයට පත්වුවද මැද කොළඹ දෙවන මන්ත්‍රීවරයා ලෙස එම මැතිවරණයෙන් රණසිංහ ප්‍රේමදාස මහතා ජය ගත්තේය.


           එක්සත් ජාතික පක්ෂය 1970 දී ලැබූ පරාජය සමඟ රණසිංහ ප්‍රේමදාස මහතා "පුරවැසි පෙරමුණ" නමින් දේශපාලන සංවිධානයක් පිහිටුවාගෙන එජාපයේ නායකත්වය අභියෝගයට ලක් කරමින් කටයුතු කරමින් සිටි අවධියක් ලෙස70 දශකයේ මුල් භාගය සඳහන් කළ යුතුය.


        දැයට " බත්දුන් පියානන්ගේ" නික්ම යෑමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පැමිණි ජේ.ආර් ජයවර්ධනයන් රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට ලංකාවේ දේශපාලනය චලනය වුණු ආකාරය පිළිබඳ ප්‍රායෝගික මෙන්ම පුළුල් අවබෝධයක් ඒ වන විට ජීවිතේ සැඳෑ සමය ගත කරමින් සිටි ජූනියර් රිචඩ් ජයවර්ධන මහතාට තිබුණි.


         දේශපාලනික පරිණත බුද්ධි ලාභියකු වූ එතුමාගේ බලාපොරොත්තුව වූයේ ඔහුගේ පාලන සමය තුළදී සමෘද්ධිමත් ලංකාවක් තනා ගැනීමය. ඒ සඳහා ඔහුගේ නායකත්වය තුළ පක්ෂයෙන් බිඳී වෙන්වී ගිය කොටස් නැවත එකතු කරමින් පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් දැවැන්ත සටනකට භූමිය සකස් කළේය.


            එහි ප්‍රතිඵලයක් ලෙස 1977දී 5/6ක ජනවරමක් ලබා ගෙන ජග්‍රහණයේ කිරුළ හිසෙහි පලඳා ගත් විගස ඔහු කල්පනා කලේ සමගි පෙරමුණ රජය විසින් අවුරුදු 30කට කල් දමා තිබුණු මහවැලි යෝජනා ක්‍රමය අවුරුදු 6කින් සම්පූර්ණ කිරීමට සැලසුම් සකස් කිරීමය. ඒ සඳහා ලෝක බැංකු ආධාර සමග එංගලන්තය ජර්මනිය කැනඩාව ඇතුළු රටවල් රැසකින් විදේශාධාර ලබාගෙන මහවැලිය රන්දිය වර උතුරුමැද පලාත ඔස්සේ ත්‍රිකුණාමලයට ගෙනගොස්  බෙදාහැරීම එහි එක් පියවරකි


        යහමින් බත බුලත සුලභ කොට කුමාරතුංග මුනිදාසයන් කියූ ආකාරයට අලුත් දෑ තැනිය යුතුය, නව නිපැයුම් කළ යුතුය, එවිට භාණ්ඩාගාරයට මිල මුදල් හිඟ නොවේ. එවැනි කාර්මික නිපයුම් නිපදවීමට විදුලිය අවශ්‍ය වේ , ඒ සඳහා දිය මංපෙත් තනා මෙල්ල කොට විදුලිය නිපදවීමට ඔහුට අවශ්‍ය විය.රාජාංගනය උතුරු මැද පළාතේ කලා වැව ආශ්‍රිත ප්‍රදේශ විශේෂයෙන් ගල්නෑව වැනි ප්‍රදේශ යල මහ දෙකන්නයටම යහමින් අස්වනු ලැබෙන්නේ මහවැලි යෝජනා ක්‍රමයේ දැක්මට අනුව ය.


              ජේ ආර් ගේ ඊළඟ ඉලක්කය වූයේ විදෙස් ආයෝජකයන්ට මෙරට දොර කවුළු විවෘත කොට ඔවුන්ගේ ධනයෙන් රට ගොඩ නැගීමට තාක්ෂණය ලබාගැනීමය. ඒ සඳහා නිදහස් වෙළඳ කලාප පිහිටුවීම මගින්  මුලපිරූ ජේ ආර් කටුනායක ප්‍රදේශයේ සහ මහ කොළඹ ආර්ථික කොමිසම මගින් විදෙස් නියෝජිතයන්ට කර්මාන්ත ආරම්භ කිරීමට දිරි දුන්නේ ය.මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහයන් දැවැන්ත කර්තව්‍යයක් සිදුකර ඇති අතර තරුණ තරුණියන්ගේ විරැකියාව මුලින් උපුටා දැමීමට ඔහු කටයුතු කළේය. ඉන් නොනැවතුනු රනිල් ජාතික තරුණ සේවා සභාව දැයි තාරුන්‍යට දායාද කරමින් තරුණ තරුණියන්ගේ හැකියාවන් ඔපමට්ටම් කිරීමට තෝතැන්නක් සකස් කළේය.


            සිංගප්පූරුව මලයාසියාව වැනි රටවල් අනුගමනය කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක වී වේගවත් දියුණුවක් කරා රට යොමු කිරීම  ජේ ආර් ජයවර්ධන නම්වූ මේ පරිණත රාජතාන්ත්‍රික යාගේ අරමුණ වූවා සැකනැත. සැබැවින්ම ඵල දැරූ ඔහුගේ උත්සාහයට අනුව විදෙස් ආයෝජකයින් වෙළඳ කලාප තුළ කර්මාන්තශාලා ස්ථාපිත කළෝය එමගින් තරුණ තරුණියන්ට ඍජු රැකියා ලක්ෂයක් හිමිවිය තවත් වක්‍ර රැකියා ලක්ෂයක් ද බිහි විය.


           ලංකාවේ පිහිටීමට අනුව ඉන්දියාවට යම්කිසි ආකාරයක භූදේශපාලනික බලපෑමක් එල්ල කිරීමට තිබෙන හැකියාව හේතුකොට ගෙන අපේ රටේ ආර්ථික  පිබිදීම , දකුණු ආසියාවේ ප්‍රබල රාජ්‍යයක් බිහි වීම අසල්වැසියාගේ කැමැත්තක් තිබුණේ  නැත.


නමුත් ලාංකේය දේශපාලනයේ දීර්ඝතම යාත්‍රිකයා ලෙස ජේ ආර් ට ලංකාවේ දේශපාලන,සමාජ, ආර්ථික සංස්කෘතික ඉසව් පොහොසත් කිරීමට දැඩි උවමනාවක් සහ දැක්මක් තිබුණේය


          මේ රට සංවර්ධනය කිරීමට බාධා ලෙස තිබුණු අට අනූවක් රෝග පීඩාදිය ගැන ජේ ආර් ජයවර්ධන මහතාට ප්‍රබල අත්දැකීම් රාශියක් තිබුණේ එය එම නිසා ඔහු මූලිකවම කළේ ව්‍යවස්ථාව වෙනස් කිරීමයි. එහිදී අග්‍රාමාත්‍යවරයා කේන්ද්‍ර කර ගනිමින් තිබූ ලංකාවේ දේශපාලනය විධායක ජනාධිපතිවරයෙකු යටතට පත් කරමින් ලංකා දේශපාලනය උඩුයටිකුරු කළේය.


              1982 වන විට රට සංවර්ධන නැමැති පීල්ලේ නිරුපද්‍රිතව මෙහෙය වීමට ඔහුට හැකි වූවේය. එහි ප්‍රතිඵල මහවැලිය, නිදහස් වෙළඳ කලාප ආයෝජන හරහා මහා පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලා සහ වෙනත් කර්මාන්ත ක්‍රියාත්මක වී පෙර නොතිබූ ආකාරයට ලංකාවේ සංවර්ධන කඩයිම් පසුකර යෑමය.


             1982 ජනාධිපතිවරණයට තරඟ කොට 50% වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ ජයවර්ධන මහතා දෙවන වරටත් ලංකාවේ පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය අනතුරුව මහ මැතිවරණයක් පැවැත්වීම සාමාන්‍ය සිදුවිය යුත්තකි. එසේ නොකොට ජනමත විචාරණයක් පවත්වා එමගින් පාර්ලිමේන්තුවේ කාලසීමාව තවත් වසර පහකින් දීර්ඝ කරන ලදී


           රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ජයවර්ධන ජනාධිපතිවරයා සියලු වැර වීරිය යොදා ක්‍රියාත්මක වෙමින් සිටින විට 1983දී වාර්ගික ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර වෙමින් රට අස්ථාවර තත්ත්වයට පත්විය සියලු බාධක වලට මුහුණ දෙමින් ජයවර්ධන මහතා 1988 වනතුරු රටේ පාලන කටයුතු ගෙන ගියේය.

            ඉන්දියන් නාවික හමුදාව නැව් මගින් ආහාර ද්‍රව්‍යය අත්ඇරීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක වීමත් සමඟ අන්තර්ජාතික නීති කඩමින් ඉන්දියන් රජය ගුවනින් උතුරට ආහාර ද්‍රව්‍ය හෙලීය ඉන්දියාව ලංකාවේ අභිමානය කෙලෙසා දැමුවේ, ලංකාවේ ශිෂ්ටාචාරය ගොඩනැගීමට අශෝක අධිරාජයා කළ ඓතිහාසික මෙහෙවර යෝධ යකඩ තිරයකින් වසා දමමින් ය.


         උතුරේ කොටියාට කිරි පොවා පෝෂණය කළේ ද, පුහුණු වූයේ ද, ආරක්ෂා කළේ ද ,ඉන්දීය මහ ආණ්ඩුවේ අනුදැනුම මත තමිල්නාඩු ප්‍රාන්තයේ දී ය. නායකත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ දක්ෂයන්ට ජේ ආර් ජයවර්ධන මහතා නොමසුරුව අතදුන් පාලකයෙකු විය. 

                 එවකට අගමැතිවරයාව සිටි ආර් ප්‍රේමදාස මහතාට උදාගම් සංකල්පය ක්‍රියාත්මක කිරීමටත්, රජයේ වෙළෙඳ ඇමැතිවරයා ව සිටී ලලිත් ඇතුලත්මුදලි මහතාට මහපොළ ශිෂත්ව ප්‍රදානය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට අති විශාල මෙහෙවරක් කිරීමටත් සහ ගාමිණී දිසානායක මහතාගේ මහවැලියට ස්වර්ණභූමි ඔප්පු ප්‍රදානය කිරීමට පූර්ණ සහයෝගය ආශිර්වාදය ලබා දුන්නේය.


      1981 දී පාසල් සිසුන්ට නොමිලේ පොත් ලබාදීම ආරම්භ කළ ජයවර්ධන ජනාධිපතිතුමා ජාතියේ අධ්‍යාපන නිදහස තහවුරු කිරීමට ක්‍රියා කළේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමට නම් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය පළමුව තහවුරු විය යුතු ය ඒ අනුව වසර 12කට ආසන්න කාලයක් විධායක ජනාධිපතිවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස සේවය කළ ජයවර්ධන මහතා වර්ෂයක් පාසා එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික මහ සමුළුව, විධායක සමුළුව ඇතුළුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නොකඩවා පැවැත්වීය.


         එලෙස දේශීය වශයෙන් තහවුරු කළ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ අනගිභවනීය සේවාව මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ශ්‍රී ලංකාව බැබලවීමට අපමණ මෙහෙවරක් ඉටු කළේය කොළඹ ක්‍රමය ඊට කදිම උදාහරණයකි දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව ජපානයට දඬුවම් දීමට 

සෙන් ෆ්‍රැන්සිස්කෝ නගරයට රැස්වුණු බලවතුන්ගේ රැස්වීමේදී "නහීවේරේන වේරානි " යන බුදු වදන විග්‍රහ කරමින් වැටී තිබෙන ජපානයට නැවත ගොඩ ගැනීමට උපකාර කරන ලෙස කළ ඉල්ලීම අන්තර්ජාතික වශයෙන් පැසසුමට ලක්විය අවුරුදු 96 ආයු වළඳා ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා 1996 නොවැම්බර් පළවෙනි දින අභාවප්‍රාප්ත විය.


              එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ජේ ආර් ජයවර්ධන යුගයයි.එයට සමාන කිරීමට එදා මෙදා තුර පැවති කිසිදු රජයක් සමත් වී නැත.


      70 දශකයේ සිට බලන විට නැවත වරක් ඒ ඉතිහාසයම පුනරාවර්තනය වීමක් ගවේෂණයේ දී දැකිය හැකිය. ඉතිහාසඥයින් පවසන ආකාරයට ඉතිහාසය පුනරාවර්තනය වීමක් ඕනෑම කාලයක දැකිය හැකිය.


         එනම් 70 දශකයේ ඇති වූ ආහාර හිඟය,තරුණ අසහනය, විරැකියාව හේතුවෙන් ඇතිවූ කැරලි කෝලාහල අද වන විට දක්නට ඇත. දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය එක් මන්ත්‍රී ධූරයකට පමණක් සීමා වී ඇති අතර එජාපයෙන් බිඳීගිය සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය නම් දේශපාලන පක්ෂයක් පිහිටුවමින් පාර්ලිමේන්තුව තරණය කර ඇත.


         වර්තමානය වන විට නැවත වරක් එක්සත් ජාතික පක්ෂ     නායක   රනිල් වික්‍රමසිංහයන් 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වී ඇති අතර ඉතිහාසය නැවත පුනරාවර්තනය වීමට නම් සජිත් ප්‍රේමදාසගේ ආගමනය සිදුවිය යුතුය.


            එසේ නොමැති නම් ජේ.ආර් ජයවර්ධන . ආර්.ප්‍රේමදාස , ලලිත් ඇතුලත්මුදලි ,ගාමිණී දිසානායක රනිල් වික්‍රමසිංහ වැනි 70 යුගයේ පතාක නායකයින් හා සැසඳීමට පෙළක් නිර්මාණය විය යුතුය.

               වර්තමාන දක්ෂිණාංශික දේශපාලනය තුළ      ජේ ආර් ජයවර්ධයන් ගේ භූමිකාව රනිල් වික්‍රමසිංහයන් සිදුකරණු ලබන බව පෙනී යන අතර ඉතිරි චරිත මේ ලිපිය ලියන මා දුටුව ද, අනාගතයට එය පැවසීමට ඉතිරි කරමින් මෙම ලිපිය අවසන් කරමි.


✍️ #මීරිගම_ඊෂණ 


🌏සබැඳි-


👉කෞටිල්‍ය ගේ අර්ථ ශාස්ත්‍රය 

https://m.facebook.com/story.php?story_fbid=10220900943893877&id=1248487626


👉ජේ.ආර් ගුණසමරුව 

https://www.facebook.com/100000229720475/posts/6375314059152855/


👉මධ්‍යම අධිවේගයේ දෙවන අදියර

https://www.facebook.com/1248487626/posts/10220576264697100/


👉 බැඳුම්කර ගැටළුව සරළව https://www.facebook.com/1248487626/posts/10219042328909664/


👉යලි පුබුදමු ශ්‍රී ලංකා

https://m.facebook.com/story.php?story_fbid=10219988611846146&id=1248487626


👉රනිල්ගෙ ඇරියස් එක

https://www.facebook.com/1248487626/posts/10220070065322432/


👉ඔහුට විරුද්ධ සටන්පාඨ

https://www.facebook.com/1248487626/posts/10217805042858286/


👉රට හදන්න ඩමි ඕනද?

https://m.facebook.com/story.php?story_fbid=1212403205896477&id=322470271556446


--------------------------------------------------------------------------

 #RanilWickremesinghe #united_national_party #එක්සත්_ජාතික_පක්ෂය

ශ්‍රී ලංකා ජනරජ දිනය


         ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ 1972 මැයි 22 වනදා ය. ඒ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුවය. ඊට පෙර ලංකාවට හිමිව තිබුනේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි. ඒ අනුව ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ එක්සත් රාජධානියේ රජු හෝ රැජින හෝ වූ අතර ඔහුගේ හෝ ඇයගේ නියෝජිතයා වශයෙන් අග්‍රාන්ඩුකාරවරයෙක් කටයුතු කළේය. මේ අනුව ලංකාවේ ඇතැම් කරුණු පිලිබඳ අවසාන බලය හිමිව තිබුනේ එංගලන්තයේ ආයතනයනට ය. උදාහරණයක් ලෙස ගතහොත් ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේ එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටය. 

             1948 ලැබුණු ඩොමීනියන් නිදහසට පසු බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායකයන්ට ලංකාව ජනරජයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවක් නොවීය. මේ අතර රටේ ප්‍රධාන වාමාංශික පක්ෂ සියල්ලක්ම ලංකාව ජනරජයක් විය යුතු බවට ප්‍රකාශ කර සිටියහ. 1956 පෙරළියෙන් පසු බලයට පැමිණි බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවටද එය ඉටු කිරීමට අවස්තාවක් නොවීය. 

        ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට කටයුතු කෙරුනේ 1970 බලයට පැමිණි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුව යටතේය. මෙහිදී වාමාංශික පක්ෂවල මන්ත්‍රීන්ගෙන් විශාල කාර්යයක් සිදු කෙරුණි. ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ මූලික නිර්මාත්රූවරයා වූයේද ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාය. පාර්ලිමේන්තුව තුල රැස් වී අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ වූ යම් යම් අපහසුතා හේතුවෙන් එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජකීය විද්‍යාලයේ නවරඟහලේදී රැස් වූහ. එම රැස්වීම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරමින් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලදී. 1977න් පසු එය ජනරජ දිනය හෙවත් ජාතික වීරදිනය ලෙස නම්කල අතර වසර 2500කට කාලයක් මුලුල්ලේ පුද්ගල මූලික රාජාණ්ඩු පාලනයකට හුරුවී සිටි රාජ්‍යයකට ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩු කරණයේ නුහුරු බව අද අප අත්විඳින්නෙමු.



        1948 නිදහස දුන්නද එය පූර්ණ නිදහසක් බවට පත්කරගැනීමට එකල සිටි ඩී.එස්, ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් වැනි පාලකයන් කටයුතු නොකරන්නට ඇත්තේ නිදහස ගත්තද ප්‍රජාතාන්ත්‍රික හා පරිණත දේශපාලනයකට ලංකා රජයේ පුරවැසියන් ගොඩනැගී නොතිබීම මත වීමට පුළුවන.


         මහා බ්‍රිතාන්‍ය කිරීට පාලනයෙන් පූර්ණ නිදහසක් ලබාගෙන 2022 මැයි 22 වන දිනට වසර 50ක් ගතවන අද දින ලංකාව බංකොලොත් රාජ්‍යක් වී අවසන්ය. 

නොමේරූ අදහස් ඇති වාමවාදී දේශපාලන ක්‍රමයන් විශබීජයන් සේ ලංකා දේශපාලනය ගිලගේන ඇති නිසා, එක් පීල්ලක එක් ක්‍රමයකට රට ගොඩ නැගීමට අසීරු වී ඇත.

        ඇතැම් අවස්ථාවලදී "සුද්දා අපෙන් නිදහස් වී නොගියා නම් අපිත් දියුණු රාජ්‍යක් වනු ඇතැයි" අද තරුණ තරුණියන් කියනු මා අසා ඇත. ඔවු එය සැබෑය     

             ඕස්ට්‍රේලියාවේ,නවසීලන්තය වැනි රටවල් තවමත් මහා බ්‍රිතාන්‍ය ඩොමීනියන් නිදහස භුක්තිවිඳින රාජ්‍යන් බව ඔබ දන්නවාද..❓


✍️ #මීරිගම_ඊෂණ